..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 18, 2010

෴ පිරිමි ළමයින්ට අකැප කුඩ ෴

මම දන්න කියන පිරිමි ළමයෙක්ට මේ දවස් වල හරියට " හචින් " යනවා ... ... මම නම් හිතුවේ එයාගේ ගැහැණු ළමයා එයාව මතක් කරන නිසා වෙන්නැති කියලයි .ඒත් පස්සෙ බැලින්නම් අපේ ඔෆීසියේ ඉන්න ඒ වයසෙ පිරිමි දරුවන් හැමදෙනාටම මේ ‍වසංගතය තියෙනවා... දරුණුවට වගේ පැතිරෙන නිසා මම පොඩ්ඩක් විපරම් කරල බැලුව...

" නැහ් මිස් ... ඊයෙ ගෙදර යන ගමන් වැස්සට පොඩ්ඩක් තෙමුන"

" ඉතින් කුඩයක් ගෙනාවේ නැතෙයි"

" පිස්සු කතා කරනවා. ලැජ්ජ නැද්ද කෙල්ලො වගේ කුඩ ගේන්න. අනික මම කුඩ ගේනව විතරයි. කවදාවත් කුඩ ආපහු ගෙදර ගෙනිහින් නැහැ"

අර මම ඉස්සෙල්ලම කීව පිරිමි ළමය නම් කීවේ

" පොලිසියෙන් තහනම් කරලනෙ  පිරිමි ළමයින්ට කුඩ ගේන්න "

ඒක නම් වෙන්න පුලුවන්....දැන් ඉතින් අලුත් නීති තියනවනේ , අපිටවත් නොතේරෙන.

ඒ අතරෙ මට මතක් වුනේ මගේ අරයව ....හොඳ වැඩේ දැන් තේරෙනවා ඇති මගේ අගේ. මම නැතත් මගේ මල් ඉහිරුණ කුඩේ අගේ හරි තේරෙනවා ඇති එයාට... සමහර විට අලුත් මල් මල් කුඩයක් යටින් යනවද දන්නෙත් නැහැ නේ......


සිරි පොද වැස්ස උඩින්
මල් මල් ‍පොඩි කුඩේ යටින්
මඩ වතුරින් පිපුන නෙළුම් මල් දෙකක් වගේ

නුඹෙ උණුසම දැනෙන ළඟින්
කම්මුල් රතු කරන සරින්
රැකවරණය මටම දෙමින්  බලකොටුව තුල නුඹේ

ගිය හැටි මතක තියන්
අද වහිනා වැස්ස යටින්
කඳුළු අරන් යන හැටි මම මටම දුක සිතේ

මල් මල් පොඩි කුඩේ ඇතත්
උණුසුම් සුව මතක ඇතත්
දුන් සෙනෙහස අද යනවා මඩ වතුර  රැළි දිගේ

වැහි කාලය වගේ නුඹත්
මා හැරදා දුරක් ගිහින්
පිපෙන සොඳුරු හිරු එළියැති ලොවයි මට අගේ

මම අර කීව පිරිමි ළමය නිසයි මේ කවිය වගේ එකේ අන්තිම  කවි පද තුන එකතු වුනේ. නැත්තම් හැමදාම වගේ "වත් " ගෙ කවිය නතර වෙන්නේ ඊට උඩින් තියෙන කවි පේලියෙන් තමයි....දුක කවි වලට ධනාත්මක චින්තනය එකතු කළා.....හොඳයි නේද?

කෝම වුනත් යාළුවනේ . . .

වැස්සෙ තෙමි තෙමි යන එක හොඳයි කුඩයක් යටින් ආදර වැස්සෙ තෙමි තෙමි යනවට වඩා .. මොකද වැස්සෙ තෙමුනම නම් හැදෙන අසනීප වලට බෙහෙත් තියෙනවා. ඒත් ආදර වැස්සට තෙමිල ලෙඩ වුනොත්...... ?

“I always feel sorry for people who think more about a rainy day ahead than sunshine today.”

වැහි දාට වගේම අගේට ඉර පායපු දවස් වලටත් මල් ඉහිරුණ කුඩේ යටින් යන
මම
෴ වත් ෴

විශේෂ ස්තූතිය..... පින්තූරය සපයා දුන් අපේ පුබුදුවා ට . පුබුදුට නම් මල් මල් කුඩයක හෙවන තියෙනවා මම දන්න විදිහට.

