..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 14, 2010

෴ ගුරුකම ෴

පෙරදා සවස සාදා ශීතකරණයේ දමා තිබූ සුදු මල් මාලාව තවමත් දැන් කැඩුවාක් මෙන් නැවුම් ගතියෙන් යුතුය. දෙවියන් වරදක් නොගනිනු ඇතැමි උපකල්පනය කරමි. . .සුදු පැහැති ඔසරිය අතට ගෙන නැවතත් සිතට නැඟුන හදිසි චේතනාවක් නිසා කළු පැහැති සාරිට ඇඳීමට තීරණය කළෙමි. . . .

නිවසින් පිටතට පා තබනවාත් සමඟම කුඩා දුරකතනය හඩ තලන්නට විය.
"හෙලෝ , වත් ඔයා කොහෙද ඉන්නේ. අනේ කෙල්ලේ සුදු මල් මාලෙ අරන් එන්න මතක් කරල "

" හරි .හරි මම මේ එමින් ගමන්. තෙල් හඳුන්කූරු එහෙම ඔනෙ නැද්ද ? "

" නැහැ නැහැ. බුදුන් වඳින්න නෙමෙයි නේ යන්නේ. ඉක්මනට වරෙන් නැත්තම් පෝළිමේ ඉන්න වෙයි."

ඇත්ත තමයි. අපි මේ යෑමට සැරසෙන්නේ බුදුන් වැඳීමට නොවෙයි. . . ඇත්තම කියනව නම් ඇගේ හැර ගිය පෙම් වතා ඇගේ දෙපා මුලට ගෙන්වා දිය හැකි මහා ගුරු බලවතකු සොයා ගෙනය. . .

මහා ගුරෙක් සොයා යන අපි දෙදෙනා ද හද්ද වන්නියේ දුෂ්කර පාසලක උගන්වන ගුරුවරියන් වෙමු. . .

කුකුළාත් අතේ රැගෙන පැමිණියෙන් බසය වැරදුනේ නැත. අද පාසල් නිවාඩු දිනයක් වීමත් උදෑසනම කිසිවකුට ඇස නොගැටී මේ ගමන යා ගත හැකි වීමත් සරෝජාගේ සිතට මෙන්ම මගේ සිතට සැහැල්ලුවක් ගෙන දුන්න ද ,මා ආදරය කරන මගේ පෙම්වතා වෙනුවෙන් කැපවූ අද දින සරෝජා වෙනුවෙන් වෙන් කිරීමට සිදු වීම මගේ සිතට ගෙන දුන්නේ සියුම් කණගාටුවකි. 

" කමක් නැහැ වත් , ඔයාගේ යාළුවනේ. ඔයාත් යන්න එයත් එක්ක. වැඩකට නැහැ තමයි. ඒත් අඩු ගානේ එයාගේ හිතට සහනයක් ලැබේවි නෙ" 

ඔහු ගේද ඉල්ලීම පරිදි සරෝජා හැර යන ඇගේ පෙම්වතා ගෙන්වා ගැනීමේ මෙහෙයුමට මා ද සහභාගී වෙන්නෙමි.

බසයේ රියදුරාට කල ඉල්ලීම පරිදි ඔහු අපව නියමිත ස්ථානයෙන් බැස්ස වූ අතර අමතර සේවාවක් ලෙස දේවාලයට යන කෙටි මං කිහිපයක් ද , අවවාද කිහිපයක් ද, අප යන අරමුණ කුමක් වුවත් එය තිතටම හරියන බව ද දන්වා සිටියේ සරෝජාගේ සිත සතුටු කරමිනි.

දූවිලි පිරි පාර දිගේ දුවන මගේ පාද වලට වඩා වැඩි වේගයෙන් මගේ සිත සිතුවිලි අතර සරන්නට විය.

සරෝජාට කොතෙක් කීව ද පල නැත. ආදරය යනු බලෙන් රඳවා ගත නොහැක්කක් බව ඇයට කියන මගෙ වචන දරුවනට ඉගැන්වීමට යෙදුවානම් මීට වඩා යෙහෙකියි මට සිතුන වාර අනන්තය.

සරෝජාගේ ප්‍රේමවන්තයා වූයේ අප පාසලේම උගන්වන ගුරුමහතෙකි. හැඩකාර දඟකාරයෙක් වූ ඔහුගේ පෙනුමට පාසල් ශිෂ්‍යාවන් ද පිස්සු වැටී සිටි බව නොරහසකි. නිතරම දොඩවන චාටු බස් ඇරුණ විට ඔහුගෙන් ගත යුත්තක් මා නම් දැක නැත.ඔහු හා සැසඳීමට අකමැති මගේ ආදරවන්තයා ඊට හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ ඇත්තෙකි.මට මඟ පෙන්වන ඔහු ගිනිගෙන දැවෙන සමාජයේ මට මහා නුග සෙවනකි.

