..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, December 1, 2010

෴ අකුරු තුනක කතාව ෴

පිස්සා පොඩ්ඩා වයස ලියපු රචන මැක්කා නැතිව නිමක් නොවීය.පොඩ්ඩා ලොක්කා වූපසු ලියුව රචනා ගණන ක්ෂය වුවද මැක්කා හැලුනේ නොමැත.ලොක්කා බවට පත්වූ පොඩ්ඩා කරන විෂය දන්නා පිරිස අඩුය.

හද්දා වන්නි ගමක උපන් පොඩ්ඩා නින්දා වින්ද තරම දන්නා පිරිස පොඩ්ඩා දරණ , පොඩ්ඩා කරන රස්සා දුටුව සතුට සිතින් කඳුළු සලති.

පොඩ්ඩා සතුව සිටින පවුල අක්කා පමණි.අක්කා පොඩ්ඩා පෝෂණ කරනු පිණිස වින්ද නින්දා දන්නා පොඩ්ඩා අක්කා දෙවුන් බුදුන් ලෙසට වඳියි.පොඩ්ඩා හිරය දිමට අක්කා ගන්නා වෙහෙස දන්නා පොඩ්ඩා ඉස්සා ලෙසට ලිස්සා හරියි. පොඩ්ඩා සිතට ආලය කරන කෙල්ල කවුද ? පොඩ්ඩා සිතයි.

ඇහැට කට්ට අණින පිරිස වටේට වුන්න නමුදු පොඩ්ඩා කන්න යෙදුන කට්ට අනුව මැස්සා තරම් ගණන් නොගනී.

පොඩ්ඩා " මැක්කා " නමින් ලිවුව පොතක් මැක්සා ලෙසට දසත විහිද පැතිර ගොසින් පොඩ්ඩා තවත් ලොක්කා වූයෙන් , පොඩ්ඩා අතට මුදල් හදල් ඕනට වැඩිය ලැබුනි.පොඩ්ඩා සමඟ මිතුරු පිරිස වැඩිම වූයෙන් , දුමට මතට දුවන සිතම සූදුව සමඟ ගැහැණු ළඟඳ නතර කරන ලද්දේ යහළු මිතුරු පිරිස විසිනි.

අක්කා හඬන කඳුළු මුහුද තරම් වූවද , කොස්සා බවට පත්වූ පොඩ්ඩා , වැද්දා ලෙසට විද්ද පඳුර වැරදී පිස්සා බවට හැරුණි.

යහළු මිතුරු පිරිස උදයේ හිරුගෙ එළිය දුටුව පින්න පරිදි විසිර ගියහ. පොඩ්ඩා , පිස්සා බවට හැරුණ අයුරු දුටුව මැක්කා කිවුවේ 

 " ලොක්කා සොක්කා වුවද ,පොඩ්ඩා කාටත් පාඩම් පොතක් " බවයි.



පොඩ්ඩා , පිස්සා , මැක්කා , මැස්සා සමඟ සොඳුරු කෙල්ල
මම
෴ වත්෴

25 comments:

  1. සොඳුරු කෙල්ල අකුරු කරපු
    පොඩ්ඩා කථාව එළය

    ReplyDelete
  2. ලස්සනට පද ගලපන්න ඔයා දක්ෂයිනෙ අක්කියෝ..‍ලොකු තේරුමක් තියෙන අදහස් පෙළක්..

    ReplyDelete
  3. සොදුරු සිතක් ලියපු නියම වතක්.. අපිත් සතුටු වෙන්න යෙදුන බැවින් අගය කරමු සුහද හදින්...

    ReplyDelete
  4. අක්කා.. අදත් දැක්කා සොඳුරු සිද්ධි නැඟුව අයුරු වදන් වලට.වචන වලින් ඉතින් කියන් කෙලෙස..මෙලෙස..

    ReplyDelete
  5. පිස්සු හෑදෙන පොස්ට් එක වෙන්ස්ම අරක එකක් හොදයි..

    ReplyDelete
  6. මිතුරු කැළට ...
    ලියපු දෙයට කියන වදන් ලියුව දෙයට වැඩිය හපන් .......

    ReplyDelete
  7. අමුතුයි අමුතුයි..මට මුලදී වයර් වගේ උනා මේ කොකක්ද මේ කියලා ! පස්සේ මගේ තීක්‍ෂන බුද්ධියට වැටහුනා මට පිස්සු බව ...

    ඇත්තටම මට මේක හිතාගන්න බෑ ...හැබැයි මාරම ගති ලෝබ නැතිව කියවගෙන ගිය හැකි ...

    ජයවේවා !!

    ReplyDelete
  8. අකුරු තුනක කතාවේ රැදුන මිහිර අක්කේ හරිම සොදුරුයි.... හිතන තරම් එකත් ලේසිම වැඩක් නෙමෙයි වගෙයි... මගෙන් සුභ පැතුම අක්කාට...

    ReplyDelete
  9. අනේ මටත් නිකං පිස්සු පිස්සු වගේ... පොඩ්ඩා මැක්කා අක්කා අනේ මන්දා තව පාරක් හෙමීට කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  10. මෙය කියවා පිස්සු වැඩි වූ මම පිස්සා....