46 comments:

  1. කතාවනම් සහතික ඇත්ත අක්කේ. වැස්සේ තෙමි තෙමී ගිහින් හැදෙන හෙම්බිරිස්සාව වගේ නෙමෙයි කුඩයක් යටින් ආදර වැස්සේ තෙමි තෙමී ගියොත් හැදෙන ලෙඩේ හොයා ගන්නත් බෑ බෙහෙත් හොයා ගන්නත් බෑ

    ReplyDelete
  2. මටනම් මල් ම්ල් කුඩයක් යටින් ගිය කාලයක් මතක නෑ....

    මගේ මතකෙ හෑටියට මිට අවුරුදු තුනකට කලින් ගියා....

    බ්ලමු ආයෙත් දවසක් එයි ..මල් මල් කුඩයක් යටින් යන්න..

    පද හරිම ලස්සනයි..

    ReplyDelete
  3. කිවුවත් වගේ, වෙන කුඩ යටින් යන කොට නම් නොතෙමී යන්න පුළුවන්. මල් කුඩ යටින් යන කොට, ඉතින් මල් වැස්සෙන් තමයි නාන්න වෙන්නෙ. අන්තිමට "හෙබ්බිරිස්සාව හැදිල හුම්බ ගන්න අමාරු වෙනව" නෙමෙයි වෙන්නෙ, සහලෝල උණ හැදෙනව. සනීප වෙන්නෙම නෑ.... :)

    ReplyDelete
  4. මම නම් ක්ලාස් ගිහින් එනකොට එහෙම වැස්සට අහු වුනොත් කුඩයක් තිබ්බත් එළියට ගන්නේ නෑ.. නීතිය කැඩෙනවානේ ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි.. ඒ නම් අර මල් ඉහිරුණු කුඩ සීන් එක නිසා... හැබැයි ගෙදර ලගට එද්දී අනිවා කුඩේ ති‍බුණොත් ඉහල ගන්නවා.. නැත්තං අම්මාගේ ශබ්ද පූජාව පටංගන්නවානේ....

    වත් අක්කාගේ කවි වලට හැමදාම වගේ මම මේකටත් කැමතී. හැබැයි ඒ ගැන කියන්න තේරෙන්නේ නෑ.. හිහ් හී...

    ReplyDelete
  5. ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
    වැහි සිරි බලන්නට ඔබ නැහැ අද කුඩ සෙවනේ...
    :(

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කළු ලොකු කුඩේකුයි මා අත නිති රැඳුනේ
    මල් මල් වැටුණු කුඩයක් නොම අවැසි වුණේ
    ඒ කළු කුඩේ යටිනුයි අපෙ ගමන වුණේ
    කුඩය පමණි අවසන අත ඉතිරි වුණේ

    මල් වැටිලා හැඩ වැඩ වුණු නුඹෙ කුඩය
    ඉහලා ගත්තොතින් දෙදෙනාටම මදිය
    නුඹව තෙමෙන්නට ඉඩ දෙනු මට දුකය
    බර වූවත් ගෙනාවෙමි මගෙ ලොකු කුඩය

    තද වැස්සටත් නුඹෙ හිසකේ නොම තෙමුව
    කුඩය දනී ඔබ මා හා ගිය ගව්ව
    මා හා තුරුල් වී බදමින් සුව සෙව්ව
    නුඹ අද නොමැත පෙර මෙන් සිසිලස නිව්ව

    මගෙ ලොකු කුඩේ ඉඩ නුඹ හට මදි වූයේ
    සොයමින් ගියා වෙනකෙකුගේ සුව ආයේ
    නුඹෙ මල් කුඩෙයි ඔහු හට සෙවනක් වූයේ
    දුටුවෙමි තෙමෙනවා දෙදෙනා හොඳ හැටියේ

