..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 12, 2010

෴ හාදුවක් දෙමුද ? ෴

ඔන්න ඉතින් සොඳුරු සිතටත් හිතුන ටිකක් විතර රොමැන්ටික් දෙයක් ගැන ලියන්න. 


දෙන්නාටත් ලැබෙන
ලබන්නාටත් ලැබෙන
නොදී ලබන්න බැරි
ලැබුනම නොදී බැරි
පියවුන නෙතු පියන් අද්දර
ආදරයේ සොඳුරු නිමේෂය


“Take it and return it: the kiss of love”

අද කාලෙ නම් ඉතින් ඉස්කෝල පහ හය පන්තිවල ඉන්න පුංචි දුවා දරුවනුත් මම මේ කියන්නේ යනනේ මොකක් ද කියල හොඳට දන්නව. හැබැයි ඉතින් රූපවාහිනි වල නම් දැන් මේවට කොටු තමයි. එහෙමත් නැත්තම් හිටපු ගමන් නවත්තපු තැනින් නෙමෙයි ඊළඟට කතාව පටන් ගන්නේ. . . . 

නමුත් වාසනාවට හෝ අවාසනාවට මේ ලියන මම ,ටීවී බලපු කාලේ නම් බලපු හැම ළමා වැඩසටහනකම කොටු නැතිව හාදු පුදන දර්ශන තිබ්බ. . . .රොබින් හුඩ් මැරියන් ට  .  . ටාසන් ජේන්ට ... නයිට් රයිඩර් හැමදාම කථානායිකාව වෙන ගැහැණු ළමයට  ... ඒ වගේම සුරංගනා කතා මාලාව . . .ලැසී ... සීනා.... මකර රජදහන . . .මෙකී නොකී හැම එකක්ම ගොඩක් දුරට ඉවර වෙන්නේ පුංචි පහේ හාදුවකින් ..

අනික් අතට පුංචි කාලේ මම අහපු දැකපු හැම සුරංගනා කතාවකම පාහේ හාදුවට දීල තිබ්බේ සෑහෙන ලොකු ආදරණිය වටිනාකමන්.... දැන් බලන්න...

  • අර කැත අවලස්සන ගෙම්ඹා කුමාරයෙක් වුනේ කුමාරිගේ ආදරණිය හාදුව නිසා 
  • එතකොට ඇඳුම් මහන්න ගිහින් අතේ ඇගිල්ලක ඉඳිකට්ටක් ඇණිල සදාතනික නින්දකට වැටුන කුමාරි ඇහුරුනේ කුමාරයෙක්ගේ හාදුව නිසා.
  • එතකොට අර සින්ඩරෙල්ලා කතාවේ සින්ඩරෙල්ලා හනික ගෙදර දුවන් එන්නේ මහ රාත්‍රියේ 12ට කුමාරයා සිප ගන්න කොට...
  • ආහ් ඇයි බියුටි ඇන්ඩ් ද බීස්ට් කතාවේ කැත අවලස්සන රාස්සය සාපයෙන් මිදිල ලස්සනම ලස්සන කුමාරයෙක් වෙන්නේ අර අහිංසක කුමාරිගේ ආදරය පිරිණ හාදුවකින් ...
  • ම් ම් ම් තව ..ඇයි අර විස ඇපල් ගෙඩියක් කාලා ඒක උගුරෙ රැදිල මරණයට පත් වෙන්න ගිය එන්චාන්ටර් කුමාරිට පණ ආවෙත් ලස්සන උණුසුම් හාදුවකින්....

ඉතින් මේ හැම කතාවකම ඒ කියන අවස්ථා වලදි කොටු වැටුනනම් මොකද වෙන්නේ .. . ..

ඕනම අවලස්සන ,අවාසනාවන්ත, මරණාසන්න ජීවිතයක් තවත් කෙනෙක් ගේ ආදරණිය හදවතකින් සුවපත් කරන්න පුලුවන් බව තමයි ඒ හැම කතාවකම කීවේ කියල දැන් තමයි මට තේරෙන්නේ. . .

දැන් නම් ඉතින් කෙල්ලො කොල්ලො දන්න හාදු පිරිල තියෙන්නේ රාගයෙන් . . .

බ්ලොග් අවකාශයෙත් මට මේ ළඟදි හාදු දෙකක් දකින්න ලැබුන....

එකක් නම් අපේ හිස් අහස . . . . ඒ හාදුව දෙන්න කලින්ම ලොස් වුනා.....මොකද ඒ හාදුවට වයස ප්‍රශ්ණයක් වෙලා. . .

අනිත් හාදුව තමයි මගේ ලෝකය ලියන රංග ලීව හාදුව.... " කට ඟදයි කියල ආදරයක් නැවතුන හැටි " . . .

