..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 10, 2010

෴ පිස්සා සහ මම ෴

 පිස්සාගේ කතාවට පසු වදනක් . . . . . . . . .

මගේ පිස්සා ගැන බොහෝ දෙනෙක් මගෙන් විමසන්නට වූයේ එය සත්‍ය සිද්ධියක් ද කියායි. සැබැවින්ම එය සත්‍ය සිද්ධියක් නොවේවා යන පැතුමත් සමඟින්ම මා පවසන්නේ " පිස්සා " යනු මගේ සිතේ ගොඩනැඟුන මන:කල්පිත කතන්දරයක් බවයි....

එදිනෙදා ජීවිතයේදී යනෙන මඟ දකින පිස්සන් දුටු විට ඔවුන්ගේ ජීවිත මේ අයුරින් පිස්සු වැටුනේ ඇයිද යන්න මට මහත් ගැටළුවක් වී තිබුනි. සිත තුල පොරකන ලද එවැනි හැඟීම් රැසක නිමයුමක් ලෙස මගේ "පිස්සා" ලියවෙන්නට ඇත.

සහ මම . . . . . . ..

ප්‍රථමයෙන්ම කමෙන්ටු ලියමින් මා දිරිමත් කරන මගේ සියළුම මිතුරු මිතුරියන්ටත් මගේ ස්තූතිය පිරිනමමි.කමෙන්ටු නොලීවත් දිනපතා ඉඩ ලද විටක මගේ "සොඳුරු සිතට" ගොඩවදින සියලු දෙනාටමත් ස්තූතිය පිරි නමමි.


මේ සෑම දේම පසු පස සිට මට උදවු කරන මගේ දයාබර මිතුරාට මා ස්තූතිවන්ත වෙමි. ඔහු කෙදිනකවත් මාගේ ලිපි වලට  කමෙන්ටු නොලියූවද මා ලියන සෑම දේම කියවා බලන බව මම දනිමි.

ජිවිතයක දුක් වීම් , කඳුළු සැළිම් වලට වඩා තවත් බොහෝ දේ ඇති බව පෙන්වා දුන් මගේ මිතුරා නොමැති වුනි නම් මා කවුද කියාවත් මම කෙදිනකවත් තේරුම් නොගනිනු ඇත. සැබැවින්ම පිස්සු දොඩවමින් විදියක් වීදියක් ගානේ සැරිසැරුවේ නැති වුවද එකල මාද සිටියේ " පිස්සියක" ලෙස බව අද මට දැනෙයි. . . 


ආදර සම්බන්ධතාවකට වඩා ,,. හොඳ මිතුරෙක් යනු ජීවිතයට ලැබෙන අනඟි ත්‍යාගයකි. පොඩ්ඩ බැරි වුනාම තරහ වෙන , නිතරම සැකයෙන් බලන ආත්මාර්තය පිරි ආදරයකට වඩා නිවුන, සුන්දර, සරල , නමුත් ගැඹුරු මිතුදමකට සිතේ සියළු දොර කවුළු හැර එහි සියුම් ආනන්දය විද ගන්නට ඉඩ සැලසිම ජිවිතයට ගෙනෙන්නේ අපිරිමිත සැහැල්ලුවකි. . ..

" ඉතින් යාළුවනේ . . . . . . යාළුකමේ සෙවනැල්ල යටට වෙලා ලෝකයක් ගිනිගෙන දවන රස්මියෙන් මිදෙන්නට නුඹටත් පුලුවන් " 

ඒ නුඹත් නුඹෙ සිතත් අවංකනම් පමණයි. . . . . .

ස්තූතියි මගේ පිස්සාට . . . . 

ස්තූතියි මගෙ ඔක්කම යාළු -යෙහෙළියන්ට . . . . 

ස්තූථියි මගේ දයාබර මිතුරාට .....


දයාබර මිතුරකුගේ සෙවන විදිමින් ඔබට ලියන 
මම
෴ වත් ෴

27 ප්‍රතිචාර:

සහෝදරයා said...

ආදර සම්බන්ධතාවකට වඩා... හොඳ මිතුරෙක් යනු ජීවිතයට ලැබෙන අනඟි ත්‍යාගයකි. පොඩ්ඩ බැරි වුනාම තරහ වෙන , නිතරම සැකයෙන් බලන ආත්මාර්තය පිරි ආදරයකට වඩා නිවුන, සුන්දර, සරල , නමුත් ගැඹුරු මිතුදමකට සිතේ සියළු දොර කවුළු හැර එහි සියුම් ආනන්දය විද ගන්නට ඉඩ සැලසිම ජිවිතයට ගෙනෙන්නේ අපිරිමිත සැහැල්ලුවකි. . ..

