..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, December 17, 2010

෴ එකල සිදු විය මෙලෙස ෴

අද බොහොම කාලෙකට පස්සෙ මාතර බස් නැවතුමට ගියා. මුහුදු කටේ තියන මාතර බස් නැවතුමේ ඉන්න කොට වෙලාව යනවා දැනෙන්නෙ නැහැ ... ඇයි මුහුද තනියට ඉන්නව නෙත ළඟට වෙලා .... හ්ම් . . 

දැනට අවුරුදු දෙක තුනකට කලින් නම් සතියෙ දින වල උදේ ට, හවහට යන එන තැන. මිහිරි මතක ,දුක් මතක වගේම හිස් මතකත් පිරුණ තැනක්. . . . මගේ ජීවිතේ මේ ටික කාලෙට මම දැක්ක මේ මාතර වෙනස් වෙන ඉක්මන. . . ඒත් දැන් උත්කර්ශයට ගිහින් කිසි වෙනසක් නැහැ කලකින්.....

මගේ නෙත් පුරුද්දට වගේ ත්‍රී වීල් පාක් එක පැත්තට හැරුණ. . . . තාමත් පාක් එක ඒ වගේමයි. මටත් නොදැනිම හෙළුන දිග සුසුමක් එක්ක මගේ සිත මීට වසර 6 කට එපිටට දිව ගියා. . 

ඒ කාලේ මම හැඩකාරී . . .හොඳ තරුණ වයස. . . ඉගෙන ගන්නව වගේම රැකියාවත් කරමින් උන්නා .ජීවිතේ ගැන කිසිම බර පතලක් නැතිව. මගේ එකම වගකීම වුනේ ඉගනීම සහ රැකියාව විතරයි. . .. ඒත් වුන්හිටි ගමන්  ...මගේ තාත්තා අසනීප වුනා. මුළු ලෝකෙම පෙරලිලා පෙරලිලා ඇවිත් මගෙ ඔළුව උඩ නතර වුනේ බිම දාන්නත් බැරි දරා ගන්නත් බැරි විදිහට. . . ඒ වෙන කොට මටයි කියල හොඳ යාළු‍වෙක් හිටියෙත් නැහැ. මගෙ මුළු ජීවිතේම හරිම ගුප්ත විදිහට වැහිල තිබ්බ. දුක පිරුණ හිත එළියට දාන්න බැරිව  . . . .

හිතේ දුක දරා ගන්න බැරි වුනේ තාත්ත ඔපරේෂන් කරල ගෙදර ගෙනාවට පස්සෙ. එතෙක් කලක් මගෙ ලෝකේ වීරයා. . . එක පාරට පුංචි ළමයෙක් වගේ . . . .අපිට කවපු බොවපු තාත්තට කන්න බොන්න දුන්නෙ අපි. සහෝදරයෙන් නැති ගෙදර කොල්ල වුනේ මම. ගිනි ගොඩක් මැද දැවි දැවි දවසින් දවස මැරි මැරි ජීවත් වුන හැටි . . කියන්න කිසිම කෙනෙක් නැති නිසා ඔෆිස් එකේ බාත් රෑම් එකටවෙලා වරු ගනන් අඩපු හැටි . . . . .අනේ ඒක හීනයක්ම වුනා නම් . .

හරියට සුනාමියට මාස හතරකට විතර කලින් මගෙ තාත්තට බෙහෙතක් ඕනි වෙලා මම ඉන්න ගමේ හැමතැනම හොයල හොයා ගන්න බැරිව මාතරින් ගෙන්න මම වගකීම බාර ගත්ත. වැඩ ඉවර වෙලා බස් නැවතුමට ආවම හවස් වෙලා. . . මාතර තියන තරමක් ෆාමසි තියෙන්නේ ගඟින් එහා. බස් නැවතුම සහ මගේ කාර්යාලය ගඟින් මෙහා.ගෙදර යන්නත් ගඟින් එහා යන්න ඕනි. පා ගමනින් ගිහින් බෙහෙත ගන්නත් වෙලාව මදි. . .