සරෝජා පාසලේ සිටි හැඩකාර ගුරුතුමිය විය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමවෘතාන්තය කාටත් රහසක් නොවූ අතර කිරි පැණි සේ සිටි ඔවුන් දැන් විරසක වෙලාය. සරෝජාගේ පෙම්වතා ඇයට ද නොකියා නගරබද පාසලකට ස්ථාන මාරුවක් සාදා ගැනීමට වෙර දරමින් සිටින්නේය.

ආදරයක් නම් එය සිතට බරක් නොවිය යුතුය. ආදරය ඇවැසි වන්නේ ජීවිතය තවත් මදකින් හෝ සැහැල්ලු කිරීමට යි. ආදරය සුන්දර වන්නේ එවිට නොවේද?

විවිධාකාර සාධක නිසා ආදරයෙන් බැඳුන ද ...කාලයක් ආශ්‍රය කරන විට ඔහුහෝ ඇය තමන්ට හරියන කෙනා නොවන බව ඇතැමුන් සිතන්නට පෙළඹීම බොහෝමයක් ආදර සබඳතා බිදී යෑමට හේතු වේ. එවන් විටක එකකු අසරණ වුව ද ආදරය කරා නම් කතා බහ කර විසඳ ගත නොහැකි පැණයක් තිබේද? එවන් හෙළි කිරීමකින් වන්නේ දෙදෙනාටම හොඳකි.

අනිත් අතට ගැලපීම සොයනවාට වඩා ආදරය කරන තැනැත්තාව තේරුම් ගැනීම හොඳ බව මගේ අදහසයි.

" ටීචර් . .ටීචර් "

පසු පසින් කෑමොර දෙමින් කිසිවකු දුවගෙන හඩ ඇසී සරෝජාත් මමත් හැරී බැලුවෙමු. . . . .

" අපොයි .... ටීචර්ල දෙන්න අශ්වයො වගේ. . "

අප ළඟටම පැමිණ නැවතුන පොඩි එකා දණිස් දෙකේ අත ගසා ගෙන බිමට නැමී හති දමන්නට විය. . . 

" මේ . . . . . . . . . මේ සඳුන් නේ ද? "

" ඔවු ටීචර් . . .ටීචර්ලා කොහෙද මේ යන්නේ '

සරෝජා මගෙ මුහුණ බැලුවේ කිසිවක් නොකියන ලෙසට ඉඟි කරමිනි. 

" ආහ් අපි යනව සඳුන් මේ ළඟට ගිහින් එන්න.සඳුන් කොහෙද යන්නේ "

යළිත් තිදෙනාම එකම මඟට වැටුණි. 

" මම යනවා ටීචර් තාත්ත බලන්න. හැම සතියෙම ඉරිදට එනව මම."

" ඇත්ත ද ? එහෙනම් පුතා දන්නව ඇති නේද දේවාලය තියෙන තැන. "

" ආහ් . . . ඔවු ටීචර්. .  මාත් යන්නෙ එතනට තමයි. . . අපේ තාත්ත තමයි කපුවා. .."

කියා මහ හඬින් සිනා සුනු ඔහු . . . 

" ඒත් අපේ තාත්තට බැරි වුනා නේ ටීචර් අපේ අම්මව තාත්තගේ දෙපා මුලට ගෙන්න ගන්න" යි පවසිමින් යළිත් මහ හඩින් සිනා සෙන්නට විය.සරෝජා ඉද්ද ගැසුවාක් මෙන් හුන්තැනම නැවතුනි.

" ටීචර් ල යන්නේ දේවාලෙට ද"

" ම් ම් හ් ම් නැහ් සඳුන් . . අපි යන්නේ අර අර මේ පැත්තෙ තියෙන ස්කෝලෙ හොයන් "

" ආහ්. . .එහෙනම් ටීචර්ට වැරදිලා . . . ටීචර් ඒ ස්කෝලෙට යන්න ඕනි පාර තියෙන්නෙ තව ඉස්සරහ "

" ආහ් . . .එහෙම ද? "

" ඔවු ටීචර්  . . .ටීචර්ට පාර වැරදිලා "

" ඔවු සඳුන් අපිට පාර වැරදිලා. . . මම සරෝජනී ටීචර්ට කීවා. . ඒත් ටීචර් කීවනේ දේවාලේ පාර .තමයි හරි කියල " මා පැවසුවේ සරෝජනී දෙස අයා ගත් නෙත් ඇතිවය.

