..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, December 15, 2010

෴ දේදුන්න මඟ ඇරුණ සඳකඩ පහන ෴

 පිදුම - මගේ දයාබර මිතුරාට (මේක තමයි ඊයේ ඔයාට නොකීව රහස ) සහ දහසක් රාජකාරි මධ්‍යයේ වුවද ගීතය පිළිබඳව පසුබිම සපයා දුන් විපුල සුමනසේකර මහතාට

---------------------------------------------------------------------------------------


ඇය තම උපන් ගම් ප්‍රදේශයට පය තැබුවේ වසර ගණනාවකට පසුවයි. නෙතට ඉමක් නොපෙනෙන මහ මුහුදේ රැළි ගානේ . .  වෙරළෙ තියෙන වැලි කැටයක් ගානේ ඇගේ සිතේ දුවන්නේ ඔහුගේ මතකයයි. . .


මාතර ප්‍රදේශයේ නම ගිය ප්‍රධාන පෙලේ වලවුකාර පවුලක දුවක ලෙස තමා ඉපදුනේ අවාසනාවකටයැයි ඇයට දැනෙන්න ගත්තේ දුගී පැළක උපන් ඔහුගේ ප්‍රේමයේ සෙවනැල්ල තමා මත වැටෙන්නට පටන්ගත් දා සිටය.


පාපිස්සක් වුවත්, ඔප දමා හැඩතල මතුකර ගත් සඳකඩ පහනකට පාපිස්සට වඩා වටිනාකමක් හිමි නොවන්නේ ද? නමුත් ඇයගේ පවුලේ උදවියට සඳකඩ පහන ද තවත් පාපිස්නයක් ම පමණි.


"ඉගෙන ගත්ත කියල උපාධි ගත්ත කියල ඕකුන්ගේ උපන් කුලේ වෙනස් කරන්න පුලුවන් ද? "
" පද්ද පද්දමයි , රොඩිය රොඩියමයි . . " පියාගේ වදන් අදද ඇගේ සිත තුල දෝංකාර දෙයි.


දේදුන්නේ නේක වර්ණ සුමුදු ආ‍ලෝකය හමුවේ දැඩි බවින් යුතු සඳකඩ පහනේ කැටයම්  තවතවත් ඔපවත් වුවද යුගෙයෙන් යුගයේ නොවෙනස් වන සදාතනික දහම වන් ආදරයෙන් බැදී ජිවිතයකට පදනමක් දැමීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි. . .


ආදර හද මන්දිර වලට වඩා පෙනෙන්නට දකින්නට තියන රුවන් විමාන වල දිස්නයට හිත වැටුන දෙමාපියන්ගේ වුවමනාව පරිදි ඇගේ සිත ඔහුට පිටු පෑවේ ආදර මල සියුමැල්ලේම මැලවී යද්දිය. . .


වෙනකෙකු අත ගෙන බිඳුනු ආදර නටබුන් අතරින් දුරින් දුරට යද්දී තම ආදරණිය පෙම්වතා තමා දිහා බලන් වුන් අයුරු අදටද සිහිවන විට ඇගේ නෙත කඳුළින් පිරෙයි.


මල් පෙති මත රහස් තවරා රැගෙන එන පැණි ,බිඳ බිඳ මුහුකර කාටවත් අත පොවනු නොහැකි ඉහලින් වූ අත්තක් අග සෑදු මී මැසි විමානය, බිදෙන් බිද වැටුන වැස්ස මහ වරුෂාවක් වූ විට බර වූ අත්ත සමඟින් බිම වැටෙන්නා සේ ඔවුන්ගේ ආදර මන්දිරය ද විසිනු විය. ආදරයද මී පැණි සේම මිහිරි වුවද පොපියන තොල් මත පැණි රස වැඟිරෙන්නටත් කලින් මී වදය අන්සතු විය.


ඔහු තමත් තනිකඩ බව ඇය දනී ද? ඇය වෙනුවෙන්ම  ඔහු වෙන් කළ සිත ඇය රුවන් මාළිගාවෙන් බැස ඔහු වෙත පැමිණෙන තෙක් අදද බලා සිටින බව ඇය දන්නවා ද?


තමා අද හැට විය පිරුණ මැහැල්ලියක වුවත් දරු මුණුබුරන් සුරතල් දකින " ආචිචි අම්මා" කෙනකු වුවත් ආදරය තවමත් තරුණ බව පමණක් ඇය දන්නීය. . . . . .


