..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, December 9, 2010

෴ පිස්සා (3) ෴ (අවසාන කොටස )

පිස්සා - 1 කොටස මෙතනින් කියවන්න . . .  
පිස්සා- 2 කොටස මෙතනින් කියවන්න . . . . 


මෙන්න අවසන් කොටස . . .

පසු දින උදයේම පිබිදුනු මම රෝහල වෙත ගියේ පිස්සා නිසා අනතුරට ලක් වූ කුඩා දරුවාගේ සුව දුක් බැලීමටයි. කුඩා පිරිමි ළමයා ගේ තත්ත්වය එතරම් බර පතල නොවූ අතර ඔහු ක්‍රමයෙන් සුව ලබමින් සිටියේ ය.

මා ඔහුගෙන් විමසුවේ පිස්සු සීයා අඳුරන වාද යන්නයි. 

" අනේ සියට බනින්න එපා. සීය නිසා නෙමෙයි මම හැප්පුනේ. මට වම දකුණ බලන්න අමතක වුනා "

කුඩා දරුවා එසේ පැවසුවේ දෑසේ නැගි කඳුළු පිස ලමිනි. ඔහුගේ ආදරණිය පිස්සු සීයා මිය ගිය බව පවසන්නට සිතුව ද ඒ සඳහා මට අවශ්‍ය ධෛර්ය නොතිබුනි.

" සීය පුතාට කියල නැද්ද සීයා ආවේ කොහේ ඉදල ද කියල "

" කියල තියෙනවා "

මගේ හිතේ දහසක් මල් පිපෙන්නට විය . 

" කොහෙ ඉදල ද පුතේ "

" සීය ඇවිත් තියෙන්නේ සුරංගනා ලෝකේ ඉදල "

" පිස්සු .. පිස්සු ..පිස්සු... " අනේ දරුවො දැන් මටත් පිස්සු. . . . 

බිදී ගිය බලාපොරොත්තු පල දැරිය හැකි වන ලෙස පිස්සා ගැන තොරතුරු දන්නා කිසිවෙක් මා හට සොයා ගත නොහැකි විය.

කෑම බීම අතපසු කරමින් . . ගමේ ගොඩේ සැරිසරමින් පිස්සා ගැන තොරතුරු සොයන්නට වූ මා ගැන නැගණිය පැවසුවේ .. 

" මෙන්න මෙයා අර පිස්සගෙ අඬුව පුරවන්න හදනව ද කොහෙ ද" කියා ය.

දින කිහිපයක් ඉක්ම ගිය අතර ඒ අතර තුර අර දරුවාව බැලීමට රෝහලට යෑම ද දිනපතා පාහේ මාගේ වගකීමක කොටසක් ලෙස ඉටු කෙරුණි. දරුවා මා එහි ගිය සෑම විටම පිස්සු සීයා ගැන විමසු අතර ඔහු පැමිණියේ සුරංගනා ලෝකෙන් බව පුන පුනා පවසන්නට විය.
දිනක් එය දරා ගත නොහැකි තරමට පිස්සු වැටුන මම පැවසූ දෙයින් දරුවා බිය පත් වූ අතර කඳුළු සලමින් හඬන්නට විය.

" ඔවු ඔවු ඔයාගේ පිස්සු සීයා අන්න ආයෙමත් සුරංගනා ලෝකෙටම ගිහින් "

පසු දින උදැසන මා පිබිදුනේ මේ පිස්සුවෙන් ගැලවෙන එකම මඟ උදා කර ගනිමිනි. මේ මුදුවෙනුත් ජායාරූපයෙනුත් ගැලවීම ලබමියි මම සිතුවෙමි.

දරුවාගේ අතක් කැඩී තිබුන බැවින් ඒ සඳහා ශල්‍යකර්මයක් කළ යුතුව තිබුන අතර ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම ඔවුනට ගැටළුවක් වී තිබුනි. දරුවා අනතුරට ලක් වුයේ පිස්සා නිසා නම් පිස්සාගේ මේ දේවල් විකුණා මේ මුදල් ඔවුනට ලබා දීම වරදක් නොවේ. මේ පිස්සුවෙන් ගැලවීමට එය මාර්ගයක් නොවේ ද?

