..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 25, 2010

෴ ප්‍රාර්ථනාව ෴

හතර වටින්ම කළුකරන් හැමදාම හවහට හවහට වහින එක අද අමතක වෙලා ද? එහෙමත් නැත්තම් මම ඉල්ලපු ඉල්ලීමට කණ්දීලා අහස පුංචි විවේකයක් අරන් ද මන් ද ?

වැඩ ඇරිල ඔපීසියෙන් එළියට බැහැල අහස දිහා බලපු මට එහෙම හිතුනෙ මුලූ අහසම ලස්සන ලා නිල් පාටට තිබ්බ හින්ද. අදවත් එයා තෙමෙන්නෙ නැතිව ගෙදර යාවි . හොඳ අහස. . . එයා හැමදාම තෙමුනොත් මට තමයි දුක.

" මොකද මේ අහස දිහා බලන්. අහස කඩන් වැටෙයි කියල ද? ඔන්න එහෙනම් මම හවස 6 ට විතර එනව. ලෑස්ති වෙලා ඉන්න හොඳද. මල් ටිකක් එහෙම කඩන් "

" හරි හරි . . . මම එන්නම් "

දවස් හතක් තියන බෝධි පූජාවක අවසාන දවස අද ලු. ඉතින් මටත් එන්න කියල හරි කරදරේ. ඒ අක්කගෙ මහත්තයගෙ අපල දුරු වෙන්න කියල කරන බෝධි පූජාවක්. එහෙම බැලුවම අපි බෝධි පූජා තියන්නෙත් සසරින් එතෙර වෙන්න නෙමෙයි. අපි ලෙංගතු අයට සිද්ධ වෙන අපල උපද්‍රව වලින් එයාලව වලක්ව ගන්න.

ගෙදර ඇවිත් නාල කියල මල් එහෙම කඩාගෙන . . .මඟ බලන් හිටිය .මොකද දැන් මටත් පන්සල් ගිහින් ප්‍රාර්ථනා කරන්න දෙයක් තියෙන නිසා. 

මගේම ප්‍රාර්ථනාවක් . .. . . . .  ඔවු මගේම කියල ප්‍රාර්ථනාවක් . . . .

එහෙම හිතුවම මට හිතෙනවා ඉස්සර මට මගෙම කියල කිසිම ප්‍රාර්ථනාවක් තිබිල නැහැ නේද කියල. . . .


ඇමදූ මළුවක පිවිතුරු ලස්සන
මගෙ සිත ඇතුලත අතුරාලා
සුළඟට සෙලවෙන බෝ දළු සිසිලස
හද මැදුරට මගෙ ගෙන දීලා

පහන් වැටක ආලෝකය දී මට
අඳුරු මතක නිති හැරදමලා
සුවඳ හමන හැඟුමින් සරසා සිත
නැවුම් පැතුම් සුවඳින් පුරවා


ලබනා හෙට දින කළුවර නැති වග
තබන තබන පියවර ගානේ
වැටුන විටදි මා ළඟ නිති රැදෙමින්
අත පෑ ලෙංගතු සිත ආයේ

කෙදිනකවත් නැති නොවෙනා මිතුදම
සපථ කරපු දින නුඹ දෑසේ
ප්‍රාර්ථනා සැම නුඹ නමටයි හිමි
මිතුර මගේ ඉර සඳ වාගේ


" දැන් එහෙනම් තම තමන්ගේ සිත් වල තියෙන ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ධ සිද්ධ වේවා. නිදුක් නිරෝගී සවි බල ඇති වේවා. මෙලොව මෙන්ම පරලොව දියුණුවටද මේ පිං හේතු වාසනා වේවා කියල සාධු කියල ප්‍රාර්ථනා කරන්න "

සාධු ! සාධු ! සාධු ! ! . . . .   .    .    .    .

ඉතින් මගෙ යාළු .  .   . මගෙ හිත සතුටින් පුරවපු පිනම ඇති ඔයාට . . .මගේ ප්‍රාර්ථනාව මගෙ යාලු ගෙ සිතේ තියන සියළුම ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලයි. . .   . .


රිදුන තැවුන සිත පන්සලේ තියල නිවුන සැනහුන සිතින් නිවසට ආව 
මම
෴ වත් ෴

පලි : - ඔන්න ඉතින් කමෙන්ටු වලට එහෙම සාධු ! සාධු ! සාධු ! ! . . . .   .    .    .    .කියනව නෙමෙයි ඕං . .   .    .       .       .

24 comments:

  1. කවුද ඒ යාළු.....?
    කවුරු උනාම මොකද ? වත් අක්කගේ හිත සතුටින් පිරෙවුවා නම්.

