..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, November 29, 2010

෴ සොයන්නිය ෴

පිදුම : - සපත්තුව සෙවීම පසෙකලා ජීවිතය දෙස බලන්නට     ඉගැන්වු ආදරණීය මිතුරාට සෙනෙහසින්
 


කඳුළු පිරි නෙතු දරන්
ඔහේ සැරි සරන්නිය
සොයන්නේ කුමක් දැයි
ඇය තවම නොදන්නිය

සොයන්නට සොයන්නට
තව තවත් හඬන්නිය
නිමාවක් නොදැක ඇය
මුලාවේ වැටෙන්නිය

දිනක් නොසොයාම එක්
අයෙක් මඟ සිටින්නෙය
සොයන්නේ කුමක් දැයි
ඇගෙන් ඔහු අසන්නේය

සිනා කැන් සලන්නිය
මෘදු හඬින් අඬන්නිය
සොයන්නේ කුමක් දැයි
නොදන්නෙමි කියන්නිය

නුඹ ළඟම නුඹ තුලම
සොයන දේ තිබ්ද්දිම
කඳුළු වැසි වස්සවන්
කුමට නුඹ හඬන්නෙද

ඇයට ඇය සොයන්නට
ජීවිතය දකින්නට
කඳුළු නැති හෙට දිනක්
ඇයට හිමි කරන්නට

සපථ කළ ලෙසම ඔහු
ඇයට මඟ සදන්නට
එක් වුනා ලෙංගතුව
සිතට සුව ගෙනේනනට

සපත්තුව නුඹ ළඟයි
නුඹ තවම නොදන්නෙද
කුමරු කුමටද ඉතින්
ජීවිතය විදින්නට

දමා ආ දෙයක් ගැන
කුමට පසු තැවෙන්නෙද
නුඹ ළඟම බොහෝ දේ 
නුඹට නොම පෙනෙන්‍ නෙද

හිමි කුමරු එන තුරා
ළඟින් මා සිටින්නම්
කඳුළු නෙතු දිලිසෙනා
සිනාවක් තබන්නම්

ජීවිතය දකින්නට නුඹට 
මඟ සදන්නම්
කාලයට තීරණය
 ගන්න ඉඩ හරින්නම්

෴ ස්තූතියි මගෙ යාළු ෴

 -----------------------------------------------------------------------

You gave me wings and made me fly
You touched my hand I could touch the sky
I lost my faith, you gave it back to me
You said no star was out of reach
You stood by me and I stood tall

I'm grateful for each day you gave me
Maybe I don't know that much
But I know this much is true  

  - Celine Dion -

 මෙන්න එහෙනම් අහල බලන්න කො ඔයාලත් . . 



එහෙම කීවේ Celine Dion වුනාට මෙහෙම ලීව
මම
෴ වත් ෴

15 comments:

  1. සොයන්නට සොයන්නට
    අලුත් වන ජිවිතය

    ReplyDelete
  2. අම්මපා කව්ද මේ යාළු.
    කොහොම උනත් යාළුට මගෙත් ස්තූතිය.
    මනරම් කවි ලියන්න පාර පෙන්නුවට.

    ReplyDelete
  3. අපිටත් හොරා නිතරම පියබන කාලේ
    කොටු දොලහක් මෑද්දේ සිකුරා රග දෙන තාලේ
    ගෙව්විලා යන්නේ මේ ඔබගේ සෙනසුරු අපලේ
    සිකුරා අජ වෙනේ හිස් මුදුනෙලු රාලේ....

    ReplyDelete
  4. ඇත්ත, ලඟ ඇති දේ තියාගෙන බොහෝවිට අපි සොයන්නේ ඈතින් තියෙන් දේවල්. ලස්සනයි පදපෙල.

    ReplyDelete
  5. ගූගල් දෙයියගෙන් සපත්තුවයි, යාළුවයි දෙන්නම් සොයාගන්න ඕනි....

    ReplyDelete
  6. කතන්දර අයියාගේ ප්‍රශ්නේම තමයි අක්කේ මටත් අහන්න තියෙන්නේ

    ReplyDelete
  7. ලස්සන සංකල්පනාවක් වත් අක්කේ !!!! ඔහොම කියපු යාලු කවුද ???

    ReplyDelete
  8. යාළු! එයා ගැන මම ගිතන්නේ මම දන්නවා ! කොච්චර හොඳද වත් අක්කට එල යාළුවෙක් ලැබිච්ච එක. වත් අක්කගේ ජීවිතය සොඳුරු බවින් පිරෙන දිනය වැඩි ඈතක නෑ වගේ ..අපි ඒ දවස එනකම් බලං ඉන්නවා ඔන්න.

