..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, November 14, 2010

෴ අනංගයා සහ මෙන්ඩිස් ( හෙලි නොකල ගිවිසුමක සුල මුල )෴

මෙන්ඩිස්ට තව එක යාලුවෙක් එකතු වෙලා දන්වද කවුද කියල අර හිස් අහස ලියන පුංචි සර්..

ඒක දැකල මට මතක් වුනා පුංචි කතාවක් .... 

මල්සරා....... දන්නව නේද කවුද කියල... ඔවු ඔවු අර පුංචි අත්තටු දෙකක් තියෙන, යන්තම් විලි වසා ගෙන , ඊතල මල්ල පිටේ බැදන් , දුන්නකුත් අතේ අරන් යන පුංචි කොල්ලා....

ලංකාවේ අය නම් කියන්නේ ඊශ්වර දෙවියන්ට ඊතල විදින්න ගිහින් දෙවියන්ට තරහ ගිහින් තුන් වෙනි ඇහෙන් බලපුගමන් මල්සරා දැවී හලුවෙලා ගියාලු ..ආත්මය විතරක් ඉතිරි වුනාලු... ඒක ලු අනංග කියන්නේ...

ඔන්න ඉතින් අන්න එයා මල්සරා නොහොත් අනංගයා ... ගේ බිස්නස් බැහැපු කාලයක් ඒක ... ඉතින් දවසක් මල්සරාට ආවා කෝල් එකක් .. මොකටද දන්නවද පුංචි පහේ ගිවිසුමක් අත්සන් කරන්න. දන්නවද කාත් එක්ක ද කියල... වෙන කා එක්කද ඉතින් සුරාමේරය කියන කම්පැනි කාරයා එක්ක තමයි...

දන්නව ද ගිවිසුමේ නම "මම විදින්නම් - අතාරින්නම් - ඉතිරි සියල්ල නුඹට බාරයි"

දෙන්න ලාබෙ බෙදා ගන්නේ 50:50 ....




ඉතින් එදා ඉදල මේ ජාවාරම යනවා මල්සරා විදිනවා. හැබැයි හිත හයිය නැති අයට තමයි වැඩිම ඉලක්කය ගන්නේ... ටික කාලෙකින්ම එක්කො ඊය ආපහු ගන්නව ... බාගෙට විදපු ඊය එක්ක තනිවෙන හෝ වෙන් වෙන හෝ දුරස් වෙන කෙනා  කෙලින්ම ගිහින් නතර වෙන්නේ සුරාමේරය ලඟ. වැඩේ ක්ලෝස් ...අමාරුවෙන් හම්බ කරන සබ්බ සකල මනාවම සුරාමේරයේ දිය කරනවා .... ඒ ලාබය අර අනංග නොහොත් මල්සරායි කම්පැනිකාරයයි බෙදා ගන්නව.

ඉතින් ඒ ගිවිසුමේ තව එක ගොදුරක් තමයි "හිස් අහස".

මාරයාගේ හෝරාව පරණම බිල්ලක් , ගැහුණු රුවන්ගේ හිත හයිය හින්දද මන්ද සුරාමේරය ලඟට යන්නෙ නැහැ. එහෙම වුනානම් වැඩිපුරම බාර් වල ඉන්නේ ගැහැණු.

ගැහැණු හිත හයියයි.දුක දරා ගන්නම තමයි ඒ හිත් හැදිල තියෙන්නේ.

මේ රහස් ගිවිසුම එළිකළ නිසා මට විදින්න වෙන දඩුවම මම දන්නව. මල්සරා මට විදින්න තිබ්බ ඊතලය කඩල විසිකරල කියල මේල් එකක් මේ දැන් මගේ ඊමේල් ඉන්බොක්ස් එකේ තියෙනවා.


" ඔය අනංග නොහොත් මල්සරායි , අර කම්පැනිකාරයයි මට දවසක  හමුවුනොත් - අන්න එදාට මාතර කෙල්ලන්ගේ හැටි ඒ දෙන්නම දැන ගනීවි "


“Love is blind deaf dumb and stupid. If I ever find that little turd I'm gonna kill cupid once and for all.”