දහවල් ලෙඩුන් බලන පැයේ රෝහලට රිංගූ මම විශාල බරක් බිම තබන්නට සැරසුනෙමි. මුද්ද ඔවුනට දෙන්නෙමි. ඔවුන් එය මුදල් කර ගනු ඇත. ජායාරූපය දරුවාට දෙන්නෙමි. එවිට ඔහු අනතුරට පත් කළ ඔහුගේ සුරංගනා ලොවින් පැමිණී සීයා ඔහු ළඟ සිටිනු ඇත.

දරුවාගේ මවත් .මවගේ මවත් මා යන විට රෝහලේ සිටියහ. සිත සදා ගත් මම ඔවුනට ඉතාම කෙටියෙන් පැවසූවේ මේ පිස්සු සීයාගේ සන්තකය බවත් ඒයා ගත්තාට ඔවුනට කිසිදු වරදක් සිදු නොවන බවත් මෙය රහසක් ලෙස රකින ලෙසත් පමණි.

මුදුව දරුවාගේ මව අතටත් ජායාරූපය දරුවා අතටත් දුන් මම එතනින් නික්මුණේ ඔවුනට වචනයක් හෝ දෙඩීමට ඉඩ නොසලසමිනි.

එහෙත් මොහොතකින් . . . . . . 

" නෝනා . . .නෝනා අනේ පොඩ්ඩක් ඉන්න. බුදු නෝන "

මහ හඩින් හඩමින් මා පසු පස දිව විත් මගේ අතින් අඳිමින් කඳුළු සලන අර දරුවාගේ මවගේ මව හෙවත් දරුවාගේ ආච්චි අම්මා දෙස මා බිය මුසු නෙත් යොමු කළෙමි.

ඇගේ ගැහෙනෙ අත රැඳී ඇත්තේ මා දුන් පිස්සාගේ පැරණි ජායාරූපයයි. මෙතෙක් ඔබට කියන්නට බැරිව අමතක ව ගිය කාරණාවක් මතක් කරමි. එහි සිටියේ ජැන්ඩියට ඇඳ පැලඳ සිටි පිස්සා තරුණ කල යැයි සිතිය හැකි පිස්සාත් ගමේ ගොඩේ කෙල්ලක යැයි සිතිය හැකි සුරූපී තරුණ කාන්තාවකුත්ය.

" දැන් එයා කොහෙ ද නෝන ? "
මහළු ගැහැණිය නැඟූ පැනය, මා  පිස්සියක කිරීමට තරම් සමත් කිව නොහැකි හැඟීම් රාශියකින් පුරවා ලන්නට සමත් විය.



ආදරය බලු නොවටින ලොවක , උමතු නොවු ප්‍රේමයක් සොයන
මම
෴ වත් ෴

44 comments:

  1. හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    එතකොට ඒ එයගෙම සියාද ..?

    ReplyDelete
  2. දුක හිතෙනවා අක්කා ඒ කතාවට. හරිම දුක්බර කතාවක් අක්කේ. මොනවා උනත් ඒ මනුස්සයාට හොද ලස්සන තරුණ කාලයක් තියෙන්න ඇති නේද අක්කා ?

    ලස්සනට ලියලා තියෙනවා අක්ක. ඔන්න මම උනු උනුවෙම දෙපාරක් කියෙව්වා.

    ReplyDelete
  3. සම්පූර්ණ කතා කොටස් තුන එක දිගටම කියෙව්වා. මේ සත්‍ය කතාවක් ද නංගී? පලමු කොටස් දෙකේ ඇතිකල කුතුහලයත් අවසන් කොටසින් ඇතිවූ දුක... තාත්වික කතාවක්.

    ReplyDelete
  4. මාත් කියෙව්වා වත් අක්කා.......

    ReplyDelete
  5. එක හුස්මට කතා තුනම කියෙව්වා......හරිම ලස්සනයි වත් අක්කේ....

    ReplyDelete
  6. ඇත්තටම වත් අක්කෙ දැන් තමයි කතා තුනම කියෙව්වෙ..මෙක හරියට ෆිල්ම් එකක් වගේ,...අක්කෙ මම පුන්චි ආරධනාවක් කරන්නද මේ කතාව ගැන ඔයාගෙ ලිවිමෙ හැකියාවත් පාවිච්චි කරල කතා පොතක් හරි ෆිල්ම් එකකට තිර පිටපතක් ලිව්වොත් මොකද?

    ReplyDelete
  7. මේක ඇත්ත එකක්ද අක්කියෝ....?

