..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, December 4, 2010

෴ චපල කෙල්ල සහ විකිලික්ස් ෴


මට ආදරය බව පවසා නුඹ පෙර දිනක
දුන් හාදුව සුවඳයි  තවමත් තොල් අගට
විකිලික්ස් කියන බොරු අසලා ලොව සැවොම
හැර යන්නේ කෙලෙස නුඹ නොව ලොව පතල


ත්‍රස්තවාදි අල්කයිදා කොටි සැවොම
කිරි දී ඇති කරා  පෙර දින අමතකද
නැත මා කළේ ආලය විතරයි වරද
යුද්ධ ආදරය ලඟ හැමදෙය හරිය


වෛරය පීඩනය සැම ලොව තුල වපුරා
බොරු ආදරය පිටතින් ඒ මත අතුරා
හදවත පාරවා හාරා එහි ගිලිලා
නුඹ කළ සියළු දේ තවකෙක් ඇහැ කණ වැ‍ටිලා


රහසක් රහස ලෙසටම සැමදා නැතිය
එළිවෙන යාමයට තොයිලෙය හොද හරිය
සුව වෙන්නට නොදී සුව කරනා බලය
හිඟන තුවාලයෙ පනුවා නුඹ ළඟය


විකිලික්ස් කියන්නේ බොරුදැයි නොදන්නෙමි
නුඹටහට පෙම් කරපු හැටි නොම අමතක කරන්නෙමි
අද නැත්තම් හෙටම අවසන දකින්නෙමි
නුඹ දුන් අවිය නුඹටම යලි පුදන්නෙමි


ළූණු ගණන් රටේ ළූණු වෙනුවට ( විකි )ලීක්ස් කන 
මම
෴ වත් ෴

15 ප්‍රතිචාර:

රොකියා | Udara said...

මැක්සා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ "විකි ලීක්ස්"

Hasitha ජයසූරිය said...

හෙක් හෙක් හෙක්... ඒකත් සිම්පල් ප්ලෑන් එකක් :D

Dar[K] said...

සිම්පල් ප්ලෑන් එකක්

හිස් අහස said...

කවිය වෙනදා වගේම ලස්සනයි ඒත් මට විකිලක්ස් කියන්නේ මොනවාට දැයි නොවැටහේ ...

ජයවේවා !!

wath said...

හිස් අහස
අනේ අනේ මේ ළමයා ඉන්නේ සිරි ලංකාවේ නෙමෙයි ද හැබෑට....

wath said...

@ Dar[K]
@ Hasitha ජයසූරිය
මොකක්ද අයියෝ ඔය දෙන්නම කියන සිම්පල් ප්ලෑන් එක...

@ රොකියා | Udara
ස්තූතියි උදාර ....ලීක්ස් ලීක්ස් විනිලීක්ස් ... ලාභයි ...

තරු අහස said...

චපල පෙම්වතියක් ගැනද මේ කිය‍න්නෙ..මට තේරුනේ එහෙමයි..මගේ නිවුන් සහෝදරයා හිස් අහසට තියෙන ප්‍රශ්නයම මටත් තිබේ.මොනද අක්කෙ මේ? මේ ලීක්ස් නම් ඇයි මෙහෙම කියන්නෙ ලීක්ස් වලට..?

wath said...

අයියෝ ළමයිනේ... විකිලික්ස් කියන්නේ....

ඉන්න අර ගල්මල් ලියන අයියගේ බ්ලොග් එකේ තිබ්බ විස්තරේ...

ගල්මල්-Coral said...

ඇමෙරිකානු රජයට අයත් විදේශ, යුද හා තානාපති සේවා සම්බන්ධ ඉතා රහසිගත කේබල් පණිවුඩ ජනතාවට හෙලිකිරීම පිලිබඳව "විකිලීක්ස්" නම් වූ ආයතනයක් මෙදිනවල කාගෙත් කතාබහට ලක්ව ඇත.

මෙන්න ලින්ක් එක මල්ලි .. ගිහින් බලන්න ...
http://galmal.blogspot.com/2010/12/blog-post.html

Wipula Sumanasekera said...

ඔයාට තියෙන්නේ සොඳුරු සිතක්ද ? ලස්සන සිතක්ද ?

හිස් අහස said...

වස ලැජ්ජාව ! මම නම් දැනං හිටියා විකිලුක්ස් කියන්නේ මොකක්ද කියලා වත් අක්කා දන්නවද බලන්න තමයි ඇහුවේ !

ඇත්තටම මම අදයි ඔය ගැන දන්නේ ...තෑන්කූ වේවා අක්කට හිස් අහස සහ තරු අහස දැනුවත් කලාට ..

ජයවේවා !!

෴ හසියා ෴ said...

අහ් විකිපීඩියා එකෙන් ලාබෙට ලීක්ස් දෙනවලු නේද...ෂා නියමයි නියමයි....

පසන් Sid said...

වත් දැන් විකිලීක්ස් එකේ වගේ :)

ගල්මල්-Coral said...

පංකාදු කවි පෙල නංගී. පින්තූරය උපරිමයි, එය ගොඩාක් දේ නිහඬව කතා කරයි.

හැම පිළිලයකම මුල ඔවුන්. මට හිතෙන්නේ විකි ලීක්ස් ඇමෙරිකනු රහස් ඔත්තුසේවයේ අනුග්‍රහයෙන් ම කරළියට ගෙන ආ තවත් රූකඩ නැටුමක්. දැනට හෙළි කර ඇති තානාපති පණිවුඩ හුවමාරු කේබල් බහුතරයකින් ලොව ඒ ඒ කලාපවල රටවල් අතර හැප්පුමක් ඇති කිරීමට උත්සාහ කර ඇත. ඉන් ඇතිවන ආරක්ෂාව පිලිබඳව සැකය ඇමෙරිකානු යුධෝපකරණ අංශයටත් පෙදුවේ එරටටත් විදේශවිනිමය ගැලීමක් ඇති කරාවි. දැනට ආර්ථික අවපාතයේ ගිලෙන එරටට ඉන් ලොකු පිහිටක් ලැබේවි.

ලංකාව සම්බන්ධ විකිලීක්ස් ගත්කල ත්‍රස්තයින්ගේ පරාජයත් සමඟ රිදීමට ලක්වූ ජාත්‍යන්තර හවුලේ නොසන්සිඳුන පිපාසය හා ජාත්‍යන්තර අවිආයුද මූලයන් වගේම ගත්ත ඇඩ්වාන්ස් එක වෙනුවෙන් කඩේ යෑමක් වෙන්න බැරිද?

ඉඩ ලදහොත් මේකත් බලන්න:
http://amazingspring.blogspot.com/2010/12/shameful-diplomacy-wikileaks.html

මගේ English නිර්මාණ ඉදිරිපත් කරීම AmazingSpring Blog

තරු අහස said...

අනේ දෙවියනෙ..මම ටියුබි ලයට්නෙ..දැන්නෙ තේරෙන්නෙ..ස්තුති නෑ.හිස් අහස මටත් එක්ක ස්තුති කර ඇත.නියමයි අදහස.දැන් තමයි ඉතින් කියන්න පුළුවන් එහෙම..

Indranatha Thenuwara said...

විකී ලික්ස් කිව්වම මට හිතුනෙ ම නංගාට අහම්බෙන් ලීක්ස් හැපිල කියල.. අර දිව "විකී" ඈතිවිට වගේ..!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...