තවම නැත මල්සර වැදී
මමයි ගොළු සිත නුඹ ලඟ රැදී

අනංගයාට පාඩමක් උගන්නන්න මඟ බලන් සිටින 
මම
෴ වත් ෴

47 comments:

  1. අනේ නිකං ඉන්න මෙයා විහිළු කරන්නෙ නැතුව !! එතකොට ඔය මගුල් ගෙවල් වල ඈයෝ කන පැලෙන්න බොන්නෙ මොකද ?? :)

    ReplyDelete
  2. දුමී
    ඒ අතුරු ගිවිසුම් අයියා.... කම්පැණිකාරයා තව ගිවිසුම් ගොඩක් ගහල තියෙනවා... මම මේ කීවේ ප්‍රධාන එකක් විතරයි මෙයා...

    ReplyDelete
  3. මට නං වුණේ ඔකේ අනිත් පැත්තනේ. බීම නවත්තපුවහම මල්සරා එලටම විද්දා...

    ReplyDelete
  4. දාපං අක්කෙ 5 ක්..! මාත් ඕකා අහුවෙන කම් ඉන්නෙ...ඔය නරියා තාම මට විද්දෙ නැනේ !!!

    දකුණු කොල්ලො කෙල්ලන්ගෙ වැඩ පෙන්වන්න දෙමු කනේ පාරක් මතක හිටින්ට !! :D

    ReplyDelete
  5. එල නියමයි අක්කෙ.... කියල වැඩක් නෑ

    ReplyDelete
  6. ඇත්තමයි නියම කතාව යාළු. ඔය මල්සරයි, සුරාමේරයයි එකට අහුවුනොත් මටත් කියන්න. හොඳ පාඩමක් උගන්නමු අපි එකතුවෙලා. අහින්සක කොල්ලෝ බිළිගන්නවට

    ReplyDelete
  7. චැ චැ චැ........ දැන් අෆරාදෙනෙ ඔය මලා විදිනකන් බලන් ඉන්නේ :) ඌට දැන් වයස අවුරුදු කෝටිගානක්නේ. දැන් ඌ වයසයිනේ..... හික් හික් හික් අනික ඌත් හොඳටම මේදවස්වල බොනවලු ලව බ්‍රේක් වෙලා හිxxxxxxx

    අපි ඡන්දයක් තියල අලුත් මලෙක්ව පත් කොරගමුද වත් අක්කා :)

    ReplyDelete
  8. නියමයි අක්කෙ.... කියල වැඩක් නෑ

    ReplyDelete
  9. මොනවා කියලා කරන්නද අක්කේ ? දැන් පරක්කු වැඩියි වගේ

    බෝතලේ අතට ගන්න සාක්කුවට අතදාලා සල්ලි ගන්නකොට හිතට දැනෙන හැඟීම මම විතරයි දන්නේ . අම්මා දැනගත්තොත් මොනවා කියයිද ? මම හැමදාම හිතනවා .ඒත් ....මීවිත නිසා මට මොහොතකට ලැබෙන ඒ නිදහස් හැඟීම සල්ලි වලට ගන්න බෑ වත් අක්කේ . ආසාවට,ආතල් එකට,ඇඟේ පතේ අමාරුවට ඒවගේ දේවල් නිසා බොන කෙනෙක් නෙවේ මම . හිත නිදහසේ තියාගන්න ඕන නිසා බොන කෙනෙක් .......ගොඩාක් බොන්නෙත් නෑ . බීල කෑ ගහන්නෙත් නෑ .බිවුවම මම මගේ අතීතයට යනවා ගිහින් ඉන්න්වා . ඒ වෙලාවට හිත 100% නිහඬයි .

    මට ඕන අන්න එහෙම නිවිච්ච හදවතකට හිමිකම් කියන්න ඒකයි මම සුරා කියන මිතුරා එක්ක යාළු උනේ ..... සමාවෙන්න .....

    මටත් දවසක් එයි එදාට ඔවු එදාට මම මෙයාව මගෙ ජීවිතෙන් හැමදාටම එලවලා දානවා .....