    අක්ක ලියන කවි එන්න එන්නම අමුතු වෙනවා ! ඒ වෙනස පේන්නේ මට විතරද ..අළුත් යාලු නිසා වෙන්න ඇති ..

    ජයවේවා !!

    ReplyDelete
  9. ..::| පොජ්ජේ |::..
    යදින්නට මිසක් එය
    විදින්නට ඉඩක් නැත

    නිශ්
    යස්... මගෙ යාලුට ස්තූති කරපු ඔය යාලුවටත් ස්තුතියි යාලු.

    ඉලංදාරියා
    පලවා හරින කල ඇවිදින් සෙනසුරුවා
    ගෙන්වා ගන්න කාලය ඇවිදින් සිකුරා
    නලලේ නැතත් කොටලා ඒ හෙනහුරුවා
    මගෙ යාලුව ඉන්නව දිවි තිබෙන තුරා

    ReplyDelete
  10. A lost soul I met once upon a time at the wayside, who reminded me of someone I knew long ago .............

    අහිමිවූ එකමදේ සොයන්නී,
    ඒ ගැනම කඳුලු දිය ඉසින්නී,
    ගෙවුනු පෙර දවස ගැන තැවෙන්නී,
    හද කැලැල් යලි පාරවන්නී,

    දිවිගමන මංසලක සිටින්නී,
    පැමිණි මඟ දෙස බලා හඬන්නී,
    සිත රිදුනු මඟ ළකුනු දකින්නී,
    සෝ තැවුල් බර ඉවත නොලන්නී,

    I know it may not be enough but the least I could do is but try ..............

    කඳුලු පිසහැර සිනාසෙන්නට,
    සෙනෙහෙ දියරින් වත තෙමන්නට,
    තැවුනු සිත නිවු ඔසුව වන්නට,
    පතන්නෙමි තරු ලකුණ වන්නට,

    පැමිණි මඟ දෙස නැවත නොබලන්,
    සියලු සෝලතැවුලට සමුදෙන්,
    සොඳුරු සැමරුම් මතක අතරින්,
    දිවිය විඳිනා යුගය ඇවිදින්,

    ReplyDelete
  11. ගල්මල්-Coral
    ළඟ ඇති දේ අගේ නැහැ.
    සමහර වෙලාවට ලග තියෙනව කියල අපිම දන්නෙ නැහැ අයියා....

    ෴ හසියා ෴
    නොපෙනෙන දෙවියන් අදහන්නේ කුමට ද ....

    Kathandara
    very clever ......

    ReplyDelete
  12. පූසා
    ආහ්.. පූසො...පුසො රිංගන්නෙම සපත්තු වල නිසාද පූසටත් බූට් එකම හයිලට් වුනේ...

    මධුරංග
    ම්ම්... ඒ තමයි මගෙ යාලු... ස්තූතියි මධුරංග

    හිස් අහස
    ආහ්... එයා කොහොමද මගෙ යාලු ගැන දන්නෙ.. හරි හරි දන්නව නම් ස් ස් ස් ස් ස්.... කාටවත් කියන්න එපා ඕං හරිද...

    ReplyDelete
  13. Ravi
    රවී මහත්තයා ආයෙත් ලියනව නේද...
    කොච්චර සතුටක් ද ඒක..
    ලියන්න පුලුවන් අය හැංගිලා ඉද්දි.. ලියන්න බැරි මම වගේ අයට තමයි තැන තියෙන්නේ.. ඒ නිසා එන්න.. අපිත් එක්ක ලියන්න...

    මෙන්න අනිත් යාලුවන්ටත් රවී සර් ලියන දේ ගිහින් බලන්න...

    http://ranrandil.blogspot.com

    ReplyDelete
  14. කවුද කවුද මෙතන නොපෙනෙන දෙවියෙක් ගැන කතා කලේ....මං කතා කලේ මේ ගූගල් දෙවියා ගැන කාටත් පේන...මිනිහා නෙවැ හැමදෙම ටයිප් සැනින් හොයලා දෙන්නේ...ටයිප් කරන පරක්කුව විතරයි....
    අනිත් එක හසියා ඇවිත් ඔය තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් එක්කෙනෙක් වත් විශ්වාස නොකරන කෙනෙක්....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...