..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 27, 2010

෴ නුඹ නැති කළ ෴

දැන් නම් හොඳටම හතිය. . . බබා සමඟ සෙල්ලම් කරන විටවත් මෙතරම් වේගයෙන් මා දිව ගොස් නැත.මහ හඩ නංවමින් කණ ළඟින්ම ගිය වාහන කීයක් පසු කරමින් බබාගේ වාහනය පස්සේ දිව ආ දුර කොතරම් දැයි සිතා ගත නොහැකි වූයේ ආපසු හැරී බලන විටයි. . . මේ මහපාරේ මෙතරම් දුරක මා කිසි දිනක පැමිණ නැත. බබා සමඟ පැමිණියද වැඩිම වුනොත් කළු මාමාගේ කඩයට පමණි. ඒද මා වෙනුවෙන් යමක් මිලට ගැනීමට පමණි. බබාට කන බොන දේ ගෙන එන්නේ නගරයේ ඇති සුපර් මාකට් එකෙන් බව මම අසා ඇත. . . . .


මහ පාර මැද සිහිසන් නොමැතිව සිට ගෙන සිටින මා තුට්ටුවකට ගනන් නොගනිමින් අධිවේගයෙන් හඹායන වාහන අතරින් රිංගා මහ පාරේ අයිනකට විමට මට සෑහේන වේලාවක් ගත විය. පාරේ අයිනක ඉඳගත් මම මට සිදු වූ දේ අග මුල සිහි කරන්නට වීමි.

මට මතක ඇති කාලයේ පටන් මම සිටියේ තට්ටු දෙකකට සාදන ලද විශාල බංගලාවේය. මට මතක නැති කාලයේ මා සිටියේ කොහි දැයි මා නොදැන සිටි මුත් බබාගේ තාත්තා සහ අම්මා කී කතා අනුව මා ඔවුනට කාගෙන් දෝ තෑගි ලැබී ඇත.

‍ඒ නිවසේ සිටි පිරිසෙන් මට වඩාත් ආදරය දැක්වූයේත් මා වඩාත් ආදරය දැක්වූයෙත් බබාටය. බබා මට ආදරේ කළ බව කාට නැතත් මට රහසක් නොවීය. මාද එසේමය. ඔහු මා සිප ගන්නා විට ම'සිත රැඳි අනේක සෙනෙහසින් මාද ඔහු සිප ගනිමි. බොහෝ විට මෙය සිදු වන්නේ බබාගේ මවු දෙමාපියන් නොපෙනන අවස්ථාවක දී ඔවුනට ඇස නොගැටෙන පරිදිය.... රහසේ සිදු වූ එවැනි ආදරණිය හාදු වල උණුසුම දැනී ම'හද සෝකයෙන් කිලි පොලා යන්නට විය.

අද දින ඔවුන් මෙරට අත හැර විදෙස් ගත වීමට යන බව මීට සති කිහිපයකට කලින් බබා මට පැවසූවේ මා ඔහුගේ උණුසුම් තුරුලේ රුවාගෙන මා හිස සිඹින ගමන් දුක් මුසු ස්වරයකිනි. වෙන් වීමක දුක මට එවෙලාවේ නොදැනුනේ ඔවුන් මා මෙසේ දමා යතැයි මා නොසිතූ බැවිනි. කුස්සිඅම්මා ද රැඟෙන යන බව පැවසූ බැවින් මා ද රැ‍ඟෙන යනු ඇතැයි මා විස්වාස කළෙමි. බබා ගැන විස්වාසය තබා ඔහුට පුද කරන ලද මගේ නිර්මල ආදරයට ඔහු සැලකූ හැටිය මේ. බබාට වැරදි කීමට ද නොහැකිය. ඔහු මා රැ‍ගෙන යාමට අවැසි බව පවසා මවු පියන් සමඟ වූ බහින් බස් වීම  ද මගේ සවනත වැකුණි. එහෙත් අපගේ රහස් ප්‍රේමයේ අහුමුළු දැන වුන් කුස්සිඅම්මාද මා රැඟෙන නොයන ලෙස පවසමින් බබාගේ  මවුපියන් දිරි ගැන්වූ හැටි සිහිවන විට මට සිතෙන්නේ දුකකට වඩා තරහකි.