    ReplyDelete
  8. කලින් දැලි තියෙන පෝස්ට් එක ඇත්තම කතාවක්. මගේ ලඟ තිබුණේ කළු පාට ලොකු කුඩයක්. ගොඩක් බර වුණත් එයාව තෙමෙනවට මම කැමති වුණේ නැහැ. මගේ කුඩේ එයාට දහස් වාරයක් හෙවන දුන්නා. ඒත් ඒ කුඩේ යටින් හැමදාම යන්න එයාට වාසනාව තිබුණේ නැහැ. එයා හොයාගෙන ගියා එයාගේ පුංචි මල් මල් කුඩේ යටින් යන්න පුළුවන් කෙනෙක්. හැබැයි මම ඇත්තටම දැක්කා. දෙන්නා හොඳ හැටි තෙමෙනවා ඒ කුඩේ යටින් යන්න ඉඩ මදිව. මට දුකක් අස්සේම ලොකු සන්තෝසයක් දැණුනා.

    ඒත් දැන් මට ඉන්නවානේ මගෙ ලොකු කුඩේ යටින් යන්න කැමති කෙනෙක්....

    ReplyDelete
  9. අඩේ මටත් ඔය කුඩේ යන යන තැන දාලා යන සීන් එක තියෙනවා. ඉක්මනට කුඩය යටින් මාව එක්කං යන කෙනෙක් හොයා ගන්න ඒනේ. නැත්තං මේක කරන්න බෑ.

    ReplyDelete
  10. දන්න දවසකින් කුඩයක් යටින් නම් අදර මල් වරුසාවේ ගියේම නැ
    හැමදාම ගියේ වැස්සේ තෙමි තෙමිනේ
    එත් ඔයා ලස්සනට ලියලා තියෙනවා වත්

    ReplyDelete
  11. බණ ටෝකක් දෙනවානම්, ඔය පරණ කුඩේ කතාව උපේක්ෂාවෙන් [පබා නොවේ] විඳ ගන්න හැකි තැනකට ඔබ එන්න. අහවර වුණු ප්‍රේමයක් විය යුත්තේ මිහිරි මතකයක් පමණි.

    අපේ රටේ කෙල්ලන් පරණ එකා ගැන හිතා ලත වෙද්දී පිටරට වල කෙල්ලන්
    ex ගන සිහි කර හිනැහෙන්නේ උන් වනචාරී නිසා නම් නොවේ.

    කියන තරම් ලේසි නැතත්, එහෙම වුණා නම් ඔබට ම හොඳයි නේද?

    ReplyDelete
  12. ඔයා ලියල තියෙන්නෙ පට්ට බොරුනෙ නංගී...කොල්ලන්ට තහනම් කුඩ මොකක්ද දන්නවද..."මත් කුඩ"!!!!!!!!!!!!!

    ReplyDelete
  13. ඔය වැස්ස දාට කූඩේ යටින එයත් එක්ක ගිය තාලේ මතක් වුනා නෙවැ මේ පෝස්ට් එකේ පිංතූරේ දැක්ක ගමන්...හීහීහී කියන්නත් ලැජ්ජයි වගේ...
    වැස්සේ එයත් එක්ක යනකොට මාර චාන්ස.ඇයි ඉතිං නෙතෙමි යන්න එපැයෑ දෙන්නම්.තියෙන්නේත් පොඩි කුඩයක නේ.ඉතිං පුළුහන්තරම් ‍තුරුළු වෙන්න පුළුහන් ඔය වෙලාවට.අනිත් එක උණුසුම නිසා නිකම්ම තුරුළු වෙනවා.හොදම දේ තමා ඉතිං පොඩි උම්බෑ පාරක් එහෙම හැමොටම හොරෙන් දෙන්න පුළුහන්නේ කම්මුලට...එතකොට ඉතිං අඩු නැතිව පිස්සා කියලා අහගන්නත් පුළුහන්...

    චෝයි පෝස්ට් එක...හෙට කෝල් පොල්ලක් දුන්නොක් පොඩි දෙයක් කියන්නම්කෝ....

    ReplyDelete
  14. ඒක නම් ඇත්ත අක්කේ.මල් කුඩේ යටින් නොතෙමී යනවට වඩා තෙමෙන එක හොදයි කියලා මාත් දන්නවා.ඒත් මල් කුඩේ අල්ලන් යන කෙනා හොද නම් ජීවිතේම ලස්සන මල් වැස්සක්.එහෙම වැස්සකට නම් තෙමෙන එකට මම නම් හරිම කැමතියි.