    කතාවට කියන්න දෙයක් නෑ අක්කියෝ....අති විශිෂ්ඨයි.....

    ReplyDelete
  8. ඔව් ඇත්ත උනත් බොරු උනත් කතාව නම් විශිෂ්ඨයි .... මම පලමු කොටසෙදි කිව්ව වගේම පිස්සො කියන්නෙ අවංක පුද්ගලයින්... ඔවුන් අප මෙන් ලෝකය හමුවේ රගපෑමක් නොකරන නිසායි ඔවුන්ව අප පිස්සන් යැයි කියන්නේ ...... අනේ මන්ද....ඒ පිස්සු සීය ගැන දුකයි..ඒත් ඔයාගෙ හැකියාව ගැන ගොඩක් සතුටුයි අක්ක

    ReplyDelete
  9. කුතුහලය ඇදගෙන අන්තිම වාක්‍යය දක්වාම ගෙන ගියා. රසවත් ම රසවත් කතාවක්!

    ReplyDelete
  10. මමත් එක දිගටම කියවගෙන ගියා කොටස් තුනම. හරිම ලස්සන දුක්බර කතාවක්. ඒත් මේක අත් දැකීමක් නම් ඒ ඇති වෙන හැඟීම කොච්චර අමාරුද ඉවසන්න.

    ReplyDelete
  11. පුදුම හිතෙන කතාව ..පවු අහිංසක සීයා . මොනතරම් දුකක් විඳින්න ඇත්ද ? මොකක්ද දන්නේ නෑ පිස්සු හැදෙන්න හේතුව . මම හිතුවේ මේක විහිලු කතාවක් වෙන්ඩඇති කියලා ! බලද්දී තමයි මට වැටහුනේ .මේ මොනතරම් දුක හිතෙන කතාවක්ද කියලා .

    මොනවා කරන්නද ..අපි හැමෝටම අපි බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න බෑ නේ ..එහම නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් සුන්දර වෙයි ..ඒත් අපේ දෛවය ගැන කියන්න බෑ කාටවත් ..අද හොඳට ඉන්න අපි හෙට කොයි තත්වේ ඉඳීද ?

    කතාව ගැන කියන්න දෙයක් නෑ සුපර් ! ..මේ කතාවේදී මම ගොඩක් දේවල් දැනගත්තා.! අක්ක සංවේදී කෙනෙක් බව ..නවකතාවක් ලීවානම් නියමෙට හිට් වෙන බව සහ අක්කා කලිසං අඳින බව .


    ජයවේවා !!

    ReplyDelete
  12. වත්...
    ඇත්තටම ඔයාට හරියන්නේ කවි නෙවෙ...

    අපිත් දවසක පිස්සෝ පිස්සියෙ වෙයිද මංදා..?

    ReplyDelete
  13. හ්ම්ම්ම්... සුසුමක් ගෙන එමින් වත් නගාගේ කතාව නිමාවට පත් විය....

    කතාව හොඳට ගොඩ නගල තියෙනවා.... තව කොටසක් දාලා පිස්සගෙ ප්‍රේමෙට මොකද උනේ කියලත් ලිව්වනම් තවත් වටිනවා....!

    ReplyDelete
  14. මට නම් ගොඩක් දුක හිතුනා අක්කෙ..ඇත්තමයි..මේක ඇත්ත කථාවක් නේද..අනේ මංදා..මම සංවේදී වැඩි නිසාද මන්දා..ඒත් දුකයි..ඔයා කරපු වැඩේ නම් අතිවිශීෂ්ටයි..

    ReplyDelete
  15. පිස්සු හැදෙයි කිවුවලු..

    ReplyDelete
  16. අක්කේ ඇත්තටම කියන්නේ, දැන් නම් මටත් නිකං මඥ්ඥං මඥ්ඥං වගේ. මට හිතා ගන්න බැහැ මොනාද මම තේරුම් ගන්නේ කියලා.

    ReplyDelete
  17. හ්ම්ම්ම් අද තමා කොටස් තුනම කියෙව්වෙ. කාතාව හොඳයි ලස්සනට ගොඩ නගලා තියෙනව. මුල සිට අගටම එකම විදිහට ගලා ගිහින් හිතන්න බැරි තනකින් නිමා කරලා තියෙනව. විශිෂ්ඨයි වත්.
    සුපුරුදු පරිදි........ නෑ ඔනි නෑ 18 වෙනිදා මම අල්ල ගන්නම්

    ReplyDelete
  18. @ ඉලංදාරියා
    ඔවු ... ඒ තමන්ගෙම සීයා. ඒ බව ඒ දරුව නොදැන වුන්නත් පිස්සා එන්න ඇත්තේ ඒ දරුවා තමන්ගේ මුණුබුරා කියල දැනගෙන.