තිබුන එකම පිළියම ත්‍රි විල් සරණ තමයි. හැබැයි තාත්ත ලෙඩ වුන දවසෙ ඉඳල කිසිම මුදල් අහේනියක් බලපෑවේ නැහැ. වෙනදටත් වඩා මුදල් නිතරම අතට ලැබුනෙ තාත්තගේ වෙලාවට. හෑන්ඩ් බෑගය ඇරල බැලුව. . . මොණර කොළ තිබ්බ නිසා පා එසවුනේ ත්‍රී වීල් පාක් එක පැත්තට. ජීවිතේට තනියම ත්‍රි වීල් එකක ගිහින් නැති මම ත්‍රී වීල් තෝරන්න ගත්ත. . . හැබැයි ත්‍රී වීල් එක දිහා බලල නෙමෙයි ... ඒවයේ වුන්න රථාචාර්ය දිහා බලල.ඒ දවස් වල ත්‍රී විල් ගැන තිබ්බ සමාජ මතය හොඳ දෙයක් නෙමෙයි..

ම්හ් ..නාකි වැඩී ... නාකී වුන්ට විසේ වැඩී. . . .

ෂික් මනමාල බැල්ම ..ඒක හරි යන්නේ නැහැ. . ..

ම්ම්ම් . .. අහන්නත් කලින් නඟින්න ලු ... පුහ් ....
අවසානේ දි දන්නෙම නැතිව මම නතර වුනේ , තරුණ  වුනාට මාත් එක්ක හැමදාම උදේට හවහට ලාවට හිනාවෙන තරුණ පහේ අමුතුම පෙනුමක් තියෙන ත්‍රී විල් එකක් ... නැහැ නැහැ රථාචාරය කෙනෙක් ඉන්න ත්‍රී වීල් එකක් ළඟ.

මම මුකුත්ම අහන්නෙ නැතිව ත්‍රී වීල් එකට ගොඩ වුනා. . . 

" කොහාට ද මිස් "

"ඟඟෙන් එගොඩ  . ..ෆාමසියකට "

රෝද තුනට තටු ආවා ...සැනකින් මෙන්න ෆාමසියක් ලඟ. ඉක්මනින් යන්නත් ඕනි නිසා .... මම කීවා

" ටිකක් ඉන්න මම ඉක්මනින් එනවා "

බෙහෙත නැහැ. . ..

" යමු වෙන ෆාමසියකට "

ආයෙත් රෝද තුන තවත් ෆාමසියක් ළඟ.

" ම්හ් .... "

මුකුත් කියන්න කලින්ම රෝද තුන ආයෙත් ෆාමසියක් ඉස්සරහ. .... මෙහෙම මුළු මාතරම තිබ්බ ෆාමසි වල ට රෝද තුනෙන් ඉගිලුනා. . .

කර ගන්න දෙයක් නැතිව. අන්තිම ෆාමසියටත් ගිහින් ත්‍රී වීල් එකට ගොඩ වුන මම අත් දෙක මත හිස තියා ගත්ත. ඇඩුවෙ නැති වුනත් කොහෙද තිබ්බ කඳුළු බින්ඳු පෝලිමට ඇවිත් සට සට ගාලා හෑන්ඩ් බෑග් එකට වැටුන.

" මිස් . . . . මිස්ට පරක්කු වෙන්නෙ නැතිනම්. තව ෆාමසි යක් තියනව. "

" යමු "

ආයෙත් ෆාමසියක් ලඟ. මම නම්  කවදාවත් දැකල තිබ්බෙ නැහැ එතන ෆාමසියක් තියෙනව කියල. මෙවර ෆාමසියට ගියේ ඔහු. මගෙන් තුන්ඩු කෑල්ල ඩැහැගත් ඔහු ෆාමසියට ගිහින් එළියට බැස්සෙ ජයග්‍රාහි සිනහවකුත් එක්කමයි. . .

