..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 13, 2010

෴ අලුත් වෙනස සහ මම ෴

සොඳුරු සිත අලුත් වෙලා ....ගොඩක් අය කියන විදිහට අලුත් වෙනස ලස්සනයි.... සමහරු පුද්ගලික මේල් එකට මේල් පවා එවල තිබ්බ අලුත් වෙනස ලස්සනයි කියල. ඒත් එකම එක යාලුවෙක් කීව සොඳුරු , බ්ලොග් එකේ අලුත් වෙනස ලස්සනයි. ඒත් හරි ම පාලු තනිකමක් ඒ තීම් එකේ තියනව "කියල.

ඉතින් මට පුලුවන් ද මෙච්චර දෙයක් කරන්න. බැහැ බැහැ කීයටවත් බැහැ . යන්තම් ගලපල කවි පද දෙකක් ලීවට මේ වගේ ටෙක්නිකල් වැඩ මට බැහැනේ . . . .

එහෙනම් කවුද මේ වෙනසට උදවු කළේ . . . . . . 

ඒ තමයි හැක්ක්‍රිෂ් මල්ලි .... ...!!! [HacKrisH ]!!! 

ඒ කවුද ඒ ... ...  http://www.hackrish.blogspot.com/  බ්ලොග් එකේ අයිතිකාරය තමයි ඒ. . . ඒ හඳුනා ගැනීමත් හරි පුදුමයි . 

දවසක් ෆේස් බුකියේ (කතන්දර කියන විදිහට නම් වත් පොතේ ) මට ලැබිල තිබ්බ ඇරයුමක් !!! [HacKrisH ]!!   මම ඉතින් නම දැක්ක ඒත් ඇඩ් කරේ නැහැ. නමේ හැටියට ඇඩ් කරගන්න බැහැ කියල හිතුන. ඒ විතරක්ද පින්තූර දැක්කම මම අකමැති ජාතියේ පින්තූර. තරුණ පහේ ළමයෙක්. රැප් යුගයේ කොල්ලෙක්. ම්හ් මම ඉතින් නිවුන සැනසුන මැදි වියටත් ආසන්න වෙච්චි. විසේ කාර යෟවනයත් එක්ක මුහුවෙන්න බැහැ කියල හිතුන.

ඒත් මම මට යාළුකමේ හස්තය දිගුකරපු කිසිකෙනෙක්ව එහෙම ලේසියෙන් අතහරින්නේ නැහැ. සෙවිල්ලෙන් හිටිය. ඉතින් ටික දවසකට පස්සේ බ්ලොග් එක පැත්තෙ එහෙම ගිහින් බලල යාළු මාළු ලිස්ට් එකට එකතු කර ගත්ත. ඉතින් ඊට පස්සෙ ටික ටික කතා කරන්නත් ගත්ත.

මම මුලින් හිතුව දේ වැරදි බව වැටහුනා. න‍මින් මිනිස්සු මනින එක වැරදී කියල ආයත් පාරක් මට වැටහුනා.
ඉතින් දවසක් මගෙන් !!! [HacKrisH ]!!!  මල්ලි අහනවා . 
" සොඳුරු , බ්ලොග් තීම් එක එහෙම ලස්සන කර ගන්න හිතන්නෙ නැද්ද? " බැහෑටම මටත් ඒ ගැන හිතිල තිබ්බෙ.. .පරණ තීම් එකෙන් මිදෙන්න මටත් කාලෙක ඉදල අදහසක් තිබ්බත් දන්නෙ නැති තොයිල් නටන්න ගිහින් නටපු තොයිලෙත් නැහැ බෙරේ පලුවත් නැති වුනොත් කියල ඒ අදහස අතහැරල හිටියේ.. . . .


නැවතත් අලුත් වුන ඒ අදහස ඔස්සේ ගියපු !!! [HacKrisH ]!!!  තමයි මේ විදිහට සොඳුරු සිත ලස්සන කරල දුන්නේ .. . . ...


සල්ලි . . .අපෝ නැහැ සල්ලි ගත්තේ නැහැ. තමන්ගේ කාලය ,ශ්‍රමය පාඩු කරන් තමයි කරල දුන්නේ.