ආදරය පිලිබඳ සදාතනික සත්‍ය නිම වන්නට නම් වෙරළ සිඹින්නට පැමිණෙන රළ පෙල නතර විය යුතු බව ඇයට හැඟේ. ඇය යළිත් වෙරළ පේන මානයේ නෙත් යැවුවේ අවසන් හුස්ම පොද ගිලිහෙන්නට කලින් එකම එක වතාවක් ඒ රුව දැක ගැනීමට විය යුතුය.



--------------------------------------------------------------------------------------------


කවුරුත් දන්න ගීයක් ......


සුනිල් එදිරිසංහ මහත්මයගේ ප්‍රථම චිත්‍රපට ගීතය


චිත්‍රපටය - " මාතර ආච්චි "
මේ කතා පුවත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ මහළු බවට පත්වී සිටින එකී පෙම්වතිය වන ''මාතර ආච්චිගේ '' අතීතාවලෝකනයක් ලෙස බවයි දැන ගන්නට ලැබුනේ. නැත්නම් වයසට ගිය මාතර ආච්චි කියන කතාවක් හැටියටයි.


ගීතය වාදනය වෙන්නේ - විවාහ වී ගමෙන් පිටවී යනවිට පැරැණි පෙම්වතා ගමේ පාරක දී මඟුල් වාහන පෙළට මුණගැසේ. මනමාලිය හා පෙම්වතා නිහඬවම සමුගනියි. වෙන්වෙයි. මඟුල් රථ පෙළ ඈතට යයි. පෙම්වතා ගමේ බෝක්කුව මත තනිවෙයි.


ගීතය රචනා කළේ - වොලී නානායක්කාරයන්


චිත්‍රපටයේ නිර්මාතෘ - සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්


මෙන්න අහල බලන්න ( ගීතය සපයා දුන් මගේ මතක ලියන ප්‍රියන්ත මහතාට විශේෂ ස්තූතිය )

 


 තවත් "මාතර ආච්චි " කෙනෙක්  නොවන
මම
෴ වත් ෴

21 comments:

  1. සඳකඩ පහනක කැටයම් ඔපලා.. පාවෙන දේදුනු ලැගුම් ගනී.. hmm

    ReplyDelete
  2. මේ චිත්‍රපටය මෑතකදි T.V. එකේ ගියා.[සතියකට පෙර] මම නැරඹුවා ...ඒ ගීතය කදිමයි.. චිත්‍රපටයත් නියමෙට තියෙනවා...

    *''තවත් "මාතර ආච්චි " කෙනෙක් නොවන''
    මම
    ෴ වත් ෴

    මාතර නිල්වලා ගඟ අයිනෙ ඉන්න නිසා ඔයා අනිවාර්යයෙන්ම මාතර ආච්චි කෙනෙක් වෙනවා.

    ReplyDelete
  3. @kumaraya
    මම මාතර ඉන්න එකක් නැහැ...
    ඒ හින්ද මම මාතර ආච්චි වෙන එකක් නැහැ....
    අනික මම ආච්චි කෙනෙක් වෙන එකක් නැහැ... අ
    අනික මට සද කඩපහනකුත් නැහැ...
    අනික මම දේදුන්නකුත් නෙමෙයි ...

    මම නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව මම....
    උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව මම...
    නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව මම....
    නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම මම...
    නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර මම...
    නුඹත් දන්න මමත් දන්න එකම රහස මම...
    නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම...
    නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම් ආස කරන සොඳුරු ගීයක් වචන බවට හරවලා


    මාතර හරි ගල්ලෙ හරි .......... ඔය කොහේ හරි අත්ත්ම්මෙක් වෙන්නෙ නැති එක නම් හොඳයි............

    ReplyDelete
  5. මේ මං ආසම කරන සිංදුවක්..හැබැයි මේකේ නිධාන කතාව නම් දැනගත්තේ අදයි ඕන්...හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කා...

    ReplyDelete
  6. මගෙත් ප්‍රියතම ගීතයක්.....

    ReplyDelete
  7. බෑ අප්පා.... මේක කියවලා සින්දුව ඇහුවා.... මේක කියවන ගමන් සින්දුව ඇහුවා.... සින්දුව අහන ගමන් මේක කියෙව්වා....සින්දුව අහලා මේක කියෙව්වා.... ඔය මොකක් කලත් මගේ මෝඩ මෝලේට තාම හ‍රියට මීටර් උනේ නෑනෙ තේරුම.... මේ කියන අදහසත් එක්ක සින්දුවෙ වචන වල එන ගැලපීම...... අනේ මන්දා... මට නිකන් මඤ්ඤං වගේ.........