ඇත්තෙන්ම මේකයි මිතුරුකමක ඇති වටිනාකම අක්ක.... ජයවේවා !

නිශ් said...

ජිවිතයක දුක් වීම් , කඳුළු සැළිම් වලට වඩා තවත් බොහෝ දේ ඇතිමෙය තෙරුම් ගැනීම ලොකු දෙයක්. හිතන්න ආදරයට වඩා වැදගත් දේ අපිට නැතිවෙලා තියෙනවා නේද?

ගල්මල්-Coral said...

දයාබර නංගියේ, පිස්සා වටා ගෙතුන කතාව රචනයක්වීම ගැන පොඩි සතුටක් දැණුනා. හේතුව කතානායකයා යටගියාවක් නිසා ඒ තත්වයට පත්වුනා කියමු, ඒත් තවත් අයෙක් ඔහුගේ වියෝව නිසා ඒ තත්වයට පත්වෙන එකක් නැහැ කියන අදහසින්.

රචනය උපරිමයි. සොඳුරු සිතේ තකාව කියවපු හැමෝම ඔබේ ඒ හැකියාවෙන් බැඳ තබා ගත්තා නොඅනුමානයි.

ලෝකය සුන්දරයි. ඒ නිසාම වෙන්න ඇති අසුන්දර දේවල් සිදුවුනාම ඇතිවෙන කම්පනය, දෙදරුම, ඒ ලෝකය කියන පද්ධතියේ වෙසෙන සොඳුරුම හා මනසින් උසස්තම සත්වයාට ඉක්මනට දැනෙන්නේ. ඒ දැනීම පුන්චි තරහකින් පටන් ගෙන භූමිකම්පාවක් තරමට දරුණුව විසිරෙන්න පුලුවන්. බොහෝ විට මානසික ආබාධ නිසා රෝහල් ගතකර ඇති, ප්‍රතිකාර ලබන අය අල්පයක් වෙන්නත් බැරි නැහැ. ඒත් බුද්ධියෙන්, ඥානයෙන් දියුණු මනුසතා සුළු සුළු පිස්සුවලින් ගොඩ ආයුතුයි, නොවුවහොත් ලෝකයම එළිමහන් පිස්සන් කොටුවක් වෙන්න බැරි නැහැ නේද?

මිනිසුන්ට පිස්සු හැදෙන තරමට අවට පරිසරයේ වෙසෙන සත්තුන්ට පිස්සු ඇතිවුනොත්... භයානකයි නේද තත්වය (කියලා හිතුනා මට).

wath said...

@ ගල්මල්-Coral
ස්තූථියි අයියා ....

සැබැවින්ම එක් පුද්ගලයෙක්ගෙ චිත්තසන්තානයට තව කෙනෙක්ගෙ ක්‍රියාකාරකම් කොච්චර නම් බලපෑමක් කරනව ද? මිනිස්සු වෙච්ච අපිට තනියෙන් /ස්වායක්තව ජීවත් වෙන්න බැහැ.. ඒ වගේම තමයි අන්යෝන්‍යව එකි නෙකා ගේ සිතුවිලි මත තම තමන්ගේ ජීවිත හොඳ අතට වගේම නරක අතටත් හදා ගන්න මිනිස්සු ඉන්නවා...

ඒ වගේම තමයි තමන්ගේ පුංචි හරි ක්‍රියාවක් අනිත් පුද්ගලයගේ සිතට බලපාන ආකාරය ගැන මොහොතකට වත් නොසිතන මිනිසුන් අප අතරේ ඉන්නවා.ඒක ස්තූථි කිරිමක් වගේ පුංචි කරුණක ඉදන් හැරයාම දක්වා විශාල පරාසයක විහිදෙන්න පුලුවන්....

අපේ නංගි "අංගොඩ මානසික රෝහලේ " සේවය කරද්දි ඇය ගෙදර ඇවිත් අපි සමඟ කීව කතා අහල කඳුළු සැලුව වාර අනන්තයි....

ස්තූථියි අයියා... ශක්තිමත් මානසික තත්ත්වයක් ලබල අනුන් ගැන හිතන්න පුලුවන් හදවතක් ලබල ඉන්න නුඹ වැන්නෙකුගේ නැගණියක විමට ලැබීමත් වාසනාවක්

wath said...

