..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 11, 2010

෴ කවිකාරිගේ (නො)ගැලපෙන පෙම්වතා ෴



මා ලියනා කවි කියවන්නේ නැති
ඔහු මා සිත ලියු කවි පදයයි
මා දකිනා ලස්සන නොදකින ඔහු
මා නෙතු අග රැඳි අංජනයයි


ජෙල් ගා පීරණ මුදු ‍කෙස් රැලි ඇති
විලාසිතාව ද ඔහුට අගේ
චාමේට සැරසෙන ඔසරි අදින මම
ඔහුට ම ගැලපෙන අයුරු කෙසේ

අත්වැල් පටලන් යන මග තොටදී
දකින දකින අය නෙත් දල්වන්
" බලපන් බන් අර ජෝඩුව නම් මරු"
කියමින් ඒ අය වෙයි හොල්මන්

පිටත පෙනුම නොව ඔහුගේ හදවත
මා හදවත හා බැදී ඇතේ
ඔහු මා ළඟ නම් ලොව සැමදේමත්
මා ළඟ නැතිවට කමක් නැතේ


බොළඳ ඔහුයි උණුසුම් ආදරයයි
මා සිත හැඟුමින් පුරවනවා
කාට නැතත් මා සිත බැදි ගුණ ඇති
ඔහු මා අ‍නගිව ගැලපෙනවා 


“Finding the right person is very hard and very wrong….it is best to be the right person for the one you love and start from hereyou’ll always end up disappointed when you set standards and define a “right person” for you.


 නොගැලපෙන පෙම්වතාට හදවතින්ම ආදරය කරන කවිකාරී
මම
෴ වත් ෴

19 comments:

  1. හි හි....එල එල

    එක දවසක් හෙනම් මහත ගැණු පරානෙකට සෙට් වෙලා කෙට්ටුම කෙට්ටු මැන්ස් කෙනෙක් පාරේ යනවා..හරියට නිකම් ලොරියකට බයිසිකලයක් හෙත්තු කරලා වගේ...ඇගෙන් පතෙන් නොවෙයි..අදහස් අතින්..වයස අතින් ..ඉගෙනුම අතින් කොච්චර වෙනස් අය එකට පවුල් කනවද?

    අම්මා පන්සලේ ප්‍රධාන දායිකාවක් වෙද්දි,,අප්පොච්චා බාර් එකේ රෙගුලර් කස්ටමර් කෙනෙක් වීම පිලිබද මයියා ගේ අත්දැකීමත් එහෙමයි..

    ReplyDelete
  2. මේ ලෝතේ හැම මනුස්සයම එකවගේ නෑ...ඒවගේමයි පරිපුර්ණත් නෑ....

    විවාහය කියන්නේ නෙගැලපීම්මත එක්වීමක් කියලනේ කියන්නේ....ඉතිං තියෙන්න ඕනි අන්‍යනෝන්ය* අවබෝධයයි කැපකිරීමයි නේද?

    අනිත් එක අපි නොගැලපෙනවා කියලා හිතන්නේ සාපේක්ෂව නේද? ඒ කියන්නේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා...
    උදා: අරයගේ පෙම්වතා සිරියාවන්තයි‍‍‍.මගෙන් අහන එක්කෙනා මුසල පාටයි...
    නමුත් ඇත්තටම සිරියාවන්ත කරුණාවන්ත කවුද කියලා ආශ්‍රය කරනකම් තේරුම් ගන්න බෑ නේද?

    මම නම් හිතන්නේ..., නොගැළපෙන යැයි සිතන කෙනාට, ගැලපෙනවා යැයි කියන කෙනාට වඩා ලොකු දෙයක් අනිත් කෙනා වෙනුවෙන් කරන්න පුළුහන් කියලා....


    * අක්කියෝ ඇත්තටම දුක්වෙනවා මට මේ වචනේ හරියට ලියාගන්න බෑ...ම්ම්ම්ම් පුළුහන්නම් හරි වචනේ දාන්න අක්කියෝ....

    ReplyDelete
  3. අක්කී.. ඔයා මගේ හිත කියවනවා වගේ... මොකද මමත් ඔය විශ්වාසෙමයි ඉන්නේ..(ඔයා දන්නවානෙ මම ඔයාගේ අදහස් වලට හරි ආසයි).ඒවා ඉදිරිපත් කරන විදිහ ඊටත් වඩා අපූරුයි..

    ම්ම්.. ඇත්ත අක්කේ.. පිටින් කෙනෙක් මනින්න නෑ.. මම හරිඅම් පණ්ඩිත,වාත බෝට්ටුයි කියලා පෙනුමෙන් හිතපු සමහරු පුදුම හොඳ මිත්‍රශීලී අය.. හරිම වැදගත් පෙනුමයි,සිරියාවන්තයි කියලා හිතපු අසමහරු හරිම වාත පණ්ඩිත අය..

