..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 14, 2010

෴ එන්න මල් කඩන්න ෴

පුංචි කාලේ ගෙඹිකුමාරයා කතාව කියවල වත්තපුරා ගෙම්බො හෙවුව නාවර හොටු පෙරා ගත්ත ඒ පුංචි කෙල්ල , පුංචි කාලේ ඉඳලම ආසාවෙන් කරපු තවත් දෙයක් තමයි "මල් කැඩීම" ..... ඒකට ලොකු දායකත්වයක් "ඉරිදා දහම් පාසලෙන්" ලැබුන. . .ඒ මොකද කියනව නම් දහම් පාසලේ ළමයි ගේන මල් වට්ටි වලට ලකුණු දීමේ ක්‍රමයක් තිබුන. ඒ වගේම තබයි අවුරුද්ද අන්තිමේ තියෙන ත්‍යාග ප්‍රධාන අත්සවයෙදි ලකුණු වැඩිය ගත්ත කෙනාට තෑග්ගකුත් ලැබෙනවා. . .

ඉතින් වත්ත පිටියෙ විතරක් නෙමෙයි බැද්ද පුරා පිපිල තියෙන "කැලෑ මලුත් " මල් කූඩෙට එකතු වෙනවා. හැබැයි ඉතින් මල් ගහම සුද්ද නොකර හැම මල් ගහටම එක මලක් හරි ඉතිරි කරන්න තරම් මේ සිත " සොඳුරු " වුනා. . . .

වයසින් වැඩෙන්න වැඩෙන්න කඩන මල් වල පාට, වර්ගය , හැඩරුව වෙනස් වෙන්න ගත්තේ හරිම පුදුම විදිහට. . . .

දහම් පාසල් ගෙනියන්න කඩපු මල් වල සුවඳ බැලුවෙ නැති වුනත්  ( බුදු හාමුදුරුවන්ට පුදන මල් වල සුවඳ බලන්න හොඳ නැහැලු ) නාවර හොටු පෙරා ගත්ත මුහුණට කුරුලෑවක් දෙකක් ඇවිත් මුහුණ පාට වැටෙන්න ගත්තම මල් කඩන්න ගත්ත වෙලාව වගේම මල් වල සුවඳ බලන්නත් වෙනමම වෙලාවක් වෙන් කරන්න වුනේ දන්නෙ නැතිව. . . 

මල් කඩන ගමන් එකක් දෙකක් කණ පිටුපස්සට යන්නෙත් තනියම හිනාවෙන්නෙත් ඒ වයසටම ආවේණික වෙච්ච දෙයක් වගේ. . . . ටිකින් ටික හවස් යාමේ බැද්ද පැත්තට ගිහින් කඩන කැලෑ මල් වලට තිත වැටෙන්න ගත්තේ " ළමයෝ මේ හවස් යාමේ බැදිගානේ යන්නෙ . . මේ තියෙන මල් මදි වෙලා ද ? " කියල අම්ම කෑගහන්න ගත්තට පස්සෙ.

ඉතින් වයසින් වැඩෙද්දි කඩන මල් ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙන්න ගත්ත. ගෙමිදුලේ පිපෙන පාට පාට සුවඳ මල් වලට මාව අමතක වුනා වගේම මටත් ඒ මල් දිහා බලන්න දවසින් මොහොතක් වෙන් කරන්න බැරි වුනා. . . . . . . . 

විශ්ව විද්‍යාලයේ දී යාලුවන් මල් කඩන්න ගියෙත් මල් ගස් පල්ලට වුනත් කැඩුවෙ නම් ගස් වල පිපුන මල් නෙමෙයි. . . . . .  ඒ මල් පෙති මල් කඩන අයගෙ කතා අහගෙන හිනා වුනා. ඒ රහස් කාටවත් නොකියන්න ඒ මල් පොරොන්දු වෙලා තිබ්බ. . . .

ඒත් පුංචි කාලේ මල් වට්ටි පිරෙන්න මල් කැුන සොඳුරු සිතට විශ්ව විද්‍යාලයට ගිහින් මල් කඩන්න වෙලාවක්වත් උවමනාවක්වත් තිබ්බෙ නැත්තේ සොඳුරු සිතගේ ජීවිතේ හරිම කාර්යා බහුල වීම නිසයි. ඉගෙන ගන්න අතරේ රැකියාවක් කියන්නේ මල් කඩන්න තියා මලක් දිහා බලන්නවත් ඉසිඹුවක් නැති සමයක්. . . .

