..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 7, 2010

෴ නහයට උඩින් ෴

උදේම ඇස් අරින්න තිබුනෙ පුදුම කම්මැලිකමක්. මේ දවස් වල රෑට ඇස් පියා ගන්නේ වෙනදට වඩා ටිකක් ප්‍රමාද වෙලා. . .  පමා වී ඇඳට වැටීමත් හිත පිනා යන තරම් සතුටත් නිසා ඇදට වැටුන සැනින් නිදි දෙවු දුව මා තුරුලේ. . .‍වෙනද වගේ රෑ තිස්සේ කමකට නැති දේවල් හිත හිත දුක් වෙන්න වෙලාවක් දැන් නැහැ.....

" ළමයෝ . . . "

" හරි හරි මම ඇහැරිලා ඉන්නේ "

එක ඇහැක් අරින ගමන් මම කෑගැහුව. . . . මොර සූරන වැස්ස. කාර්යාලය වැඩ මතක් වෙද්දි අකුණු ගහ ගහ වැස්සත් නොයාම බැහැ. වසර අවසානය නිසා ටිකක් කලබලයි. . .

කාර්යාල වැඩ රාජකාරි අතරේ වෙලාව යනව දැනුනෙම නැහැ. . . කාර්යාල නිමා වෙලා නිවසට යන වෙලාව වෙන කොට නම් පුදුමෙකට වගේ වැස්ස පායලා.

අම්මලාගෙන් බැනුම් අහ අහ පුංචි ළමයි වැහි වතුරෙ නටනවා. මගෙ හිතෙන් මමත් ඒ මඩ වැහි වතුරෙ නටනව. . .  අපේ ගෙදරට යන පාරෙ තියනව පුංචි බොක්කුවක්. . . මහ පාර විශාලව හදල තිබ්බට බොක්කුව පාරට සමාන්තරව විශාල වුනේ නැත්තෙ මුදල් නැති නිසා වෙන්න ඕනි. . .  වහින්නෙ නැති දවස් වලට ඒ ඇලේ වතුර ගඟ පැත්තට බැහැල ගියත් මේ දවස් ටිකේම සිද්ධ වෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ... ගගේ වතුර ඇල දිගේ මිනිස්සුන්ගේ වෙල් වලට, ඉඩම් වලට , ගෙවල් වලට බෙදා හරින්න මේ ඇල සැදී පැහැදී ඉන්නව. . . .

අදත් බෝක්කු පාලම ලග මහ සෙනඟ ..වතුර බලනවට වඩා වැඩි කලබලයක් එතන තිබ්බ. . .බොක්කුව පාස් කරන ගමන් මාත් එඹිල බැලුව. දන්නව ද වෙලා තියෙන දේ.... 

හැමදාම මිනිස්සු " දුප්: බල්ලා " කියල එලවන පාරේ දඩාවතේ යන කැහැටු බල්ලෙක් ඇලට වැටිල. වතුර පාර දරා ගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්. වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටො ටික එකතු වෙලා කොහොමින් කොහොම හරි ඌව ඇල ඉවුරට කරල තිබ්බ.... 

සීතලේ ගැහි ගැහි කෙදිරි ගාන සතාව ගොඩට ගන්න සෑහෙන මෙහෙයුමක් එතන ක්‍රියාත්මක වුනා. . . . අවසානයේ බල්ල දින්න. මිනිස්සුන්ගේ මනුස්සකමත් දින්නා......ඌ ගොඩ... කාටත් සතුටුයි. . . .

හැබැයි ඉතින් ආයෙත් හෙට උදේ ඉඳල ඌට ඉතින් " දුප්: බල්ල " තමයි කියල ඌ දන්නව. . . . ඒ තමයි මනුස්සයින්ගේ හැටි.

හෙට ඔෆිස් යන එක තාම විශ්වාස නැහැ. වතුර මට්ටම ඉහල යන්නේ බලන් ඉද්දිමයි. ඉතින් යාලුවනේ නිල්වලා ගඟ පිටාර ගලල කියල ආරංචි වුනොත් එන්ව ද ආධාරත් අරන් . . .  මොකද දන්නව ද ? සොඳුරු සිතත් ඒ වතුරට ගහගෙන යන්න පුලුවන් . . . 


