..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, December 5, 2010

෴ හෙළි කිරීම ෴

අද ඔහුගේ මංගල දිනයයි. මගේ ජීවිතයේ සතුටුම දවස. ඔහු අද ලස්සන මනමාලයෙක් වෙලා. ඒත් මොකක් දෝ අඩුවක් ඔහු දැක්ක ගමන් මගේ සිතට දැනුන. 

" කොහොම ද ළමයෝ.... බලන්න කොල්ලගෙ හැඩ "

" ම් ම් ම් කෝ බලමු.... ම්හ් ... හිතුව තරම් ලස්සන නැහැ "

" මොනව ... වෙන්න බැහැ. ඔයා කියන විදිහට නම් ලෝකේ ඉන්න ලස්සනම කොල්ල මම. ඒ කොල්ල මනමාලය වෙච්ච දවසෙ හිතපු තරම් ලස්සන නැහැ කියන්න මොකක් ද මගෙ තියන අඩුව ආහ් ....."

" ඒක තමයි මාත් මේ බලන්නේ. මොකක්ම හරි අඩුවක් තියනව "
ඔහුගේ හැඩැති මුහුණ. සිහින් මද සිනාව. කතා කරන තරු ඇස්... යන්තමට වැවුන රුවුල...

" රැවුල කැපුවෙ නැද්ද ? "
" අයියෝ.. මේ ගාන තමයි හොඳ කියල ඔයාමනෙ කියන්නේ "

" හරි හරි ...."

ආයෙත් මුල සිට...ඔහුගේ හැඩැති මුහුණ. සිහින් මද සිනාව. කතා කරන තරු ඇස්... යන්තමට වැවුන රුවුල...සවිමත් තාරුණය සමඟ අත්වැල් බැදගත් සොඳුරු වත නවීනපන්නයේ තද කළු පැහැති යුරෝපීය ඇදුමෙන් හැඩ වී ඇති අපූරුව....

" අඩුව .... හරි මම හොයා ගත්ත අඩුව...."

" ආහ්... මොකක් ද? "

" ඉන්න ටිකක් "

වට පිට නෙත් යෙවූ මම ... මේසය මත වූ මල් වාසයෙන් ගත් නොපිපුන රෝස මලක් ගෙන ඔහු ඇද සිටි මංගල ඇඳුමේ වම් පසින් සීරුවෙන් රැදවූයෙමි. ඔහුගේ උණුසුම් සුසුම් මා ඇඟ වඳින තරමට ළංවී සිටි මට ඔහුගේ හදවත වේගයෙන් සැලෙන රාවය පැහැදිලිව ඇසුණි. . .  මා සිත ඉකිලන හඬ ඔහුට ඇසේදෝයි ක්ෂණික බියක් මා සිත තුල නැඟී ආයෙන් මගේ හුස්ම ගැනීම ආයාසයෙන් නවතා ගන්නට මට සිදු විය.මෙතරම්ම ඔහුට සමීප සිටින  එහෙත් ඔහුට බොහොම දුරින් සිටින මගේ සිත තුලින් නැඟි කඳුළක් මටත් නොදනිම විත් රෝස පොහොට්ටුව මත රැඳුනි.

පාලු අඳුරු මාලිගා කුටියේ
කවුළු දොර ගුළු ඇර දමා
සිටිය දිනක දි හමුවුනා මට
තරුව නුඹ මට දී සිනා

ඈත අහසක පෑයුවද නුඹ
මටම මඟ කිවු කරුණිනා
දුරත් අමතක වූ නියා මට
මගෙම අහසයි සිතු නිසා

දිනෙන් දින මෝරනා සඳ ලෙස
තරු ද මල්වර වූ නිසා
දිනය නොදැනම පැමිණුනා මට
කවුළු දොර වසනුය මනා

තරුව තවමත් අහසෙ එතනම
එළිය දී පෑවද සිනා
පහන් එළියේ සුව විදින්නට 
හැකිද සඳ ගෙයි ඇති නිසා


වසමි දොර ගුළු තදින් එබැවින්
නුඹට එන්නට බැරි වෙනා
සඳයි මා සරසවන යහනත
තරු එළිය නුඹ එනු එපා

" ෂා . . . අම්මියා . . .අන්කල් අද තරුවක් වගේ හරි ලස්සනයි නේද ? "

මගේ පුංචි සුරංගනාවිය කොහේ දෝ සිට පැමිණ පවසනු මට ඇසුණි. . . . 