අධ්‍යාපනය ඉවර වෙලා රැකියාව පමණක් කරන්න පටන් ගත්තම ආයෙත් මල් කඩන්න පුලුවන් වෙයි කියල හිතන් හිටියත්. . . .  සොඳුරු සිතට මල් කඩන්න ඉඩ ප්‍රස්ථා ලැබෙන කොට ගස් වල පිපුන මල් වෙන අය කඩන් ගිහින් ඉවරයි. . . .  


මල් යායක තනිව වුන්න
පුංචි කුමාරී
තටු ඇවිදින් සමණළියක් 
වෙච්ච කුමාරී
මල් යායෙන් දුරු කතරට
ගියපු කුමාරී
සමණළ විය කෙළවර දැන්
ඉන්න කුමාරී
තටු සවිමත් හිත සොඳුරුයි
සොඳුරු කුමාරී
පරණ පුරුදු මල් යායට 
ආව කුමාරී
මල් කඩන්න වට්ටිය අත 
රැඳුන කුමාරී
මල් යායේ මල් ඉවරයි
කඳුළු කුමාරී
කඳුළු තුලින් ලොව දකිනා
සිහින කුමාරී


කාගේවත් සිහින කුමාරියක් නොවුන කඳුළු කුමාරි
මම
෴ වත් ෴

44 comments:

  1. ලස්සනයි අක්කා ! සුපිරි !

    ReplyDelete
  2. හේ හේ ... ලස්සනයි ... ලස්සනයි..හේ ...

    අපිත් ආවා මල් කඩන්න හේ ..හිකිzzz

    ReplyDelete
  3. මල් කඩන්න ජීවිත කාලයම තියෙනවා ඉතිරි වෙලා.

    sometimes, it is worth waiting...

    ReplyDelete
  4. බය වෙන්න එපා අක්කාටත් මලක් ලැබෙයි :)

    ReplyDelete
  5. ඒ සුවද මල්වලට අක්කා ඒ කාලේ ගොඩාක් ආදරේ කළාවගේ වර්තමානේ අක්කා වෙනුවෙන් පිපුණු ඒමලටත් අක්කා ගොඩාක් ආදරේ කරනවා නිසැකයි... ඉතින් ඒ වාසනාවන්තයා ලැබුණු ගමන් ඒකට ලියන පද ටික මේ හැම පදයකටම වඩා ලස්සන වෙනවා කියලා මම දන්නවා...එන්න එදාට " කාගේවත් කඳුළු කුමාරියක් නොවුන සිහින කුමාරි " අක්කයි කියලා සොදුරු සිත හිමි වත් අක්කට සිතේවි...

    ReplyDelete
  6. `සමණළ විය කෙළවර දැන් ඉන්න කුමාරී`

    මල් නැතිවුනත් සමනළය සමනළයමයි නේද?

    ReplyDelete
  7. මේ ලෝකේ කෙහේ හරි අක්කටම පිපුනු මලක් ඇති . කොහේ හිටියත් ඒ මලේ සුවඳ දවසක ඔයාව හොයාගෙන එයි . එදාට ඒ සුවඳ දිගේ ගිහිං ඒ මල් කුමාරයව හොයාගන්න ..

    සමහරවිට ඔයාට දැනුත් ඒ සුවඳ දැනිලා ඇති ..ඔයාට අඳුරගන්න බැරිව ඇති ..හොඳට හුස්ම අරං වටපිට බලන්න ..ඒ මල හොයාගන්න ..හොයාගත්ත සැනින් පෝස්ට් එකක් දන්න ..

    එදාට ගොඩක් සතුටුවෙයි ..ඒ සතුටට බොන්න බඩු මම දැන්ම ලෑස්ති කරගන්න ඕන ..

    ජයවේවා !!

    ReplyDelete
  8. අක්කාත් එක්ක මල් කඩන්න නියමිත කෙනා ඉක්මනින්ම හමු වේවි...

    ReplyDelete
  9. දහම් පාසැලේ මල් වට්ටිවලට ලකුණු දීම මාර්ටින් වික්‍රමසිංහගෙ කෙටි නවකතාවකිනුත් කියවලා තියෙනවා. නූතන කාලයක දී ත් වෙච්ච වැඩක් වගෙ!

    කවි පංතිය සිංදුවකට දාගන්න කෙනෙක් හොයමු නේද?

    ReplyDelete
  10. අක්කි වෙනුවෙනුත් පිපුන මලක් ඇති කොහේ හරි...දැනේවි ඔයාටත්..මං මී මැස්සොන්ටයි සමනළයින්ටයි කියලා බලන්නම්...

    ReplyDelete
  11. වට්ටි පුරා පිරුණ මල්සුවඳ දැනුනා වගේම පදපෙලත් ගොඩාක් ගැඹුරටම දැනුනා.