මගේ තාත්තට වගේම මගෙ රිදිල තැලිල තිබ්බ හිතටත් බෙහෙත් අරන් ත්‍රී විලයට ගොඩ වුන ඔහු බෙහෙත්තුන්ඩුවත් බෙහෙතත් ඉතිරි සල්ලිත් මා අතට දෙන අතරේ මා දිහා බැලුවෙ  . . . . අනුකම්පාවෙන් ද ආදරයෙන් ද ලෙංගතුකමින්ද කියල එදා මට තේරුම් ගන්න වුවමනාවක් නැති වුනත් අද මම ඒ ගැන තැවෙනවා . . .  ගමට යන බස් එක ඒ වෙලාවෙම වගේ අපිව පහු කරන් ගියා.

" අනේ බස් එක " මට හීල්ලුනා...

ඒ දවස් වල ගෙදර යන්නෙ හරිම බයෙන්.... ගෙදරට ළං වෙන්න ළං වෙන්න පපුවෙ ගැස්ම වැඩිවෙනවා ..ඒත් ගෙදර යෑමත් ඒ වගේම ඉක්මන්...
" ඉන්න මිස් අපිට ඒක අල්ල ගන්න පුලුවන්"

ආපහු තටු ආව ත්‍රි වීල් එක ගමේ බස් එක පස්සෙන් පැන්නුව. . .. කොහොම හරි බස් එකට ඉස්සර කරල නවත්තපු ත්‍රී විල් රථය  . . . . 

" හයර් එක කිය ද? " අතේ තිබ්බ රු.100ට තව මදි පාඩු හැන්ඩ් බෑග් එකට මුහුණ ඔබාගෙන කලබලේම හොයන ගමන් මම ඇහුව.

උත්තර නැති නිශ්ශබ්දතාවය නිසා මම හිස ඔසවල බැලුවෙ තරමක කේන්තියෙන්. . . .
ඒ මූණ මා දිහා බලන් හිටියෙ හරියට දාලා යන්න බැහැ වගේ ද නැත්තම් හයර් එකේ වටිනාකම ගණන් හදන්න බැරිවද කියල මට හිතා ගන්න බැරි වුනා. 

" කීයක් හරි දෙන්න මිස් "

මම ආසම නැති උත්තරයක් ඒක. . .

මම තක්බීර් වෙලා තරහින් පුපුරමින් ඉන්නව. ගමේ බස් එකේ රියදුරත් මම එනකම් බලන් ඉන්නව. ත්‍රී විළ් රියදුරා පිස්සු නටනවා. ඔහු මා පත්වෙලා ඉන්න අවස්ථාව ක්ෂණයෙන් තේරුම් ගත්ත ඔහු මා අත රැදි රුපියල් 100 උදුරල ගත්ත. මම ත්‍රී විලයෙන් බැස්ස. බස් එකට නැග්ග. . .

ස්තූති කරන්නවත් බැරි වුනා නේද කියල මගේ හිතට තේරුනේ ගෙනාපු බෙහෙත තාත්තට පෙවුවටත් පස්සෙ.

එදායින් දින කිහිපයකට පස්සෙ තාත්තට ගොඩක්ම අමාරු වුනා. අසිහියෙන් හිටිය මට ත්‍රී විල් රියදුරා අමතක වුනා. . . .දවසක් දෙකක් දැක්කත් ඒ මම බසයෙන් ගෙදර යන වෙලාවක ජනේලයෙන් එළිය ඉලන වෙලාවක තමයි. .. ඔහු මාදිහා බලල හිනා වුනේ හිස තරමක් පැත්තකට නමන ගමන් . . . මාත් හිනා වුනා ....ඒ වෙන කොට මට හිනා වෙන එක අමතක වෙලයි තිබ්බෙ...

ඉන් මාසෙකට පස්සෙ මගෙ රත්තරන් තාත්ත සදහටම යන්න ගියා...තුන් මාසෙ දානේ තිබ්බෙ හරියටම සුනාමිය ආව දවසෙ.....