Twinkle twinkle little star,
how I wonder what you are?
Up above the world so high ,
like a diamond in the sky

When the blazing sun is gone,

when he nothing shines upon,
Then you show your little light,
twinkle, twinkle all the night.

Then the traveller in the dark,

thanks you for your tiny spark,
He could not see which way to go,
if you did not twinkle so.

In the dark blue sky you keep,

and often through my curtains peep,
For you never shut your eye,
'till the sun is in the sky.

As your bright and tiny spark

lights the traveller in the dark,
Though I know not what you are –
twinkle, twinkle little star.



 

තරු පිරිණු අහසින් එකම එක තරුවක් ඉල්ලන
මම
෴ වත් ෴

19 comments:

  1. හරියට තේරුනේ නැති උනාට අමුතුම ලස්සනක් තියනවා.......
    ලස්සනට ලියල තියනව අක්කේ.......!

    ReplyDelete
  2. ලස්සනයි මොකක්ද් මේ අමුත්ත..

    ReplyDelete
  3. @ marlan
    තේරුන්නේ නැද්ද marlan. මටත් තාම හරියට තේර්ම් ගන්න බැරි එකේ marlan ට තේරුම් ගන්න බැරි එක අහන්නත් දෙයක් ද?

    ReplyDelete
  4. @ ඉලංදාරියා
    ආහ්... මොකක් ද ඉලංදාරියා අමුත්ත...??

    ReplyDelete
  5. කව්ද කව්ද මේ මගේ තරු හොරා අරගෙන තියෙන්නෙ..?
    අන්සතු මලක් අහිංසක සමනළයෙකුට රහසේම ආදරේ කරලා ‍නේද?
    සමනළයට වෙන මලක්.එහෙම නොවුනත් මේ මල වෙන සමනළයෙකුගේ.ඔන්න ඔහොමයි මම තේරුම් ගත්තෙ.වැරදිද මන්දා..?

    ReplyDelete
  6. අනේ අක්කා මේ මුළු සිංදුවම හොයා ගන්න නැත්ද?තියෙනවනම් මට දෙන්නකො.

    ReplyDelete
  7. තාම ඔය අහසට තරුවක් පායල නැති හැඩයි.

    ReplyDelete
  8. සොඳුරු අහසට ඉක්මනින්ම රුවන් තාරකාවක් පායන්න කියල ප්‍රාර්ථනා කරනව ඕන්.
    මේක ශෝක් ඒයි.

    ReplyDelete
  9. ෴ සොඳුරු වදන් පෙළක කැටි උනු කඳුලු කතාවක් ෴

    ReplyDelete
  10. සුපුරුදු පරිදි හරීම ලස්සනයි........
    සමහරවිට මේක හන්තානට පායන සඳේ වෙනත්ම ආරක කතාවක් වෙන්නත් පුළුවන්.....ප්‍රේමවන්තයාව වෙනුවෙන් ප්‍රේමය කැපකරපු ප්‍රේමවන්තියක්....(හැබැයි ලෝකේ කලාතුරකින් වෙන දෙයක්)

    ReplyDelete
  11. සොදුරු සිතක් මදිවට සොදුරු වතකුත් ගෙනාවද....අනේ මන්ද...

    ඔක්කෝම සොදුරු වෙද්දි අපි වදුරු වෙනවා‍....

