..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 30, 2010

෴ අවසන් ලිපිය - The Last Post ෴

නොලැබෙනා දෙයටම
සොඳුරු සිත හඩවලා
ගියත් බොහො දුර කතර 
හිටි තැනට පැමිණිලා
ලියූවත් පෙර ලෙසම 
ගැලවීම නැති වෙලා
එක විසඳුමක් සමඟ 
සොඳුරු අද ගොළු වෙලා






ලියන්නට ලියන්නට  - පැටලුනා සත්තමයි
අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි
 නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි
තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි




අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන
සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම
 සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන
පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම


අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය
 නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය
දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය
වරද ගන්නට එපා - සොඳුරු සිත යළි නොඑත

 “Being hurt by someone you truly care about leaves a hole in you heart that only love can fill.”



යළි නොඑන 
මම
෴ සොඳුරු සිත - වත් ෴

ප:ලි 
මේ මම බොහොම කාලෙකට කලින් හිත රිදුන වෙලාවක ලිව පද ටිකක්... පබ්ලිෂ් නොකර ඩ්‍රාෆ්ට් එකේම තිබ්බ... අද හදිසියේම වගේ මේ පද කියෙවුවම  මට හිතුන මේ පද මොන තරම් ඝෘණාත්මක ද කියල.... කලින් ලීව මමත් දැන් ඒ පදම කියවන මමත් දෙන්නෙක් කියල අද මටම හිතෙනවා ...

40 comments:

  1. බස් එක දැක්කම හිතුවේ යන්නම යනවා කියල.

    ReplyDelete
  2. පසු ලිපිය නැතුව ඔක දැම්ම නම් බලාගන්න තිබ්බා වත් ට වෙන දේ.....

    ඔහොම තමයි අපි තාමත් ඉගෙන ගන්නවා......

    එදා සිටි කෙනා අද ඉන්න විදිහක් නෑ යාලු

    ReplyDelete
  3. මීට ටික කාලෙකට කලින් මට ඇතිවුන සිත් බිදීමක් නිසා බ්ලොග් එක වහන තැනට කටයුකු යොදන්න මට හිතුන... එහෙම හිතන් ලියපු මේ කවිය..ලියල ඉවර වෙන කොට හිතේ තිබ්බ ආවේගය බොහෝ දුරට සමනය වෙලයි තිබ්බෙ... ඒත් හෙට මේ කවි දාලා බ්ලොග් එක වහනව කියල හිතල ඩ්‍රාෆ්ට් එකේම තියෙන්න ඇරිය.. හෙට කියන දවස ආවම මේ කවිය පබ්ලිෂ් කරන්න තියා මේ කවියත් මට අමතක වෙලයි තිබ්බෙ...

    අද අහම්බෙන් මේ පද ටික දැක්කේ...මීට කලින් මම ලිව පෝස්ට් එක මම ඩිලීට් කරපු නිසා ඒ වෙනුවට හදිසියේ පල කරන්න කලින් ලියපු දෙයක් හොයන අතරෙයි...

    ඒ හිටිය මමත් දැන් ඉන්න මමත් කොයි තරම් වෙනස් ද කියල හිතන්න මගේම කවි පද මට පාර කියල දුන්න...

    සම්පූර්ණ ක්‍රෙඩිට් එක මගෙ යාලු ට...

    ෴ මගෙ යාලු ..දැන් මම හොඳයි නේද ?෴

    ReplyDelete
  4. නිශ්
    බස් එකේ ප්‍රතිචාර වලින් හිතා ගන්න පුලුවන් පලි කෑල්ල නැතිව දැම්ම නම් වත්ට වෙන දේ...

    මට කැමති ගොඩ දෙනෙක් නැතත්. මා වටා ඉන්න ඔයාල මට හයියක්...

    කියන්න වචන නැහැ යාලුවනේ...

    මගේ වටිනාකම මම දන්නෙ නැහැ... ස්තූතියි කාටත්....

    ReplyDelete
  5. හැමදාම අපි වෙනස් වෙනවා.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. පිස්සු කතා කරන්න එපා අක්කේ....දැක්ක ගමන් බොක්ක කූල් වෙලා ඇහෙන් කදුළුත් පැන්නා....

    වෙලාවට පිලිය දැම්මේ...නැත්නම් ඉති මෙතන මළගෙයක් ගුටිකෙලියක් මදිවට මලකෙලියක් බලාගන්න පුළුහන් වෙන්නේ....

    ඒ පාර මෙයත් පුරුදු වෙලා ලිපිය බොක්කටම දීලා පලියෙන් දුන්නු ඔක්කෝම ඇදලා ගන්න...අර කතන්දර කාරයවගේ....හොදා හොදා....