    ReplyDelete
  12. අයියෝ වත් අක්කේ ඔයා ඒ ගැන පසු තැවෙනවද? මම එහෙම අහන්නේ මේ පණ්ඩිත මල්ලිත් ටිකක් ඔය වගේ හිතන හින්දා,

    ReplyDelete
  13. මගෙත් ජීවිතේ මල් කැඩිල්ල විතරයි සාර්ථකව නොවුන එකම දේ. ඒත් මම නම් අදටත් ඒ ගැන වැඩිය දුක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  14. ඔන්න ඉතිං බොරු කියන්න ගත්තා, අපි බලමුකෝ අද මගේ වෙඩිම කියලා පෝස්ට් එකක් වැටුන දාට, කඳුළු කුමාරිගේ තරම...

    ReplyDelete
  15. මමත් ඉතින් පුංචි කාලෙ මල් කඩලා තියෙනවා.... අපි කඩන්න යන්නෙ වැවේ....
    නෙලුම් මල් .....
    දැන් නම් මල් කඩනව කියන්නෙ වෙන අර්ථයකින්නෙ.... ඒ අතින් වුනත් මම අවාසනාවන්තයි කියල කියන්න පුලුවනි. පුංචි කාලෙ ඉඳලම තිබුණ අවලස්සන වඳුරෙක් වගේ රූපය නිසාද කොහෙද ... මට මල් කඩන්න ලැබිලම නෑ.

    ReplyDelete
  16. මොකද අද තවම අලුත් post එකක් නැත්තේ....වැඩක් නැත්තම් ඉක්මනින් දාන්න...

    ReplyDelete
  17. "ගුරුකම" ලිපියට වඩා මේක හොඳයි මම ඔයාව අන්දන්න හදන්නවා ? පිස්සුද ඔයාව අන්දලා මම මොනා ලබාගනන්ද ? මම ඔයාගේ කවි බලන්න ආපු රසිකයෙක් විතරයි කමක් නෑ මට "බුලට්" කියලම කියන්නකෝ . අද ලියපු මේ "එන්න මල් කඩන්න " ගොඩක් ලස්සනයි. ඒවගේම "බිරිඳ මවක විය - මා ලොව තනි විය" පුදුම හිතෙන නිර්මානයක් . මමයි මගේ බිරිඳයි දෙන්නම සොඳුරුසිත බලනවා . මතක තියා ගන්න ලස්සන නිර්මානවලට විතරයි මම අදහස් දක්වන්නේ . ඒකනිසා තරහවෙන්න එපා

    ReplyDelete
  18. @ Dar[K]
    ස්තූථියි Dar[K]....බොහොම ස්තූථියි ...

    ReplyDelete
  19. ඉලංදාරියා
    ස්තූතියි ඉලංදාරියා .... මල් කඩන්න වට්ටියක් අරන් ද ආවේ... වට්ටිය පිරෙන්න මල් කඩා ගත්තැයි...

    ReplyDelete
  20. @ sameerausa
    ජීවිත කාලෙම මල් කඩන්න බලන් හිටියොත් ..ගෙඩි කඩන්නෙ කවදද?ස්තූථියි sameerausa ...

    අකීකරු හිත
    ස්තූථියි අකීකරු හිත....

    පූසා
    හ්ම්.. මටත් එහෙනම් මලක් ලැබේවි....ස්තූථියි පූසා..

    ReplyDelete
  21. පොඩ්ඩ මල්ලි
    ස්තූතියි පොඩ්ඩෝ... වත් අක්කට හිමි මල ලගදිම හමුවෙයි කියල මාත් හිතනවා..

    ReplyDelete
  22. @ චමිල
    මල් නැති වුනත් සමණළයා සමණළයාම තමයි ඒත් මල් නැතිව සමණළයාගෙන් පලක් නැහැ... ස්තූතියි චමිල මල්ලි....

    ReplyDelete
  23. හිස් අහස
    අනේ හැබෑට මෙහෙමත් දරුවෙක්.... ඔන්න මාත් එනවා බොන්න හරිද?

    ReplyDelete
  24. @ RoshanHerath
    ඔවු ඉක්මනින්ම හමුවේවි කියල මාත් හිතනවා.ස්තූතියි RoshanHerath ...

    ReplyDelete
  25. @ arunishapiro
    මොන නූතන ද අරුණි අක්කා... මම කඩපු මල් වට්ටි වලට දහම් පාසලේ ලකුණු දෙන කොට එක්දාස් නමසිය අනු ගණන් වල තමයි....

    හැබැයි ඉතින් මට තෑගි නම් ලැබුනෙ නැහැ අක්කා...