නිල්වලා ගං කොමලියේ 
නුඹ ඇයි අඩන්නේ මේ ලෙසේ
හැර දමා ගියාද පෙම්බරා නු‍ඹේ
ඉවුරු තලා යන්න දෙන්නෙ ඇයි ද මේ ලෙසේ


පෙම්බරා මගේ මා දමා ගිය දිනේ
හැලූ කඳූළ සයුර තරම් වුව පලක් නැතේ
අඩන්නෙපා ගඟේ අසරණයි අපිත් මෙසේ
නහය ලඟට ඇවිත් ඉතින් නවතින්නෙ අපි කොහේ


නුඹේ දුක දැනී අහසත් ගිගුම් දිදී
ඉවුරු තලා යන්න ඉතින් සෝ දුකින් මිදී
මගේ කඳුළු පා කරන්න ගං වතුර දිගේ
පලක් වේද දුක තුලම රැදී ම ජීවිතේ

ගං වතුර දැක දැක ගඟටම පෙම් බදින 
මම
෴ වත් ෴

31 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

නොතෙමී ඉන්නට කොහේ දිව්වත් පස්සෙන් හඹා විත් අප තෙමා දමන "වැස්ස".

Jeew said...

ඉන්න තැන කියලා ෙපා්ස්ට් ඒකක් දාන්න. අපි අාධාර අරන් ඒන්නම්....

wath said...

නිල්වලා ගඟ දිගේ එන්න කෝ.... එතකොට හරි පාර වරදින්නේ නැහැ...

නිශ් said...

දැන් ඔය නිල්වලා ග්ඟ කොහෙද තියෙන්නෙ?

මමද ගෙදර යන හැටි කල්පනා කොරමින් සිටිමි
අපො මෙහෙම වැස්සක්

දුමී said...

නගෝ, එදා වගේ අම්මට කියලා පිට්ටුයි පොල් සම්බලේකුයි හදල තියන්න අපි ආධාර ඇන්නං එනකොට.....!!

priyantha.ඒබී said...

පොස්ට් එකක් දාන්න බැරි තරම් වතුර වැඩිනම් BuZZ එකේ දාන්න. අපි බස් එකක් පුරවන් ආධාර ගෙන්නම්...

ඉලංදාරියා said...

අපි ලෑහෑස්තියි..ඔබ බිය නොවන්න...

බුදුසරණයි පරිසමින් ඉන්න..

blog gadol said...

හික්ස්...නිල්වලා ගගේ කිඹුල්ලු ඉන්නවා නේද? ටිකක් පරිස්සමින් හිටියොත් හොදයි වත්

හිස් අහස said...

මෙන්න වැඩක් අපිට පායනවා වත් අක්කට වැස්ස ..ඒක හරිම අසාධාරණයක් ..අනේ දෙවියනේ අපිටත් වැස්ස ඕන ..මාර දාඩිය...

අදත් දවසම පායලා ! මොනව කරන්නද දෙවියෝ හැඳි දෙකකින් මේ පලාත් දෙකට වැස්ස බෙදනවනේ !

මම එන්නම් ගංවතුර ආධර විදිහට වියලි ආහාර පැකට් අරං ..මොකද මේ පැත්තේ රස්නෙට අපේ කෑම ඔක්කොම වේලිලා තියෙන්නේ !

තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

ජයවේවා !!

෴ හසියා ෴ said...

අහ් මට කෝල් පොල්ලක් දෙන්නකෝ...හසියෝ මං ගහගෙන යනවෝ කියලා....ඉතිරි හරිය ගැන බය වෙන්න එපා....හසියා දෙයක් කලොත් ඉතිං අයේ කතා කරන්න දෙයක් නෑ.චොරම තමයි....

පයින්ම යන්නම්....මේ දවස්වල වාෂ්ප වෙන්න බෑ...හීතල වැඩි‍යි....වාෂ්ප වෙන්නේ නෑ ගල් වෙනවා....

තරු අහස said...

අම්මේ..ඒක නම් ඇත්ත..වහින වැස්ස කියලා වැඩක් නෑ...එහෙමනම් මේ මටත් අධාර ටිකක් ගෙන්න වෙයි..

raala said...