    ප.ලි.
    මටත් ඔය වගේ විකාර නම් නිදාගන්න ගියහම බස්එකේ යනකොට අනන්තවත් මැවිලා පේනවා හිතිලා තියෙනවා...
    හිතෙන්නේ නැද්ද අපේ මෝඩ කම කියල අක්කියෝ...ඒ හන්දනේ දාලා ගිය කෙනා ගැන තාමත් ඔය විදිහට හරි විකාර හිතන්නේ පතන්නේ...ඒත් එයාට..., අපි උන්නද මලාද කියලවත් මතක නෑ.අඩු තරමේ කාලෙකට ඉස්සෙල්ලා අපි එයාගේමයි කියලා කිව්වවත් මතක නැ.එහෙම නේද අක්කියෝ?හේතුව අපි අවංක වැඩියි නේද? (අපි කිව්වට මමනම් නෑ....)

    මම අද පයින්ම යනවා...වාෂ්ප වෙන්න බෑ වගේ...

    ReplyDelete
  12. මෙක කියවනකොට ..හිත් එහෙ මෙහේ දුවනවා එකයි..!!!

    මේ යනවිදිහට ගිහින් දවසක ඔය කතාව මට සිරාවටම අද් දකින්න වෙයිද දන්නේ නෑ එකයි මගේ ජිවිතේට සම්බන්දයි වගේ ..ටිකක්

    ReplyDelete
  13. ලියන්න වචන නෑ අක්කේ ..මුලු කතාවම මගේ හිතේ නිකම්ම මැවිලා පේන්න ගත්තා මේක කියවන අතරේදී..

    ඇත්තටම තමන්ව දාල ගිය කෙනෙක්ට තව අවස්ථාවක් දෙන්න ඕන නේද ? සමහර විට දැන් ඔහු / ඇය පසුතැවෙනවා වෙන්න පුලුවන් නේද ?

    එක පාරක් ඉල්ලලා බලන්න ඔයා ඉල්ලුවොත් එක තරුවක් විතරක් නෙවේ තරු පිරුනු අහසම උනත් ඔයා ලඟට ඒවි !

    හැදාම වගේ මේ කවිය බලල අදත් හිතන්න දේවල් ගමකට!

    ජයවේවා !!

    ReplyDelete
  14. එතකොට වැරැද්ද කරලා තියෙන්නේ තරුව ද... එහෙමත් නැත්නම් සඳ ගෙට ගත්ත කෙනාද..?

    ReplyDelete
  15. කතාව මගේම වගේ..වචනත් මගේ වගේ..වෙනසකට තියෙන්නේ..අර අම්මියෝ කියපු පුංචි සුරංගනාවී නැති එක විතරයි...අඬන්න හිටපු මට ඔයා..ලේන්සුවක් දුන්නා..

    ReplyDelete
  16. කියෙව්වෙමි
    තෙරුම්ගතිමි
    කිසිත් නොපවසමි

    ReplyDelete
  17. කතාව තේරුනා. ලස්සනයි වත්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  18. තරුව මම පායමි සදාකල්,
    අඳුරු අහසම එළිවෙලා,
    වසා ඇත නුඹෙ කවුලු දොරකඩ,
    දනිමි හේතුවු කාරණා,

    කෙදින හෝ නුඹ කවුලු දොර හැර,
    එබී බලනට සිත් දෙනා,
    දිනක් එනතෙක් පෙරුම් පුරනෙමි,
    අහස මුදුනත තනි වෙලා,

    Moon is brilliant when in full,
    ligting every corner so bright,
    when having it shining above,
    you don't need any thing else,

    But keep in mind just one other thing,
    once every month without failing,
    comes a day with no moon at all,
    dark as the depths of hell of course,

    I would be shining faithfully that day,
    lighting your life as always done,
    Nothing i wish from you as return,
    only your remembering my love always,

    ReplyDelete
  19. කතාව ලස්සනයි. තේරුනා. දැන් ටිකක් දුකයි වගේ. ඒක නිසා වෙන මොකුත් ලියන්නෙ නෑ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...