..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 15, 2010

෴ පටලැවිල්ල ෴


පාට පාට සේද සේද
හරි ලස්සන රාක්කයක
පිළිවලකට හරි හැඩයට
හිටියා මම ඈත දිනක


දවසක් නුඹ ළඟට ආව
 සෙනෙහස උණුසුම පුදාන
ඒ ආදර හිත පස්සෙන්
වැටිලා මම ඔහෙ දුවාන


දුර ටික ටික වැඩි කරාපු
නුඹ නොපෙනී දුර ගියාපු
හති වැටුනම දුක හිතුනම
ආපහු ආ මඟ බලාපු


රාක්කයෙන් ගොඩක් දුරයි
පැටලුනු තැන් හරිම ගොඩයි
ඉස්සරහට , පස්සට යනු
බැරි මම තාමත් එතනයි


ඉර නැඟ්ගා සඳ බැස්සා‍
ආපු ගොඩක් අයත් ගියා
රාක්කයේ මං වුන් තැන
අලුත් කෙනෙක් සිනා සුනා


නුඹ ආදර හිත පස්සෙන්
රාක්කයෙ දොර අස්සෙන්
පැනපු පවට වුන හදියට
කඳුළක් නෙත අග දිස්නෙන්

 
"When you have lost hope, you have lost everything. And when you think all is lost, when all is dire and bleak, there is always hope." 

ලස්සනට ඉන්න තිබ්බ රාක්කයේ ඉන්නෙ නැතිව හිතක් පස්සෙන් දුවල අතරමං වුන නූල් බෝලේ
මම
෴ වත් ෴

26 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

බය වෙන්ට එපෝ.....හෙට අනිවා එයි නූල් බොලේ අගේ දන්න කෙනෙක්...එක්කරන් ගිහින් දුවිළි පිසලා ගැට පිහලා ගනියි වැඩට.....ඒයාට නූල් බොලෙන් කරන්න පුළුහන් අත්කම් බොහොමැයි නෙව...
ඔන්න ඊට පස්සෙ කියන්න එපා...
මට දැන් ආඩම්බරයි මමත් ලස්සන අත්කමකට පණ දුන්නා කියලා....
ලස්සනයි නිර්මාණය....

wath said...

෴ හසියා ෴
හසිය ගැන මම දන්නෙ නැද්ද? නූල් බෝල, බෝතල් කෝප්ප , පාට පාට කොළ , කතුරක්, ගම් එහෙම දීලා ෴ හසියා ෴ ව එතනින් තියල තිබ්බ නම් ....

අන්තිමට හදාවි හිතන්නවත් බැරි දෙයක්...

ආහ් ෴ හසියා ෴ ... මම පෝස්ට් එක පබ්ලිෂ් කරල විනාඩි ගානක් යන්න කලින් කොමෙන්ටු කරේ කොහොමද ?

෴ හසියා ෴ said...

හෑබෑද...ලැජ්ජාවේ සංතෝසේ බෑ....මට මැහුම් ගෙතුම් බෑ නෙවැ අක්කේ.... ;-)
ළගදිම දෙන්න තමයි උන්නේ තව කෝප්ප මිෂන් එකක්..... :-P

වී කෙයා ඕල්වේස් එබවුට් යූවර් බ්ලොග් නේ.....
ඒවා ටොප් සීක්රට්ස්..... :D

පූසා said...

බලාගෙන ගියාම මමත් නූල් බෝලයක් පස්සෙ දුවලා අතරමං වුන පූසෙක් තමයි........
බොහොම ලස්සන නිර්මාණයක් අක්කී

෴ හසියා ෴ said...
This comment has been removed by the author.
හිස් අහස said...

පුදුම ලස්සනක් ! "වත්" අක්කගේ සහජ කවි හැකියාව ගැන මට නම් පුදුමෙනුත් පුදුමයි ..ඒ කවි කියවන්න ලැබීම අපි කරපු පෙර පිනක් !

මොහොතකට මටත් හිතුනා මමත් හැමදේම පටලවාගෙන නේද කියලා ....ආදරේ කියන්නේ අවුල් ජාලයක් පැටලුනු නූල් බෝලයක් .ඒ පැටලුම් ලිහාගන්නේ කීයෙන් කීදෙනාද ? සමහරු ජීවිතකාලෙම පැටලුම් ලිහන්න උත්සාහ කරනවා !!

ආයෙත් කියනවා හරිම ලස්සන පද වැල ....

ජයවේවා !!

S.Madurange said...