    එහෙනම් වඳගත්තනම්...

    ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී‍. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්....

    ඒස්වඃ පුඃ

    ReplyDelete
  8. අහ් දෙයක් කියන්න බැරි වුනා නෙවැ....(වැදගෙන අහගත්තට කාරී නෑ ඕන්...)

    හිතට එන හැමදේම කරන්න හොදනෑ නේද අක්කියෝ...හිත කියන්නේ තාම පොඩි එකා වගේ එකේක්නේ...ඉතිං ඕකට ඕනි ඕනි දඩබ්බරකම් වලට ඉඩදුන්නොත් විනාශෙම තමයි.හොදම උදාහරණේ..එදා ඔය අක්කිගේ හිතට වහල් වෙලා ඔය ලිපිය දැම්මනම් අද බ්ලොග් අවකාශයේ ඉන්න කීදෙනෙක් බ්ලොග් ලියන්නේ නැතිවෙයිද? කොටින්ම කිව්වොත් හසියත්.

    ඒ හනදා හිතට ආපුදේ ආයේ කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතලා බලලා එහෙම කරන්න...හිතන්නම බැරිනම් මට කෝල් එකක් දීලා උපදෙස් ගන්නකෝ...ප්‍රභාකරනුත් මගෙන්නේ උපදෙස් ගත්තේ...දැන් මිනිහා දිව්‍ය ලෝකේ...හික්ස්...

    එහෙනම් අයෙත් දොහොත් මුඳුන් දී වැඳත්තනම්...විහිළුවට ගන්න එපා මේක වැදගත් ශාන්ති කර්මයක් ඕන්...වැඩේ වැරදුනොත් විහිළු කරලා, දෙසැ.19 දුක්වෙන්න තමා වෙන්නේ හැමෝටම...
    ඉස්පැශොලි හසියට....

    ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී‍. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්වේවා....!!!

    ඒස්වඃ පුඃ

    ReplyDelete
  9. අහ් මමත් කලබල උනා හොඳටෝම . .

    මම ගත්තු තීරණයක් ආපහු හිතලා බලලා යූ ටර්න් ගහන්න ඕන කියලා හිතනකොටම මේන් තව එක් කෙනෙකුට මොකෝ වුනේ කියලා අම්බානක බය උනා . .

    දැන් හිතට ෆිට් . .

    ReplyDelete
  10. කොහොම වුනත් පද ටික ලස්සනයි..

    ReplyDelete
  11. අවසන් ලිපිය කියල තියෙනවා දැක්කම මම බය උනා අක්කත් බ්ලොග් එකෙන් යන්න හදනවා කියලා.... ගොඩක් කාලෙකට කලින් ලිව්වා උනත් අදහසනම් හරිම ලස්සනයි අක්කේ..............

    ReplyDelete
  12. හපොයි අපි බය උන තරමක්.....

    ReplyDelete
  13. හපොයි මේ මොකො මේ හදිස්සියේම?

    ReplyDelete
  14. මම නොදන්නවද ඔයාගේ කේන්තිය ගැන..
    එකපාරක් රෝස පාට මට එපා කියලා එහෙං පිටින්ම කනපිට ගහපු කෙනා නෙව...
    හැබැයි ඊට පස්සේ දාගෙන ඉන්න සැකැස්ම යටතේ කොමෙන්ට්ස් කරන්න මටනං කරදරයි...අර ලිපියට යටින් කෙළින්ම කොටලා පබිලිස් කොරන්ට හැටියක් නැහැ නෙව..
    ඒ හින්දාම තමයි දැන් වැඩි හරියක් වෙලාවට මම මොකුත්ම ලියන්නේ කැත්තේ...

    කොහොම උනත් අපි ඇවිත් ලියලා යන නොයන එක ඔයාට වැදගත්ද නැද්ද කියලා මම දන්නේ නැහැ.
    හැබැයි ඉතිං ඒ තීරණයත් එක්ක අන්තිමට උනේ නිකං හරි පද පේලියක් කොටලා යන්න පුරුදු වෙලා හිටිය මම ඒක නවත්තලා දාපු එක විතරයි..
    ඔන්න ඔයාගේ හදිසි තීරණ හින්දා වෙච්ච එක දෙයක්.

    සමහර විට ඔයාට ඒ පාට දැන් මතකත් නැතිව ඇති..
    අමතකනං ගිහින් බලන්න අන්න තාමත් මගේ අඩවියේ ඒක එහෙමම තියෙනවා...
    වෙනස්වීම හොඳයි ඒත් සමහර වෙනස්වීම්..?

