..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 1, 2010

෴ පියාඹන සිත - Flying Heart ෴


සොඳුරු සිතට හදිසි හසුනක්
කාගෙන් ද කොහෙන් ද
ඉක්මනින් එන්නලු ඔහු බලන් ඉන්නවලු
හැබෑටම කවුද 
මම දන්නෙත් නැහැ
පාරත් එවල සලකුණකුත් එවල
 දෙපාරක් හිතුවෙ නැහැ
මටත් ඕනි වෙලා තිබ්බෙ කොහෙ හරි යන්න
ඉතින් එහෙනම් යන්න පිටත් වෙන්නම්
දාලා යන්න බැරි දේවල් ඇත්තෙත් නැහැ
ඉතින් ඔන්න සොඳුරු සිත කියාපු පාර දිගේ ම ගියා
ගිහින් ගිහින් උසම උස කන්දක් මුදුනටම ගියා
එතනට ඇවිත් තිබ්බ ලස්සන සුදු වළාකුළක්
" නගින්න "
කියල ඒකේ ලියල තිබ්බ
ඉතින් මාත් නැග්ග
නැග්ග ගමන් මෙන්න වළාකුළ පාවෙලා යනවා
උස කඳු උඩින් ගස් වැල් මහ වනන්තර උඩින් 
විටෙක හරි හෙමින් , තවත් විටක හරිම වේගයෙන්
හරියට කවුරු හරි පාර කලින් කියල තිබ්බ වගේ
හිම කඳු , කාන්තාර, දිය ඇලි
අම්මේ ඒවයේ ලස්සන
මම කවදා වත් දැකල තිබ්බෙ නැහැ
ගමනෙ කෙළවරක් නැහැ 
යනව යනව ඉවරයක් නැහැ
ටිකකින් මට තේරුනා ගියපු පාරෙම ආයේ ආයේ යන වග
කලින් දැකපු දේවල් ආයේ ආයේ දකිනවා
මේ මොන විකාරයක් ද
දැන් නම් මගෙ ඔළුවත් කැරකැවෙනවා
අහන්න කෙනෙක් වත් පේන මානෙක නැහැ
වළාකුළට තිරිංග ඇත්තෙත් නැහැ
ඈතින් පුංචි කුරුල්ලෙක් එනවා පේනවා
නම දන්නෙ නැහැ
ඒත් හරි ලස්සන කුරුල්ලෙක්
මම කුරුල්ලට ඇහෙන්න ඈත දීම මෙහෙම ඇහුව
" අනේ පුංචි කුරුල්ලො මට කියන්න , කොහාට ද මේ පාර යන්නේ "
ඒ පුංචි කුරුල්ලා මාව පහු කරන් යන ගමන් මට කීව
" ඔය පාරක් නෙමෙයි. ඕකට තමයි ආදරේ කියන්නේ "
 මොනවා ! හරි විකාරයක්
මට ගෙදර මතක් වුනා
අනේ මට ගෙදර යන්න ඕනි මම හයියෙන් කෑගැහුවා
වළාකුළට නිනවුවක් නැහැ ඔහේ යනවා
ඒ අස්සේ තව සතෙක් එනවා මේ පැත්තට
බැලින්නම් අත්තටු තියෙන අශ්වයෙක්
" මොකද සොඳුරු ඔයා අඬන්නේ "
පියාඹන අශ්වයා ඇහුව
" මට ගෙදර යන්න ඕනි"
" යන්න ඕනි නම් මොකටද ආවේ "
" දන්නෙ නැහැ . එන්න කියල තිබ්බ , පාර ඇදල තිබ්බ , නගින්න කියල තිබ්බ එච්චරයි "
" යන තැන දන්නෙ නැතිව ද නැග්ගේ "
උත්තර නැති මගෙ හිත හීල්ලුවා
" ආදරේ දකින්න ඕනි නැද් ද ? "
අශ්වය ආයෙත් ඇහුව
" කෙහෙල්මල් ආදරය , දැක්ක තරම හොඳටම ඇති. මට යන්න ඕනි "
මම මහ හයියෙන් කෑගැහුවා.
එකම ක්‍රමයයි තියෙන්නේ අශ්ව කුරුල්ලා කීව
 " තමන් වැඩියම ආදරේ කරන කෙනා ගැන හිතන්න, 
හැබැයි එයත් ඔයාට අවංකව ආදරේ කරල තියෙන්න ඕනි "
" අම්මා"
මට කියවුනා
" අම්ම තාත්ත ගැන හිතන්න බැහැ 
එයාල ගැන හිතල නෙමෙයි නේද සොඳුරු මේ ගමන ආවෙ"
ඇත්ත තමයි
" මම ඇස් පියා ගත්ත "
 ම්හ් 
" සොඳුරු ඔයා කාටවත් හරියට ආදරේ කරල නැහැ " 
" එක්කො එයා ඔයාට ආදරේ කරල නැහැ "
පියාඹන අශ්වය කීව
"දැන් මොකද වෙන්නේ වෙන්නේ "
සොඳුරු ඇහුව
" මොනා වෙන්න දිගටම ඔහොම යන්න වෙනව ආදරය දකිනකම් "
පියාඹන අශ්වයා මාව දාලා ඈතට ඈතට පියාඹලා ගියා
හදිසියේ මට කිසිවකු සිහි වුනා
ඇස් දෙක පියා ගත්ත
හයියෙන් හුස්මක් ගත්ත
සොඳුරුගේ මුණෙ හිනාවක් තියෙන්න ඇති ඒ වෙලාවේ
සොඳුරු දුවන වළාකුළෙන් බිමට පැන්න 

