..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, November 21, 2010

෴ සඳ පන්සල් ඇවිත් ෴

" ආහ් ... මම බැලුව අද ඒත් පෝය දවස වෙලත් මොකද අහසෙ හඳ නැත්තේ කියල."

" ඇයි .. .! "
" ඇයි අහන්නේ. . .මෙච්චර කල් අහසට වෙලා හිටපු හඳ . . ගොඩක් කාලෙකට පස්සෙ පන්සල් ඇවිත් "
කතාව ඇත්තය. මා පෝයට පන්සල් පැමිණියේ අවුරුදු ගාණකට පසුවය.

" ඇයි නංගි ඇත්තටම ඔයා පන්සලේ එන්නෙ නැත්තේ. මොකද බුදු හාමුදුරුවො එක්ක අමනාපයෙන් ද? නැත්තම් පන්සල් එන අපිත් එක්ක අමනාපයෙන් ද ? "

සැබැවින්ම මා පන්සල් ගමන නතර කළේ මා, මා සමඟම අමනාප වූ හෙයිනි.

" ඒව දැන් වැඩක් නැහැ. ඕක අහන්න ඕනි මෙන්න මෙහෙම. ඇයි නංගි ඔයා දැන් පන්සල් එන්නේ "

" හරි හරි . . . ඇයි නංගි ඔයා දැන් පන්සල් එන්නේ "

" ම් ම් . . . මම වෙනස් වෙලා .මගෙ හිත refresh වෙලා . ඒකයි "

" ඇත්ත නංගි , ඔයා වෙනස් වෙලා ගොඩක් . . . මට හිතෙනවා අපරාදේ ඒ දවස් වල මම ඔයාට අකමැති වුනේ කියල . ඔයා දැන් ලස්සන වෙලා . "

" ඒ කියන්නේ මම හැඩ මදි නිසා ද . . ඔයා මට අකමැති වුනේ "

හීනියට සිනා සුනු ඔහු වැලි මළුවේ වැලි කැට ගණින්නට විය. . . . මට සිහින් ආඩම්බරයක් සමඟ අභිමානයක් දැනුනි.

" මංජු . . අපි යමු ද? "

ඒ ඔහුගේ බිරිඳ ද? හදුනා ගත නොහැකි තරම් වෙනස් වී ඇත. ඇය පෙරදා ලස්සන රෝස මලක් මෙන් විය.

" හරි එහෙනම් මම යන්නම් . . තවම මම වදින්න පටන් ගත්තේ නැහැ. හොඳයි බුදු සරණයි "

‍සඳ ඉල්ලා පෙරදා මල් වටිටියට මගේ
නුඹ දුන්නැති නිසා ආවේ නැතිය මේ ඉමේ
වුන දේ සියළු මා යහපත ලෙසට අද දිනේ
මා සිත දනිමි කමා කරනු වැරදි අද දිනේ

වතු සුදු මලක රුව ගුණ හදුනන්නෙ නැති
රෝස මල වෙතම ඉගිලෙන බඹරුනේ නිතී
පාර වැරදුනා කියලා හඬනු පල නැතී
වතු සුදු මලට සැමදා හිමි සුදම නිති රැදී

ලෝකය ලස්සනයි එඹිලා බලනු ඉතින්
නුඹ හරි හැඩයි සිතනුව පලමුව එළෙසින්
සන්සන්දනය වරදකි දුරු කරනු ඉතින්
දුන් ඔවදනට ප්‍රතිචාරය බලනු ‍සොඳින්

වෙනසක මහිම දකිමින් සිත ඔඳ වැඩිලා
වෙනදා නොමැති සතුටක් හදවත රැඳිලා
මිතුරේ නුඹයි නුඹෙ වදනයි සිත රැදිලා
මා යන ගමන පෙර මඟ නුඹ නෙත රැඳිලා 


අද වගේ පුර පසළොස්වක පෝය දවසක . . . අලුත් වෙනසක් එක්ක ආයෙත් පන්සල් යන්න පටන් ගත්ත 
මම
෴ වත් ෴

23 comments:

  1. ගොඩක් අය ඔය වගේ තමයි.කොච්චර ලස්සන වුනත් හදවත ලස්සන නැත්නම් මොටද?වෙනද වගේම හොඳයි අක්කේ...ඒත් අද පිං පාටයි.ඔයා පන්සල් යන නිසාද දන්නෙ නෑ.මං නම් පෝයට පන්සල් යන්න කැමති නෑ.අමාවක දවසට තමයි කැමති.එදාට හරි නිස්කලංකයිනෙ.