    ස්තූතියි අරුණි අක්කා...

    ReplyDelete
  26. @තරු අහස
    ස්තූතියි තරු අහස මල්ලි...

    ගල්මල්-Coral
    සංවේදි හිත් ඇති අයට ...කවි පද හිත ගැඹුරටම දැනෙනවා කියල මම දන්නවා අයියා.ස්තූථියි

    මිත්‍යාදෘෂ්ටිකයා
    හැබෑද ... පසු තැවෙන්න එපා දරුවෝ... මාත් මෙහෙම ලිවට පසු තැවෙන එක බොහෝ දුරට අඩු කරල තියෙන්නේ... ස්තූතියි

    රංග
    රංග හරි. සිද්ද වෙච්ච කිසිදෙයක් ගැන දුක් වෙලා පලක් නැහැ.ස්තූතියි රංග.

    prasanna86k
    මගේ වෙඩිමට එන්න ද බලන් ඉන්නේ.. අනේ දරුවෝ ...අනේ මන්ද..

    ReplyDelete
  27. @ kumaraya
    හැබෑද... කුමාරයෙක් වෙලත් මොකද මේ වඳුරු කතා කියන්නේ...පුලුවන් නම් මට කියන්න මේ ලෝකේ තියන කැතම මල... හැබැයි පෙනුමයි සුවදයි දෙකම කැත වෙන්න ඕනි ( කැත සහ ගඳම මල)

    ඒ වගේම ඇයි ඒ මල කැත කියල හේතුත් එක්කම මට උත්තරය ඕනි..

    මේ ලෝකේ ඉන්න කැතම වැඳිරි මම කියලයි මාත් කාලයක් හිතුවේ... ඒත් පස්සෙ මම දැන ගත්ත මේ ලෝකේ ඉන්න ලස්සනම සින්ඩරෙල්ලා මම කියල... නැතිවුන සපත්තුව හම්බුනාම සින්ඩරෙල්ලා සම්පූර්ණ වෙනවා....

    උත්තර දෙනව ද මට ?

    ReplyDelete
  28. @ මම
    අලුතින් පෝස්ට් එකක් ලියන්න කලින් ප්‍රතිචාර දක්වපු අයට ස්තූති කරන්න ඕනි...අද තවම අයිඩියා එකකුත් නැහැ.. බලමු.. ස්තූතියි මාව බලන්න එනවට වගේම මාව දිරිමත් කරනවට...

    ReplyDelete
  29. @ බුලට්
    අපේ කැම්පස් එකෙත් හිටිය යාලුවෙක් කාඩි එක " බුලට්" ...

    ඉතින් "බුලට්" ස්තූතියි එයාටත් හාම්නේටත් දෙන්නටම.. ඔයා හරි "ගුරුකම" හොඳ නිර්මාණයක් නෙමෙයි... හොඳ ඒවට කමෙන්ටු ලියන්න... නරක ඒවට නරකයි මෙන්න මේ නිසා නරකයි කියල ලියන්න පුලුවන් ද?

    ඔබතුමාට කවි ලියන්න පුලුවන් නම් කමෙන්ටු ලියන කොට කවියෙන් ලියන්න..

    ස්තූතියි.. මගේ කලින් වචන වලට හිත රිදුනද? මේක අන්තර්ජාලය නිසයි මම එහෙම කීවේ...

    එහෙනම් ගොඩක් ස්තූතියි "බුලට් "

    ReplyDelete
  30. මං හිතන්නෙ ගඳම මල කිඩාරම් කියලා ... හැබැයි ඒ මල මට නම් ලස්සනයි...
    දාස්පෙතියා මලත් මට නම් ගඳයි ... ඒක නම් ලස්සනත් නෑ... හැබැයි ඉතින් ඒකට හේතු නම් මම දන්නෙ නෑ..
    [ ඔයා අහන්නෙ අමාරු ප්‍රශ්ණනෙ...]
    බුදු හාමුදුරුවන්ගෙන් තමයි අහන්න ඕන ...
    සින්ඩරෙල්ලගෙ සපත්තුව ගැන නම් ඉතින් ... ඒක සුරංගනා කතාවක් පමණයි.. සැබෑ ලෝකයේ එබඳු සිදුවීම් විරළයි ...

    ReplyDelete
  31. @ kumaraya
    දාස් පෙතිය ගඳ ද? අසල් වැසි ඉන්දියාවේ නම් හැම මංගල කටයුත්තකටම ගන්නේ දාස් පෙතිය මල් රේණු...

    දාස් පෙතිය වල සුවඳට ගොළු බෙල්ලො එන්නෙ නැහැ...