ඔයාගෙ බ්ලොග් එක‍ට දවස් කීපයක්ම ඇවිත් ගියත් කී-පතෙන් සිත්තමක් ගොතලා තියන්න ම‍ට බැරි වුණා.සමාවෙන්න අක්කියෝ ඒකට.ඔයාගෙ කවි පද හරි ලස්සනයි.හැම එකකම වගේ හොද තේරැමක් තියෙනවා.

ඈත ඈත ඈත දුරක
දිව යන ලස්සන දවසක
ගුලිවී තනියම මුල්ලක
නුඹ හිටියා අහිංසකව.....

නොදැනම පා එසවුනාට
දෝතට නුඹ හසුවුනාම
නොවැටුන හිත පැටළුණානෙ
අවිහිංසක නුඹ අද්දර.....

හැල්මෙ ගොඩක් දුර ආවේ
යා යුතු මග දිග හින්දයි
මං හිතුවා මගේ ළගින්
නුඹ හනිකට ඒවි කියා.....

රාක්කයට දුර බොහොමයි
පැටළුන තැන් ලිහනු හැකියි
දෑතට ගෙන මුව රදවා
මේ තනන්නෙ ආදරයයි.....

නැග බැස යන ඉර හඳ යට
කවුරැ නැතත් මං හිටියා
රාක්කයේ නුඹේ තැනට
පෙම් බැඳ බැඳ නුඹ හිටියා.....

රාක්කයන් නුඹ ගත්තේ
අපරිමාණ ආදරයෙන්
තවමත් පෙම් සිත එහෙමයි
කදුඵක් ඇයි නෙත් මඩලේ......

(පූසා)

පූසා said...

S.Madurange කරුණාකරලා කියන්න පුලුවන්ද වරහන් ඇතුලේ මගේ නම ලිවීමේ අරමුණ මොකක්ද කියලා o_O

S.Madurange said...
This comment has been removed by the author.
S.Madurange said...

මං අදහස් කරේ ඔයා නෙමෙයි.අර photo එකේ ඉන්න පූසා.

Jeew said...

නූල් බෝලයක් නං පැටලෙන එක වලක්වන්න අමාරුයි තමයි. හැබැයි ඒක ලිහන ක්‍රමයක් තියෙනවා. ඒකට ඉවසීම ඕනේ. කෙලවර හොයාගෙන ටිකෙන් ටික හිමින් සීරුවේ ලිහන්න ඕනේ. වෙලා යනවා තමයි. ඒත් හරි අවධානයෙන් කෙරුවොත් නූල් කෑල්ලක්වත් අපතේ නොයවා පැටළුම් අරින්න පුළුවන්. ඇත්තම නූල් පන්දුවල වගේම ජීවිතයේත් අත්දැකීමක් ඒක.

Lokka said...

පොල්කිච්චන් ද,ලේනුන් ද බොහෝ උස
අතු වලය,
මාලු හට්ටිය ද වසා ඇත.
කරවල බෝතලය,
සිතීමෙන් පව ඵල නැත.
කාගෙන් වත් තහනමක් නැති
නූල් බොලේ,මට සෙල්ලමකි,
නුඹට............
???????

Paradox said...

Jeew

Agreed

ඉලංදාරියා said...

වෙනදාවගෙම ලස්සනයි ..එත් ඔයා පටලිලලුනේ ..
හපොයි..

ජිවිතයම පෑටලිල්ලක්
ලෙහෙන විටදි නෑත
ගෑලවිල්ලක්...
ගලවන විට පෑටලිල්ලක්..
ත්වත් තෑනක්....
කොනක් නොමෑති
පෑටලිල්ලක්...

මධුරංග said...
This comment has been removed by the author.
මධුරංග said...

අක්කා.... ඔය පටලවුනා කියන නුල් බොලේ කොනක් හොයා ගත්තේ එහෙම නැද්ද ???? වත් අක්කා නුල් බෝලයක් කියල දැන ගත්තේ අද. ලස්සන කවි පද ටිකක් . :-) වත් අක්කයි මමයි ඉන්නේ එකම බෝට්ටුවේද දන්නේ නෑ ??? එකම හිතක් පස්සේ වැටිලා අතරමං වෙලා. මටත් ඕක කලින් හිතුනා. පස්සේ ඕනේ නැහැ කියල හිතුනා.

-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් said...

මාත් නූල් බොලේ පස්සේ ගිහිල්ලා අතරමං වෙයිද කියලා බයයි...

-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් said...

කියන්න අමතක උනා. කවිය හරි ලස්සනයි. "වත්"

wath said...