සුනාමිය ඇවිත් ගියේ මගේ හිතේ දුකත් ඔක්කම අරන් . . ..

ඊට පස්සෙයි මට ආයෙත් අර රියදුරා මතක් වුනේ ... සුනාමියෙන් සතියකට විතර පස්සෙ මම ඒ රියදුරාව හැම තැනම හෙවුව. .....

මම නමවත් නොදන්න , මම ස්තූති නොකරපු ඒ මනුස්සයවත් මගේ දුකත් එක්ක මුහුද අරන් ගිහින් තිබ්බ . . . . .


ස්තූති කරන්න ඕන වෙලාවට ස්තූති කර ගන්න බැරිව , ආදරය කරන්න ඕනි වෙලාවට ආදරය කර ගන්න බැරිව තැවෙන
මම
෴ වත් ෴

ප.ලි: -

මේ කතාවේ බාගයක් සත්‍ය , අනිත් බාගය කල්පිතයක්... මොන බාගෙද ඇත්ත කියල සොයනවට වඩා ඔහු වෙනුවෙන් සුසුමක් හෙලන එක වටිනව කියල මම හිතනවා .. . . . .

36 comments:

  1. හ්ම්ම්ම්. ජීවිතේ හැටි....

    ReplyDelete
  2. ඇත්ත කතාවකට කල්පිතයක් එක් කරපු එකටනම් මම පොඩ්ඩක්වත් කැමති නෑ. සැර වැඩිද මන්දා. සමාවෙන්න අක්කේ මම කතාව ගොඩාක් රස වින්දා බාගයක් කල්පිතයක් කියලා දැක්කාම දුක හිතුනා.

    ReplyDelete
  3. හිත් පිත් නැති සුනාමිය සුන්දර මිනිසුන් ගොඩාක් අරන් ගියා. ඒ සුනාමිය ම අපේ රටට ලොකු පාඩමක් ඉගෙන ගන්න බලකලා, ඉමහත් අවස්ථාවක් ලබා දුන්නා. ඒත් ඒ මුහුදු වතුර ලක්පොලවේ ඇතිකල ලුණු සටහන් මැකිලා ගියාවගේ අපි හැම අවස්ථාවක් ම මග හැරියා, කොටසක් මඩි තරකර ගත්ත ද.

    හිත් ගන්න අන්දමට රචනය ඉදිරිපත් කරලා තියෙනවා, කවදත් වගේ මේ රචනයත් ගොඩාක් රසවින්ඳා.

    ReplyDelete
  4. හොඳම හොඳ හිතක් තියන රෝද තුනේ රථාචාර්ය මල්ලියෙක් මටත් ඉන්නවා. සමාජ මතය ගැන ඇහෙද්දී මටත් තරමක දුකක් දැනෙනවා, හැමෝම ගාල් කරලා බනින හැදියාව ගැන.

    කඳුලක් පනින්න ඔන්න මෙන්න කියලා හැඟුම් බර මුහුණකින් ඇති පින්තූරය හරිම ලස්සනයි.

    ReplyDelete
  5. ඔය වගේ වෙලාවට සංවේදීමිනිසුන් අසංවේදී වෙන්නේ ඇයි කියන්න මම නම් දන්නේ නැහැ, ඒත් ඒක එහෙම වෙනවලු.
    කාගෙත් හිත්වලට දැනේනන හැමදාම අක්කි ලස්සනට ලියනවානේ. ඒකනේ කවුරුත් මේපැත්තට ගොඩවෙලාම යන්නේ...

    ReplyDelete
  6. මමත් පූසගෙ කතාවට එකඟයි. කතාව රස විඳල ඉවර වෙලා පලි එක දැක්කම කතාවෙ රසය ගොඩක් අඩු වෙලා ගියා. මාතර ගැන නම් මගෙ හිතේ තියෙන්නෙ හරිම තිත්තම මතකයක් විතරයි.