" But true love is a durable fire, In the mind ever burning, Never sick, never old, never dead, From itself never turning. "

වළාකුළෙන් බිමට පැන්න 
මම
෴ වත් ෴

18 ප්‍රතිචාර:

ප්‍රාර්ථනා said...

හ්ම්.. අන්තිමේට සොඳුරු සිතට ආදරේ දැනුනා.. අඳුරගත්තා..
බොරු කියන්න එපා අක්කේ..:):)
හිත "සොඳුරු" නම් ආදරේ දැනගන්න ඔච්චර දුර යන්න වෙන්න බෑ..

Dinesh said...

සොදුරු සිත ආදරෙ සොයාගෙන ගිහින්
ඉමක් කොනක් නොපෙනෙන
ක්ෂිතිජ අතරෙ අතරමන්ව
සිත සොයා ඉගිල ගිය ආදරෙ
සොදුරුට ඉක්මනටම හමු වෙවා.....

ර ත් ග ම යා said...

හුරේ.....අපිට වෙඩින් එකකට යන්න ඇහැකි....
ඔය පැන්න තැනම නතරවෙන්න අක්කේ
ආයේ වලාකුලක නගින්න එපා......

දුමී said...

ලස්සන වසිලිස්සා . . . . ආදරේ හොයාගෙන ගිය සුරංගනා කතාව වගේ ලස්සනයි . . . !

wath said...

ප්‍රාර්ථනා
නැහ් ... අන්තිමට "සොඳුරු සිත " හරි ආදරේ හඳුනා ගත්තා...

ආදරේ කියන්නේ දිය යුතු දෙයක් මිස ආපසු පෙරලා බලා පොරොත්තු නොවිය යුතු දෙයක් කියල " සොඳුරු සිත " හඳුනා ගත්තා...

හැමදාම මේ පැත්තේ ඇවිත් යනවට ස්තූතියි ප්‍රාර්ථනා...

wath said...

Dinesh
ආදරේ කියන්නේ සාගරේ වගේ ගැඹුරු
අහස වගේ නිමක් නැති දෙයක් ලුනේ දිනේෂ් ...