    මාව මිනිහෙක් කරන්න උත්සාහ කලාට
    ගොඩාරියක් පිං අකේ !!

    ReplyDelete
  10. mathata thitha thiyana patak na vage . e kathava Election kaleta vitharane eliyata enne . ekane oyavage jaravata podi lamai ahuvenne

    ReplyDelete
  11. අරකු වලට තදින්ම විරුද්ධ කෙනෙක් තමයි මම.
    ඒක හින්දම තමයි අද පලමු වතාවට මේ සයිට් එකට ආවේ මම නම් කියන්නේ මේ ජරාව අපේ රටෙන් තහනම් කරලා දාන්නේ නැතිව හැමෝම ඇයි තව බලා ගෙන ඉන්නේ ? මොකක්ද රහස ලොකු ලොක්කන්ටත් ජරාව නොබී ඉන්න බැරිද ? අපේ ගොන්නුන්ට ඉතින් කට පියාගෙන ඉන්න බෑනේ . බොන්නමයි ඕන මොනා නැතත් බොන්න තමයි ඕන . බීපියවු ඉතින් .

    ඔයා කවුරු උනත් කාලයට ගැලපෙන මාතෘකාවක් ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
  12. අහ් අපිනම් ඔය මල්සාරාගේ කැත වැඩ වලට අහුවුනේ නෑ...මල්සරා මටත් කොරන්න හදන්න ඇත්තේ ඔකමයි.වෙලාවට මං බේරුණා.
    මල්සරා මටත් අහුවෙනකම් තමා ඉන්නේ...මට කරපුදේට නෙවේ...ඉස්සරහටවත් ඕකා කරන කැත වැඩ දැන්වත් නවත්වන්න එපායෑ....

    ඕකා අහුවුනොත් මොකද කරන්නේ...ගස් බැදලා දිමි ගොට්ටක් දාලා ෆෝටෝ එකක් අරන් පත්තරේ දාමු පෝන් ස්ටර් කෙනෙක් කියලා....

    අද නම් චෝයි කතාව හොදේ....
    හැදෙන අයට හැදෙන්නම ලියලා තියෙනවා....
    හැදෙන්නේ නැති උන් ඉතිං මකලවත් හදන්න බෑනේ....

    ReplyDelete
  13. අනේ අම්මපා මෙ වත්ටත් ඔන නැති මගුලක් නැහැ නෙව...
    අපි මෙ හීනියට අඩියක් දාලා පාඩුවෙ ගෙවන ජීවිතේ නවත්තන්නද කියන්නේ..
    මෙවා ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ...

    ඇයි යකෝ..අපි මෙ ලෝකෙට අවුරුදු දහස්ගාණක් ඉන්න ආව එකක්යෑ..කොහොමත් දැන් මෙ අපි කන බොන දේවල්වල තියෙන වස විස හින්දා අපේ අමතර කොටස් බොහෝම ඉක්මනට ගෙවිලා ගිහින් ඉක්මනටම වලකජ්ජ ගහනවා..

    කොහොම කලත් පණහ හැට වෙනකොට දැන් ඉන්න වැඩි හරියකට ටිකට් එක හම්බු වෙනවාමයි..

    ඉතින් එහෙව් එකේ ඒ ටිකේ ඔය පොඩ්ඩක් දාලා ඒ ගමන තව චුට්ටක් ඉස්සර කරගත්තා කියලා ආයේ අමුතුවෙන් වෙනසක් තියේයෑ..

    මෙක මහ පුදුම ලෝකයක් නෙව...

    හොඳයි හොඳයි බලමුකෝ ඔය නොබී ඉන්න කට්ටිය අපි වගේ ඛෙබාලට වඩා කොච්චර කාලයක් ඉඳීද කියලා...
    අනිච්ඡෙ දුක්ෙඛ..

    ReplyDelete
  14. සමරතුංගNovember 14, 2010 at 10:26 PM

    බේබද්දන්ගෙන් පිරිච්ච මේ ලෝකේ වෙන්ස් කරන්න මමත් මේ සොඳුරු සිත සමග අත්වැල් බැඳගන්නවා .මේ වගේ ලිපි දිගටම පලකරන්න . අපි ඉන්න්වා ඔබ සමග සහයට නිරතුරුව . අර හිස් අහස ලියන කොල්ලට තවම වයස විසි එකයි ජීවිතේ හොඳ කාලේ එනකොට එයාටම තේරේවි මොනාද තමන් මේ කරගෙන තියෙන්නේ කියලා.