    ReplyDelete
  15. ඇත්ත තමයි කුඩයක් පාවිච්චි කරන්න අපි කොච්චර අකමැතිද???

    ReplyDelete
  16. මට මතක් උනේ just my luck ෆිල්ම් එක :D

    එකේ ඉන්නවා ඔයා වගේ ගැණු ළමයෙක්..එයාට හරියට කරදර..ඔය වගේම කොල්ලා එක්ක ඉද්දි කුඩේ යට, වදිනවා අකුණක් :D කුඩේ ප්‍රේම් එක විතරයි ඉතිරි වෙන්නෙ...පස්සෙ දෙන්නම හීතලේ තෙමි තෙමි ඉන්නවා..ඒත් ආදරේට හීතල දැනෙන් නැතිව ඇති.. :D

    ReplyDelete
  17. මටත් ඔහොම ගිය හෑට් මතකයි
    මට හොඳ හෑටි මතකයි.....................

    කුඩ අරන් ගොහින් අමතක කර දමා නෑති කරගෙන අහන නොක්කඩු වලට වඩා හෙම්බිරිස්සාව බොහොම හොඳය.

    ReplyDelete
  18. මැදපෙරදිග වැසිත් නෑ, කුඩත් නෑ

    ReplyDelete
  19. හරියටම හරි අක්කේ..........මරං කනව කිවිවන් ආදර මල් වැස්සේ නම් තෙමෙන්න හොද නැ

    ReplyDelete
  20. අනේ මටත් මල් මල් කුඩයක් ඇතුලේ යන්න හිතෙනවා...

    ReplyDelete
  21. වත් අක්‍කියෝ...ඔයාට මතකද දන්නෙ නෑ අර මං ලියපු පිළිතුරැ කවියට ඔයා කිව්වා ඒක මගේ බ්ලොග් එකේ දාන්න කියලා.ඉතින් ඔන්න මම මගේ කවි ලියන්න බ්ලොග් එකක් හැදුවා.ඔයා තමා මේ අදහස මට දුන්නෙ.ඒකට ස්තුති කරන්නයි මගේ අළුත් ගෙදරට ඇවිත් යන්න කියලා ආරාධනා කරන්නයි තමයි මේක ලිව්වෙ.......

    ReplyDelete
  22. මම නම් කාලයක් ඔය මල් කුඩේ යටින් ආදර වැස්සේ තෙමි තෙමී ගියා. ඒ වැස්සට තෙමුනට නම් කිසිම ලෙඩක් හැදුනේ නෑ. හැදෙන්ට ගිය ලෙඩත් හැදෙන්නේනැතිව වැලකුනා. දන්නවාද ඒ මට වයස අවුරුදු 10ක් 14ක් විතර වෙනකම්. දැනුත් ඒ ආදර කුඩේ යටින් ඉඳහිට යනවා. දන්නවාද කව්ද කියා ඒ. වෙන කව්රුත් නෙවේ අම්මා. ඉස්සර නම් ඉඳහිට නංගිගේ කුඩේ යටිනුත් යනවා.
    දැන්නම් මට ඔය කුඩ ඕනම නෑ. රේන් කොට් එකක් නේ ඇඳන් යන්නේ.........

    ReplyDelete
  23. බලන් ගියහම කවුරු කවුරුත් වැස්සට හරි ආදර වරස්සට හරි තෙමිල තියෙන විදිහ පේනවා... කොච්චර තෙමුණත් ආයෙ ආයේ ඒ වැස්සට තෙමෛන්න අපි කවුරුත් ආසයි ... මොකද ඒ වැස්ස ඒ තරමටම සුන්දරයි ..

    නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා කීවේ නිකමට නෙමෙයි නෙ නේද යාලුවනේ..

    ReplyDelete
  24. ස්තූති කතාව
    බ්ලොග් එකක පොස්ට් එකක් ලියනවටත් වඩා ... මම ලියන බහුබූත කියවල ඒ වෙනුවෙන් කමෙන්ටුවක් ලියල යන අයට ස්තූති කරන එක ඇත්තටම වැදගත් කියල මට හිතෙනවා...