    ReplyDelete
  15. අපොයි... මම හිතුවේ බඩුම තමා කියලා...ආසාවෙන් කියවන තවත් බ්ලොග් එකක් නවතින්ට යනවද කියලා එකපාරටම හිතුනා...
    අර
    යළි නොඑන
    මම
    ෴ සොඳුරු සිත - වත් ෴ වෙනුවට ඔබ සැම ඇන්දවූ
    මම
    ෴ සොඳුරු සිත - වත් ෴ කියලා දැම්මනම් මොකද... අර් අර්.....

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. වරදක් නම් සමාවෙන්න ?

    ඔයා ලියපු පද හතරක් මගේ මම ලියපු විදිහට මම කෙනෙකුට පෙන්නලා මගේ ආදරේ ජය ගත්ත කෙනෙක් මම ...

    ඉර බැහැගෙන යන හැන්දෑ යාමෙක
    ලස්සන අසිරිය විඳ ගන්න
    උරහිස මා හිස සතපවලා නෙත
    අනන්තයක් වෙත දිව යන්න

    ඔන්න ඔය පද හතර දැකලා එයා මට කීවා මගේ හිත පිටින් පේනවාට වඩා අහින්සකයි කියලා.ඒයාගේ ඒ වචන කීපය තමයි අපේ ආදරේට මුලපිරුවේ ..

    ...මම මේක කවදාවත් නොකියන්නයි හිතං උන්නේ ඒත් මේක දැකලා කියන්න හිතුනා

    සමහරවිට ඔයා ලියන එක නැවැත්තුවානම් එදා මගේ ආදරේ නැතිවෙන්ඩ තිබ්බා බොහෝදුරට. ඒ ආදරේ නැති උනානම් ඒකියන්නේ එයා මට බෑ කිවුවනම් ..මොනවා කරන්නද ?

    තීරනයක් ගන්න කලින් අක්කේ අනිත් අය ගැනත් ටිකක් හිතන්න මේ සොඳුරු සිත දැන් ඔයාගේ වගේම තව ගොඩ දෙනෙකුගේ සිත බවට පත් වෙලා ඉවරයි

    ඉතිං මං වත් අක්කට ණයයි ....

    මම ණයකාරයෙක් !!

    ReplyDelete
  18. තරු අහස
    අපි හැමදාම වෙනස් වෙනව..ඒක ඇත්ත...
    තරු පිරුණ අහස වෙනස් වෙනව ද?
    අහස වෙනස් වෙනව ..මේ හොදට තිබිල ඊළඟ මොහො ධාරාණිපාත වරුෂාව වහිනව...හරියට ගැහැණු අපි වගේ/මම වගේ..

    ඒත් තරු අහස වෙනස් වුනොත් තරු දිහා බලාගෙන පාර හොයන් යන මිනිස්සුනට මොකද වෙන්නේ....

    ReplyDelete
  19. @ දුකා

    දුක් සෝ සුසුම් මැද්දෙන් අඩ අඩා හිනා වෙන්න පුලුවන් ආරංචියක් නෙව දුකා අයියේ...

    දුකා අයිය ආයෙත් ලිනව කියන්නේ ඉතින්.... නියමයි....

    කමොන් දුකා... යූ කැන් ..

    ReplyDelete
  20. @Princess Thushy
    පද හදන්න එපා අනේ... ස්තූතියි...Princess Thushy

    ඒ වෙලාවට ලියවෙන දේ මුලු හිතින්ම එන නිසා වෙන්න ඇති...

    ස්තූතියි ආයෙත්...

    ReplyDelete
  21. @ Dinesh
    මෙහෙම යාළුවො ඉන්න කොට යන්නෙ කොහොමද? මේ ඔක්කම වහල දාලා පරණ පුරුදු නිදහසේ පාඩුවේ ඉන්නයි මම හිතුවේ... බ්ලොග් එක නිසයි මේ ඔක්කම කරදර කියලයි මම හිතුවේ...

    ඒත් දැන් බැලුවම.. බ්ලොග් එක කියන්නේ මගෙ හැමදේම වෙලා වගේ...

    ස්තූතියි Dinesh

    ReplyDelete
  22. @ ඉලංදාරියා
    බය වෙන්න එපා ඉලන්දාරිය... ඔය වයසට බය වෙලා කොහොම ද? ඕන අභියෝගයකට මුහුණ දෙන්න ... වත් අක්ක යන්නම ගියා කියමු ( කොහොමත් කවදහරි යන්න වෙනව නේ)..එහෙම වුනයි කියල ලෝකෙ අනිත් කිසි දෙයක් වෙනස් වෙනනෙ නැහැ නෙ දරුවො...