    ඔබේ අදහස් කාලොචිතයි ..

    ReplyDelete
  15. වාව්!!!!
    මූණත් තහඩුව වෙනස් කරලා තියෙන්නේ. එන්න බැරි උනානේ ටික දවසකින් මේ පැත්තේ.
    අපි නම් ඔය ගිවිසුම් කාරයන්ට අහුවෙයි.
    මල්සරාගේ ටාගට් එකෙන් පනින්න බැරි උනාට මෙන්ඩිස් කාරයාගේ ගිවිසුමෙන් පනිනවා.

    ReplyDelete
  16. අපො ඔය බොන එක නම් මහ මොඩ බූරු මෑටි ........... වෑඩකි. (මම කිව්වෙ ඔය ප්‍රෂ්න අමතක කොරන්න දුකට එහෙම බොන එක ගෑන හරිය ) ඔව බයිලා නෙ ඉතින් . අපි නොදන්න මෑන්දිස්.................
    ඔය අනංගගෙ ඊ මේලය ෆොර්වර්ඩ් කොලා නම් සාම කතාවක් දාල ඔය අලුත් ඊතලයක් වත් වෙනුවෙන් වෙන් කරගන්න.

    ටික දොහකින් සොදුරු සිත පෑත්තෙ ගොඩ වෙන්න බෑරි උනා. කොහොද පහුනු දවස් වල කරදර ගොඩයි නෙව. අලුත් වෙනසත් හොඳයි. ලොඩ් වෙන්න ටිකක් වෙලා යනව තමා.ඒත් ඉතින් මොකද ලස්සනයි නෙව.
    අර උඩින් ඉන්ගිරිසියෙන් මරනයක් ගෑන දාල තිබ්බ ටික අහක් කොරල දාපු එකත් බොහොම හොදයි. අහ් මේ ළමය 30 කියන්නෙ මෑදි විය නෙමෙයි කියල මතක තියා ගත්තොත් හොඳයි

    ReplyDelete
  17. දුකට බොන එක නම් අනුමත කරන්න බෑ. බොද්දි දුක අඩු උනත් වෙරි හිදුනම ආයේ ඒ දුක එහෙම්ම ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ දෙයක් කතා කරපු එකත් හොදයි වත් අක්කේ. නැත්නම් අපි දරන්නේ මොනවගේ අකල්ප ද කියලා දැන ගන්න විදිහක් නැහැනේ. මම නම් මල්සරා විදින්න කලිනුත් බොන්නේ නෑ. විද්දට පස්සෙත් නෑ. විදලා අත අරපුවාමත් නෑ. කොටින්ම බොන එකට සැහෙන්න විරුද්ධයි.

    ReplyDelete
  18. මගෙ පලවෙනි ලවු එක කුඩු උනාටපස්සෙ මම ඔය මල් අජරවෙන් මිදුනා..දෑන් ඉටපස්සෙ අමද්‍යප වෑඩක කර කර දෑනට ජයග්ග්‍රාහී 12 වෙනි අවුරුද යන්නේ හේ .... ම්ල්සරාට වෑරදුනා..හී හි...

    ReplyDelete
  19. Jeew
    මම ඔය ඇහුවමයි මල්ලි එහෙම දෙයක් .. එතකොට කලින් බීවේ මොකද?

    ෂහ් මල්සරා ඉදල ඉදල හොද වැඩත් කරනව නේ එහෙනම්....

    ඔන්න එහෙනම් මම ඒක හොඳ වැඩ පොතේ ලියා ගත්ත....

    Bunny !
    මෙන්න බනියෝ පහට දහයක්ම... ඕකා ඔයාට විදින්න බයයි.. දන්නවනේ ඉතින් දකුණෙ කොල්ලන්ට කෙල්ලන්ට කවුරුත් බයයි. අනේ මන්ද ඒ ඇයි කියල....

