..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, December 2, 2010

෴සෑම තැනම නුඹ ෴



හිමිදිරියේ හිරු කිරණත් සමඟින්
මට නුඹ සිහිවෙනවා සත්තයි
පාසල් දිවයන ‍පොඩි වුන් අත එවූ
නුඹ පණිවිඩෙ ලැබුනා සත්තයි

කාර්යාලයේ ලිපි ගොනු අතරින්
නුඹ මට හිනහෙනවා සත්තයි
තේ පැන් තොල අග දැවටෙන විට මගෙ
නුඹෙ සුව මට දැනුනා සත්තයි

පපුවට අත තියනා හැම වාරයෙ
නුඹ එහි රැක සිටියා සත්තයි
දහවල කැම පැයේ නුඹ මගෙ ළඟ
මගෙ තනියට සිටියා සත්තයි

හවසට මා නිවසට යන  මාවත
නුඹ මට මඟ කීවා සත්තයි
නින්දට යන සුව බර මොහොතෙත් නුඹ
මගෙ සිතුවිලි වූවා සත්තයි

සිහිනෙන් සිහිනෙට මා තනි නොකරම

මා සමඟම වුන්නා සත්තයි

  හෙට හිමිදිරියෙත් මගෙ නෙතු පුබුදන
පළමු හැඟුම වනවා සත්තයි


You are always here with me . . . .



එහෙ ගියත් මෙහෙ ගියත් කොහෙ ගියත්
නුඹ සමඟින් සිටින 
මම
෴ වත් ෴

22 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

එහේ මෙහේ
අරහේ කොහේ
ගියත් අපි සැමදා
෴ සොඳුරු සිත ෴
සමඟින් බවනම්
සත්තයි.....

හරි එහෙනම් හසියා වාෂ්ප වුණා...

ඒස්වඃ පුඃ

charmi said...

ටික දවසකින් එන්න බැරි උනා.
සොඳුරු වෙනසක් නම් පේනවා.
හැබැයි මේ ලියපු තේරවිල්ල නම් මට හොයාගන්න බෑ. (මේ අපි නොදන්න කෑම පැයෙත් ළඟ උන්නනං ඉතිං.......)

මාරයාගේ හෝරාව said...

මොකක් කෑම පැයෙත් ළග උන්නා..මට නූලෙන්නේ මිස් වෙලා තියෙන්නේ..

prasanna86k said...

ම්.... නියමයි.

සෝරෝ said...

"හෙට හිමිදිරියෙත් මගෙ නෙතු පුබුදන
පළමු හැඟුම වනවා සත්තයි"

ලස්සනයි....!!

හිස් අහස said...

මේ ලස්සන පද වැල
මගේ බොක්කටම
වැදුන බව නම්
සත්තයි !!

මට කියාගන්න
වචන නැති නමුත් මා
ගොලුවෙක් නොවන බවනම්
සත්තයි !!

ලස්සන කවිය ඒත් මට අද වැඩ ගොඩයි ඒකයි උඩින් පල්ලෙන් කමෙන්ට් එක දැම්මේ !!

ජයවේවා !!

wath said...

@ හසියා
මම දනිමි එය
කොහෙ ගියත් මම
මගෙ ලඟම නොව නුඹ

ස්තූථියි හසියා

ඉලංදාරියා said...

හුම්ම්ම් හරිම් අලස්සනයි අක්කි..

ජය ඔබට

තරු අහස said...

ආදරේ පිරුන පද පෙළක්...වෙනද වගේම ලස්සනයි අක්කා..

පිණිබිඳු... said...

මග තොට හමුවන
හැම මුහුණක්ම
නුඹ සේ හැඟුනා
සත්තයි....
ගහ කොළ මලකම
හමන සුළඟමෙද
නුඹේ සුවඳ දැනුනා
සත්තයි....

Sujeewa Kokawala said...

wake up

wath said...

@ Sujeewa Kokawala
Am I dreaming ?

wath said...

@ පිණිබිඳු...
සත්තම සත්තයි
මායාවක මම
ගිලිලා මිය යනු සත්තයි


෴ ස්තූතියි පිණිබිඳු...

wath said...

@ තරු අහස
ස්තූතියි තරු අහස...
ඒකනෙමෙයි හිස් අහස ඔයාගේ සහෝදරයෙක් ද ? ඔයාගේ තරු අහසින් තරු දෙක තුනක් දීල හිස් අහසත් තරු අහසක් කරමු ද?

wath said...

@ ඉලංදාරියා
ස්තූතියි ඉලංදාරියා...

wath said...

@ හිස් අහස
සත්තයි සත්තයි සත්තම සත්තයි ද? ස්තූථියි හිස් අහස...ඔයාගේ සහෝදරයත් දැන් බ්ලොග් එකක් ලියනව " තරු අහස"

මට සමාවෙන්න මල්ලි මම ආයේ ඔයාට " පුංචි සර් " කියල කියන්නේ නැහැ.. ඒක චාටර් ... සමාවෙන්න...

wath said...

@ සෝරෝ

ස්තූථියි සෝරෝ..

@ prasanna86k
ස්තූතියි prasanna86k

wath said...

@ charmi
හිහ්... රහස් තියෙන තරමට ජීවිතේ සුන්දරයි ලු..ස්තුතියි charmi .

මාරයාගේ හෝරාව said...

ඔවා ඉතින් කියන්න ගියොත්...
වෙන්න කළින් මං කලා...

මාරයාගේ හෝරාව said...

හරි අපූරුයි නෙව..එයා දානවා එයාම මකනවා...

Ravi said...

මා හෙලු සීතල සුසුමද නුඹමයි,
නෙතු අග ගලනා කඳුල ද නුඹමයි,
වැලපෙන මා හිස උරමත රඳවා,
නලලත සිපගත්තෙත් ඒ නුඹමයි,

wath said...

@Ravi
ලස්සනයි කවිය...

දුක මෙන් සතුට ද නිති නුඹ ළඟමයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...