    කියවන්න ගන්න වෙලාව වගේම කමෙන්ටුවක් ලියල යන්න තරම් මා වෙනුවෙන් වෙන් කරන ඔයාලගේ තප්පරය වුනත් ගොඩක් වටිනව කියල මම දන්නව ඉතින්...

    ඔයාල ඒක එක්කෙනාට වෙන වෙනම ස්තූති කරන්න මම ටක වෙලාවක් ගත්තට ඒක අපරාදයක් වෙන්නෙ නැහැ නේද?

    කමෙන්ටු ලියන අය වගේම ... කමෙන්ටු නොලීවත් කියවන අයටත් ගොඩක් ස්තූථියි...

    මොකද සමහර අය මට කියල තියෙනවා. "සොඳුරු මම හැමදාම ඔයා ලියන දේවල් බලනවා. ඒත් ඒවට කමෙන්ටු ලියන්න මට තේරෙන්නේ නැහැ. මට වචන එන්නේ නැහැ කියල" ඒක ඇත්ත''

    එහෙනම් මම ලියන දේ
    කියවන්න එන සියළු දෙනාටත්
    කියවලා කමෙන්ටු ලියන සියලු දෙනාටත්
    නොකියවන නමුත් ඉදල හිටල හරි ගොඩ වෙලා යන සියළු දෙනාටත්
    ෴ ස්තූතියි ...ස්තූතියි ...ගොඩක් ස්තූතියි ෴


    දෙන්න අත්පොලසන් නාදයක් ....

    ස්තූතියි ...........

    ReplyDelete
  25. පූසා
    පුසාත් එහෙනම් හිටිගමන් මිස් වෙන්නේ මල් මල් කුඩ යටින් ගිහින් සහලෝල උණ ගත්තම වෙන්නැ මයෙ හිතේ....
    ඔහොම කීවට ආයෙත් මල් මල් කුඩ යටින් යන හැටි මම දකිවී ඔන්න හරිය...

    ReplyDelete
  26. ඉලංදාරියා
    ඔන්න බලහන් කෝ ඉලන්දාරියෙක් කියන බොරු... "මට නම් මල් මල් කුඩයක් යටින් ගිය කාලයක් මතක නැහැ " කියල ඉවර‍වෙලා කියනව " මීට අවුරුදු දෙකකට කලින් ගියා" ලු...

    ඉලන්දාරියෝ... ලෝනෙම තියෙන්නේ එක මල් මල් කුඩයද මම අහනනේ ආහ්........

    ReplyDelete
  27. udaya.jayawardhana
    මෙන්න මෙන්න තව උණකාරයෙක් .... කොච්චර කොහොම වුනත් උදය ... ආයෙ ආයෙ ඒ මල් මල් කුඩේ යටින්ම යන්න හිතෙන එක තමයි පුදුමේ ..නැද්ද මම අහන්නේ ...

    ReplyDelete
  28. ළමයා
    හනේ හප්පොච්චියේ...." කුඩේ තියන් තෙමෙන ළමයෙක් "

    ඒක තමයි ඔය ළමයා තවම ළමයෙක් වෙලාම ඉන්නේ.... නැද්ද ළමයා වැඩිහිටියෙක් වෙන්න අදහසක් .......

    ReplyDelete
  29. මම අද නම් අවසානම තැන නේද ?
    මම රිය අනතුරකට භාජනය උනා නෙව ගම් රට බලා එන අතරමගදී . ඒකයි මම ප්‍රමාධ උනේ. තනි අතින් තමයි මේ ටයිප් කරන්නේ .

    ඇත්තටම අදත් හරිම ලස්සන හැඟීමක් හිතේ ඉපැද්දුවාට වත් අක්කට ඉස්තූතියි . මට නම් තාම කුඩේ යටින් යන්න අවසර නෑ ගියොත් මට ඉන්න වෙන්නේ හිරේ , කොහොමත් අපිට වැස්ස නෑ අවුව විතරමයි . ඒ නිසා අක්කගේ අදහස් ටික අපේ වේලිච්ච හිත් පොජ්ජට වැටිච්ච මල් වැස්සක්. හදවතින්ම මේ කවියට අපි ආදරෙයි ..

    ජයවේවා !!

