..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, December 9, 2010

෴ පිස්සා (2 )෴

 පිස්සා - 1 කොටස මෙතනින් කියවන්න . . . .

මල් ශාලාව වෙත ඒමට තව මොහොතක් පමා වූ වා නම් පිස්සාගේ පොට්ටනිය ගඟේ පා වෙනු ඇත. ඔවුන් එය විවෘත කර නොතිබුනි. පිස්සකුගේ පොට්ටනියක් ගැන පිස්සුවෙන් සිටින එකම තැනැත්තිය මා පමණකි. පොට්ටනිය මා දෑතට ගත් අයුරු දුටු ඔවුන්

"මොකද මිස් පිස්සුව බෝ වෙලා ද ? " යි පවසමින් සිනා සෙන්නට විය. එයට සරිලන ලෙස 

" මෙහෙම ගියොත් මටත් පිස්සු හැදෙයි " පැවසූවේ සැබැවින්ම මට පිස්සු සෑදෙන්නට ආසන්නයයි මට ද සිතුන බැවිනි.

මළ ගෙදර යෑම පසුවට කල් දමා කිසිවකු නොපෙනෙන මානයකට ගිය මම පිස්සාගේ අනගි වස්තුව සොර කම් කරන්නට වූයෙමි. එය ලිහා බැලීමේ දරුණු වුවමනාවකින් පෙළුණ මගේ නාස් පුටු වලට එහි දරා ගත නොහැකි සුවඳ නොදැනෙන්නට ඇත.

දිරා ගිය පැරණි ලිපි කවර වල බහා තිබු ලිපි රුසක් ඒ පොට්ටනිය තුල විය. ඒවා ඒ වන විටද විවෘත කර නොතිබුන අතර ..අවුවට පින්නට අසූවී දිරා යමින් තිබූ එම ලිපි නොකැඩී විවර කිරීම ද අපහසු විය. . .  උත්සාහය අතැර දැමූ මම ලිපි කවර ව වූ ලිපින කෙරේ අවධානය යොමු කළෙමි. ඒ සියල්ලම එකම අත් අකුරු බව හඳුනා ගත හැකි වුව ද නොකියවිය හැති තරමට බොඳවී ගොස් තිබුනි. 

දැන් නම් මා පිස්සියක වීමට ඉතාම ආසන්න බව මට දැනුනි. පිස්සියක මෙන් පොට්ටනිය තුල වූ අනිකුත් සියළුම දේ ඇවිස්සූ මට ඉතා පැරණි ජායාරූපයක් හමුවිය. ඔබ සිතනවා වැරදිය. එය මගේ වාසනාවට මෙන් විනාශ වී නොතිබුනි. ඉතා පැරණි වුවද එය ලැමිනේටින් කර තිබුනි. එය රැගෙන මාගේ කලිසම් සාක්කු වේ රුවා ගතිමි. පිස්සකුගේ පොට්ටනිය සමඟ මා තවමත් නැත්තේ මක් නිසාදැයි ඔවුන් සිතනවා විය හැකිය. පිස්සකුගේ වුවත් මෙය නිධානයක් නොවන්නට බැරි ද? ඔවුන් එසේ සිතුව හොත් මා නිකම්ම නිකම් නරක නාමයක් ගා ගන්නවා නොවෙද? 

කලබල වූ මා එළියට ඇද දැමූ ලට්ට ‍ලොට්ට සියල්ල නැවත් ඒ තුලට ඔබා ගැට ගසන්නට සැර සුනා පමණි. ඒ තුල වූ යමක් හඩ නගමින් බිම වැටුනි. කඩදාසි කොළ ගුලියක් මෙන් දිස් වූ එය අතට අසුලා ගත් මම පොට්ටනිය තුලට එය රුවන්නට තැත් කර නැවත නැගී ආ කුතුහලය නිසා විවෘත කිරීමට බැලීමට සිත්විය.

කඩදාසි කොළ සෑහෙන ගණනක් ඉවත් කළ පසු පාට පාට තෑගි කොලයකින් ඔතා රිබන් පටියකින් ගැට ගසා තිබූ කුඩා පෙට්ටියක් මට හමුවිය. මගේ හදවත මොහොතකය නැවතුන බව මට දැනුනි. රිබන් පටිය ලිහූ මම ඒ කුඩා ජුවලරි බොක්ස් එක ගැහෙන දෑතින් විවෘත කළෙමි. . . . 