    ReplyDelete
  8. එල එල නියන පොස්ට් එක ..හික්z

    ReplyDelete
  9. වචන වලින් කියන්න බැරි විදියේ හැගීමක් මතුකරන්න පුලුවන් විදියේ ගීතයක්, අවුරුදු ගානකට කලින් AL කරන කාලේ ලක්හඩේ ආරාධනා ස්වර දැහැනෙන් මේ සින්දුවේ විස්තර ඇහැව්වා වගේ මතකයි.

    මම දන්න හැටියට මේ ගීතය සිව් කුලුදුල් නිර්මාණයක් (දන්න විදියට)

    සතිස්චන්ද්‍ර එදිරිසිංහ - ප්‍රථම සිනමා සිත්තම
    සුනිල් එදිරිසිංහ - ප්‍රථම සිනමා පසුබිම් ගායනය
    වොලී නානායක්කාර - ප්‍රථම හා එකම පද රචනය
    වික්ටර් රත්නායක - ප්‍රථම සිනමා නාද රචනය

    සෑබෑවටම ආදරය කරපු ගොඩක් අය ගමේ බෝක්කුව උඩ තනිවෙනවා. ඒත් ඔයා කීව වගේම හිතේ තියන ආදරය හැමදාටම තරුණ බව මටත් විශ්වාසයි

    ReplyDelete
  10. මගේත් ප්‍රියතම ගීතයක්..
    විශේෂයෙන්ම තාලයක් ඇතුව හෝ නැතුව හීනියට මුමුණන්නට මා ප්‍රිය කරන ගීත කිහිපයෙන් එකක්.
    ඔක නැළවිළි ගීතයක් උනා කාලයකදී එක්කෙනෙකුට..

    ReplyDelete
  11. සින්දුව මම අද තමයි හරියට අහන්නේ ...‍

    තෑන්ක්ස් වේවා අක්කට

    ජයවේවා !!

    ReplyDelete
  12. sukitha හරි මේක සිව් කුළුඳුල් ගීතයක්. ගීතය අසා තිබුනට චිත්‍රපටය බලා නෑ. කතාව දැන ගත්තේ අදයි...

    ReplyDelete
  13. මම මාතර ඉන්න එකක් නැහැ.
    ඒ හින්ද මම මාතර ආච්චි වෙන එකක් නැහැ..[නුවරට ආපහු එන්නද හදන්නෙ ...සාදරයෙන් පිළිගනිමු.]
    අනික මම ආච්චි කෙනෙක් වෙන එකක් නැහැ..[වයසට යනකම් ඉන්න මාත් කැමති නෑ.]
    අනික මට සද කඩපහනකුත් නැහැ. [එකක් හදමුකො.]
    අනික මම දේදුන්නකුත් නෙමෙයි .[එය නම් මායාවකි.]


    මම නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව මම.. [තාවකාලිකයි..]
    උදේ නු ඇස ගැටෙනා පිනි බින්දුව මම [ඔයාව උදේම මට මුනගැහෙන්නෙ නෑ.]
    නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව මම..[නිෂ්ඵලයි]
    නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම මම...[ඒක නම් නිවැරදියි]
    නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර මම...[ඒකත් හරි]
    නුඹත් දන්න මමත් දන්න එකම රහස මම...[එය රහසක් නොවෙයි .. අපි හැමෝම දන්නවා නුඹ ගැන..]
    නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම...[එවිට මම නුඹව සපා ගනිමි.]
    නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම.[අර නුඹ ලඟ නැති කියන එක තමා...?]

    ReplyDelete
  14. @ kumaraya
    ***.[නුවරට ආපහු එන්නද හදන්නෙ ...සාදරයෙන් පිළිගනිමු.]
    මම නුවර ඉඳල නැහැ කවදාවත්... කුමාරය නම් නුවර වගේ...
    නුවර කුමාරවරු මම දන්නේ නැහැ....