    ඔයා කවිය ලියලා තියන විදිහ ..... මට ගොඩා...ක් දැනුනා අක්කේ...

    කියන්න වචන නෑ...
    මම හරිම ආසයි මේ කවියට..නම්... ඇත්තම ඇත්තයි....

    ReplyDelete
  4. Not much diff to my personal exp Wath. She rarely reads my work. She rarely try to understand those. But most importantly she does love me and she tries at least at times to gather some sense of the work that I am so engrossed with. And I also think that this, is the best match I can find.

    ReplyDelete
  5. "කවි කාරිගේ නොගෑලපෙන පෙම්වතා"
    හරිම ලස්සනයි අක්කේ

    ReplyDelete
  6. කවුද අපිව ගලපන්නේ රටේ ලෝකේ අයද ?
    කොහොමද එයාල අපිව ගලපන්නේ ?
    මොකක්ද එයාල අපිව ගලපන මිම්ම.?
    අපි ගැලපෙන්න ඕන එයාලගේ ඇස් වලටද ?

    නෑ..................!

    අපි ගැලපෙන්න ඕන අපිටමයි .!
    ගැලපෙන්න ඕන අපේ අදහස් ..!
    අපේ හැඟීම් ..!
    අපි අපිට ..!

    විතරමයි ..!

    ජයවේවා !!

    ReplyDelete
  7. @ මයියා
    නියස නිදසුන
    අම්මා පන්සලේ ප්‍රධාන දායිකාවක් වෙද්දි,,අප්පොච්චා බාර් එකේ රෙගුලර් කස්ටමර් කෙනෙක් වීම පිලිබද මයියා ගේ අත්දැකීමත් එහෙමයි..

    ගැලපෙනවාට වඩා නොගැලපීම සුන්දරයි... නැත්තම් ජීවිතේම ඒකාකාරීයි... හිතන්න ඇවිදින්න යන්න අකමැති කෙනෙකුයි , කැමති කෙනෙකුයි බදින එකද හොද. ඇවිදින්න යන්න අකමැති දෙන්නෙක් බදින එකද?

    ReplyDelete
  8. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතNovember 12, 2010 at 10:54 AM

    වත් සොයුරියගේ මේ comment එකේ දාලා තියෙන අදහසට මම එකඟයි... අපේ ගුරු පියතුමෙක් අපිත් එක්ක ඔය සංකල්පය ගැන කතා කළේ ෂැඔලින් ලකුණ උදාහරණයකට අරගෙන. අඳුරනවා නේද ඒ ලකුණ. කළු - සුදු, සම්පූර්ණ පරස්පර විරෝධී වර්ණ දෙකකින් ඒ රවුම පිරිලා තියෙන්නේ... සමබරව... කළු ලඟ නැති හැම දෙයක්ම සුදු ලඟ තියෙනවා, සුදු ලඟ නැති හැම දෙයක්ම කළු ලඟ තියෙනවා... එතනින් තමයි පරිපූර්ණ බව ඇති වෙලා තියෙන්නේ... සමාන දේවල් තිබුණානම් කළු සුදු මැද්දට අළු ඇවිල්ලා සංකේතයේ සමබර බව නැති වෙනවා... සංකේතයේ වටිනාම තැන ඒ කළු සුදු කොටස් දෙක යා වෙන රේඛාවයි... කිසිම පළුද්දක් නැතිව, කිසිම හිස් ඉඩක් නැතිව බොහොම සුමට යාවීමක් තියෙන්නේ...

    ඒ කියන්නේ නොගැලපෙන අදහස් ගලපගන්න දෙන්නගේ තියෙන හැකියාව... එකම අදහස් තිබුණොත් මග ඇරෙන තැන් වලදි දෙන්නටම මග ඇරෙනවා... වෙනස් අදහස් තිබුණොත් තර්ක කරලා ගලපලා වඩා සුදුසුම විසඳුම තෝරගන්න පුළුවන් වෙනවා... ඒත් හැබැයි ඒ දෙන්නා අතර අර ෂැඔලින් ලකුණේ වගේ කඩතොළු හිස්තැන් නැති යාවීමක් තියෙනවනම් විතරයි...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මාතර අයට කවි සංකල්පනා එන්නේ නිතැතින් මයි කියන එකට වත් අක්කා හොද නිදර්ශනයක් !!!! මේ සංකල්පනාවත් දෙතුන් වතාවක් කියෙව්වා කියලා ආයේ අමුතුවෙන් සදහන් කරන්න ඕනේ නැතැයි සිතමි. !!!!