    අළුත් සතුට අක්කගෙයි අක්කගේ යාළු ගෙයි සිත් වල හැමදාම රැඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    එහෙනම් දැං ඉතින් අළුත් යාළුකමක් , අළුත් බලාපොරොත්තු , සේරම තියනවනේ මොනාද අඩු..?

    අළුත් ජීවිතයක් ! ඒකත් ඉක්මනටම ඔයාට ලැබේවි.

    ජයවේවා !!

    ReplyDelete
  2. අනේ ඉතින් නිවුනු සැනසුනු හිත හැමදාටමත් තියෙන්න කියල සාධු සාධු කියල ප්‍රාර්ථනා කරනව.
    සාධු! සාධු! සා...!

    ReplyDelete
  3. ඒ හිතෙයි ඔය හිතෙයි දෙහිතේම හැහදාම සතුට රැව් දේවා කියලා මමත් පතනවා...!

    ReplyDelete
  4. ඔන්න ඉතින් මාත් කිව්වා..

    අනේ සාදු...

    ReplyDelete
  5. ඒකනෙ කියන්නේ. මේ ළමයින් නම් හරිම නෝටි. එපා කීවොත් ඒකමයි කරන්නේ...

    කෝ බලන්න දැන් සාධු සාධු සා කීව අය .....

    කුඩේ නැතිව වැස්සෙ තෙමෙන හාදය ගැන කෙනෙක් අහනවා...

    යාළු ගැන තව කෙනෙක් අහනවා....

    හ්ම් ....

    රහස් පරීක්ෂකයන්ට වත් අක්ක මෙන්න මෙහෙම කියනව ලු.

    " සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ "

    ReplyDelete
  6. හිස් අහස
    පුංචි සර් සනීපෙන් නේද? ඒක නෙමෙයි පුංචි සර් අර මම කලින් ඇහුව වගේ පුංචි සර්ව බලන්න එද්දි ළමයි අරන් ආවේ මල් විතරෙයි..

    ඇපල්

    දොඩම්

    ක්‍රීම් ක්‍රැකර්

    එහෙම ගෙනාවෙ නැතෙයි .....

    ReplyDelete
  7. සිත්තරා
    ඒ ගැන වැඩිමනක් බලාපොරොත්තු නැහැ සිත්තරෝ...

    මොකද

    ලොව දම් නිති කැරකේ
    රිය සක ලෙස මෙලොවේ කියනව නෙ

    සාඳු සාදු සාඳු .....

    ( එපා කියන එකම කරන්නේ ඇයි ? )

    ReplyDelete
  8. තරු අහස
    ඒ හිතයි
    මේ හිතයි
    විතරක් නෙමෙයි
    අපි කාගෙත් හිත්
    හාමදාම සතුටින් තියෙන්න කියල
    මම ප්‍රාර්ථනා කරනවා ...

    සාඳු සාඳු සාඳු .....

    ReplyDelete
  9. මාරයාගේ හෝරාව
    මම කියන්න තියෙන දේ කෙලින්ම කියන්න ද?

    "ඇයි ඔයා මට පොඩි ළමයෙක්ට වගේ නෝන්ඩි දාන්නේ....?"

    ReplyDelete
  10. මේ වචන ටිකෙන්ම හිත සැනහුනා කියලා කිව්වොත් මම හරි......බොහෝමත්ම පිං මගේ අක්කේ...

    ම්ම්ම්ම්ම්ම් බලාපොරොත්තු ළගට අපේ ජීවිතේ තියෙන්නේ ප්‍රාර්ථනා නෙවේද අක්කියෝ....
    අරය මෙහෙම වෙන්න...මෙයා මෙහෙම වෙන්න...ගුණ දොස් ඇස්වහ අපල උපද්‍රව නැත්තටම නැතිවෙන්න....බ්ලා බ්ලා...


    මගේ අක්කිගේ ප්‍රාර්ථනාවෙන්ම හිත සුවපත්වූ
    මම
    ෴ හසියා ෴

    ReplyDelete
  11. ඔං බලමුකෝ ඒකෙත් හැටි..

    සාදු සාදු සාදු කියන්න එපා කියපු හින්දා..අනේ සාදු කිව්වහම..මම නෝන්ඩි දානවළු.. මෙක හරිම හතරබීරි කථාවක්නේ...

    ReplyDelete
  12. වත් අක්කෙ අමතර ප්‍රශ්නයක්..
    කාට හරි තරහ ගියාට පස්සෙ ඒක නිවන්නෙ කොහොමද?