වෙලාවට මම සාගරේ නැතිව අහස තෝර ගත්තේ නේද ?

ස්තූතියි .....දිනේෂ්

ස්වප්නා said...

:) ආදරේ දීල දාල හිත හදා ගත්තද? එහෙමද? :)
ඔව් ඉතින් නැතුව මොනා කරන්නද? නේද? බලෙන් ගන්න බෑ නෙ . එහෙම අරගෙන වැඩකුත් නෑ නෙ :)

wath said...

ර ත් ග ම යා
මෙන්න මෙයා වෙඩිමක් කතා කරනවා ... හිහ් කේක් නම් දෙන්න බැරිය ගමකට... මොන වෙඩින් ද මල්ලියා

wath said...

දුමී
අයියා හොල්මන් කතා වලට වගේම සුරංගනා කතා වලටත් කැමති වගේ... " ලස්සන වසිලිස්සා" මම ආසම කතා පොතක්

wath said...

ස්වප්නා
කෙටියෙන්ම කියනව නම් "ඔවු"

මාරයාගේ හෝරාව said...

අර වළාකුළේ නගින්න කියලා ලිව්ව එකා අහු උනානං...

෴ හසියා ෴ said...

අහ් අපිට නොකියා උඩ ගියා නේද? හොද වැඩේ...
අමුතුම විදිහේ අමුතුම ලිපියක් අක්කේ.....
හරිම ලස්සනයි......

Dinesh said...

අක්කා කිව්ව හරි ආදරෙ කියන්නෙ මුහුද වගෙ ගැඹුරු අහස වගෙ නිමක් නති දෙයක්..... හැබැයි මෙ දෙකෙන් මොනදෙ තොරගත්තත් අන්තිම උත්තරෙ එකමයි, මම හරිද????

නිශ් said...

වත් ගෙ සුරංගනා කතා...............

හා හා දෑන් ඉතින් ආයි අර කන්ද මුදුනට නෑගල අලුත් වලාකුලක් හොයා ගන්නව හොඳයි. හෑබෑයි යන තෑන දෑන්ගෙන නගිනව හොඳයි.

wath said...

මාරයාගේ හෝරාව
" නගින්න " කියල ලීව පලියට නගින එක වැරදී. ලීව එකා නෙමෙයි වැරදි . නැග්ග එකා...

wath said...

෴ හසියා ෴
කිය කිය උඩ යන්න වෙලාවක් තිබ්බෙ නැහැ හසියෝ.. ඒව ඒවෙලාවට හිතට ආව සිතුවිලි නේ අනේ... හිතුන ගියා ...

wath said...

Dinesh
ඇත්ත මල්ලි. මොන දේ ( අහස / මුහුද )
තෝර ගත්තත් අවසානයන් නැහැ...

" සුදු හංසයෝ " ටෙලි නාට්‍යයේ තිබ්බේ

" ආදරේ අනන්තයි සාග‍රේ සේ අනන්තයි "
" හදවත ගැහෙනා රිද්මයි"
" ආදරේ - අනන්තයි "

http://www.metacafe.com/watch/2833576/adare_ananthai/

wath said...

නිශ්
යන තැන දැනගෙන නගිනව නම් ඒක ආදරේ නෙමෙයි.
හරියට පස්මහ බැලුම් බලල.
සල්ලි ,දේපල,වස්තුව, රූපය, ගෙවල් දොරවල් බලල සීරුවට කේන්දර බලල හොදට ඇරෙන්ජ් කරල කරපු කෘතිම විවාහයක් වගේ...

අනික පේන මානෙක වළාකුළක් නැහැ... කෘතිම වලාකුළක් හදා ගන්න වෙයි...එන්ජින් බ්‍රේක් එහෙම හයි කරල. එත‍කොට හිතුන ගමන් නතර කරා බැස්ස ගියා...

" කෘතිමයි"

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...