    ReplyDelete
  11. නගේ ඔයා කියන දේත් හරි,,,මයියා දකින විදිහට වැදගත් වෙන්නේ කොතරම් ගැලපෙනවද නොඇගැලපෙනවද කියන එක නෙමෙයි,,වඩා වැදගත් වෙනෙනේ එකෙක් අනෙකගේ අදහස් වලට කොතරම් ගරු කරනවද, කොතරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද කියන් එකයි...මේව ඉතින් මයියා අසා දැන ගත් කරුණු නෙවෙයි..ජීවන අත්දැකීමෙන් කියන දේවල්..හි හි,,

    ReplyDelete
  12. ෴ හසියා ෴
    පුංචි වයසට ඔහොම හිතන එකත් කොච්චර හොඳද හසියෝ ....ගලපගන්න වචන නැති වුනත් මේ ගලපල තියෙන වචන ටික හොදටෝම ඇති හසි පැටියෝ ....
    පෙනුමෙන් මනින්න බැහැ තමයි. අපි හොදයි කියල හිතන අය කලක් ආස්රය කරද්දි අපි බොහොම කලකිරෙනවා...
    දුෂ්ට දුර්ජන මිනිස්සු කියල හිතන අය අපිට සෑහෙන්න පිහිට වෙනවා ...
    " බියුටි ඇන්ඩ් ද බීස්ට්' කියන සුරංගනා කතාව ඒකට හොදම උදාහරණයක් මල්ලි..

    ස්තූතියි හසි ෴

    ReplyDelete
  13. ප්‍රාර්ථනා
    කෙල්ලගේ හිතට මම රිංගුව ද? හ්ම්... අදහස් එක වගේ ඇති නංගා ඒකයි එහෙම හිතෙන්නේ...

    නංගි කියන තරම් මේ කවි ලස්සන නැති වුනත් නංගගේ හිතට සමීප අත්දැකීමක් ගැන ලියන්න ලැබුන එක ගැන සතුටුයි මට ගොඩක්...

    ඒ වගේම කංගගේ වචන මාව දිරිමත් කරන බව නොකියාම බැරිය...

    " බියුටි ඇන්ඩ් ද බීස්ට්' කියන සුරංගනා කතාවේ ඉන්න අවලස්සන මෘගය අවසානයේදි ලස්සන කුමාරයෙක් වෙනව කියල තියෙනව නේද? ඒ කියන්නේ ඒ කුමාරි අවසානයේදී තේරුම් ගන්නව ඒ මෘගයා ලඟ කොයි තරම් හොද ගති තුණ තියෙද කියල.. ඒනිසා ඒ කුමාරිට ඒ අවලස්සන මෘගයා ලස්සනට පෙන්න ගන්නව.. ඒකයි නංගි ඇත්ත...

    අපේ අම්ම තරම් ලස්සන අම්මකෙනෙක් ලෝකේ වෙන කොහෙවත් ඉන්නව ද නංගා ?

    ReplyDelete
  14. Sujeewa Kokawala

    " opposites always attract.,"
    විවිධත්වයට මිනිසාට ආදරේ කරන්න පුලුවන් නම් ඇයි නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බැරි...

    ගොඩක් වෙලාවට මෙය ප්‍රශ්ණයක් වෙන්නේ ඒ දෙන්නට නෙමෙයි සමාජයට... ඉතින් සමාජය විසින් ඔලුවට දාන මනස්ගාත එක්ක හිතල බලල අර යස අගේට ඉන්න මනුස්සයගේ නුගුණ දකින්න හිත පෙලඹෙනවා ...

    ඔයා හරි වාසනාවන්තයි...Sujeewa Kokawala..ඔයාටත් යඩා ඔයා ආදරේ කරන ඇය වාසනාවන්තයි...සුබ පැතුම් ..

    ReplyDelete
  15. Dinesh

    ඇයි මේව විතරද ලස්සන... අර " සිහින" කියල බ්ලොග් එකක් තියෙනවා නේද?

    http://dineshumagiliya.blogspot.com/

    ඒකෙ ලියවෙන කවිත් මේ වගේම ලස්සනයි ...

    ReplyDelete
  16. හිස් අහස
    ඇත්ත ඇත්ත... අහස හිස් වුනත් කියන කතාව නම් සහතික ඇත්ත....

    අපි අපිට ගැලපෙනව කියල හිතුවත් මල්ලි..සමාජය අපේ ඔලු ගෙඩි වලට වීෂ පුරෝනකොට....

    "අපෝ ..ඒකී උඹට ගැලපෙන්නේ නැහැ.. හරි පුංචි කෙල්ලෙක් නේඃ

    "වෙන ආගමක නේද"

    " වයස වැඩිනේ ගොඩක්"

    " වයස මදි ගොඩක් බාලයි නේද"

    " පෙනුම හරි නැහැ බන් පතෝල කරලක් වගේ"

    " අපොයි ඔයිට වඩා හොදයි උඹ ඩෝසරයක් බැද ගත්ත නම්"

    සමාඩයේ විෂ ඉස්සරහ දුර්වල අයගේ හිත සමාජයේ ඇහින් බලන්න ගන්නව...