    MaRlaN
    ස්තූතියි මල්ලියා... මේ ඒක නෙමෙයි ඔයාගේ ප්‍රොපයිල් එක හරි වෙනස් ඒ ඇයි... ඇත්තම කියනව නම් ප්‍රොපයිල් එකක් නැහැ නේ ..


    ayesha
    ෂා නියමයි... එහෙනම් මල්සරාටයි කම්පැනිකාරයටයි විරුද්ධව තවත් කෙනෙක් එක් වුනා එහෙනම් ...."නිල් අහස" " පුංචි සර්" පරිස්සමින් හරිද......

    ReplyDelete
  20. ජේ.ඩී
    දවසේ කියමන ... හැබැටම මල්සරාට කොච්චර වයසද..එහෙම වෙලත් කොහොමද ඒකා මේ තරම් පුංචි එකා වගේ ඉන්නේ ...

    ඒකාව අයින් කරල... වෙන කෙනෙක් පත් කරන්න මොකක් හරි ව්‍යවස්ථාවක් වත් වෙනස් කරන්න වෙයි ද මල්ලියේ...

    බලන්න ඕනි සොයලා... හැබැයි දකුණෙ අය නම් එපා එපා මයි නැද්ද අනේ...

    ReplyDelete
  21. Dar[K]

    මම ගියා නෙව ඒ පැත්තේ http://dayariya-sin.blogspot.com/ ඒ යන කොට ඔයා පොත වහල රතු ඉරත් ගහල යන්නම යන්න ගිහින්...
    ස්තූතියි මල්ලියා ...

    ReplyDelete
  22. හිස් අහස
    මේ මට ඔය මදුවිත බොන " පුංචි සර්" ල එක්ක කිසි කතාවක් නැහැ .. අපි තරහයි ...

    අහස කළු වෙලා ගොරවන්න වගේ...

    ReplyDelete
  23. Anonymous
    ඇනෝ ... ඔයා කවුරු වුනත් කතාව ඇත්ත.. පුංචි වුනත් මොළයක් තියෙනවා නේද අර ඔළු ගෙඩිය ඇතුලේ... කල්පනා කරන්නේ නැහැ‍නේ ඒකයි මේ...

    මතට තිත බැරි නම් වරහන් හරි දාන්න ඕනි හරියට ..නැත්තම් වැඩක් නැහැ...

    ReplyDelete
  24. අනංගයා මල්සරා
    අපේ ජීවිතේම
    මලගෙයක් කලා....

    අද දැක්කේ ත්‍රීවීල් පැංචෙක්ගේ ඇගේ අලවලා තියෙද්දි.....

    ReplyDelete
  25. NIO
    ගොඩක් ස්තූථියි යමින් එමින් ගමන් වුනත් මේ පැත්තේ ගොඩ වුනාට...

    ඇත්ත .. මොකද සුරාමේර කම්පැනියෙන් බෝතලයට සූප්පුවක් ගහල බලෙන් පොවන්නේ නැහැනේ...

    ෴ හසියා ෴
    අනේ මේ... මල්සරාට බැන්නම හිතුවද මට අමතක වෙයි කියල. හසියෝ උඹත් බොනව කියල මම දන්නව...

    තරහයි ...

    ReplyDelete
  26. මාරයාගේ හෝරාව
    මගෙ යාළුව තමයි.. එපා ...කතා එපා ...

    ReplyDelete
  27. සමරතුංග
    හුරේ ... මෙන්න මගේ පැත්තට තවත් එක්කෙනෙක්.. ඔන්න පරිස්සම් වෙන්න මල්සරා ආන්ඩ් සුරාමේරය කම්පැනි ලිමිටඩ් ...

    ස්තූතියි සමරතුංග මහත්තයෝ .........


    priyantha.ඒබී
    මම දන්නව ප්‍රියා ... ඔයාටත් ම්ල්සරාගේ ඊතලෙන් රිදුන කියල.. කෝ එහෙමයි කියල කම්පැනිකාරය ලගට ගියාද .. නැහැනේ..

    මෙන්න ගන්නවා නම් ආදර්ශ...

