..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 16, 2010

෴ පරිගණක ඉංජිනේරුවාගේ ආදරය ෴


එකම බස හඳුනනා 
හිත් දෙකක් නෙත් දෙකක්
වුවත් අප නුඹට මම 
ගල් හිතක්  රුදු  නෙතක්

නුඹ නොදැන මා නොදැන
ළං වුනත් වෙන් වුනත්
දෘඩ ගතිය මට නොමැත
මෘදු බවත් නෙත් තෙමන්

දෘඩ බවට පණ පොවන
මගෙ සිතත් මගෙ ගතත්
නුඹ නොමැති දින වුනා
දුක හදන උල්පතක්

සොඳුර නුඹ අත ගන්න
බැරි බවත් නුඹ දනියි
හැර දමා ආ නමුදු 
සුවඳ  පමණක් හිමියි

නමුදු හද රිදවූව 
එකම කරුණක් ඉතින්
රිදවාවි සැම දිනම
සුසුම් පහසක් ලෙසින්

" ගල් හිතක් නුඹ ලදින් "
නුඹ කීව ඒ වදන්
හිත හෑරු හීය ලෙස
රිදවාවි මා ඉතින්

කොතරම් ආද‍රය කරත් හැර යන කොට දුකක් නැහැ හිත තේරුම් ගත්ත කෙනෙක් නම් ......

එහෙම නැති වුනාම .... හිතට දැනෙන වේදනාවට වචන නැහැ නේද ?

"Too long a sacrifice Can make a stone of the heart. O when may it suffice?" 

ගල් හිතක් ලඟ නතර වුන තෙත හිතක් ඇති 
මම
෴ වත් ෴

17 ප්‍රතිචාර:

S.Madurange said...

ලස්සනයි අක්කෙ.ඒත් මේ ඔයාගේ අත්දැකීමක් නෙමෙයි නේද?හැර යන දෙයක් ගැන උපේක්ෂාවෙන් බලන්න දියුණු හිතකට පුළුවන්.කොහොම වුණත් පද පෙළ නම් ඉතින් නියමයි.

ඉලංදාරියා said...

පදපෙලනම් වෙනදාවගේම ලස්සනයි එත් ,,දුක හිතෙනවා අකියෝ..........

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

හැකාටත් දුක ඉතුනා අලේ මේක කියොලා. ඉහි... ඉහි... ඉහි...

මයියා said...

එහෙනම් ඉතින් ෂට් ඩවුන් කොරලා පටන් ගත්තනම්....

නිශ් said...

අලුත් සොෆ්ට්ටෙයාර් කෑල්ලක් ලියමු වත් ඈත්ත. හෑමොම හෑම දේම තෙරුම් ගන්නෙ නෑ. එහෙම තෙරුම් නොගෙන තීරන ගත්තාම ඒක දරාගන්න අපහසුයි.

෴ හසියා ෴ said...

සොෆ්ට්වෙයාර් එක හාර්ඩිවෙයාර් ඉදිරියේ අසරණ වී ඇතිබව පෙනී යනවා මේ මොහොතේ....
මොනා කරන්නද ඉතිං...අපි දාන්න පුළුහන් කෙම්පුටර් එකකට ට්‍රයි කොරමු...

මධුරංග said...
This comment has been removed by the author.
මධුරංග said...

අපි ගැනත් කවි සංකල්පනාවක් ලියන්න හිත දුන්නට ඔයාට බොහොම ස්තුතියි වත් අක්කේ. අගල් 14ක මොනිටර් එකකින් එහාට අපේම ලෝකයක් අපට තියෙනවා කියලා දැන් තමයි හිතෙන්නේ. කොහොම උනත් අපිත් කලාකාමී මිනිස්සු කියලා කියන්න හොද සංකල්පනාවක්.

මධුරංග said...

අපි ගැනත් කවි සංකල්පනාවක් ලියන්න හිත දුන්නට ඔයාට බොහොම ස්තුතියි වත් අක්කේ. අගල් 14ක මොනිටර් එකකින් එහාට අපේම ලෝකයක් අපට තියෙනවා කියලා දැන් තමයි හිතෙන්නේ. කොහොම උනත් අපිත් කලාකාමී මිනිස්සු කියලා කියන්න හොද සංකල්පනාවක්.

පූසා said...

බොහොම ලස්සනයි අක්කියෝ

arunishapiro said...

වරක් කියවා නැවත වරක් හඬ නඟා උච්චාරණයෙන් අද කවි පෙළ අතිශයෙන් රස වින්ඳෙමි. තෝරා ගත් වචන සුවිශේෂියි. ගල් හිතක් යැයි පිටතට පෙනුන ද ඊට පසුබිම් වූ කකියන තෙත හිත අවංක සෙනෙහසින් පිරී ඉතිරී ගොස් ඇති බව ද “හිත හෑරු හීය ලෙස රිදවාවි මා ඉතින්” යන්නෙන් හඳුනාගත්තෙමි. අපූරුයි!

හිංචි මල්ලි said...

මම Open source ඔයා Commercial

හිස් අහස said...

වෙනදා වගේම අදත් කවිය ලස්සනයි .මේක දැක්ක පාර ,මටත් කවි සිතුවිල්ලක් ආපි.. තරහ වෙන්න එපා! මලයගේ කවි ලිවීමට සුබපතන්න !!
....................................
පිරිමින් සතු ගල් හදවත්
උනු කරන්න දිය කරන්න
හදා ඇත්තේ මේ ලොව තුල
බෙහෙත් වර්ග දෙකයි තවම !

පලමු බෙහෙත හරිම ගනං
දෙවැනි බෙහෙත ගජ ලාබයි
එකක් නමින් ආදරයයි !
දෙවැන්න නම් “ගල් අරක්කු”


ජයවේවා !!

Princess Thushy said...

වචන නෑ කියන්නට... මගේ අත්දැකීම ඔයා ලස්සනට ලියලා.. විශිෂ්ඨයි..

Sujeewa Kokawala said...

Lovely. Selection of words are much better. Keep rocking.

BTW r u the computer engineer by any chance?

sukitha said...

සොඳුර නුඹ අත ගන්න
බැරි බවත් නුඹ දනියි
හැර දමා ආ නමුදු
සුවඳ පමණක් හිමියි

නමුදු හද රිදවූව
එකම කරුණක් ඉතින්
රිදවාවි සැම දිනම
සුසුම් පහසක් ලෙසින්

" ගල් හිතක් නුඹ ලදින් "
නුඹ කීව ඒ වදන්
හිත හෑරු හීය ලෙස
රිදවාවි මා ඉතින්

මගේ මුලු කතාවම ඔයාගේ කවි තුනක තිබිල හම්බඋනා, කාටවත් කීවෙ නැති කියන්නෙ නැති කතාව. කවියේ title එකත් මගේම වගේ. මෙහෙම සුන්දර කවි ලියන්න මගෙන් සුබ පැතුම්.

පසන් Sid said...

වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...