    **[අර නුඹ ලඟ නැති කියන එක තමා...?]
    කිසි ප්‍රශ්ණයක් නැහැ .... ඒ ගැන හිතන්න එපා ...

    ReplyDelete
  15. priyantha.ඒබී
    මෙන්න මේ ප්‍රියන්ත මහත්තයා තමයි ගීතය හොයල ඊමේල් කරල තිබ්බේ ... ස්තූතියි ස්තූතියි ස්තූතියි...... මාත් චිත්‍රපටිය බලල නැහැ ...විපුල සර් දැනගත්ත විස්තර ටික තමයි මාත් දන්නේ...


    sukitha
    ස්තූතියි... ගොඩක් චිත්‍රපටි ගීත කාලකදි නැති වෙලා අමතක වෙලා යනවා... ඒත් මේ ගීතය චිත්‍රපටියක කියලවත් ගොඩක් අය දන්නේ නැහැ...ඒත් ගොඩක් දෙනා කැමති ගීයක්....

    ඔබේ විස්තර අපිට ගොඩක් වටිනවා... ස්තූතියි ගොඩක් ...

    ReplyDelete
  16. @ හිස් අහස
    ගිය ආත්මේ දේෂපාලුවෙක් ද ආහ්... ගිය ගිය තැන "ජය වේවා"

    ස්තූතියි හිස් අහස ....

    ReplyDelete
  17. මාරයාගේ හෝරාව
    අර මාරයා හැමවෙලේම දුක් කවි ගී ලියන කාන්තාවට වෙන්නැ මයෙ හිතේ ... එයැයි බබෙක් ය?

    ReplyDelete
  18. ඉලංදාරියා
    මට
    පෙනෙන පරිදි
    දැනෙන පරිදි
    සහ
    හැගෙන පරිදි

    ඉලන්දාරියා වෙනස් වී ඇත .....

    ReplyDelete
  19. @ අනුරාධ
    අනේ දරුවො... මට ඔයාගේ කමෙන්ටුව කියවල නිකම් කරකවල අතෑරල වගේ... 19 එනවද තේරුම කියල දෙන්න ...

    ෴ හසියා ෴
    හැබෑද ..හසියාගේ ප්‍රියතම ගීතයත් මේක නම් ඉතින් අර අර සින්දුව හසියෝ ...

    මම
    මාත් හරියට දන්නේ නැහැ... විපුල සර්රුත් තවත් කෙනෙක්ගෙන් අහල තමයි මට මේ ගැන කියල එවල තිබ්බේ....
    ස්තූථියි ..

    නිශ්
    ඔවු අනේ ..අත්තම්මෙක් වෙලා මැරුණම ඇඩන්නවත් කෙනෙක් නැහැකේ.... නිකමට නෙමෙයි නෙ කියන්නේ " ආච්චිගේ මළ ගෙදර " වගේ කියල.. හිහි ...

    පසන් Sid
    සඳකඩ පහන
    එතකොට ඔයා මොන පහන ද පසන් Sid

    ReplyDelete
  20. ෂා... නියම අර්ථ කථනයක්. කියලා වැඩක් නෑ සොඳුරිය... දැන් ඔයාගේ කුමාරවරු තරහවෙයිද දන්නේ නෑ සොඳුරිය කිව්වට... තරහා ගන්න එපා කියන්න ඒ අයට... මං යහපත් බිරිඳක් ඉන්න සොඳුරු සැමියෙක් කියන්න.

    අද තමා - 17දා - මට මෙය කියවන්න විවේක ලැබුනේ. හරිම ආසාවෙන් කියෙව්වා.. ගීතයේ අර්ථය හා උපමා රූපක විග්‍රහ කරලා තියෙන සැටි හරිම අපූරුයි. ඒවා වෘතාන්තය සමග බද්ධ කර ඇති අයුරුද හරිම අපූරුයි.

    හැබැයි සොඳුරිය එක අඩුවක් නම් දකිනවා... ඇයි එම ගීතයේ පදමාලාව දැම්මේ නැත්තේ ? එය දැම්මා නම් හරි අපුරැවට චිත්‍රපටයේ ගීතය හා වෘතාන්තය පාඨක අපටට තේරුම්ගැනීම ලේසි පහසු වෙනවා. හොඳම නිදසුන තමයි මටත් ගීතය දැන් අමතකයි... ඉතිං මං අර ඔබ එවිව ගීතය ආයේ බල බල තමා කියෙව්වේ. හැබැයි මේක නිවැරදි කරන්න පුළුවන් දානුත් මයේ හිතේ... පුළුවන් නම් එහෙම කරන්න...

    හැබැයි මේ වියමන හරිම අපූරුයි ... චමත්කාර ජනකයි... හරිම රසවත්..

    ReplyDelete
  21. The moonstone, yes, that was my heart,
    And, you were the rainbow shining upon,
    Blistering bubbles that burst forth in a flash,
    Had names written on, that's your's and mine,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...