රංග තමයි ආදරේ ගැන අපිට දෙපාරක් හිතන්න පුලුවන් විදිහෙ වාක්‍යයක් කියල තිබ්බේ.... //උඹගෙ කට ගඳ උනා කියල මම කවදාවත් උඹට කියල නැහැ. ඒ තමා මගෙ ආදරේ.//  ( එහෙම නම් අර කැත සෙවල ගෙම්බව ඉම්ඹ කුමාරිට මොනා හිතෙන් න ඇති ද ? )

ඇත්තටම ඒක තමයි සැබෑ ආදරේ . . ඒත් සුවඳ ගහන හාදුවක් දෙන්න නම් හොඳට දත් මැදල ඉන්න ඕනලු. තව . . පෙපර්මිට් , හැක්ස් වගේ මුව නැවුම් කරන දේවල් හාදුවට පෙර ගත්න කියල මම සොයල බලද්දි දැක්ක....

ඔය කොයි මොක වුනත් හාදු දෙන්න නම් අර මම කිලින් කීව සුරංගනා කතා වල වගේ ආදරය පිරුණ හදවතක් තියෙන්න ඕනි. නැත්තම් කට මොන තරම් පිරිසිදුව නැවුම්ව තිබ්බත් හිතේ ගඳ දැනෙන්න පුලුවන්..


“Kissing is like drinking tea with a tea strainer, you can never get enough”

“A kiss is sweet; who dares deny it? But when it is sold, it becomes bitterer than hellebore”


ගෙඹි කුමාරයා කියවල වත්ත පුරාම ගෙම්ඹෙක් හෙවුව
මම
෴ වත් ෴


පලි:- මාව දැකල වත්තෙ හිටිය ගෙම්‍‍බො හැන්ගෙන්න ඇති. මොන ගෙම්බද කැමති කුණු නාවර පෙරා ගත්ත කෙල්ලෙක්ගෙන් හාද්දක් ගන්න .

41 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

෴ හසියා ෴ said...

වචනෙන් කියන්න බැරි දහසකුත් දේ එකම එක හාදුවකින් කියන්න පුළුහන්ලු.....
වෙන්න ඇති නේද? අපිනම් ඕවා දන්නේ නෑ...අපේ හිත් ගඳයිනේ...ඉතිං කාටවත් ලං වෙන්න බෑනේ...හික්ස්...

Dinesh said...

A kiss, when all is said, what is it?
A rosy dot placed on the "i" in loving;
'Tis a secret told to the mouth instead of to the ear.

-Edmond Rostand-

පූසා said...

හි හී අක්කා අන්තිමට බොරුවක් කිව්ව නෙද? දැන් අක්කාගේ වත්තේ ගෙම්බෝ පෝලිමක් හැදිලා බලාගෙන ඇති අක්කා එනකම් :DDD

ජංජාල චාමර said...

හ්ම්... කතාව ඇත්ත!!
"පියවුන නෙතු පියන් අද්දර
ආදරයේ සොඳුරු නිමේෂය"
:)

arunishapiro said...

මුවාහ්...මුවාහ්....ඉතින් ඉතිරියට මවිසින්ම කොටු දා ගන්නම්!!!

arunishapiro said...

සොරි සොරි ලංකාවේ කියන්නෙ උම්මා උම්මා කියලා නේද? :)

රවා said...

අක්කෙ මෙ උඹෙ පරනම කවියක් නෙද. මට මතකයි අද වගෙ එදා උඹ මෙක දාලා ගත්තා. මා ගාව මෙකෙ ඔරිජිනල් කවිය තිබුනා මැතක් වන තුරුම..

Surgy Villiam said...

ආදරේට හාදුවක් තරම්...ලෝකෙම නෑ වෙන උතුම් දෙයක්...
හැබැයි අක්කා කියනවා වාගේ ආදරණීය හාදුවක්...

තරු අහස...

තාරා said...

බලාගෙන ගියාම ඇත්තම ඇත්ත තමයි ලියලා තියෙන්නෙ... keep up good work....

prasanna86k said...

අක්කා ඇත්තටම කියන්න ඕනේ කතාව ප.ලි කෑල්ලට දාලනේ. අපරාදේ, ඒක තමා ලස්සනම කතාව. හික්ස්.

රංග said...

මරු කතාව සහ කවි. වෙන මොනා කියන්නද මමත් කතාවෙ කොටස් කාරයෙක් වුන එකේ. :-p

පොඩ්ඩ මල්ලි said...

"ඕනම අවලස්සන ,අවාසනාවන්ත, මරණාසන්න ජීවිතයක් තවත් කෙනෙක් ගේ ආදරණිය හදවතකින් සුවපත් කරන්න පුලුවන් බව තමයි ඒ හැම කතාවකම කීවේ කියල දැන් තමයි මට තේරෙන්නේ. . ."
මටත් තේරුනේ දැන් තමා....