වත් අක්ක වතුරට වැටෙන්න නම් එපා ඔන්න
කවී සිතුවිලි දියවෙලා මාළු ගීත ගායනා කොරන්ට ගනීවි.
අනේ ඒක නිසා ඔයා දැන්මම පදින්චිය මාරු කොරන්ට හොඳේ...
අඩුම ගානේ මේ වැස්ස ටිකක් තුරන් වෙලා යනකං වත් එහෙම ඉන්න හොඳද වත්!
හිකිස්
එලස් කිරිස් කවිය...ස්

ගල්මල්-Coral said...

හැමටම ආරාක්ෂාව හා යහපතක්ම පතනවා නංගී.
තෙරුවන් සරණයි!

prasanna86k said...

ගංවතුරේ ලස්සන නියමෙටම ලියලා, ඒ අස්සේ වෙන පොඩි පොඩි වැඩිය අවධානය යොමු නොවෙන දේවලුත් ලස්සනටම දක්වලා. නියමයි අක්කේ.

දුමී said...

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
වත් වතුරේ ගහගෙන එන තුරු සිටියා
පැනලා විගස වතුරට කිඹුලිගෙ පැටියා
කවියක් ලියලා දෙන්නැයි ඉල්ලා හිටියා

wath said...

@ දුමී
කිඹූලිගෙ පැටිය හරි සුරතල් වු හන්දා
ලියලා දුන්න කවියක් කම්මැලි නැතිවා
කිඹුලි කෑව කළුවගෙ පොඩි වහු පැටියා
ඉල්ලා ගත්තා කවියට පඩුරක් විලසා

wath said...

@ දුමී අයියා
කවිය නම් නියමයි අයියා.... මට තවම හිනහයි...

wath said...

@ prasanna86k
ස්තූථියි මල්ලි... ඔයාලට ගං වතුර නැතෙයි ..

wath said...

@ ගල්මල්-Coral
තවම කිසිම කෙනෙක්ට බරපතල හානියක් නැහැ. එකම කරදරේ රෙදි ටික වේල ගන්න නැති එක තමයි... ස්තූථියි අයියා..

wath said...

@ raala

ස්තුථියි මල්ලි... හිහ් දැන් මම මාලු මස් කන්නෙ නැහැ නේ රාල මල්ලි....ඒ නිසා මාලුත් එක්ක මාලු සින්දු කිය කිය ඉන්න තමයි වෙන්නේ...

wath said...

@ පිණිබිඳු..
වැස්සෙන් බේරෙන්න කුඩයක් නැතිදෝ ...ඔයත් වැස්සෙම අතුරු ඵලයක් නේද " පිණි බිදු"
ස්තූථියි.

@Jeew
නිල්වලා ගග දිගේ එන්න ...
ඕන මාලුවෙක්ගෙන් කිඹුලෙක් ගෙන් අහන්න කෝ මගෙ නම කියල.. ටක් ගාලා කියාවි පාර...

@ නිශ්
නිල්වලා ගග තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ මාතර කියන සුන්දර ප්‍රදේශයේ...
නිල්වලා ගග දිගේ එන්න ...
ඕන මාලුවෙක්ගෙන් කිඹුලෙක් ගෙන් අහන්න කෝ මගෙ නම කියල.. ටක් ගාලා කියාවි පාර...

wath said...

@ දුමී
මෙන්න වැඩක්.. කන්න බොන්න නැතිව වතුරට අහු වෙලා ඉන්න කොට පිට්ටු හදල තියන්නලු.... හැබෑට මෙහෙමත් පිට්ටු කෑමක්...

wath said...

@ priyantha.ඒබී
බස් ... ඔන් ලයින් බස් ගැන වෙන්න ඇති මේ කියන්නේ...

wath said...

@ ඉලංදාරියා
මේ වගේ යාලුවෝ ඉන්නව නම් ගං වතුර 10ක් ගැලුවත් බය නැහැ... ස්තූතියි...

wath said...

@ blog gadol
කිඹුලිට කවියක් කියල යාළු කර ගන්නව... ස්තූථියි blog gadol...

wath said...