    ReplyDelete
  30. හිස් අහස
    මල්ලි .... මට මේල් ඇඩ්රස් එක දෙන්න පුලුවන්ද ? නැත්තම් මට මේල් කරන්න මේ දැන්ම. sodurusitha@gmail.com

    ReplyDelete
  31. නසරාණියා
    මිණි මිණි පොදේළා අඳුරේ
    තෙමි තෙමි ගිය දා
    ඉඳහිට අදත් සිහිවෙනවා
    සිරි පොද දැකලා

    ආසිරි මල් වරුසාවේ
    නැහැ අපි තෙමුණේ
    වැහි සිරි බලන්නට
    නුඹ නැහැ අද කුඩ සෙවනේ

    ReplyDelete
  32. Jeew
    කමක් නැහැ සහෝදරයා.... එයා දැන් තනි නැහැනේ... මල් මල් කුඩෙ හරි .තියෙනවා නේද?

    ඔයාගේ කළූ කුඩේ ඔයා ලග නේද? එහෙනම් නෝ ප්‍රශ්.....

    ReplyDelete
  33. Jeew
    ආහ් ඔය ඉන්නේ කළු කුඩේ යටින් යන්න කෙනෙක් ...වාසනාවන් කීවලු...

    ඒක තමයි දරුවෝ වෙලාව එනකම් ඉන්න ඕනි...

    ReplyDelete
  34. prasanna86k
    කුඩේ යන යන තැන දාලා යනව කිවම මට පරණ කතා දෙකක් මතක් වුනා ...එකක් නම් දුකා අයියගේ බලොග් එකේ තිබ්බ වගේ මතකයි..

    " කාගෙද මේ ලස්සන නහය"
    " තාගද මේ ලස්සන තොල් "

    " අනේ පුතේ ඔය කුඩේ නම් මගේ "

    කීවලු ....

    අනිත් කුඩ කතාව තමයි ...

    පන්සලේදි උපාසකට මතක් වෙනවා කුඩේ දාලා ආව තැන ..තුන් වෙනි සිල් පදේ කියන කොට...

    ReplyDelete
  35. අහිංසකි
    ඇයි තෙමි තෙමි යන්නේ... අහිංසක නපුරු කියල නැහැ කාටත් හෙම්බි හැදෙනවා අහිංසකි..

    ස්තූතියි

    Sujeewa Kokawala
    සහතික ඇත්ත මල්ලි.. ඉතින් මම ලීව කවි වල අන්තිම පද ටික ධනාත්මකයි... ස්තූතියි මල්ලි

    Indranatha Thenuwara
    ඒ කුඩ නම් ඉතින් කොල්ලන්ට විතරක් නෙමෙයි කාටත් හොද නැහැ නෙ අයියා ...ස්තූතියි...

    ෴ හසියා ෴
    ආහ්... මෙන්න හසියා දන්න දේවල්....මම කෝල් කරාම මුකුත් කීවේ නැහැනේ...

    ReplyDelete
  36. S.Madurange
    මල් මල් වැස්සෙ තෙමෙන්න
    හෙම්බිරිසා හදා ගන්න
    ආහ් අපි බය නැහැනේ

    මම අද සමහන් බීවා ......

    ස්තූථියි S.Madurange

    Dinesh
    කම්මැලි මොකද හැබෑට මේ තරම්ම. කුඩයක් ගෙනියන්න ආහ්...

    Bunny !
    ආදරේට හීතල දැනෙන්නෙ නැද්ද...මම දන්නෙ නැහැ නෙ බනියෝ එහෙම දෙයක්...

    නිශ්
    මට පේන විදිහට නෝන මහත්තය දෙන මල් මල් කුඩ ඔක්කම නිශ් මහත්තයා නැති කරල වගේ ...

    ReplyDelete
  37. නෙල්ලි
    නෙල්ලි ...හ්ම් ..ලස්සන නම... හැබෑට එතකොට කොහෙන්ද මැද පෙරදිගට වතුර...

    සිදංගනා (සුරංගනාවි)
    එහෙනම් මනුස්ස අපිට විතරක් නෙමෙයි සුරංගනාවියන්ට ත් හේම්බි හැදෙනවා නේද?