    අන්තිමට යස අගේට තමන්ට ආදරේ කරපු තමන් ආදරේ කරපු මනුස්සයව නැත් කර ගන්නව...

    ඔයා හරි ...නුඹට සදා ජයම පතන
    මම
    ෴වත්෴

    ReplyDelete
  17. මධුරංග
    මාතර අයට කවි කෙසේ වෙතත් මක්තර ගුරුකම් නම් පුලුවන් මල්ලියා ...

    මට නම් බැරිත් ඒවම තමයි....

    දැන් ඉතින් කීවනම් බලන්න මේ ඉංජිනේරු මහත්තයගේ ගම් පලාත කොහෙද.. බ්ලොග් වල රස්තියාදු වෙන්න තරම් කාල වේලාව හොයා ගන්නේ කොහොමද කියල ...

    ස්තූථියි...

    ReplyDelete
  18. ආලින්දයෙහි මගේ සුපුරුදු පුටුවෙහි දිගාවී ඊයේ ගෙනා පොත කියවමි,

    ඇය මා අසල බිම හිඳ දෑතෙහි නියපොතුවල සායම් ආලේප කරයි,

    "මේ බලන්ඩ ඒයි, මේ පොතේ මරු කතාවක් තියෙනව, මෙතන මම ලකුණු කරල තියන්නම්, ඔයා පස්සෙ බලන්ඩ"

    "මට බෑ අපෝ ඔය පොත් බලන්ඩ, කම්මැලියි, ඔයා කියන්ඩකො ඔය මරු කතාව, මම අහගෙන ඉන්නම් "ඇය ආලේප කල සායම් වියලෙනු පිනිස සෙමින් මුවින් පිඹිමින් කීවාය

    "මේක කවි පොතක්, ලස්සන කවි තියෙනව"

    "හපොයි කවිද? ඔයා ලියන කවිත් මම කියවන්නෙ නැතිකොට" ඇය යටි තොල පෙරලුවාය

    ඇය කියන්නේ සම්පූර්ණ ඇත්තය, මා ඇයට ඇසෙන්නට කියනවා මිස කිසිදිනක ඇය මා ලියන කවියක්වත් නොකියවයි, "ඔයා ඔව්ව මටනෙ ලියන්නෙ, ඉතිං මම ආසයි ඔයාම ඕවා කියනකොට" මේ ඇගේ හේතු දැක්වීමට එරෙහි වියහැකි කරුණක් මෙතෙක් මට සොයා ගත නොහැකිය,

    "හරි මොකද්ද ඔය කතාව කියන්ඩකො "ඇය මා උකුලේ හිස තබා ගනිමින් ඇසුවාය

    "කවිකාරියගේ නොගැලපෙන පෙම්වතා තමයි මාතෘකාව, Opposites certainly attract කියන එකයි මේකෙන් කියවෙන්නෙ"

    "අපෝ ඕකට පොත් කියවන්ඩ ඕනය, opposites attract කියල මම ඉගෙන ගත්තෙ හයේ පංතියෙදි, ඒත් ඒක ඇත්තක් වෙන්ඩ පුලුවන් කියල මට හිතුනෙ අපි යාලු උන දවසෙ, ඒක සම්පූර්ණ ඇත්ත කියල මට ඔප්පු උනෙ අපි බැඳපු දවසෙ, ඔයා එක්ක ගෙවපු මේ පහුගිය හැම දවසක්ම ඒ කතාව නැවත නැවත ඔප්පු වුනු දවසක්" ඇය මා ඇකයෙන් හිස තබාගෙනම එක එල්ලේ මා දෑස දෙස බලාගෙන පැවසුවාය,

    මම තෙත් වූ දෙනෙතින් යුතුව ඇගේ නලලත සිපගතිමි,

    ReplyDelete
  19. ලස්සන අදහසක් වත්, මේ විස්තර වෙන ආකාරයේ බැඳීමක් පවත්වාගෙන යන්න තදබල විශ්වාසනීය බවක් අවැසි වෙනවා
    නැත්නම් සමාජය ටිකින් ටික වස මුසු කරනවා,

    කොච්චර නැහැ කියාලා හිතං හිටියත් ඒ බැඳීමට වහ මුහු වෙන්නේ නොදැනුවත්වමයි. තදබල විශ්වාසනීයත්වයක් නැත්නම්...... කොටින්ම වැඩේ දෙල් වෙනවා කියන්න පුළුවන්.

    රවීගේ කොමෙන්ටුව වගේ ‍ජීවිත හරිම අඩුයි. ඒත් නැතුවා නොවෙයි. ඒ වගේ ජීවිත ගත කරන අයට ආශිර්වාදයක්ම වේවා!!!!!!!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...