අභීත said...

හාදුව...........

කොච්චර දේවල් කියන්න පුලුවන්ද ඒ ගැන... වචනයෙන් කියන්න අමාරුයි... හාදුවකින්ම තමයි කියන්න වෙන්නෙ.....

නිශ් said...

හාදුව අනේ මන්දා.......
විස්තර කල නොහැක.......

අවස්තාවෙ හැටියට වෙනස් වෙනවා නොවැ

Ravi said...

ඔබෙ නලලතින් ඇරඹී,
දෙබැම, දෙකොපුල්තල පසුකොට,
දෙතොල් පෙති මතට,
කුසුමක් මතට වන් සමණලයෙකුමෙන්,
නෙලුම් පතක් මත මද නලක් මෙන්,
පාව එන,
මගේ හාදුව,

Oh, kiss me beneath the milky twilight,
Lead me out on the moonlit floor,
Lift your open hand,
Strike up the band and make the fireflies dance,
Silver moon's sparkling,
So, kiss me,
Kiss me,
Kiss me,

"Kiss me" - Avril Lavigne

හිස් අහස said...

මම ඩිම් උනා ! මමත් පංගුකාරයෙක් වෙලානෙව

මම එදා මගේ හාදුව නොදී හිටියට ඒක තවම මං ලඟ පරිස්සමෙන් තියාගෙනයි ඉන්නනේ තව අවුරුදු 7ක් නියම කාලේ එනකම් ඒක මගේ ලඟ තියේවි .

තව අවුරුදු 7කින් මට පුලුවන් උනොත් මගේ අතරමග නතර උන මගේ ජීවිතයේ සුන්දරම මොහොත නැවත පුබුදන්න මම නියම වාසනාවන්තයෙක් වේවි. සමහරවිට මම තව වසර 7 කින් මම මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා තියෙන්නත් බැරි නෑ !

අදහස පුදුම ලස්සනයි අක්කේ ! මම පංගු කාරයෙක් උන නිසා ගොඩක් ආඩම්බරයි , ඔයාගේ මැඩි කුමාරයා ඔයාගේ ලඟම ඇති ඔයාට අඳුරගන්න බැරුව ඇති . එයා ඔයා ගාව කැරකෙනවා ඇති ඒ හිතේ තියන දේ කියාගන්න බැරිව ..එයාව අඳුරගන්න !

ජයවේවා !!

බුලට් said...

ඕං දුවේ ! මම මෙතුවක් කල් බ්ලොග් බැලුවා විතරයි ඕං අද පලමු කමෙන්ටුව එල්ලකරා

මම මෙතුවක් කාලෙකට දැකපු හොඳම බ්ලොග් 3 න් ඔයාගේ බ්ලොග් එක පලමු තැන තියනවා

මමත් කාලෙකට කලින් බ්ලොග් ලියුවා ඒත් දැන් අපි වයසයි ඉලක්කේ ගන්න අමාරුයි

අද වගේ හිත ඇදිල යන ජාති තව ලීවොත් මම මෙහේ කමෙන්ට් කරනවා ...නැත්තං අද දුවට කමෙන්ට් කරන්නම හදපු Profile එකෙන් වැඩක් ගන්න මට බැරිවේවි ..

සහෝදරයා said...

රංග අයියගෙ කතාව මටත් එදා හොදට වැදුන ... ආදරේ කියන්නෙ අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන් කරන පරිත්යාගය වෙන්න ඇති (මම පොඩිඑකා..ඕව දන්නෙ නෑ)

කිස් එකක් කියන්නෙ data transfer methods එකක් කියලයි මට හිතෙන්නෙ... වචනයෙන් කියන්න බැරි බොහෝ දේ eSATA වගේ හයිස්පීඩ් පෝට් එකක් වන ලිප්ස් තුලින් transfer කරන්න පුලුවන(ඇති)

wath said...

@ බුලට්
කවුද හැබෑට මේ වයසයි වයසයි කියන තරුණ මහත්තයා. . .

මා වෙනුවෙන්ම ප්‍රොපයිල් එකක් හදල කමෙන්ටු ලියන්න - ස්තූතියි...(දැන් ඉතින් අු පාඩුවක් නැතිව ලියන්න වෙයි වගේ)

ඒක නෙමෙයි මම මේ මගේ හිතට ආව දේ අහන්නේ තරහ ගන්න එපා... ඔයා මාව අන්දනව එහෙම නෙමෙයි නේද?

***මම මෙතුවක් කාලෙකට දැකපු හොඳම බ්ලොග් 3 න් ඔයාගේ බ්ලොග් එක පලමු තැන තියනවා***

ස්තූතියි බුලට්...

ම්ම්ම මොන වයසෙ අය වුනත් මම කැමති නම කියල කතා කරන්න. හැබැයි ඔබතුමා මට "දුව" කියන නිසා මම බුලට් කියල අමතන එක ටිකක් විතර කැතයි නේද?

