..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 23, 2010

෴ නුඹ මැණිකකි නුඹ නොදන්න ෴

කාර්යබහුල දිවියෙන් මදකට මිදුන මම ඇය බැලීමට පැමිණියේ සැලකිය යුතු කාලයකට පසුවය. ඇගේ නෝකාඩුවක් අමනාපයක් නොමැති වුවද ඇයට මෙන්ම මටද පැයක දෙකක සිදුවන මේ හමුවීම ගෙන එන්නේ සිතට සුවයකි.

" ඉතින් "
" ඉතින් .. . ..කිතුල් නාකි පතුල් "

ඇය වයන් වී දොඩමළු වීමට යම් තරමක් වෙලාවක් ගන්නා බව දන්නා මගේ නෙතු අවට පරිසරය පීරා පුංචි ගවේශණයක යෙදුනු අතර හදිසියේ නෙත ගැටුන සුන්දර යුගලක් වෙත නතර විය.

" මොනා ද බලන්නේ ,ආහ්.... ලස්සනයි නේ ද? "
" කවුද ? "

" කවුරුත් " 

ඔවු. . . ඇයට ඇය හැරෙන්නට ලොව ඇති සෑම දෙයකම ලස්සනක් සුන්දරත්වයක් විදිය හැකි බව මා දනිම්.

" ඔයාට හැමදාම මම කියනවා. "
" හරි ළමයො හරි .... ඉතින් ඔයා දන්නේ නැහැනේ අද අපේ ඔෆිස් එකේ නියම වැඩක් වුනා....."

දැන් ඉතින් ගැලවීමක් නැත. විටෙක අභිනයෙන් දක්වමින් ද, විටෙක සිනාසෙමින් ද, ඇය පවසන දේ කුමක් වුවත් කතා කරන ඇගෙ ලස්සන විදින්නට මා කැමතිය. විටෙක ඇය සිනා වෙන යමක් කියා සිනා සෙන අතර මා කිසිවක් සිදු නොවූ ගානට සිටිමි... තරහක් නොගන්නා ඇය.... පවසන්නේ.
" ඔයාට තේරෙන්නෙ නැහැ ළමයො "

ඇගේ කතාව ආරම්භයේ සිටම මා ඇය සමඟ සිනා සෙන විත්තිය ඇය නොදන්නවා වන්නට ඇත.
ඇය මට වටිනා කෙනෙක් යන වගත් , ඇය ලොවට වටිනා කෙනෙකුන් යන වගත් ඇය නොදන්නවා වන්නට ඇත.

පුංචි කුරුල්ලන් සැමදා
ගයනා වයනා ගී හඬ
මිහිරියි සවනත වැකුනට
වුන් දන්නේ නෑ

සමණළයන් තටු සලලා
ලොව සැමතැන ඉගිලුනාට
නෙත නලවන රසඳුන බව
වුන් දන්නේ නෑ

ගලනා දිය රැළි සුන්දර
දාහය නිවනා සැම අත
දිය දහරක රැදි සිසිලස
එය දන්නේ නෑ

ලියනා පද වැල් අස්සේ
රඳවා සෙනෙහස තිබුනද
කවිකාරියෙ නුඹ තවමත්
එය දන්නේ නෑ

ඔසරිය සිර කර ඇන්දට
බඳ වට නෙරියක් තිබ්බට
මැණිකේ නුඹ මට ලස්සන
නුඹ දන්නේ නෑ

" හරි එහෙනම් , දැන් හොඳටම පරක්කු වෙලා " ඒ ඇයට නැවත නිවස බලා යාමට වුවමනා බව දැන්වීමකි. . . .

" පිස්සුද තාම වෙලාව කීයද ළමයෝ " 

" එහෙම බැහැ ... ඔයා මම කියන ඒව අහන් ඉන්නෙත් නැහැ. හරි කියන්න බලන්න . . මම බස් එකේ එද්දි දැක්කෙ කවුද කියල " 

" ම් ම් ම් . . . .බස් පලුවා "

ඇය සිනාසෙයි . . .  තව සුළු මොහොතක් හෝ ලොවම මා ළඟ රදවා ගැනීමට එය ප්‍රමාණවත්ය.