    ReplyDelete
  23. @ Dar[K]
    හේ හේ... හදිස්සියක් නැහැ දරුවො... දන්නෙම නැතිව යන්න වුනොත් ....

    ස්තූථියි Dar[K]

    ReplyDelete
  24. @ ස්වප්නා
    සිනා කට්ක් දාලා යන්න ගිහින් ... ස්තූතියි ස්වප්නා.

    ReplyDelete
  25. @ මාරයාගේ හෝරාව
    ඔන්න මාරයාගේ ඉල්ලීම පිට කමෙන්ටු කොටුව වෙනස් කරා...සම්මානලාහී මිතුරෙකුගෙ ඉල්ලීමක් අහක දාන්න බැහැනේ... දැන් ඇවිත් ලේසි පහසු විදිහට කොටල යන්න...

    කවුද කීවේ ඔයාලගෙ අදහස් මට වැදගත් නැහැ කියල...

    අනික රෝස පාට මට එපා වුනේ ඇයි කියල මම දන්නෙ නැහැ... ඔයා නම් අවුරුද්දකට කලින් පටන් ගත්ත බ්ලොග් එකේ පෙනුම තවමත් වෙනස් කරල නැහැ... ඒ වගේම චතුෂ ඔයත් වෙනස් වෙලා නැහැ.. කනවා බොනව වැඩට යනවා..දුක පිරුණ හිත ගුලි කරන් ඉන්නව...

    මම මගේ බ්ලොග් එකේ පෙනුම කී පාරක් වෙනස් කරාද කියල මටවත් මතක නැහැ ( දැන් අර ඇනෝ කමෙන්ටු ලියන හාදයා කියාවිද දන්නෙ නැහැ දකින දකින කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නෙත් එහෙම තමයි කියල )

    ඒත් මම මගේ හිත දැන් සෑහෙන දුරට වෙනස් කරන්. දුක තියෙන්නේ හිතේ ගුලි කරන්න ඉන්න නෙමෙයි.. සුළගෙ පා කරල යවන්න..මුහුසෙ රැළි වල දිය කරල අරින්න...

    ඔයා හරි මම වෙනස් වෙලා සහමුලින්ම...

    ඒ වෙනස හොඳ පැත්තට මිසක් නරක අතට නෙමෙයි...

    සම්මානලාභී මාරයා මගේ අවවාද පිලිගනීද නැද්ද කියල මම දන්නෙ නැහැ ඒත් මේ අහන්න...

    -----වෙනස් වෙන්න මාරයා -----

    ReplyDelete
  26. ඔන්න පරණ පුරුදු කොටුවෙ අළුත් විදියට කොටලා යන පළ වෙනියා මං...

    මෙ සම්මාන ලාභී කියලා කියන්නේ නිකං ඔලොක්කුවට වගේ නේද..?
    කමක් නෑ ඉතිං..මක්කා කොරන්නද..?
    මොකක් කිව්වා වෙනස් වෙන්න..ඇහුනේ නැහැ...

    ReplyDelete
  27. @ පුතා
    අනේ මේ මොකද පුතා... මම එයාලව අන්ඳන්න හිතුවේ නැහැ.. මට වුන ඇත්ත සිද්ධිය තමයි මම ලීවේ... ඒකත් අහම්බෙන් වුන දෙයක්...

    අන්ඳනව නම් පලි කොටස නොලිය ලස්සනට අන්දන්න තිබ්බ... මේ වගේ යාළුවො ඉන්දැද්දි එහෙම අන්දල පහත් සතුටන් ලබන්න තරම් සොඳුරු සිත නරක නැහැ මල්ලි...

    ඉතින් පුතා ඇතුපු සැමගෙන් මම ඉල්ලා සිටිනවා ..මේ ලිපිය හිතට දුකක් ගෙනාව නම් මට සමාවෙන්න කියල...

    කවුද අයියෝ හිතුවේ ඔයාල මට මෙච්චර කැමති කියල..

    අනේ පුතේ මට සමාවෙන්න කියල සමාව ඉල්ලන්න තමයි වෙන්නේ...

    සමාවෙන්න ...

    ReplyDelete
  28. @ Thilina
    මොකද දරුවො කමෙන්ටු මකල...මේ පැත්තෙ ඇවිත් ගියාට ස්තූථියි Thilina

    ReplyDelete
  29. @ හිස් අහස
    අල්ලපියෝ අල්ලපියෝ.... මෙන්න මගෙ බ්ලොග් එකට හොරෙක් පැනලෝ.....