    ස්තූතියි ඉලන්දාරියෝ......

    ReplyDelete
  19. @ මධුරංග
    ඔවු ..තරුණ කාලේ විදපු ලස්සන ආදරේ ..කාගේ හරි වැරුද්දක් නිසා වෙන් වෙන්න ඇති....

    ඒ දේවල් දරා ගන්න බැරි වුන සංවේදි මනස පිස්සු වැටෙන්න ඇති.....

    ReplyDelete
  20. @ ගල්මල්-Coral
    ස්තූථියි අයියා.මීට කලින් මම ලීව කතා කිහිපයකම අඩු පාඩු පෙන්නල දුන්න නිසා ඒව හදාගෙනම තමයි මේ කතාව ලිවේ.

    අනික මේක සත්‍ය කතාවක් නෙමෙයි අයියා...ඒ ගැන මම පෝස්ට් එකක් ලීවා..

    ReplyDelete
  21. @ මම
    ස්තූතියි... මම ඔයාව දැක්කේ ගොඩක් කාලෙකින්... මොකද වුනේ... හොයල බලන්නවත් බැරි වුනා...

    ReplyDelete
  22. @ Chathu
    ස්තූතියි Chathu ....

    ReplyDelete
  23. @ පැන්da
    පොතක් ලියන්න නම් සෑහෙන ලොකු බලාපොරොත්තුවක් තිබ්බ. ඒත් ඒක බොද වුන හීනයක් වුනා...

    අනේ දරුවෝ මෙහෙම ලියන එක ඒ ඔක්කටම වඩා හොඳයි... අනික මම මහ ලොක්කියෙක් නෙමෙයි නේ...

    මේ බ්ලොග් අවකාශයේ මට වඩා හොඳට ලියන්න පුලුවන් අය ඕනි තරම්... එයාල ලියපු දේ කියවල තමයි මාත් මෙහෙම හරි ලියන්නේ...

    ස්තූථියි පැන්da ...

    ReplyDelete
  24. @ ෴ හසියා ෴
    ස්තූතියි හසියා... ඔයා මුකුත් කාලෙකින් ලියල නැහැ නේ. ඒ මොකද? පිස්සු හිතන එක නතර කරල දැන් ආයෙත් පරණ ට්‍රැක් එකට එන්න වෙලාව හරි හසියෝ...

    ඔන්න ඔයටත් ටිකක් විතර හරියන පෝස්ට් එකක් මම ලීව අද...

    ReplyDelete
  25. @ සහෝදරයා
    ඔයා හරි සහෝදරයා... අපි " උඹට පිස්සු" කියල කියන්නේ සම්මත ලෝකෙන් බැහැර වෙලා හිතන අයට තමයි... කොල්ලෙක් කොණ්ඩෙ වැවුවොත්... කණට කරාබුවක් දැම්මොත් ඉස්සර නම් පිස්සු කියල කීව. ඒත් දැන් ඒ දේවල් සාමාන්‍යනරණීය වෙලා... ඒ නිසා දැන් පිස්සු කියන්නේ වෙන වෙන දේවලට...

    එහෙම බැලුවොත් සහෝදරයා ...ගොඩක් සොයා ගැනීම් කරපු අයත් පිස්සො...

    වීදිදිගේ ඉන්න පිස්සන් ගත්තම එයාල පිස්සු වැ‍ටිල ඉන්නේ හිතේ සංවේදිකම වැඩි වෙලා. හිතට දරා ගන්න බැරි තරම් පීඩනයක් දැනීම නිසා වෙන්න පුලුවන්... මේ පිස්සන්ය හරියට බෙහෙත් කරොත් ගොඩ ගන්න පුලුවන්... ඒත් පිස්සන්ට කවුද ආදරේ.. තමන්ගෙ පවුලේ පිස්සෙක් ඉන්නව කියල කියන්නවක් සමහරු කැමති නැහැ නේ..