    RoshanHerath

    හා හා එහෙනම් වහින වෙලාවට කුඩයක් අස්සට රිංගලා බලන්න..හැබැයි ඔන්න සෙරෙප්පු පාරවල් වලට වග කියනු නොලැබේ..

    ReplyDelete
  38. tharuahasa
    ආහ් ..අහන්නත් සතුටුයි... සින්ඩි වලට ජොයින්ට් වෙලා ලියන්න....

    ඒවයේ සාමාජික වෙන්න....

    http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/

    මේ ඒ පැත්තේ ආවොත් කැවුම් කිරි බත් එහෙම.් තියෙද දන්නෙ නැහැ නේද .....

    ReplyDelete
  39. priyantha.ඒබී
    රේන් කෝට් ...හහ් ... අපිට කොහින්ද අයියෝ රේක් කෝට්... හැමදාම රේන කෝට් වල යන්න බැහැ ප්‍රියා ....

    එන්න කො මල් මල් කුඩේ යටින් යන්න ...

    ReplyDelete
  40. hisahasa@gmail.com

    මේ තමයි මගේ ඊ තැපැල් ලිපිනය ..

    ජයවේවා !!

    ReplyDelete
  41. වත් "අක්කේ";

    මල්ලි කිව්වහම නම් මාර තරුණ කමක් හිතට ආවා. කොච්චර කාලෙකින් ද ඒ වගේ දෙයක් අහන්න ලැබුණේ. හැබයි යෙදුම වැරදියි මගෙ හිතේ. අවුලක් නම් නෑ. කැමති නම් දිගටම කියන්න :)

    සමහර නිර්මාණ නිර්මාණාවකාශය මුළුමනින්ම වසා ගන්නවා. ආයිත් ඉතින් ඒ ටොපික් එක ගැන වෙන දෙයක් ලිව්වා බොරු. අපේ ඔලුව බදු අරන්, 99 අවුරුද්දටම. මට මේක හිතුණේ මේ සංවේදී කතාවට ගීතමය උත්තරයක් දෙන්න උත්සාහ කරපු වෙලාවේ. මට ඒක බැහැ. මගේ හිතෙ හැම මුල්ලෙන් ම එන්නේ එකම ගීයක්.

    මුතු කුඩ ඉහළන මල් වරුසාවේ...

    උසස් නිර්මාණයකට සැලියුට් එකක්.

    ReplyDelete
  42. කොල් කලාම කියන්ට ඕනි දේ ඇහැට කනට පේනවනේ හොදට....
    "හරි එහෙනම්" අපි වාෂ්ප වෙනවෝ....

    ReplyDelete
  43. සිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරෙපි අර යුවලක් යන හැඩ
    ...
    මා ආපසු යනවා!

    ReplyDelete
  44. කතාව නම් සහතික ඇත්ත! මං දන්නා කිසිම කෙනෙක් කුඩයක් ගේන්නේ නෑ. මම නම් විහිළු කරන්නේ ගනු ළමයෙක්ගේ කුඩේ යටින් යන්න තියන ආසාවට කුඩා ගේන්නේ නෑ කියල. මං ලඟදි කියවපු බ්ලොග් පොස්ට් එකක තිබුන, ගෑනු ළමයාගේ කුඩේ යටින් යන්න ඕනේ නිසා එයාගේ කුඩේ වෙන කෙනෙකුට පරිත්‍යාග කරපු කතාවකුත්...

    ලස්සන කතාවක්. මන් වත් අක්කගේ කතා කියෙව්වා..හැම එකම හරිම ලස්සනයි..හැමදාම මේවගේ ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  45. අනේ අද තමයි කුඩේක අගේ හරියටම දැනුනේ :(

    ReplyDelete
  46. ඉස්සර කාලකෙ වෑස්සට තෙමෙන ඔහුට කුඩය දි මම පොද වෑස්සේ තෙමි තෙමි ගෙදර ඈවිත් තියේ.දෑන් නම් ඔහුට හෑමදාටම කුඩය යටින් යන්නට හෑකි ලස්සන කුඩයක හිමිකාරියක් මුන ගෑහිලා.මම තාමත් පොද වෑස්සෙ ඔහු මතක් කර කර තෙමෙනවා.ලස්සනයි අක්කියෝ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...