    ReplyDelete
  7. අක්කා දන්නේ නැති වුනාට, මටත් සුනාමිය ගොඩක් බලපෑවා. වෙන එකක් නිසා නෙමෙයි පන්ඩිත කම නිසා. මමයි, මල්ලියි මගේ යාළුවෙකුයි උ‍ගේ මල්ලියි ගියා සුනාමිය බලන්න, අපි යද්දී මුහුද පස්සට ගිහින්... පස්සේ අපි මුහුදේ ටික දුරක් ඇවිදන් යනකොට මහ විසාල රැල්ලක්... දුවගෙන ඇවිත් නැග්ග වැටකෙයියා ගස් වලට, ඒ ගසුත් එක්කම එදා ඉදිරිලා ගියානම් ඉතිං... අනිත් එක මගේ ඒන්ජල්... එයාල මාතර ඇවිත් හිටියේ දවස් තුනක් ඉන්න, පස්සේ ම‍ට එයාව බලන්නේ නැතුව ඉන්න බැරිම තැන මම කෝල් කරල කරල අමාරුවෙන් 25 වෙනිදා ගෙන්න ගත්තා, නැත්තං අද මට මං ජීවත් වෙලා හිටියත්, නැහැ වගේ තේරෙන්න තිබුනා.

    ReplyDelete
  8. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි ! අපට හැම නිනිහම එකම මිම්මෙන් මනින්න බෑ නෙව . මටත් ඉන්නවා තුන් සක් රිය සහිත මිතුරන් රංචුවක්ම , අනේ හරිම අහිංසකයි , වලි වලට නම් ඕන වෙලාවක සැදී පැහැදී ඉන්නේ ඒත් වයසක මනුස්සයෙක් වගේ අසරන කෙනෙක් දැක්කොත් සල්ලි නොගෙන හරි ඕන තැනට එක්කන් යනවා

    අනේමන්දා කොහේද මේකතාවේ මනංකල්පිත කොටස කියලා මට හිතාගන්න බෑ . අර මනුස්සයා මැරුනු එක බොරුවක් වෙන්න කියලා මම පතනවා ..

    හිතට වැදුනා !!

    ජයවේවා!!

    ReplyDelete
  9. අක්කී කතාව ලස්සනට ලියලා තිබුනට ..කියවගෙන යද්දි හරිම දුකයි

    මත හිතෙන්නෙ ඈත්තටම වීල් එකෙ අයියා මෑරෙන්න ඈති..මොකද් අහොද මිනිස්සු ඉක්මනට ජිවිතයෙන් සමු ගන්නවා

    ReplyDelete
  10. ඇති යාන්තං බාගයක් කල්පිතයක් කියල තියෙනවා... නැත්තං මම ඕක සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවනේ...
    කියාගන්න ඕන දේ සුදුසු වෙලාවට කියාගන්න බැරි වෙන එක හුඟ දෙනෙකුට වෙන දෙයක්... මමත් සමහර වෙලාවට ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා.
    කොහොම උනත් හුඟක් සංවේදී කතාවක්.

    ReplyDelete
  11. අර පොටෝ එකේ ඉන්නෙ ඔයාද කියලත් මට හිතුනා.... ඇහුවෙ නැත්තෙ මේ වගෙ දුක කතාවක් අස්සෙ ඕක අහන්න ගිහින් බැනුම් අහන්නෙ මොකටද කියල හිතුන නිසා....
    [ගතිගුණ අනුව නම් ඔයා ඒ වගෙ වෙන්න ඕන.]

    ReplyDelete
  12. @ roylyfernando
    මගෙ මල්ලියෝ. ඔයාව දකින්න තියන අමාරුවක්... කාලෙකට පස්සේ ඔයා ලියල තිබ්බ දැක්ක. ජීවිතේ එහෙම තමයි.... ස්තූතියි හොඳේ...

    ReplyDelete
  13. @ පූසා
    අනේ අනේ හොර පූසෝ... මේ කතාව ඇත්ත කියල කියන්නත් බැහැ බොරු කියල කියන්නත් බැහැ....ඇත්ත කොයි ටිකද කියල හොයන්නත් බැහැ...