    ReplyDelete
  2. පෝස්ට් එක ඉතිං වැඩක් නෑ.පිට ඔපේ හොයන අපේ මේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා අම්මලා තාත්තලට ආච්චිලට සීයලට මේ කතාව චෝයි...පිට ඔපේ විතරක්ම නෙමේ තව ඔය හිත්වල තියන් ඉන්න මිත්‍යා මිනුම් තියන් ඉන්න ඔය කාට කාටත් මේක වැදගත් ඕන්.....

    කෙනෙකුගේ හදවතේ ලස්සන හැමෝටම දකින්න විදින්න හැකිවේවා...!!!

    හරි එහෙනම්....හසියා වාෂ්ප වෙන්නම්කෝ....

    ReplyDelete
  3. තව දෙතුන් පාරක් කියවලා කවි කමෙන්ට් එකක් ම දාන්නංකෝ...

    ReplyDelete
  4. හැම සිත් පහන්වේවා!

    ReplyDelete
  5. හලේ............
    අහන්නත් සතුටුයි.........
    අද අක්කියා පන්සල් යනවලු.....
    හිත රීෆ්‍රෙෂ් වෙලාලු........
    එලකිරිස්......... :)

    ReplyDelete
  6. අපි පංසල් ගියේ ඇයි?
    http://www.sannasa.net/37.pdf
    දැන් නොයන්නේ ඇයි?

    -Rasika Suriyaarachchi

    ReplyDelete
  7. මැනික් ගලේ පය හැපුනට කනා ඇහිඳලා ගනීද ?.....
    පවට පින දෙන්න බෑ ! ඒ මනුස්සයාගේ පව !

    ඒත් මට දැන් ගැටළු කෝටියයි !

    1.)අක්කා අක්කාත් සමග අමනාප වීමට හේතුව කුමක්ද ?
    2.)අක්කා වෙනස් වෙන්න හේතුව කුමක්ද ?
    3.)refresh උන හේතුව කුමක්ද ?
    4.)ලස්සන වීමට මූනේ ආලේප කලේ කුමක්ද ?

    සියල්ලටම වඩා !

    මේ අළුත් වෙනස කුමක්ද ....?


    ජයවේවා !!

    ReplyDelete
  8. නිදහස් වෙලාවට, පොයට, පන්සල් ගිහින් බුදුන් වැදලා එනඑක ගොඩක් හොදයිනේ... ඉතින් අක්කත් අද පන්සල් ගිහින් වගේ... සෝයි සෝයි...
    අහ් පරන යාළුවා......

    ReplyDelete
  9. හෑම දේම අළුත් වෙලා ....

    හිත අළුත් වෙලා ..තව මොනවදො වෙලා ..

    එතකොට බ්ලොග් එකේ ඈදුමත් ලස්සන් වෙලා අලුත් වෙලා...

    නියමයි....

    ජයවෙවා..!

    ReplyDelete
  10. හොඳයි හොඳයි...

    ReplyDelete
  11. තරු අහස
    නිස්කලංකේ පන්සල් යන්න තමයි මාත් නම් කැමති..... මොකද රජමහා විහාරයක් නිසා පෝයට අපේ පන්සලේ සෙනඟ වෙඩී...

    එදාට ඔය තරුණ පහේ කොල්ලො එහෙම පන්සල් එන්නෙ හරි සැදැහැ සිතින් නෙව... අර කීවත් වගේ " අනිමිස ලෝචන "

    ReplyDelete
  12. ෴ හසියා ෴
    ඔන්න හොදේ... විහිළු ඇති...

    හරි එහෙනම් .... ඒස් වා: පු:

    ReplyDelete
  13. Jeew
    හොඳයි Jeew ..කවි උත්තරයක් නම් ඔයාගේ බ්ලොග් එකේම ලියන්න කෝ....

    ReplyDelete
  14. ජේ.ඩී
    හලේ... ස්තූතියි මලේ
    මොකද අප්පා තාම පොඩි එකා වගේ දොඩන්නේ...

    ReplyDelete
  15. -Rasika Suriyaarachchi
    සහතික ඇත්ත කතාවකි...