@ ෴ හසියා ෴
වාෂ්ප වෙන්න බැරි මොකද...

@ තරු අහස
ඔයාටත් ගං වතුර ද මල්ලි....ආධාර ටික බෙදා ගමු එහෙනම්

@ හිස් අහස
තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !
අද සටනට යන මල්ලිටත් එසේම වේවා...

kumaraya said...

මමත් ගං වතුරට වඩා ආසා කරන්නෙ වැස්සටයි...වහින වෙලාවට ජනේලයක් ලඟ ගුලි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්න මට තියෙන්නෙ පුදුම ආසාවක්. ඒක හරිම ආස්වාදජනකයි... වහින දිහාව බලාගෙන නොයකුත් දේවල් කල්පනා කරන්න පුළුවනිනේ...
සමහර විට වැස්ස මිනිස්සුන්ට කොච්චර කරදර කරනවද ..? ඒත් එහෙම වුණා කියල වැස්සට මගෙ තියෙන ආසාව අඩු වෙන්නෙ නෑ.

[වත් .. ඔයා කිව්වනෙ මම කමෙන්ට් දාන්නෙ නෑ කියල. මම නිතරම දාන්නෙ නෑ තමයි. ඒ වුණාට මේ සොඳුරු සිත හැමදාම බලනව. ඒත් මට තවම තේරුම් ගන්න බෑ මේ සිත ඇත්තටම සොඳුරුද කියල....]

wath said...

@ kumaraya
//ඒත් මට තවම තේරුම් ගන්න බෑ මේ සිත ඇත්තටම සොඳුරුද කියල....] //

ඒ කියන්නේ මගේ හිත සොඳුරු නැහැ නේද? හ්ම්... මටත් ඕක වෙලාවකට ගැටලුවක්... කොහොමත් හොද නරක දෙකම මනුස්ස සිත් සතන් වල තියෙනවා.. ඒ නරක හො හොඳ ඉස්මතු වෙන්නේ අවස්ථාව අනුව තමයි..

මම පිළිගන්නව මගේ හිත සොඳුරු නැහැ.. ඒත් අසුන්දරත් නැහැ...

ඒත් මගේ බ්ලොග් එකේ නම " සොඳුරු සිත" ඒ මගේ බ්ලොග් එකේ නම...

මම ලියන දේ ..මගේ පුද්ගලික ජීවිතෙත් එක්ක ගලපන්න ගියොත් ඔයාට පිස්සු හැදෙයි...

kumaraya said...

අනේ සමාවෙන්න ... මම විහිළුවටයි එහෙම කිව්වෙ ..

ඔයා කියන්නෙ ඇත්තයි .. ඉස්සර අපි කිව්වෙ පෙනුම දිහා බලල මිනිහාව මනින්න බෑ කියලයි. දැන් නම් මම හිතන්නෙ සිත දිහා බලලත් එහෙම කරන්න බෑ කියලයි.. මොකද ... සිරුරට / ගති ගුණ වලට වඩා ඉක්මනට සිත වෙනස් වෙන නිසා ...

සහෝදරයා said...

උදයේ පාසල් යන්නට වත්
එලියේ සෙල්ලම් කරනට වත්
රෙදිටික වේලා ගන්නට වත්
වැස්සෙන් නැත අවසර මට වත්

ඉතින් රෙදි ටික වේලෙන්නෙ නැතිව කොහොම එන්නද වත් අක්ක..... වැස්ස පායල රෙදි වේලුන ගමන්නම එනව ඔයාව බලල යන්න ...
ඒත් පොඩි අප්සෙට් එකක් .... අර කිබුලිගෙ පැටිය ඔරුපාරු නවත්තගෙන ඉන්නවලු නේද .... ඉතින් ඔය ටැරැෆික් එක අස්සෙ එනකොට පරක්කුවෙයි ඈ ; )

රන්දික මලයා

Ranga said...

ගාල්ල පැත්තෙත් ගලල කියල ගෙදරින් කිවුවා. නිල්වලා ගඟ උතුරන්න එපා කියල ප්‍රාර්තනා කරනව. ලස්සන කතාව.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...