    ReplyDelete
  28. නිශ්
    ආයිබෝන කීව යාලුවේ.. දකින්න හිටියේ නැහැ තමයි යාළු... කරදර සේරම ඉවරද? පවුල් පන්සල් වුනාම ඔහොම තමයි යාළු ...

    පුංචි කෙල්ල මතක් කරා කියන්න...

    මල්සරාට මම කියන්න ඕනි ඒව කියල මේල් එකක් දැම්ම.. මා වෙනුවෙන් අලුත් ඊතලයක් හදනවා කීවා...

    මගේ හිතේ මැටීරියල් එක හොද වැඩිලු ...

    ස්තූතියි යාළු

    ReplyDelete
  29. අනේ අම්මපා අක්කේ මමත් ඉන්නේ ඔය මල්සරාව අහු වෙනකම් තමයි.ඕකා මටත් විදලා ගලවා ගත්තා.මෙන්ඩිස්ව හොදම යාලූවෙක් කලා.ඒත් මෙන්ඩිස්ව ඈත් කලා.

    අනේ ඇත්තට ඔය මල්සරා අහු උනෝතින් පොජ්ජෙ ටත් කියන්න.පෙන්නමු සල්මරාට දකුණේ කොල්ලෝ කෙල්ලන්ගේ වැඩ.

    ReplyDelete
  30. මධුරංග
    හරියෝ... තව එක්කෙනෙක් එක්කාසු වුනා... අන්න හරි එහෙම තමයි ඉන්න ඕනි...

    එය වගේ එක හිතින් ඉන්න එක කොච්චර දෙයක් ද මල්ලි...

    මේ මම කාටවත් කියන්නේ නැහැ...( හැබෑටම තවම නැද්ද මල්සරාගේ ඊතලයක් එහෙම මධුරංග පැත්තට ආවේ....)

    ReplyDelete
  31. ඉලංදාරියා
    ජය වේවා ... බොන්න ඕනි නැහැ මල්ලි... කවියක් ලියල ආපහු කියවල බැලුවම බෝතල් දෙකක් බීව වගේ තමයි නේද?

    ReplyDelete
  32. ..::| පොජ්ජේ |::..
    නියමයි මල්ලි ....::| පොජ්ජේ |::.. දකුණෙ කොල්ලෙක් නේද? අන්න වැඩේ දැන් නම් බැටෑලියන් එක ලොකුයි ....අපි දිනුම් මල්ලි ..

    ReplyDelete
  33. අවසන් නිවේදනයයි
    මාරයා පුංචි සර් හෙවත් හිස් අහස හසියා සහ අනිකුත් සියළුම සුරුමේර භවතුන් වෙත මින් දන්වා සිටන වග නම් ... අමද්‍යප බැටෑලියන් එක ක්‍රමයෙන් සංවර්ධනය වී වරිධනය වෙමින් පවතින බවින් වහාම ආරක්ෂිත ස්ථාන සොයාගන්න ... නැතිනම් බෝතලය බිමින් තබා යටත් වන්න අපහා එක් වන්න...

    ReplyDelete
  34. බොනවා නේන්නම් අක්කියෝ....බොන්නේ නැතිව කොමෙයි ඉන්නේ....
    හා හා මං මේ කිව්වෙ වතුර ගැන...ලොලේ ලොල්ස්....

    ඔට්ටුයි බැරුවට.....


    අහ් මේ මම දානවා රුපියල් 2.50 අපහාස නඩුවක්‍‍‍...මගේ විනීත චරිතවත් චරිතයට හානි කරීම පිලීබදව...
    ප්‍රසිද්ධියේ සමාව ගන්න නැතිනම් දානවා නඩු...
    මං සුරුමේර භවතෙක් නොවෙමි.මම අභිමානවත් අමද්‍යප සංගමය නියෝජනය කරන්නේක්මි...

    හූ හූ මෙදා පොටේ වත් අකිකිට වැරදුනා....

    ReplyDelete
  35. අප්පද බොල සෙට් එක මාරයටයි ගේම කෝල් කරන්නේ ආ..