    මම පලි කොටස ලීවේ මම ලියන කතා ඇත්ත ද කියල අහන ගොඩක් දෙනාට කලින් ම දෙන පිලිතුරක් හැටියට....

    "Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

    ReplyDelete
  14. @ ගල්මල්-Coral
    ස්තූතියි අයියා... අයිය ඉතින් හොද ප්‍රසිද්ධියෙත් නරක පුද්ගලිකවත් කියන බව මම දන්නව. අර කලින් කෙටි කතාව ( පබ්ලිෂ්කරල පස්සෙ මැකලු ) ගැන අයිය පෙන්නල දුන්න වැරදි සියල්ලම හදා ගන්න මම උත්සාහ කරා... ඒ උත්සාහය ටිකක් හරි හරි ගිහින්.... අයියට ස්තූතියි ...

    ReplyDelete
  15. @ arunishapiro
    ඔවු අක්කා .. මාත් ඒ පින්තූරයට ආසයි... ලස්සන දුක උපේක්ෂාව හැමදේම ඒ පින්තතූරෙ තියනවා ...

    ස්තූතියි අරුණි අක්කා....

    ReplyDelete
  16. @ පොඩ්ඩ මල්ලි
    පොඩ්ඩ මල්ලි .. ස්තූතියි .... 19 එනව ද? මේ පැත්තේ ගොඩ වෙලා යන්න හැමදාමත් එනවට ස්තූතියි....

    ReplyDelete
  17. @ රංග
    ස්තූතියි රංග... මාතර තිත්තම තිත්ත වුනාද? මට නම් මාතර කියන්නේ දුක සතුට වෛරය උපේක්ෂාව මෙකී නොකී හැමදේම කවලම් වුන ජිවිතේ කොටසක් වගේ....

    ReplyDelete
  18. @ prasanna86k
    අනේ දෙවියනේ. එහෙම වුනා නම් අද අපිට ගොල්ඩ් ෆිෂ් කෙනෙක් නැහැ‍... එන්ජල් අමාරුවෙ වැටෙනනෙත් නැහැ මාලුවෙක්ට ආදරේ කරලා... ( විහිළුවට කීවේ) තරහ වෙන්න එපා මාළුවෝ....

    ReplyDelete
  19. @ හිස් අහස
    ඔයා හරි මම තවමත් හරියට නොදන්න කාරණෞ ඔහු මිය ගියාද නැද්ද කියල... ඒත් ඒ වෙලාවෙ හැටියට ඔහු ඉන්න ඇත්තේ මුහුදු කටේ... අනේ දෙවියනේ මට බැරි වුනා එයාට ස්තූති කරන්න...

    ReplyDelete
  20. @ ඉලංදාරියා
    ඔවු බොහෝ දුරට .... ඔහු මුහුදෙ යන්න ඇති... දුක හිතෙන කතා වලින් මට ගොඩ එන්න බැරි වෙයි ද මල්ලි... සතුටු කතාවක් ලියන්න යි මට ඕනි ...ඒත්...

    ReplyDelete
  21. @ kumaraya
    එයා වගේ අයට තමයි මම පලි කොටස ලීවේ... එතකොට ප්‍රශ්ණ වලින් භාගෙට මම කලින්ම උත්තර දීල....

    " පින්තූරය " ගැන අරුණි අක්කත් කමෙන්ටු කරල තිබ්බ... මාත් ඒ වගේ කියල කොහොමද හිතන්නේ... ගති ගුණ එක්ක රූපය බැදිල තියද?