    ReplyDelete
  11. හප්පොච්චියේ අක්කේ......
    මෙවන් පවත් ලිවීම සඳහා වේලාව කොතෙක් ගියාද?

    ReplyDelete
  12. අපූරුයි. බෙහෙවින් රස වින්ඳෙමි.

    ReplyDelete
  13. පොඩ්ඩාට පිස්සුය..මෙය කියවා අවසානයේ ම‍ටද එසේ බව හැගේ..:D
    අමුතුයි අක්කේ..එත් ලස්සනයි වෙනදා වගේම

    ReplyDelete
  14. ටිකක් අවුල්... අයේ ආයේ කියවන්න ඔනා මමත් නම්...එත් ගති ලියලා තියෙන විදිහ අක්කේ.

    ReplyDelete
  15. අනේ මට ගහනවකෝ.....
    මට පිස්සු ඕයි.....

    පළමු වර කියවීනම් නම් මඤ්ඤංම තමා...

    දෙවනවර තෙවනවර කියවද්දී තමා ගොං රාජයගේ ගොං මොලේට අයිඩියා එක අවේ....
    පිස්සු කොර කිව්වලු....
    අනේ මේ ලිපියෙන් එකෙක්ගේ හරි ඇස් ඇරෙනවනම්....ඇස් විතරක් නෙමේ මනසත්...

    හරි එහෙනම්...දොහොත් මුඳුන්දී වැඳගත්තනම්....

    ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී‍. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්වේවා....!!!

    ඒස්වඃ පුඃ

    ReplyDelete
  16. ලොකු හැකියාවක් දක්වලා තියෙන්නේ. රචනයේ ආරම්භයේ සිට අවසානය දක්වා කියවීමේ රසය හා හරය කිසිඳු අඩුවක් නැතිව රකිමින් කල පද හරඹය අතිවිශිෂ්ඨයි නංගී. Hat-off!

    ReplyDelete
  17. නියම කතාවක්නේ... අකුරු තුනේ බුරියානි එකකුත් කාලම ඇවිත් කියෙව්වනං අගේ වැඩියි වගේ...

    ReplyDelete
  18. වත් අක්කා මේක නම් නියමයි .අක්ක මැක්සා ලිපිය ලියල තිබුණා. ඔන්න මමත් කියවා දැමුවා. නොදමා එකම හුස්ම බිදක්.යනවා මමත්. අයෙත් එනවා අක්කා බලන ලෙසට. අක්කා ඔබට දළදා සමිදු පිහිට !!!!! ........

    ReplyDelete
  19. මෙව්වා දැකලා පික්සු හැදුනෙ නැතුවා පුදුම කරුණා...

    ReplyDelete
  20. පොඩ්ඩා , පිස්සා , මැක්කා , මැස්සා සමඟ සොඳුරු කෙල්ල
    කතාව මැක්සා...

    ReplyDelete
  21. පට්ට ටෝක් එක... ඇත්තමයි අක්කී ඔයානම් මාරයි. ගොඩක් දක්ෂයිනේ, පද ටික ගලපලා නියමෙටම... එළ එළ.. අක්කිට මගේ සුභ පැතුම්....!!!!!! මම හිතන්නේ බ්ලොග් අවකාශේ මීට වඩා දක්ෂයෙක් මට තාම හමු වෙලා නැහැ...

    ReplyDelete
  22. @ පොඩ්ඩ මල්ලි
    අවසානයේ පොඩ්ඩ මල්ලි ඇවිත්....පොඩ්ඩ මල්ලි මේ අකුරු තුනේ කතාවේ ඉන්න පොඩ්ඩ මල්ලි ඔයාද මන්ද

    ReplyDelete
  23. නිශ්
    ..::| පොජ්ජේ |::..
    මාරයාගේ හෝරාව
    මධුරංග
    Jeew
    ගල්මල්-Coral
    ෴ හසියා ෴
    නිම්ශා
    Lahiru Udayanga
    arunishapiro
    පූසා
    පිස්සා පලාමල්ල
    prasanna86k
    Dinesh
    හිස් අහස
    ඉලංදාරියා
    ප්‍රාර්ථනා
    අභීත
    tharuahasa
    නිශ්

    ෴ අකුරු තුනේ කතාව කියවා අදහසක් සටහන් කළ ඔබ සැමට මගේ හද පිරි ස්තුතිය මෙසේ පුද කරමි...෴
    ස්තූතියි යාලුවනේ...

    ReplyDelete
  24. ඔයාගෙ දෙසැම්බර් මාසය මං කියවන්නෙ දැන්.

    සොඳුරු කෙල්ල experimenting වගේ. අළුත් ආරකට ලියු කතාවක්. උත්සාහය හොඳයි, අරුත් ගතිය වැඩි කරගත්තොත් නියමයි.

    තවත් කියවා බලමු. විචාරය කිරීමට අමනාප නෑ නේද?

    ReplyDelete
  25. @Sujeewa Kokawala
    අපොයි පිස්සු ද? විවේචනය කරන්න ඇති තරම්.. ස්තූතියි... අර්තය ගලපන්න ටිකක් අමාරු වුනා..මෙහෙම හරි ලියා ගත්ත එක ලොකු දෙයක් හි හි ...ස්තූතියි Sujeewa Kokawala

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...