කාලකින් මුහුද බලන්න යන්න බැරි වුන 
මම
෴ වත් ෴

21 comments:

  1. චෝයි...
    මටත් ඔහොම දේවල් වෙලා තියේ නෙවැ...එයා ඉතිං ඔහේ කිරිල්ලි වගේ ඉවක් බවක් නැතිව කියෝගෙන යනවා...මම ඉතිං එයාගේ කට දිහා ඇස් දිහා මුණ දිහා බලන් ඉන්නවා.
    ආසයි බලන් ඉන්න.ඔහේ කියවනකොට මුණේ ඇතිවෙන ඉරියව් දිහා බලන්න...
    හැබැයි එයා මොනා කිව්වත් මං මොනා බැළුවත් එයා කියපු දේ ආයේ ඒ විදිහටම කිමේ හැකියවනම් තිබ්බා...ඉස්සර මම හිතලාම එයා අහපුවහම දැන් මං කිව්ව දෙවල් මතකද කියලා...මම කියනවා ඔව් කියලා...ඉතිං මොනාද කිව්වේ කියලා අහපුවහම වල් පල් කියල පොඩ්ඩක් අවුස්සලා පස්සේ කියනවා මේක නේද කිවේ කියලා...එතකොට මාර ගති අනේ...උම්බෑ කියපු වෙලාවල් වලදි උම්බෑ පාරක් එහෙමත් හම්බවෙනවා..

    අනිත් එක ඉතිං කතාවක් තියෙනවනේ කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනි කියලා...ඒ වගේමයි නොවැ ඕකේ අනිත් පැත්ත...අහන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙනි කිව යුතුය කියන එක...

    හරි එහෙනම්...පම්පොරියක් ගහන්න ඉඩ දුන්නට තැන්කූ හැමදාම වගේ.
    හරි එහෙනම් අපි වාෂ්ප වෙනනැයි කියලා...
    අනුන්ගේ ඒවයේ ලයිට් නිවන්න කියලා ගුටි කන්න වෙන්නේ...ඒ හන්දා ඒක ඕනි නෑ...

    ඒස්වඃ පුඃ

    ReplyDelete
  2. ආදරය කරන කෙනා දිහා කොච්චර බලාන හිටියත් එපා වෙන්නෙ නම් නෑ.මටත් එහෙම අතීතයක් නම් තිබුණා.වත් අක්කත් දැන් බොරු කියනවද කොහෙද?නැත්නම් මාතරට වෙලා කාලෙකින් මූද දැක්කෙ නෑ කියාවියැ.............

    ReplyDelete
  3. හැමදාම වගේ.. හරිම ලස්සනයි වත් අක්කේ..

    ReplyDelete
  4. හැම කෙල්ලම එක වගේද මන්දා? මටත් ඉඳලා ඉඳලා හම්බුනාම ස්කෝලේ ගැන විස්තර ඔක්කොම අහන් ඉන්න වෙනවා. මමත් ඒකට හරි ආසයි. ඇස් දෙක නටවා නටව, හිනාවෙවී... අපි ගැනම බැරිනම් අනුන් ගැන හරි කතා කරනවානේ.

    ReplyDelete
  5. කියවනකොට අහන් ඉන්න් ආසයි ඉස්සරවගේම.... එත්....
    හුම්...

    ReplyDelete
  6. අනේ මංදා වත් අක්කියා...සුන්දරයි...ඒත් අතීතයක් මතක් උනා.

    ReplyDelete
  7. ෴ හසියා ෴
    අපි තරහයි . . . . . .
    අපිට කිව හිනා වෙන්න එපා කියල......
    එහෙම නේද ?
    එස්බියූ ගෙට් එකට එනව නේද?
    මාතර ඉදල එන නඩේට පාර කියනව කියල ආරංචියි . . . . .

    බලමුකෝ . . .

    හරි එහෙනම් අපිත් එන්නයි හිතාන ඉන්නේ . . .

    ReplyDelete
  8. තරු අහස
    ආහ්.... මුහුද නම් මාතරට තියෙනවා තමයි. . . ඒත් මුහුද දිහා බලන් ඉන්න වෙලාවක් නැහැ නේ තරු අහස . . .

    ඒක නෙමෙයි තරු අහසට කවදද හඳ පායන්නේ ...

    ReplyDelete
  9. ප්‍රාර්ථනා
    හොඳයි ලස්සනයි . අක්ක මගේ හිතේ තියෙන දේවල්ම ලියනව කියල හැමදාම කියන්නෙ නැතිව...හිතේ තියෙන දේ ලස්සනට ඔයාගේ බ්ලොග් එකේ ලියන්න ....