    ඕව මොනාද දරුවො.. ඒ පද හතර විතරක් නෙමෙයි මගෙ මුලු බ්ලොග් එකම ඒ දැරිවිට ‍පෙන්නල "ආදරයක් " සෙනෙහසක් ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද?

    මම දන්නෙත් නැහැ නේ මේව මෙච්චර හොද විත්තිය...

    මාත් කොල්ලෙක්ට මම ලියන කවි පද ටිකක් දීල බලන්න ඕනි ...

    හිස් අහස මල්ලි...එයා ණය ඔයාගේ අම්මට විතරයි. ඒ අම්ම එයාට පෙවුව කිරි වලට. ඒක මතක තියා ගත්තොත් නවදාවත් වරදින්නෙ නැහැ...

    ( මේ අනිත් පාර නම් කවි පදයකට චොකෝ එකක් ගානේ අය කරනව හරි ද)

    ReplyDelete
  30. හසියාට දුන් පිලිතුර හසියාගේ බලවත් ඉල්ලීම මත මකා දමන ලදි.හසියෝ මම තරහ .....නැහැ...

    ReplyDelete
  31. Thilina නමින් ලියන්න හැදුවේ මම .ඊට පස්සේ මට හිතුනා ඇත්ත කියන එක හොඳයි කියලා ...ඔයා හිතනවාට වඩා පවර් එකක් ඔයාගේ කවි වල තියනවා ...

    ජයවේවා !!

    ReplyDelete
  32. සිරවටම අක්කේ,fb එකේ දැකපු වෙලවෙ මම හිතුවෙ අක්ක ලියන එක නවත්තන්න හදනව කියල
    වෙලවට ප.ළි කැල්ලක් දැම්මෙ.

    ReplyDelete
  33. බය උනා හොඳටම. ඔයත් මාර වැඩ තමයි කරන්නෙ :)

    ReplyDelete
  34. "....යළි නොඑන
    මම..." මේ ටික වෙනස් උන නම් තවත් හොදයි ඔන්න..
    කොහොම උනත් ලස්සන නම් අඩුවක් නෑ වෙනදා වගේම

    මේ මට හිතෙන හැටි ඕං

    අඩ ගසන්නට එපා - ඔබේ හඩ මා දෙසවන තුලය
    නෙත් යොමන්නට එපා - ඔබේ වත මා හද තුලය
    දුක් කඳුළු නෙත් එපා - ඔබේ කදුළු මගේ වැනිය
    වරද ගන්නට එපා - සොඳුරු සිත සදා පෙම් කරන....

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අම්මෝ වත් අක්කා අයෙත් ඔයවගේ තීරණ ගන්න එක ගැන නම් හිතන්නවත් එපා. බ්ලොග් කරණය ගැන මම ඉගෙන ගන්නෙත් අක්කාගෙන්. ඉතින් අක්කා ඔයා ඔහොම යන්න ගියාම අපිත් ගොඩක් අසරණ වෙනවා නේ.

    මමත් මේ දැනුයි දැක්කේ !!!!! හොද වෙලාවට අක්කේ පසුව ලියන කල්ලත් දාල තිබ්බේ නැත්නම් ඇඩෙනවා අක්කා !!!! සත්තයි. අයෙත් අක්කා මේවගේ බ්ලොග් පොස්ට් දකින්න සලස්වන්න එපා. අක්කට කලකිරීම් මින් මතු ඇති නොවේවා !!!!

    ReplyDelete
  37. The heart like any other,
    can take so much & no more,
    When you try to burden it in excess,
    It will reach the breaking point eventually,

    That's when you say,
    Sorry folks, I am leaving,
    Because I can take no more,
    It's not a shame to say so or leave for that matter,

    It's not negative,
    Under the circumstances that was the best you could do,
    If you think its negative now,
    That means you are looking at it in perspective, that's all,

    Nothing more,
    And,
    Nothing less,

    ReplyDelete
  38. ඇත්තටම ඔය් හැඟීම මට අනන්තවත් එනවා. ගොඩාක් ම ඒකට හේතුව, බ්ලොග් පෝස්ට් ලියන්න ගියාම අතීතය ආවර්ජනය කරන්න වෙනව. එතකොට සොඳුරු මතකයන් වගේම ගොඩක් අමිහිරි දේවලුත් මතක් වෙනවා. වැඩේ තියෙන්නෙ සොඳුරු මතකයක් නම් හිනාවක් ගිහින් විනාඩියෙන් නැති වෙලා යනව. ඒත් අමිහිරි මතකයක් නම් ඒක ඔලුවෙන් අයින් වෙන්න පැය ගනන් යනවා. "අනේ මන්දා"

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...