ඔවු . . . . . . . 

එහි වූයේ ගැහැණියක සිහින් ඇඟිලි වලටම ගැලපෙන මංගල මුද්දකි. 

කිසිම කරුණක් නොමැතිව බිම දණ ගසා ගත් මම ඉකිගසිමන් හඩන්නට වූයෙමි. . .  පියවි සිහිය එළඹුන විගස ඒ කුඩා ආභරණ පෙට්ටිය ද සාක්කුවේ රුවා ගත් මම කිසිවක් නොවූ විලස යලිත් පිස්සාගේ අවමඟුල් උත්සවයට සහභාගී වූයෙමි.

ඔහුගේ දෙණ සමීපයේ ම ඔහුට දකූණු පසින් ඔහු සමඟ නිතරම රැදුන පොට්ටනිය තැන්පත් කරන ලදී. එහෙත් ඒ තුල වූ වටිනාම මතක දෙකක් පරිස්සම් සහිතව මා සාක්කුව තුලය. සාක්කුව තුලට දකුණත යැවූ මම හිස නමා ඔහුට අවසන් ගෞරව දැක්වූයෙමි. 

මා සිතේ වූ අධිශ්ඨානය ඔහුට දැනේනට ඇත.  ඔහුට සමාදානයේ සැතපෙන්නට නම් මගේ අධිශ්ඨානය , මගේ වගකීම මා ඉටු කළ යුතුව ඇත.

හිරු බැස ගෙන යන සැන්දෑවරුවක පිස්සා මිහිදන් කෙරුණි. සියල්ලන්ගේම කැමැත්ත පරිදි පිස්සාගේ පොට්ටනිය ද ඔහුගේ මිනීවල තුල ඔහු ළගින්ම තනි රකිණු ඇත. . . .පිස්සාගේ පිස්සු සිත සමඟ මා සිත විදී ගානේ සැරිසරනු ඇත.


මී ලඟ කොටසින් -  වීදී ගානේ සරන පිස්සියක හමු වෙන්න . . .

පිස්සාගේ රහස් සොරකම් කළ 
මම
෴ වත් ෴

9 comments:

  1. අනෙක් කොටසත් බලලම තමයි මොනවහරි ලියන්නෙ...

    ReplyDelete
  2. ලස්සන කතාව.....

    ReplyDelete
  3. හපොයි මදෑ කොර ගත්තා බලමු ඊටපස්සේ මොකද වෙන්නේ කියලා ...

    අනේ අක්කේ පිසුනම් හදාගන්න එපා හොදේ ....

    මෙන්නලා ඩෙන්න තරම් වෑරෑද්දක් නෑනේ ..හික්z හේ

    ReplyDelete
  4. හපොයි මදෑ කොර ගත්තා බලමු ඊටපස්සේ මොකද වෙන්නේ කියලා ...

    අනේ අක්කේ පිසුනම් හදාගන්න එපා හොදේ ....

    පෙන්නලා දෙන්න තරම් වෑරෑද්දක් නෑනේ ..හික්z හේ

    ReplyDelete
  5. මට හිතෙන විදිහට ඒ මනුස්සයාට පිස්සු නෑ. එහෙම කියන අපිටයි පිස්සු. ඒ මනුස්සයාට ඔහොම වෙන්න ඇත්තේ එයා ආදරය කරපු කෙනා හින්දා වෙන්ට ඇති නේ ද අක්කා ?? අනිත් කොටසත් ඉක්මනට දාන්න අක්කා. යන්තම් බ්ලොග් ලිපියක් කියවන්න වෙලාව හොයා ගත්තා

    අක්කා එකපාරම කවි අත හැරලා පිස්සු කතා ලියන්න ගත්තා නේ !!!!! නියමයි නියමයි අක්කා!!!!

    ReplyDelete
  6. අක්ක්කේ මොකෝ මේ ! ඔයා නම් හරිම සංවෙදී කෙනෙක් ..

    මම මේක බලනකොට අනික දාල ඉවරයි ..ඒක බලන්න යනවා

    ජයවේවා !!

    ReplyDelete
  7. කතාව නම් කුතුහලෙන් පිරිලා...මගෙත් පිස්සු ඩබල් වෙන්නයි යන්නෙ දැන්....!

    ReplyDelete
  8. මම අනිකට මොනා හරි ලියන්නම් අක්කා..මේකට බෑ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...