    මම දැකල තියනවා
    **බොහොම නරක ගතිගුණ තියෙන ලස්සන මුහුණු තියන අය

    ** බොහොම දුක හිතකින් ඉන්න ඒත් හිනා වෙලා ඉන්න මුහුණු තියන අය

    ** හරිම අහිංසක ගතිගුණ තියෙන ඒත් මුහුණ බැලුවම නපුරු පෙනුම තියන අය.

    ** දැකල නැති වුනත් අහල තියෙනවා කුමාරයෙක් වුනත් වඳුරු පෙනුමක් තියන කෙනෙක් ගැන

    ** සොඳුරු සිත කිවට නපුරු වත තියන අය දැකල තිය ද?

    //කියාගන්න ඕන දේ සුදුසු වෙලාවට කියාගන්න බැරි වෙන එක හුඟ දෙනෙකුට වෙන දෙයක්... මමත් සමහර වෙලාවට ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා.//

    අපරාදේ... ඒත් දවසක කුමාරයටම හිතෙයි..‍නොකීව එකත් හොදයි කියල....

    ReplyDelete
  22. වත් නගෝ, හරිම සංවේදී සටහනක්. තෙසක් රියවල් ගැන ගොඩක් වෙලාවට
    අපිට අහන්න ලැබෙන දේවල් එක්ක ගත්තහම මේ වගේ ගොඩක් හොඳ අයත් ඉන්නවා කියලා මමත් අත්දැකීමෙන්ම දන්නවා.

    සුනාමිය වගේ ඛේදවාචකයක් ආපහුනම් අපිට අත්දකින්න නොලැබේවා කියලා තමයි ඉතින් පතන්න වෙන්නෙ. මගේ යාළුවෙකුත් සුනාමියට අහු වෙලා එයාගේ නෝනයි, මල් කැකුළු දෙකක් වගේ පොඩි පුතාල දෙන්නයි නැති උනා හික්කඩුවට කලින්. ඒ ගොල්ලන්ගෙ මිනී වත් හම්ම්බ උනේ නැහැ...ඒ පවුලෙන් ඉතුරු උනේ ඒ ගොල්ලන්ගෙ දුව විතරයි. ඒ කතාවත් හරිම ඛේදජනකයි.

    ReplyDelete
  23. ඇත්ත නැත්ත නෙමෙයි අක්කා මං හොයන්නේ. හොද නිර්මායක් හොයන්නේ. හොද නිර්මාණයක් ලස්සන රස විඳින්නයි ඕන කරන්නේ. ලස්සනට ලියලා තියෙනවා අක්කා.

    ජීවිතය කියන්නේ එක අවස්ථාවක මහ මුහුද වගේ. අපේ දුකත් අපෙන් අරන් ඈතටම යනවා. තව වෙලාවක අපේ දුක නැවත නැවත අපේ ලගටම අරන් ඇවිත් අපිව තලා පෙලා දානවා !!!!

    ඒ උනාට මේ ජිවිතය හරි සුන්දරයි !!!!

    ReplyDelete
  24. සොඳුරු සිත කීවාට නපුරු වත දැකල තියෙනවාද ..?
    හ්ම්.... හොඳ ප්‍රශ්ණයක්...
    සිත සොඳුරු නම් වත අනිවාර්යයෙන්ම ලස්සනයිනේ... හැබැයි ඉතින් ලස්සන කියන්නේ මොකේකටද කියන එකයි ප්‍රශ්නෙ. එක එක මිනිස්සු ලස්සන දකින්නෙ එක එක විදිහටයි. කිසිම ලස්සනක් නැති දේකත් සමහරු [ මාත් සමග] ලස්සනක් දකිනව.

    ReplyDelete
  25. හ්ම්ම්....කියන්නට දෙයක් නැත
    සුසුම් පමණක් ඇත...

    ReplyDelete
  26. සුනාමිය ගැන නම් කතා නොකර ඉමු... මම ගාල්ලේ.

    අක්කෙ අර ප.ලි එකින් කතාවෙ තිබ්බ සංවේදී ගතිය අඩු උනා කියල මට හිතුනා...

    ReplyDelete
  27. තීරණයක් ගතිමි...ස්තූතියි මගේ අක්කියෝ...