    ReplyDelete
  10. prasanna86k
    පාසල් ප්‍රේමයක් ද? හ්ම්...

    ඔය කාලේ ආදරේ හරි උණුසුම් ලු....

    ReplyDelete
  11. ඉලංදාරියා
    ඔන්න ඉතින්... බස්සෙක් වගේ හූම්... හුම්... හූම් ..... ගාන්න එපා... ගැහැණු අය අකමැතිම දෙයක් තමයි පිරිමි අය ගේ ඔය හුම්...
    හූම් ...

    ඉලන්දාරියා .... එක මාළුවද මුහුදෙ ඉන්නේ...

    ReplyDelete
  12. ..::| පොජ්ජේ |::.
    " අතීතය සිහිනයක් පමණියි "
    " සැබෑ සුවඳක් නෑ "
    " එදා සෙනෙහෙන් නොබැදුනානම් "
    " මෙදා වියොවක් නෑ "

    ( ගායනය - සුනිල් එදිරිසිංහ )

    ReplyDelete
  13. මාළුවගේ අවුලක් නෙවේ තියෙන්නේ දෑලේ අවුලක්.. එකයි සින් එක...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. දෙවෙනි පාරටත් කියෙවුව. තාම හරියට තේරුම් ගන්න බෑ.
    ඒත් මේකනං ෂුවර්..

    ගොතනා පද තාල ඇතුලෙ
    වන්නම් කරනා උන්ගෙ හිතේ
    නලියන තුටු නුඹේ හිතට
    දැනිලා ඇති තරමක් වත්..
    ඒත්...
    නුඹ හොදින්ම දන්නේ නෑ..
    කෙතරම් උන් තුටු වෙනවද
    එනිසා පවසමි සතුටින්
    නුඹ මැණිකකි නුඹ නොදන්න෴

    ReplyDelete
  16. සිත්තරා
    සිත්තරාට කවි සිත්තම් කරන්නත් පුලුවන් කියල අදයි දැන ගත්තේ. . . .

    ස්තූතියි සිත්තරා . . .. ..

    ReplyDelete
  17. ඉලංදාරියා
    අවුල තියෙන්නේ දැලේ නම් . . . අපි දැල වෙනස් කරල බලමු ද?

    මම හිතුවෙ අල්ලන්නේ එක මාලුවයි නිසා දැල් බාවිත කරන්නේ නැහැ. බලී ‍පිත්ත තමයි කියල...දැන් කියන්න එපා පනුව කන්න මාලු එන්නේ නැහැ ප්‍රශ්ණෙ තියෙන්නේ ඇමේ කියල . . . .

    ReplyDelete
  18. හිස නමා මේ ලස්සන අදහස මමත් අනුමත කරනවා !

    කෙල්ලෝ වර්ග දෙකක් මේ ලෝකේ ඉන්නවා !

    1.වර්ගය = වැඩිය කතා නෑ අපි කතා කරනකම් බලං ඉන්නවා ...

    2. දෙවනි වර්ගය කතාව උපරිමයි .

    මම කැමති ඔතනින් දෙවනි වර්ගයේ අයට. මට ලැබුනෙත් එහෙම කෙනෙක්.

    මම දන්න විදිහට වත් අක්කා පලමුවැනි වර්ගයේ කෙනෙක්. අඩුවෙන් කතා සහ වැඩියෙන් ලිවීම.

    ලඟදීම මුහුද බලන්න යන්න වාසනාව අක්කට ලැබේවා !! (ගොලු මුහුද බලන්න යන්න එපා )

    ජයවේවා !!

    ReplyDelete
  19. හිස් අහස
    හිස නමා මා නුඹේ අදහස් ගෞරවයෙන් පිලිගන්නවා....

    මම අයිති පලවෙනි කොටසට කියල ගොඩක් අය කීවත් . . .ගෙදර ඉන්න අය ( අම්මා ,නංගි ) එහෙම කියන්නේ මම අයිති දෙවන වර්ගයට කියල....

    අරය නම් කොහොම කියා විද මන් ද?

    නිල් අහස ස්තූතියි....

    ReplyDelete
  20. සොඳුරු ගැදි පෙල කුමුදු තාරකගෙ චිත්‍රයකින් තවත් හැඩ වෙලා....සොඳුරු සිතක් ඇත්තියේ....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...