මධුරංග
අපි කවුරුත් නූල් බෝල පස්සෙන් දුවන කාලයක් තියෙනවා මල්ලි.... වයසෙ වැරුද්ද වෙන්න ඇති.ඒත් සමහර වෙලාවට කලාතුරකින් හරි නූල් බෝලත් අපි පස්සෙන් දුවනවා...

කොහොම වුනත් ඔයා නුවනක්කාරයා... දුර දිග හිතල වේලාසනම අයින් වු එක...

wath said...

-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ්
කියන්න බලන්න දැන් ඔයා දුවන්නේ මොන නූල් පෝලෙ පස්සෙන් ද කියල... මම ගෙනත් දෙන්නම් කෝ ලගට.. මට උදවු කරපු මගේ යාලුව වෙච්චි මාත් උදවුවක් කරන එක යුතුකම නෙ නේද ?

wath said...

පූසා
ආහ් ... පූසෝ ... රස්තියාදුවෙ ගිහින් බඩගිනි වුනාම ගෙදර එන හොර පූසෙක් ද ඔයා...

කොහොම වුනත් පුසන්ගේ වැඩේ නම් ඉතින් නූල් පෝල එක්ක සෙල්ලම් කරල , නූල් බෝලේ පටලවල තියල, ඇති වුනාම මඟ ඇරල යන එක තමයි...

ඔහෙ හිටු පූසෝ .. කොහෙද දුවන්නේ..

ස්තුථියි පූසෝ ...

මේ දවස් ටිකේ බ්ලොග් අවකාශේ පුරාම පුසාව දකින්න පුලුවන්... යනයන තැන පූසා කමේනුට ලියල...

පුසා බ්ලොග් එකක් ලියන්නෙ නැතෙයි ..

wath said...

හිස් අහස
ආහ්... මට බොරුවට දැන් ජෑම් බටර් ගාලා හරි යන්නේ නැහැ හරිද? අපි නැහැ නෙ ඔය බොන මිනිස්සුත් එක්ක කතාවක්...

කවි ලස්සනයි කියල කීවම යාලුවෙයි කියල වෙන්නෑ... අපි අහුවෙයි ඕවට....

ඉතින් පුංචි සර් කොහොමෙයි ජීවිතේ...මෙන්ඩිස් එක්ක යාලු කම තාම තියේද?

wath said...

S.Madurange
ස්තූථියි S.Madurange මල්ලි...

නැකද මේ කවි සිත්තම ඔයාගෙම බ්ලොග් එකේ පෝස්ට් එකකට දැම්මොත්...

නූල් බෝලේ දන්නෙ නැහැ නේ ඔයා ආයෙ ඇවිත් කියල...

දැන ගත්තම ගොඩක් සතුටු හිතේවි...

ලස්සනයි උත්තර කවිය... ලියන්න ඔයාගේ බ්ලොග් එකේ මේ කවිය...

wath said...

Jeew
පැටලුනු නූල් බෝලෙක පැටලුම් අරින්න ලොකු ඉවසීමක් ඕනි...

ඒ තරම් ඉවසීමකින් පැටලුම් ලිහනවට වඩා අලුත්ම අලුත් නූල් බෝලයක් ගන්න එක ලේසියි පහසුයි කියල හිතන අට ඉන්න රටක... පැටලැවිලි ඇරය , දූවිලි පිස දාලා ආයෙත් තිබ්බ විදිහට නූල් බෝලෙ ඔතනව කියන්නේ පුදුම කැප කිරීමක් ආදරයක්....

ස්තූතියි එහෙම හිතුවට....

ජීවි ඉතින් කොහොමත් හිතන්නේ වෙන විදිහටනෙ නේද?

ආහ්...ජීවි එක්ක එකඟ වුන Paradox ටත් මම කියන්නේ ..මෙහෙම හිතන අය අඩුම අඩුයි ...

ස්තූතියි Paradox සහ Jeew

wath said...

Lokka
ලොක්කා ලොකුම ලොකු කතාවක් කියල ගිහින්...

නුඹට සෙල්ලම්ක් වුනාට නූල් බෝලේ හිතින් ගොඩක් දුර ගිහින් නේද ?

wath said...

ඉලංදාරියා
අපි කවුරුත් ජීවිතේ ටිත වෙලාකට සිතුවිලි වලින් හරි පටල ගන්නවා.. ඒ පැටලැවිල්ලේ සුන්දරත්වයක් තියෙනවා දකින්න දකින්න තව තව පැටලෙනවා...
වැරදි බව දැන දැන පැටලෙනවා...

මොලේට ඉඩ දීලා ගැලවෙන අය අතර පැටලුන ජීවිත හඩනවා...

ස්තූතියි ඉලන්දාරියා .........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...