    ඇත්තටම නෙතට කඳුලක් ආවා....දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා‍ අපි නොහිතන නොපතන තැන්වල...ඒවගේමයි ඒකේ අනිත් පැත්ත‍‍...
    ඒකත් අපේ වෙලාවටම තමයි පිහිට වෙන්නේ....සමහර විට ඕකට වෙන්න ඕනි වාසනාව කියන්නේ....අනේ මන්ද....

    සුනාමිය ගැනනම් ගොඩාක් දුක්වෙනවා...ඒ වගේ වියසනයක් ආයේ කවදාවත් කිසිම සත්වයෙකුට අත්දකින්න නොලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  28. හරිම සංවේදියි ..............................
    උපරිමයි ....................................


    ලස්සනයි ........................

    ReplyDelete
  29. මාතර..ජීවිතයේ කෙලිලොල් සමය ගැන ඉතින් මාතර මිසක් වෙන කවුරුද දන්නේ..මේ පාරවල් තාමත් යන එන ගමන් මේවා කියනවා..මගේ හිතටත්..අක්කේ මේ කථාව නම් ගොඩක් දුකයි...එයා හොද මනුස්සයෙක්ද නරකද කියන්න නම් මට බෑ..ඒත් උතුම් කරපු වැඩේ නම්...

    ReplyDelete
  30. කතාව නම් මටත් හොඳට වැදුනා. ඒ මමත් මාතර නිසා වෙන්න ඇති.

    ReplyDelete
  31. To do something you really want,
    there's no better like today itself,
    you can always do it tomorrow,
    But may be there will be no tomorrow,

    ReplyDelete
  32. හපොයි..
    සමහර වෙලාවට කරන්න ඕනෙ හරිම දේ කර ගන්න අපිට බැරි වෙනවා.
    එතකොට සදාකාලිකවම පසුතැවෙන්න වෙනවා.
    කරන්න දෙයක් නෑ. :(
    මටත් ඔය වගේ අත්දැකීම් තියනවා.
    http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_1903.html
    හැබයි ඔයාගෙ අත්දැකීම තරම් දරුණු විදිහට හිත පාරන්නෙ නං නෑ.

    ReplyDelete
  33. ඔය බොරු.. ඔක්කොම ඇත්ත..

    ReplyDelete
  34. තාත්තා කෙනෙක් ගැන ලියල තියෙන කොට ඇහැට කඳුළු ඒම වලක්වගන්න බෑ!

    ReplyDelete
  35. මේක අපූරු කතාවක් වත්. මට අදයි මේ පැත්තෙ ඇවිත් කියවන්න ලැබුනේ. හැබැයි අර ප/ලි කෑල්ල නොතිබුනානම් හොඳයි.
    ඔය බ්ලොග් වල එන ප/ලි කෑල්ල ගොඩක් වටින ගැජට් එකක්. හැබැයි ඒක භාවිතා කරන ක්‍රමය අනුව. හොඳම උදාහරණය 'කතන්දර'.
    ඔයා මේ කෑල්ලෙන් බලාපොරොත්තු උනේ බොරුකාරියක් වෙන එකෙන් වැළකෙන්නද? නමුත් නිර්මානයකට ඒක අදාල නෑ වත්. කැමති කෙනෙක් ඇත්ත කියලා හිතපුදෙන්. වඩා වැදගත් නිර්මාණයෙන් උපදවන භාවයන්. රසය තියෙන්නේ එතන.
    (ඒත් ඉතිං කවුරුහරි මේක ඇත්තම කියලා හිතලා මොනවා හරි ලිව්වාම අපිට දුක හිතෙනවා තමා එයාව රැවැට්ටුවා කියලා)

    ReplyDelete
  36. අනේ රත්තරන් අක්කේ කථාව ඇත්ත නූනට මගේ පපුව රිදෙන්ගත්ත අන්තිමේ.අක්කව දැකල නැති වුනාට ඒ කථාව ඇතුලේ අක්කගේ අත්දැකීමක් තිබුන කියල මේ මල්ලියට හිතුනා.අක්කගේ කථා සේරම කියවනකන් මම අද නිදාගන්නේ නෑ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...