    ඔන්න අපේ පවුලේ නම් ඉන්න එකම පිස්සි මම තමයි හොඳේ..

    ReplyDelete
  26. @ arunishapiro
    ස්තූතිවි අරුණි අක්කා... ඒත් චීස් වගේ රසවත් කතා ලියන අක්කගේ කතා ලිවීමේ ශෛල්‍යයට තමයි මම නම් කැමති...

    ස්විස්ටර්ලන්තයේ තිබ්බ පුංචි ගමේ අක්කත් එක්ක මාත් ඇවිදන් ගියා කියලයි මට නම් හිතුනේ...

    ReplyDelete
  27. @ Ranga
    ස්තූථියි රංග ...
    වාසනාවට මේක මගේ අත්දැකීමක් වුනේ නැහැ... ඒ වගේම කිසිකෙනෙක්ට එහෙම වෙන්නත් එපා කියල මම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  28. @ හිස් අහස
    සංවේදී හිතක් තියෙන බව - හරි
    නව කතාවක් ලීවොත් හිට් වෙන බව - වැරදි
    අක්කා වැඩිපුරම අදින්නේ සාරි
    අක්කා අදින්නෙම නැති ඇදුමක් මේ කතාවට ගාව ගත්තෙ ඇයි කියල අක්ක වත් දන්නේ නැහැ... සමහර විට සාක්කු තියෙන නිසා වෙන්න ඕනි...

    මරණයට ගෙනියන තිරිසන් සතෙක් ගැන මල්ලිගෙ හිත දුක් වුන හැටි මම දැක්ක... ඉතින් සංවේදි මම ද ඔයාද ...

    ස්තූථියි හිස් අහස ....

    ReplyDelete
  29. @ මාරයාගේ හෝරාව
    මෙහෙම කීවට අමනාප වෙන්නෙ නැති විත්තිය දන්නව... අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ ...මාරයාගේ හෝරාව පිස්සෙක් කියල තමයි මම නම් හිතාගෙන හිටියේ ...

    ස්තූථියි...

    ReplyDelete
  30. @ දුමී
    මෙන්න මේකයි වුනේ අයියා ....

    හිතන්න මෙහෙම....බොහොම සම්ප්‍රදායිකයි...

    පිස්සා ඉස්සර හොද සල්ලිකාර වලවුවක හිටිය තරුණ පහේ හැන්ඩි කොල්ලා.
    ඒ වලවුවේ කුස්සියෙ උයා පිහන්න ඇවිත් හිටිය ලස්සන ‍පිච්ච මලක් වගේ කෙල්ලට ආදරේ කරනවා.
    දන්නවනේ අයියා..මේ ආදරේ දුර දිග යනවා...
    ඒත් මේ හාමුවෙන අය වගේ නෙමෙයි.
    පිච්ච මලට ආදරේ කරන්නේ ඇත්තටමයි...
    මේ සංහදිය දැන ගන්න ලොකු හාමු පුංචි හාමුව රට පටවනවා...
    පිච්ච මල ඉඩ දරුඅම්ම කෙනෙක් බව නොදැනම පුංචි හාමුරට යනවා....
    රට ඉදල පිච්ච කැකුලට එවන ලියුම් ලොකු හාමු කඩල බලන්නෙවත් නැතිව ගෙදරම හංගල තියෙනවා .
    පිච්ච මල සදෙන් සද මොරන්නවගේ ලස්සන දැරිවියක් බිහිකරනවා..
    ඒත් ඒ කොහෙදිද කියල කවුරුවත් දන්නෙ නැහැ....

    ඉතින් පුංචි හාමු ලංකාවට ආවම දැන ගන්නව පිච්ච කැකූළ නැති විත්තිය...
    තමන් රට ඉදන් එවලු තවමත් විවෘත නොකරපු ලියුම් ගොන්නත් පුංචි හාමුට තමන්ගෙ ගෙදරම තිබිල හම්බෙනවා. තමන් නිවරදි විත්තිය පිච්ච මලට පෙන්නන්න ඕනි නිසා ඒ ලියුම් ටිකත් පොදි ගහගෙන....

    මුලදි පිස්සෙක් වගේ නූනත් හැම වැඩක්ම අතපසු කරගෙන පිච්ච මගේ සුවඳ දිගේ පාර හොයා ගෙන යනවා.

    ඒ ගියාම දවසක තමනුත් දන්නෙම නැතිව පිස්සෙක් වෙනවා.