    සින්ඩරෙල්ලා සහ සපත්තුව කියන එක මම පෙන්නුවෙ උදාහරණයකට... මගෙත් නැතිවුන යමක් තියෙනවා එය ලැබුන දවසට මාත් සම්පුර්ණයි... බත් කාලා එන්නම් මල් ගැන කියන්න.ක්ෂණික පිලිතුරට තුති ...වඳුරු වුනත් කුමාරයෙක්

    ReplyDelete
  32. ඇත්ත තමයි .. සුවඳ වැඩි වුනාම මටනම් එන්නෙ සැර සුවඳක්... ඒකට ගඳ කියල කියන්න පුලුවන්... ඔයා වුණත් දාස්පෙතිය මල් ගොඩාක් තියෙන තැනක [ඒ සුවඳ කියල කියමුකො..] විඳිමින් තරමක වේලාවක් හිටියොත් තද ඉසේ රදයක් හෝ කැරකිල්ල ගතියක් ඒවි. ඒ ඒක සැර ගඳක් නිසා...
    අපි ගෙවත්තෙ වගා කරනකොට බෝග අතර දාස් පෙතිය ගස් කීපයක් සිටුවන්නෙ ඒ නිසා. එයට ගොම්බෙල්ලො විතරක් නෙවේ ... තව බොහෝ කෘමි සතුන් ඒන්නේ නෑ.
    හැබැයි ඉතින් බුදු හාමුදුරුවො නම් කියල තියෙන්නෙ මේ ලෝකෙ පවතින්නෙ ගන්ධය පමණයි කියා.. එය සුවඳ හෝ ගඳ වෙන්නෙ අපිට එය වැටහෙන විදිහ අනුවයි.

    දැන් බලන්න ... ඔයා ඔහෙ ඉඳන් කන කෑම වල සුවඳ මට මෙහාට දැනෙනව... ඔයාට කියන්න පුලුවනිද ඊට හේතුව කුමක්ද කියා....?

    ReplyDelete
  33. @ kumaraya
    හේතුව ----- "ටෙලිපති " ද?

    ReplyDelete
  34. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........

    ReplyDelete
  35. ඉවසන්න ඉවසන්න වෙලාවක ලඟටම ඇවිත් කඩන් යයි :)

    ReplyDelete
  36. නෑ ... ඒ මම බඩගින්නෙ ඉන්න නිසා ....

    ReplyDelete
  37. @ kumaraya
    මිනිස්සු බඩගින්නේ ඉන්න ගොඩක් හේතු තියනවා...
    01) කන්න දෙයක් නැතිව ( කුමාරයෙක්ට කන්න බොන්න දෙයක් නැති වෙන්න විදිහක් නැහැ)
    02) කන්න හිතක් නැති කම( මේ නිසා ද?)
    03) වෙන අයත් එක්ක තියෙන තරහ පිරිමහ ගන්න
    04) කෙට්ටු වෙන්න ඕනි නිසා
    05) තමන් ආදරය කරන අය කාලා නැති නිසා
    06) කන්න තියෙන සේ ැස නැති නිසා
    07) කිසිම හේතුවක් නැහැ.. කන්න කම්මැලි නිසා
    08) වැඩ වැඩි ...කන්නවත් වෙලාවක් නැහැ

    ඉතින් මොකද බඩ ගින්නේ... හිටු ඔහොම ග්‍රැස්ට්‍රයිටීස් හැදිල හෑයි හෑයි ගාන කොට තේරේවි ...

    ReplyDelete
  38. @ ස්වප්නා
    ඉවසන දනා රුපු යුධයට මොකක් ද ලු නේද?
    Thank You ස්වප්නා

    ReplyDelete
  39. @ ෴ හසියා ෴

    Hmmm Hmmm ...........

    ReplyDelete
  40. ඔය හේතු එකක්වත් නෙවෙයි..
    ඇයි මම මගේ බ්ලොග් එකේ දාලාම තියෙන්නේ..''කුමාරයෙක් වුනත් මම දුප්පතෙක්'' කියලා.
    ඇත්තටම මම දවල්ට කෑම ගන්නෙ නෑ. මම දවසකට ගන්නෙ ආහාර වේල් දෙකයි....උදය / සවස
    මුලදි ඕක අමාරුයි.. පස්සෙ හුරුවෙනවා.
    දවල් දොළහට අපි කනවනම් රෑ දොළහටත් නැගිටල කන්න ඕන.. හරිනම්.

    ReplyDelete
  41. ඔන්න අක්කෙ 119 ට ගහලා කා එක්ක හරි මලක් කඩන්න :P

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...