අවසානයේ බබා හඩන්නටත් මුරණ්ඩුකම් පෑමටත් වූ විට බබාගේ අම්මා පැවසුවේ .
" එහෙ ගියාම ඉන්න අය දැක්කම මෙයාට මේ ඔක්කම අමතක වේවි." කියාය.

හ්ම් ම් ම් ම් ම් . .  .   .    .     .

දීර්ඝ සුසුමක් අවසානයේ නෙත් වල රැඳි තෙත පොළව ද තෙත් කරන්නට වුයෙන් නෙත් පියන් වේගයෙන් සැලූ මා අවට බැලුවේ කවුරුන් හෝ මා දෙස බලා සිටී නම් එය මට ලැජ්ජාවක් ගෙන දෙන නිසාවෙනි.

මිනිසුන් මගෙ නෙතු පේන සෑම මායිමකම සිටියද ඔවුනට මා ගැන නිනවුවක් නොවිය. මවක විසින් බලය යොදා ඇඳ ගෙන යන කුඩා දරුවෙක් පමණක් මා දෙස බලා ආදරයෙන් සිනා විය. ඒ කුඩා දරුවා පස්සෙන් එලවු මගේ තෙත දෑස නැවතුනේ ඈත සිට මා දෙස විරිත්තමින් බලා සිටින මා කවදත් අප්‍රිය කළ ලොම් හැලී ගිය නමුත් විශාල ප්‍රමාණයේ සිරුරකින් හෙබි නාටු බල්ලෙක් වෙතය.

ඌ නොදුටුවාක් මෙන් ආපසු හැරුන මම පසු නොබලා දිව ආවෙමි. . . . ක්‍රමයෙන් හති වැටෙත්ම ගමන බාල වූ අතර පසු පස හැරී බැලූ මම දුටුවේ මා පසු පසින් එක බලු බල්ලෙක් වත් නැති සැටිය. . . . . එසේම මා පරණ හුරු පුරුදු මාවත වෙත අවතීර්ණ වී සිටීම ම'හදට සතුට ගෙන ආවේය.... පය ඉක්මන් කළ මා පරණ පුරුදු ඉව අස්සේ ඇදෙන්නට වූයෙමි.

දුක සෝ ගින්න ක්‍රමයෙන් තුරන් වී යද්දි ලොව ඇති විශාලම ගින්න ම'කුස බුර බුරා නගින්නට විය. . ඒ වන විට මා මගේ බංගලාව සමීපයට විත් තිබුනි. . . . . විශාල ගේට්ටු පලු දෙක ඉබි යතුරු දමා වසා තිබුනි. 

දුක නැත..... බඩගින්න මගේ සියොළඟ දවා හකුලමින් නැගේ. . . .  පහලට යොමු වූ නෙතු දුටුවේ කුණු කානුවේ වැටී ඇති පාන් කාලකි. එය දුටු මට ඇති වුයේ තද අප්‍රියාවකි. නමුත් දැනුන කුස ගින්න විසින් මගේ අප්‍රියාව පමණක් නොව උඬඟු බවද ඇඳ දැම්මේ ඉතාම පහත් තත්ත්වයකටය. වට පිට බැලූ මම මොහොතින් කාණූවට බටුවෙමි. පාන් කෑල්ල කෑමට සැරසුනා පමණි. බංගලාව බලා ගන්න කියා යතුරු බාර දී ගිය මා නම නොදන්නා හැඩි දැඩි පිරිමියා පැමිණුනි. 

" දුප් බල්ලා . . . !  ! ! "

හඬ දිගේ මා වෙත ආ ගඩොල් කෑල්ලෙන් බේරිමට මට නොහැකි වුවත් පහර කාගෙනම පාන් කැබැල්ල කටින් ඩැහැ ගත් මම හැකි වෙර යොදා සිවු පයින් දිවුවේ. . . . . 