@ නිශ්
සහතික ඇත්ත නිශ් ....

ආදරයට වඩා දේවල් නැති වුන අය අතර බොහෝ දේ හිමිකර ගන්න පුලුවන් වුන කෙනෙක් "මම" කියන එක මට පැහැදිලි කර දෙන්න උදවු වුන හාම වචනෙකටම ස්තූථියි...

wath said...

@ සහෝදරයා
ස්තූතියි සහෝදරයා ....

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී . . .
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී . ...

පූසා said...

ඇත්තටම අක්කේ අක්කා ලියපු ඒ පිස්සා ගැන කතාව පුදුම ලස්සනයි.

indi said...

ඔබ කොහොම කීවත් ඔය සැකේ නැතුව ලව කරන්නත් බෑ...නිදහස ලැබුනම කවුරුත් ඉගිලිලා යනව නෙව..

෴ හසියා ෴ said...

නියමයි අක්කේ....කොහෙද ඊයේ කතා කරපු වෙලාවෙත් අහන්න බැරවුනානේ....
නියම නිර්මාණයක් අක්කේ.....
දිගටම ලියන්න....හදවතින්ම සුභ පතනවා....

arunishapiro said...

නංගියා වගේම මාත් හිතට සමීප වෙච්ච යාළුවෝ වටිනා මැණික් වගේ සලකනවා. මැණික් වලට නම් ආසාවක් නැති නිසා වෙන්නැති. ඈතින් හිටියත්, කවදා නොදැක හිටියත් අදහස් වලින් ගොඩාක් ළං වෙලා කියලා හිතෙන කොට හරි ම සතුටුයි. නැත්නම් කොහොමෙයි එකම මාතෘකාවෙන් එකම දවසක පෝස්ට් ගහන්නෙ නේද?!!!

prasanna86k said...

නියමයි අක්කේ කතාව උපරිමයි. ඒක ඈත්තටම වෙච්ච දෙයක් වගේ, ගොඩක් සංවේදීව රසවින්දා ඒක.

හිස් අහස said...

මේ කතාව හිතේ ඇදුනු එකක් කීවා ? වෙන්ඩ බෑ .. මොකද මේක කියවන හැම තත්පරයකම මේ කතාව මගේ හිතේ ඇඳුනා ..මට මැවිලා පේන්න ගත්තා..මේක ලියන්න ඔයාට කොයිතරම් කල් ගියාද ?

පිස්සෝ ගැන කියද්දී සත්තුන්ට පිස්සු හැදෙන්නේ නෑ නේ (උංට හිතන්න ප්‍රශ්න නෑනේ) මිනිස්සුන්ට පමනි පිස්සු හැදෙන්නේ ..ඒ කියන්නේ අපි විහිංම තමා පිස්සු හදාගන්නේ ..

මම ඔයා හිතන තරම් සංවේදී නෑ ! මම ඇඳේ ටෙඩි බෙයාර් කෙනෙකුත් තියාගෙනයි නිදාගන්නේ ..ඒකෙන්ම කියන්න පුලුවන් මම හිත හයිය කොල්ලා කියලා ..

ජයවේවා !!

ඉලංදාරියා said...

ඈත්තටම මම අද ජිවත් වෙන්නේත් මිතුරො නිසා...අද මම ගෙවන හෑම මොහොතක් අයිතිය මට හිතෙන්නේ ගෙදර අයට වගෙම ..ම්ගේ වටේන්න සියලුම යලුවොන්ට අයිති වෙන්න ඕනේ ... මොකද මම වෑටෙන හෑම වෙලාවකම දුවගෙන එන්නේ මගේ යලුවෝ... ඒ හිකිප දෙනා .... අද මම ඉන්න තත්වෙත් එක්ක බලද්දි මට ජිව්තවෙන්න ශක්තිය අරගෙන ආවේ මගේ යාළුවෝ.... ජිවිතය අපි හිතනවාට වඩා හුගක් කටුකයි.. ඒ කටුක බව හමුවෙ මට ... මගේ හිතට එන දුක ..අමතක කරන්න ,, හෑමදාම ශක්තිය දෙන්නේ අක්කිට ව්ගෙම මටත් මගේ යාලුවෝ.. මිනිස් ජිවිතයක් නොසිදුවිය යුතු ගුගාක ඩෙවල් මගේ ජිවිතේ සිදුවෙද්දී මගෙ ලග පවුරක් වගේ මව බලගතේ මගේ යාලුවෝ....