    ReplyDelete
  16. ඇත්ත පුර පොයට පන්සල් ගිහින් වැඩක් නෑ. සෙනග විතරයි. ඒ වගෙද නිස්කලන්ක වෙලාවක ගිහින් බො ගහ යටට වෙලා හිත නිදහස් කර ගන්න එක.
    මම ආසම වෑඩක් ඒක. හරිම කූල් සින්හලෙන්ම කිව්වොත්

    ReplyDelete
  17. හිස් අහස
    සර් ලා ඔහොමමය... ප්‍රශ්ණ අසා අප අමාරුවේ දැමීමට රුසියෝය...

    උත්තර පත්‍රය
    1) සමහර දේවල් නොලැබෙන කොට අපට හිතෙනවා ඒ කාගෙවත් වරදක් නෙමෙයි අපේම වරද කියල. ඉතින් ඇයි මටම වෙන්නේ කියල හිතල මම මාත් එක්කම තරහ වුනා...හරිද සර්..

    2)හිත හදුනන හරිම හොඳ යාළුවෙක් මුණ ගැහුණ නිසා මම වෙනස් වුනා... හරිද සර්...

    3)Refresh වීමට ඉහත අංක 2හි සඳහන් පිළිතුර බලපැවා.. හරිද සර් ...

    4) මුහුණේ ආලේප කළේ සිනාවයි ....

    සියල්ලටම වඩා ජීවිතය හැදින්නෙමි....

    ස්තූථිය හිමි විය යුත්තේ මගෙ යහළුවාටයි ...

    ස්තූථියි " හිස් අහස- පුංචි සර්"

    ReplyDelete
  18. පසන් Sid
    ස්තූථියි පසන්................

    පොඩ්ඩ මල්ලි
    පොඩ්ඩ මල්ලි ..පන්සල් යන්නෙ නැතෙයි ආහ්...නරකයි පිනක් දහමක් කර ගත්තනම් නැද්ද

    ඉලංදාරියා
    වෙනස හොඳ දෙයක් නේද? ස්තූතියි ඉලන්දාරියෝ...

    prasanna86k
    හොඳයි හොඳයි ඉතා හොඳයි ....ස්තුථියි...

    ReplyDelete
  19. නිශ්
    ඇත්ත හිත කූල් වෙන්න නම් කලබලය, සෙනග අඩු වෙලාවට තමයි පන්සල් යන්න ඕනි. ඒ වගේම තමයි තමන්ගෙ අතින්ම වැලි මළුව ඇමදල, මල් ආසනය සුද්ද කරල... පැන් ඉහල මල් පූජ කරාම සුවද දුම් පහන් පත්තු කරාම හිතට දැනෙන පහන් හැගීම...

    හ්ම් ..ස්තූතියි මාව ආයෙත් පාරක් පන්සල් අරන් ගියාට ...කමේන්ටුවෙන්...

    ReplyDelete
  20. වත් අක්කේ අද නම් ඔයාගේ ලිපිය තුන් හතර සැරයක් කියවන්න වුනා..:).. මුහුණු පොතේ තිබුණ කොමෙන්ටු දැක්කම මම තේරුම් ගත්තා වැරදිද කියලා හිතුනා.. දෙවනි සැරේට කියෙව්වා.. ආයේ බ්ලොග් එකේ කොමෙන්ටු කියෙව්වා.. ආයෙත් මම වැරදිද කියලා හිතුනා..
    මම හරි..
    අක්කේ.. ඔයා ලියන දේවල් වලට මම මෙච්චර ආසාඑයි කියලා දැන් මට තේරෙනවා.. ඔයා ගොඩක් විට ලියන්නේ මටත් කියාගන්න ආස ඒත් කියාගන්න බැරි ලස්සන කතා..ඇත්තමයි..
    අනේ ඔයා ලිවුව විදිය.. මම හිතුවා වගේමයි..
    ලස්සනයි අක්කේ.. කියන්න වචන .. තාම මම හොයනවා..

    ReplyDelete
  21. ගොඩ කාලෙකට පස්සේ නේ සද පන්සල් ඇවිත් තියෙන්නේ ??? ඇත්තටම මංජු කියලා කතාකලේ කවුද ??? සද වගේ තමයි මටත් වත් අක්කගේ ඉසව්වට එන්න ලැබුනේ ගොඩ කාලෙකින්.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...