අද සිට මා මියෙන තෙක් මගේ උරුමය වූ මහ මඟ ජීවිතයේ පළමු අභ්‍යාසයට අත් පොත් තබමිනි . 



පාන් කෑල්ලක්, බත් කටක් දීමට නොහැකිව මෙවන් අය දිනකට සිය ගණනක් දකිමින් දුක පමණක් සිතන
මම
෴ වත් ෴

12 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් සංවේදී සත්‍ය සටහනක්.....

    ඕව මොනාද අක්කේ....
    තමන් වදාපු හදාපු අම්මා තාත්තා මහ පාරේ දාලා යන පුත්තු ඉන්න රටේ මේවා මොනාද අක්කේ....

    ReplyDelete
  2. ගොඩාක්ම සංවේදී කතාවක් අක්කා. හිත ගොඩාක් ඈතට අරන් ගියා. අපි ආදරය කරන අය අපෙන් වෙන් වෙන එක දුකක් කියලා දැනෙන්නේ මේ වගේ දේවල් උනාම කියලයි මට හිතෙන්නේ. වත් අක්කට කවි වගේම කතා ලියන්නත් පුලුවන් කියලා මං අදයි දන්නේ.

    කොහොමත් බබාව බලාගත්ත කෙනාට සිද්ධ උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක් !!!!!

    ReplyDelete
  3. මේක නම් අහම්බෙන් උනාද මන්දා අපේ නගත් අද වලක වටී සිටි කුඩා සුනක පෝතකයෙක් ගෙදර ගෙනාවා නෙව වඩාගෙන ..අම්ම නම් ටිකක් බර බරේ දැම්ම ඒත් මම ඒකමතිකව තීරනය කරා මේ සත්වයාටත් අපේ නිවසේ ඉඩක් වෙන්කල යුතු බවට ඉතිං ඕං දැං සුවසේ මගේ දෙපය මුල දොයි ..

    අදම ඔන්න ඔයත් ලස්සන කතාවක් ලියලා සුනක පැටවෙක් ගැන මම අද ගත්ත තීරණය වැරදි නෑ කියලා හිතුනා මේ පෝස්ට් එක දුටුවම .

    ජයවේවා !!

    ReplyDelete
  4. වෙනස් ආරක රචනයක්. ලස්සනයි. සිවුපාවා ගැන ගොඩාක් දුක සිතුණා. ඒ සතාට අයත් නම් ගත් "සතුන්" ගොඩාක් ගැන මගේ සිතට ආවේ නිරායාසයෙන්...

    ReplyDelete
  5. මම අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එක කියෙව්වෙ. ගොඩක් ලිපි කියෙව්වා. හරිම ලස්සනයි, හිතට දැනෙන විදියට ලියල තියනවා.
    දිගටම ලියන්න. ජය වේවා!!!

    ReplyDelete
  6. හුගක් අය නොහිතන දෙයක්...හිතුවත් ලියනව බොහොම අඩුයි..හැබැයි ලිව්වත් මෙහෙම අපූරුවට නම් ලියන්නෙම නැති වෙයි කවුරුවත්...

    ReplyDelete
  7. මනුස්සකම් හෝදා පාලුවට ලක් වෙමින් අති සමයක සත්ව කරුනාව ගැන ලියූ සටහන අපූරුය.

    මන්නුසයෝ මනුස්සයන්ට නැතත් බල්ලන්ට වත් සලකනවානම් . . !!!

    ReplyDelete
  8. හසියා කිව්ව වගේ කිරි කැටියො මහ මග දාල යන සමාජයක ඕවා අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා අක්කේ... හුඟක් සංවේදී සටහනක්...

    ReplyDelete
  9. අන්තිම වෙනකල් මම රැවටිලානෙ හිටියේ..ඕක මොකක්ද මම රැවටිලා තියෙන හැටියට...එළ...

    ReplyDelete
  10. හිහ්... හිහ්... මාත් රැවටුනා... ලොල්...

    ReplyDelete
  11. හිත හුඟක් සසල කළ සටහනක්.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...