තරු අහස said...

මේකට ‍කමෙන්ට් කරන්න මට තේරෙන්නෙ නෑ..අක්කා..මිතුරුකමයි ආදරයයි..මට හිතන්න හොඩක් දේවල් ඉතුරු කරපු වචන දෙකක්..

Ravi said...

F or you when in sorrow more so than rejoicing,
R ain or sunshine no matter what,
I nto depths of hell if the need arises,
E ver the faithful beside you eternally,
N ever leaving you alone to yourself,
D efines a friend more than anything else,

මන්දාකිණි said...

ඔයා ලියන්නේ මගේ හිත..මම හැමදාම ඒකම කියන්නේ..මම හිතන්නේ මට හිතෙන දේම ඔ‍යාටත් හිතෙනවද මංදා..සුභ පැතුම් වත්....

wath said...

@මන්දාකිණි
සිතුවිලි එක වගේ ඇති . .ඒකයි ඒ ..ස්තූතියි මන්දාකිණි..

wath said...

@ Ravi

....WOW ... Thanks Aiya

wath said...

@ තරු අහස
වැඩිය හිතන්න එපා දරුවෝ . . . පිස්සු හැදේවි...දැන් ආයෙත් පාඩම් කරන්න ගන්න මුල ඉදල ...තේරුනාද ..

wath said...

@ ඉලංදාරියා
හොඳ යාලුවො ඉන්නේ හොඳ යාලුවන්ට ... ඒ කියන්නේ ඔයත් හොඳ යාලුවෙක්...ස්තූතියි ඉලංදාරියා .....

wath said...

@ හිස් අහස
මොනවා .... මේ මොකද මේ...
//මම ඇඳේ ටෙඩි බෙයාර් කෙනෙකුත් තියාගෙනයි නිදාගන්නේ .//

ඒකටනම් මට හොදටම හිනා.....

wath said...

@ prasanna86k
ස්තූතියි "ගෝල්ඩ් ෆිෂ්" . . . .මාළුවා ලියන අර සීතල කඳු වැටියෙ කතාවත් මම බලනවා...ඒක ටිකක් වෙනස් කතාවක්...

wath said...

@ arunishapiro
සහතික ඇත්ත අක්කා... වෙන අය ගැන කතාව පැත්තක තියල බලන්න...අපි දෙන්නා දැන් කොච්චර යාළු ද..ස්තූතියි අරුණි අක්කා....

wath said...

@ ෴ හසියා ෴

දිගු නිහඩියාවක් පෙන්වනවා ..මොකද හසියෝ ..කරදරයක් එහෙම නැහැ නේද?

wath said...

@ indi
සැකය හිතේ තියාගෙන ආදරය කරාම ආදරයේ නියම රස විදින්න පුලුවන් ද?

විශ්වාසයක් නැති ආදරයෙන් පලක් නැහැ....

kumaraya said...

මාත් හිතනව .. මේක ගොතපු කතාවක් කියලා...
[ඔයාගෙ පළාතෙ සිදු වූ දෙයක් අහන්න ලැබිලා ඒක උපයෝගී කරගෙන මේක ගොතන්න ඇති]
ඔයා වාගෙ හුඟක්ම සංවේදි කෙනෙකුට ඔය කියපු වැඩ වලින් බාගයක්වත් කරන්න බෑ අඬා වැටෙන්නෙ නැතුව.
මේ වගෙ එකක් ගලපන්න පුලුවන් ඔයා ඇයි හොඳ නව කතාවක් ලියන්න උත්සාහ කරන්නෙ නැත්තෙ......?

Angel without wings said...

ඔයාට වගෙම ජීවිතේට ගොඩක්ම කිට්‍ටු හොදම මිතුරෙක් හිටිය මට... මම එයාට අදරේ කරනව පනටත් වඩා.. එයත් මට ආදරේ කරන්න පටන් ගත්ත... හරියට සුරන්ගනා කතාවක් වගේ... අපි ජීවිතේ ගොඩක් හීන මැව්ව...

ඒ ආදරේ නිසාම අද මමත් පිස්සෙක් වෙලා ඉන්නව... අද හිතෙනව අපි හිටපු විදියට හොදම යාලුවො වගේ හිටිය නන් හොදයි කියල...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...