    ReplyDelete
  13. සිත්තරා
    කරන්න තියෙන එකම දේ තමයි ළඟම තියෙන වතුර කෝප්පය ඔලුවට හලන්න......

    තත්ත්වය බර පතල වුවහොත් ළඟම ඇති ගිනි නිවන අංශයට දැනුම් දෙන්න.

    වඩාත් බර පතල වුවහොත් ඔහුට/ඇයට නෙත නොගැටෙන ස්ථානයක සැඟවෙන්න....

    අත්හදා බලා මට පවසන්න......

    ReplyDelete
  14. ම්ම්... හරි ලස්සනයි අක්කා. මේ රිදෙන තැවුන සිත පන්සලේ දාලා එන්න.. "එයා" ඔයගෙ හිතේ තැවුලක් රිදීමක් ඉතුරු වෙන්න ඉඩ ඇරියේ නෑ නේද..? ඉතින් ඇයි ඔයා එහෙම ලිවුවේ.. ඔයාගෙ හිතේ සැනසීමට හේතුව පන්සල් යෑම නෙවේ නේද..? ඒකයි ඇහුවේ..

    ReplyDelete
  15. නියමයි, ඇත්තටම ඇයි රිදුන හිත පන්සලේ දාලා ආවේ, ඒකත් ලග තිබුනනම් තමා අගේ වැඩි.

    ReplyDelete
  16. දැන්නම් සිත සතුටින් වගේ... ඉතින් අපි සාදු.. සාදු.. නොකියා වෙන මොකක් කියන්නද අක්කේ....
    සාධු...! සාධු...!! සාධු...!!!

    ReplyDelete
  17. වත් ගෙ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ධ සිද්ධ වේවා. නිදුක් නිරෝගී සවි බල ඇති වේවා. මෙලොව මෙන්ම පරලොව දියුණුවද ඇති වෙවා!

    සාධු ! සාධු ! සාධු ! !

    ReplyDelete
  18. ඔයාගේ සතුට වෙනුවෙන් අපේ සුභ පැතුම්...

    ReplyDelete
  19. ආදරේ කරන කාලයට ඔහොම වෙන්න ඇති නේද අක්කා?? තමන් ආදරය කරන කෙනා චුට්ටක් හරි තෙමිල ලෙඩ වෙයි කියලා හිත බයයී. මට තාම ඔහොම අත්දැකීම නැති හන්දා වැඩි තේරුමක් නෑ.

    බයවෙන්න එපා අක්කා දෙවියෝ එච්චර අකාරුනික නෑ. ඒ නිසා එයා නොතෙමී ගෙදර යාවී. අක්කා හැමදාම ලියන කවි ලස්සනයි. ඇත්තටම අක්කට පුදුම හැකියාවක් තියෙන්නේ.

    හැමදාම කවි කියව කියව ඉන්න ඕන හන්දා අක්කගේ බ්ලොග් එක මං බ්ලොග් ලිස්ට් එකට දා ගත්තා. දැන් අක්කා හැමදාම ලියන කවි මගේ බ්ලොග් එකේ ඉදලම බලන්න යන්න පුලුවන්.

    ReplyDelete
  20. මම බෞද්ධයෙක් නොවන හින්දා බෝධි පූජා වලින් අපල උපද්‍රව දුරු වෙනවද කියන්ඩ දන්නේ නැහැ. ඒත් බෝ කොල යට ගතට දැනෙන නිසංසල බවට, වැලි මළුවේ දෙපතුල් වලට දැනෙන මෘදු බවට හිතට විශාල ම සහනයක් දැනෙනවා කියලා දන්නවා.

    ReplyDelete
  21. ජිවන ගමන තුල හරිමග පෙන්නන්න ..
    මාපිය වරුන් වෑනි මිතුරන් ගොන්න...
    ලෑබුනෙ කරපු පින්වල බලයෙන් ඔන්න..
    අදවාගෙම හෙටත් ඔය සිනහව රජයන්න..

    ReplyDelete
  22. බලාපොරොත්තුව මිනිසා ජීවත්කරවයි

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ලා දලු බෝ පත් සැලෙනා සිලි සිලි,
    හඬ නිති හද තුල රැව්දේවා,
    වෙහෙර මලුව මත කිරි දිය වතුරන,
    පුන් සඳ සේ සිත සැනහේවා,

    ඉටු නොවු සහසකුත් පැතුමන්,
    නැත ඇත්තේ එක පැතුමයි,
    ඔබ සිත නිවේවා සඳ මෙන්,
    මා පතනා ඒ පැතුමයි,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...