කොහොම වුනත් මගේ අඩවියට නුඹව සාධාරයෙන් පිලිගන්නා අතර ස්තූතිය ප්‍රකාශ කරමි...

wath said...

@ සහෝදරයා
//පුලුවන(ඇති)// .... පුලුවන් ඇතිද ? පුලුවන් ද?

wath said...

@ ෴ හසියා ෴
හ්ම් .... මොකද මේ හ්ම් හ්ම්

wath said...

@ Dinesh
හාදුව ගැන ලස්සන අර්ථකතනයක්.... ස්තූථියි Dinesh ...

wath said...

@ පූසා
හොටු නාවර පෙරා ගෙන කිස් කරන්න ගෙම්බෙක් හෙවුවේ මම ගොඩක් පොඩි එකී කාලේ...

දැන් නම් ගෙම්බො පෝලිමට ආවත් අපේ අම්ම කියනව නේ කපල ගඟේ දැම්මත් කෙල්ලව ගෙම්බෙක්ට දෙන්න බැහැ කියල ...

wath said...

@ ජංජාල චාමර
අත්දැකීමෙන් නේද හාදුව ගැන කියන්නේ... ස්තූතියි ජංජාල චාමර ...

wath said...

@ arunishapiro
මම බය වුනා මුවාහ් මුවාහ් කියන කොට... හිහි ...

මේකනේ අක්කේ ඔය " උම්මා " කියන වචනය අම්මා කියන වචනයත් එක්ක බැදිල ඇති කියල මම හිතනවා...

එතකොට "මුවාහ් "

wath said...

@ හිස් අහස
අවුරුදු 7ක් ...අනේ දරුවො..එකම එක කිස් එකක් වෙනුවෙන් අවුරුදු 7ක්... තප්පර 7ක් ඉවසන්න බැරි අය අතරේ ඔයා නම් පුදුම ළමයෙක්....

wath said...

@ Ravi
WoW

wath said...

@ නිශ්
හැබෑද ... අවස්ථාවේ හැටියට වෙනස් වෙන හාදු ... ම්ම්....නරකමනැහැ අදහස...

wath said...

@ අභීත
මක් කීවා... වචන වලින් කියන්න බැහැ .හාදුවකින්ම කියන්න ඕනි කීව නේද?

හිහි .. ඒත් පුංචි ප්‍රශ්ණයක් .. මම දැන් ගෙම්බන්ව හොවන එක නතර කරා...

හිහි .. විහිළුවක් හොදේ...

wath said...

@ පොඩ්ඩ මල්ලි
පොඩ්ඩ නිසා තාම තේරෙන්නෙ නැතිව ඇති... හිමීට ඔයාවත් හොයා ගෙන හාදුවක් ඒවි....

wath said...

@රංග
ගඳ හාදුව ලිපිය දැකල තමයි මටත් මේක ලියන්න හිතුනේ.ස්තූතියි..


@prasanna86k
පලි කොටස ලස්සන ඇයි දන්නවද? පලි කොටසේ තමයි ඇත්තටම මා ගැන ලියල තියෙන්‍නේ.. ගෙම්බෙක් හෙවුව කෙල්ලෙක්..


@තාරා
Thank You Thara ...

@Surgy Villiam
Thank You ...


@රවා
කොහෙද මේ රවාට හොරෙන් රක වචනයක් වත් ලියන්න බැරි හැටි... මාර මීටරයක් ...

පිණිබිඳු... said...

ලස්සන අදහසක්

wath said...

@ පිණිබිඳු...
ඔවු පිනි බිඳක් වගේ ලසස්නයි .. ස්තූතියි

Sujeewa Kokawala said...

දීපු ඔක්කොම joint account එකකට අයිති නිසාත්, ඒ account එක තවමත් active නිසාත් අනික් පාර්ශ්වකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිහඬ වන්නට සිදු වේ. එක්කෙනෙකුට ම මිසක් දෙන්නෙකුට දෙන්න බැරි වෙච්ච එක ගැන සතුටක් මිසක් දුකක් නෑ. [හැබැයි අරුණි කිව්ව විදිහට ඇමරිකාවෙ හිටියා නම් මට කූඹි ගැන ම තමයි කියන්න වෙන්නෙ]

shana said...

lassanai aththatama,haaduwak denna wagema a ke rasa danenna oni thol walata witharak nemei,mulu papuwatama.

හිතුවක්කාරි said...

අනේ හරිම ශෝයි කතාවක්..

Rajendra said...

Greay

Rajendra said...

Greay

෴සොඳුරු සිත෴ said...

ස්තූති රාජ්....

Maathalan - Priyantha Hewage said...

http://listsurge.com/39-different-types-kisses-meaning-pictures/

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...