" සඳුන් ගොඩක් ස්තූතියි. . .එහෙනම් අපි යන්නම් " යි පැවසූ සරෝජනී මාගේ අතින්ඇදගෙන පැමිණියාටත් වඩා වැඩි වේගයෙන් ආපසු හැරුනේ මුව අයා අප දෙස බලා සිටින දරුවා ට තවත් ප්‍රශ්ණ පත්‍රයකට ඉඩ නොදෙමින්ය . . .

මා වශි වූ ඔහු සමඟ මට ගත කිරිමට තිබු කාලය සොරා ගත් සරෝජාට මඟ දිගට මගෙන් නෝකාඩු ගලා ආව ද? අප පසු කර ගෙන යන ගස් වැල් නිවෙස් දෙස අයාලේ පියඹන ඇඟේ දෑස් කෙළවර දිලිසෙන කඳුළු බිඳ මා මුව ගොළු කිරීමට ප්‍රමාණවත් විය.


ගුරුකමක් නැතිවම  ඔහුට (මගේ ආදරයට) වශී වි සිටින 
මම
෴ වත් ෴

8 comments:

  1. සුදු වලාකුලේ ඇති පුහු මායාවට
    වඩා කලු වලාකුලේ ඇති සැබෑ ආදරය
    තේරුම් ගත් කෙනා
    සැබෑ ආදරවන්තයෙකි........

    ReplyDelete
  2. දාලා යන කෙනෙක්ව ඔය විදිහට ගෙන්න ගන්න පුලුවන් වුනා කියමු. ඉතිං බලෙන් ළඟ තියාගෙන වැඩක් වෙයිද??

    අරහේ මාරයා අයියා කතා නවත්තල කවි ලියනවා මෙහේ වත් අක්කා කවි නවත්තලා කතන්දර ලියනවා.

    ReplyDelete
  3. මට නම් ඔය ගැන පොඩි පහේ අත්දැකීමකුත් තියෙනවා. සමහර වෙලාවට ඔය මන්තර වැඩ ඇත්ත කියලත් හිතිලා තියෙනවා. ඒත් ආදරයක් ලබා ගන්න ඕනේ හදවතේ තියෙන ආදරේ, අවංක කම, විශ්වාසය කියන මන්තර මතුරලා විතරයි. එතකොටයි ආදරයක් හැමදාම පවතින්නේ.

    ReplyDelete
  4. ආදරේ මෙහෙම ගන්න පුළුවනි නම් අනේ මේ මාත් කොච්චර වාසනාවන්තද අප්පා...මන්තරේ බලෙ නැති වුන දාට ආදරේ..හුලං ගියපු බෝලයක් වගේ...
    ආදරේය තියන එකම මන්තරේ විශ්වාසය පමණයි...විශ්වාසය නැති ආදරේ ඉලාස්ටික් නැති............වගේ....
    හිස් තැන මට කියන්න හිතෙන්නෙ නෑ...මේ කථාව කැතයි වගේ කියලා හිතුනට ඒකෙ ලොකු තේරුමක් තියෙනවා..හි..හී...

    ReplyDelete
  5. තරු අහසගෙ කතාවනම් මරු....

    ReplyDelete
  6. මමත් ඔය මන්තර නම් පිලිගන්නෙ නෑ. හැබැයි අපේ අම්ම කියන විදියට නම් පරන කෙල්ලගෙ ගෙදර අය මට මොනා හරි දීල තියෙනවලු. මම නම් දන්නෙ නෑ. මටම විතරක් හදපු අමුතු රස තියෙන කෑම නම් කෑව එහෙදි. මම හිතුවෙ ගෑනු ලමය වැඩිය උයන්න දන්නෙ නැතිකම කියල.

    ReplyDelete
  7. වසී ගුරුකම් කියන ඒවා බොරුම කියා කියන්නත් බෑ ..මතකයිනේ ආනන්ද හාමුදුරුවන්ව රොඩී ගෑනියෙක් වසී ගුරුකමකට ලක්කරපු හැටි .. ඒත් දැන් ඉන්නේ අමු හොර ගෙඩියෝ ටිකක් . හැබැයි ඉතිං දකුනේ ගුරුකමක් නම් ඉතිං කිරිගහට වෙඩි තිවුවා වගේ තමයි ..

    මම දන්න සුවඳ විලවුන් වගයක් සහ කොන්ඩේ ගාන ජෙල් වගයක් තියනවා ඒවට නම් වසී වෙනවා කියලා ටීවී එකේ පෙන්නනවා ..

    කොහේද ඔය දේවලේ ?

    ජයවේවා !!

    ReplyDelete
  8. ආදරය යනු ...හදවත තුලින්ම පහලවන දෙයකි.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...