    වලවුවෙ හාමුලත් මේ පිස්සව තමන්ගෙ පුතා මැරුණ ගානට දාලා අතහරිනවා...

    පිච්ච මලේ සුවඳ දිගේ ගිය පුංචි හාමුට ඒ පිච්ච මල හමුවෙන කොට පුංචිහාමු සීයෙකුත් වෙලා ඉවරයි...

    ඉතින් තමන්ගේ ඉතිරි ජීවිතේ කිසිවක් නොදන්න මුණුබුරාගේ සුරතල් සිනාවකට වෙන් කරන්න පිස්සා කල්පනා කරනවා...

    ඒත් ...

    ඒ ආදරේ නිසාම තමන්ගේ මුණුබුරත් අනතුරට ලක් වුනාම පිස්සට මොනා හිතෙන්න ඇද්ද ...

    අයියා ..මේක හරිම සම්ප්‍රදායිකයි... ඒත් ...

    අයියා හිතන්න .. පිස්සගේ වල ලග නිසලව තියෙන අර ලියුම් ටිකත් මට ගන්න පුලුවන් වුනා නාම් ...අර ගැහැණියට කොයි තරම් අගේ ද?

    ඒත් ඒව ඒ මිනී වල ඇතුලෙම මිහිදන් වෙච්ච එක ඊට වඩා අගෙයි නේද ?

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. @ තරු අහස
    සත්තකින්ම මේක ඇත්ත කතාවක් නෙමෙයි. කවුරුත් ඇයි එහෙම අහන්නේ...

    මේ වගේ පිස්සන් ඕන තරම් ඇති... ඒත් කවුද ඒ හිත් වලට එඹිල බලන්නේ ...

    ReplyDelete
  33. @ Pavithra
    හූ මිටි තිබ්බට ස්තූථියි Pavithra ....

    ReplyDelete
  34. @ prasanna86k
    ම්ම්... ඔන්න කීවා මේක ඇත්ත කතාවක් නෙමෙයි... ඇත්ත කතාවක් වෙන්නත් එපා...

    ස්තූථියි ගොප්ඩ් ෆිෂ් ....

    ReplyDelete
  35. @ marlan
    ඒක තමයි...ශක්තිමත් හිතක් හැමවෙලේම ලග තියා ගන්න...ස්තූතියි..

    ReplyDelete
  36. @ නිශ්
    ස්තූථියි.... 18 අර මක්කටෙයි මාව අල්ල ගන්නේ... මම වරදක් හෙම කරාද?

    අනික 18 මම ගෙදර....

    ස්තූථියි නිශ් ..

    ReplyDelete
  37. කතාව අවසාන කල ආකාරය සුදුසු නොවේයයි මට සිතේ,පලමු කොටස් දෙකෙන් කතාව ගොඩ නැඟූ ආකාරයට මීට වඩා සාර්ථක අවසානයක් බලාපොරොත්තු වීමි,

    මම කලින් හිතාගෙන හිටියෙ මේ කමෙන්ට් එක දාන්නම් කියල,

    ඒත් දුමීගෙ කමෙන්ට් එකට වත්ගෙ ප්‍රතිචාරය දැක්කම මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනා, හැබැයි දුමී කියපු විදිහට ඒ නිධාන කථාවත් තව පෝස්ට් එකකින් හරි ලිව්ව නම් තමයි වත් හොඳ,

    ReplyDelete
  38. ලස්සනට ලියල තියෙනව... කථාව මරු....

    ReplyDelete
  39. @Bunny !
    පවු ... කවුද පවු පිස්ස ද? හාවා ද?

    ReplyDelete
  40. @ Ravi
    නිධාන කතාව හරිම සම්ප්‍රෂායිකයි.. ඒකයි ඒක නොලීවේ අයියා...ස්තූතියි...

    @ මිත්‍යාදෘෂ්ටිකයා
    මොකද අනේ මේ කමෙන්ට් මකල...

    @ සාතන්
    ස්තූතියි සාතන් ...

    ReplyDelete
  41. another good one. great writing skill. if I see weaknesses, the pattern you show in all stories, that always it is the same person that you look for you randomly meet [the artwork story as well]. It is good if you write in a wide variety of topics not one "template".

    BTW,

    Dan Brown wrote all his novels in one single template and they're all great ones. So I may be wrong.

    Keep writing...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...