    බොලාලා නොදන්නවා උනාට මල්සරා කියන්නේ මාරයාගේ බාප්පගේ පුතා හරි..ඉඳුකෝ මම හෙටම කියනවා ඌට තොපි එකෙකුටවත් විදින්න එපා කියලා..

    ඊට පස්සේ බලමුකෝ අඩ අඩ හොටු පෙර පෙර යන හැටි..

    ReplyDelete
  36. සුරා පොදක් මා තොලගෑ පමනින් සුරා සොඬෙකු වේදෝ !!

    මාරේ ! මාත් එනෝ !!!!!!

    ReplyDelete
  37. එළකිරි පෝස්ට් එකක් අක්කේ....ඔය කොම්පැණි කාරයා හැඳිගෑවිලා යන්න හූනියමක්වත් කරවන්න ඕනේ.....

    ඔයාට විදින්න තිබ්බ ඊතලේ විතරයිනේ කඩලා තියෙන්නේ...බය වෙන්න එපා ටී56 බුලට් එක තාම මාරු කරලා නැතුව ඇති....

    ReplyDelete
  38. මකුළුවා......
    ෂා .. නියමයි මකුළුවා......ත් ඇවිත් අපිත් එක්ක ... දෙමු දෙමු මකූළුවෝ නියම වැඩක් ...
    ස්තූතියි මකුළුවා......( දිවි මකුළුවා නෙමෙයි නේද?)

    ReplyDelete
  39. ෂාහ් අමද්‍යප බැටෑලියන් එක වැඩි වෙලා නොවැ...එළ කිරි කිව්වා...
    දකුනේ සැට් එක කවුද බලන්න අත් උස්සමුද?....

    ReplyDelete
  40. මල්සරා ඊතල හිඟයකට මුහුණපාලාලු මේ දවස්වල.. මේ දවස්වල ඊතල හදනවාලු විදින්න..
    ඊතල ගොඩක් එකතු කරගෙන එකවරම වැඩපටන්ගන්නවා කීවෙ...
    ලොල්ස්..

    ReplyDelete
  41. RoshanHerath
    ඊතල කියන දේ දැන් හරි පුරාණ ආයුධයක් නෙ නේද? හොයා ගන්නත් අමාරු ඇති... ඒ වෙනුවට විකල්ලයක් යෝජනා කරමුද...

    නැත්තම් එයා ඊතල හොයනකම් වුන්නොත් අපි නිකම්ම වයසට යනව නේ...


    ස්තූථියි RoshanHerath... කාලෙකින් මක්කවත් ලියල නැහැ නේද මලේ ඔයා..

    ReplyDelete
  42. වත් අක්ක මම මේ පැත්තෙ ආව එකට කොස්ස අතට ගනියිද මන්ද... ඒව්ව කොහෙද... මාතර යන්න ගාල්ල පහු කොරන්න එපැයි... හික් හික්

    මාරයෝ මාත් එනෝ... හැංගෙන්න තැනක් හොයපන් මටත් එක්ක...

    මේකයි මම නම් දන්නෙ නැහ අනික් එව්වො ගැන... මගේ නම් බීමයි මල් සරයි අතර කිසිම සම්බන්දයක් නැහ... අනේ මන්ද ඔව්වා. බොන එව්වො බොනවා නොබොන එව්වො නොබී ඉන්නවා... ලෝකෙ කැරකෙනවා... අපි නාකි වෙනවා..

    ReplyDelete
  43. මමත් බොන්න හේතු හොයන එකටනම් විරුද්දයි. බොනවනම් ජොලියට බොන්න. ප්‍රශ්න වලට නෙමෙයි,,,, මාත් අනිවා එතන. ඉහේ අමාරුවට කොට්ටේ මාරු කලාට වැඩක් නෑනේ??

    ReplyDelete
  44. මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න හේතුව පහදපු විදියට මන් හරි කැමතියි!! ජය!!

    ReplyDelete
  45. දොස්තර මහත්තය මගේ තාත්තට දීපු බෙහෙත. එදායින් පස්සෙ බීම අහවරයි.
    chlordiazopoxide (Librium) 10mg
    10 tab neurobion 1 Tab daily

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...