ඉතින් , මම අහන්න යන්නේ මේකයි. නම නිසා අයින් කරන්න හිතුව කෙනෙක් මේ තරම් ලෙංගතුකමක් හිතේ තියන් ඉන්නව කියල කොහොමද හිතන්නේ. . . ජීවිතේ තව වරක් මම ගන්න ගිය වැරදි තීරණයක් නිවරදි කර ගන්න මට පුලුවන් වුනා.


ඉතින් යාළුවනේ .. ...  මිනිස්සු මනින්න යොදා ගන්න මිනිම් දඬු ගන්න කොට අපි කොයි තරම් නම් ප්‍රවේශම් වෙන්න ඕනිද. අපේම වරදින් අපිට ලෙංගතු හිත් කීයක් නම් අපි ඈත්කර ගන්න ඇති ද?

"Never Ignore A Person Who Loves You… Care For You…. & Misses You…. Because…. One Day You May Wake Up From Your Sleep and Realize That You Have Lost The Moon While Counting Stars….!!!!" 


 බ්ලොග් එකේ තීම් එක වගේම ජීවිතේ තීම් එකත් හරියට තෝර ගන්න ලස්සන කර ගන්න බැරිව ලත වුන 
මම
෴ වත් ෴

31 comments:

  1. ෂා නියමයි අක්කියෝ....එහෙනම් ඔන්න අපේ හැක්රිෂ් කොලුවට විශේෂ ස්තූතිය අපේ වත් අක්කි නොහොත් ඉ-ගජමන් නොනගේ සොදුරු සිත තව තවත් ලස්සන කරලා දුන්නට....

    ඇත්තටම තීම් එක ලස්සනයි....නියමම තේරීමක්....

    ReplyDelete
  2. “Watch your thoughts, for they become words.
    Watch your words, for they become actions.
    Watch your actions, for they become habits.
    Watch your habits, for they become character."

    ReplyDelete
  3. මූණු පොතට එක් වෙච්ච මුල් කාලෙ මමත් ඕන මල යකෙක් ඈඩ් කර ගත්ත. පස්සෙ පස්සෙ කිසියම් හෝ පරාමිතියක් තියෙන එකෙක් පමණක් ඈඩ් කර ගන්නව කියල තීරණය කළා. අපි එහෙම තීරණය කරන්නෙ අපට පෙනෙන දේ සමගයි. ඒ කියන්නෙ මේකට එකතු වෙන කෙනා අවංක විය යුතුයි කියලයි. එහෙම නැති ව අපි කොහොමද මේ අය අඳුනගත්නෙ..?? කොහොමත් වත්, අපි අප එකතු කර ගත්තු අත්දැකීම් එක්ක හිතල මෙහෙම කරනව කියල තීරණය කළ මුලු ම අවස්ථාවෙ අපට අයින් කරන්න ම වෙන්නෙ අපට වැදගත් ම කෙනාවයි..!! ඒකට මේකට එකත වෙන කෙනාත් වග කියන්න ඔනෙ...!!

    ReplyDelete
  4. හැක්රිෂ් නියම කොල්ලෙක් නේ .ඇත්තටම අළුත් වෙනස ගොඩාක් හොඳයි . ලස්සන තීම් එක

    බ්ලොග් එක වෙනස් කරගත්තා වගේ . දුකින් පිරිච්ච ඔය ජීවිතේත් වෙනස් කරගන්න වත් අක්කේ .

    අළුත් වෙනසට ජයවේවා !!

    ReplyDelete
  5. තම දැණුමින් සොඳුරු නිවහනක් ලස්සන කල මල්ලීට පලමුව තුති.

    සොඳුරු නිවහන වගේම සොඳුරු සිත ට ද ලස්සන වෙනසක් ලඟාවේවා!

    ReplyDelete
  6. සොඳුරු සිත
    මම ඔබේ අළුත් පාඨකයෙක්. ආවේ ටැබූගේ 2010 හොඳම බ්ලොග් අඩවි පෝස්ට් එක බලලා.
    ඔබේ අළුත් තීම් එක ගොඩක් ලස්සනයි. එහි තර්කයක් නැහැ. නමුත් පේන විදියට ඒ සඳහා Graphics ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මෙහි අනිවාර්ය ප්‍රථිපලය තමයි නිවස්න පිටුවේ (home page) byte ප්‍රමාණය වැඩිවීම. උදාහරණයක් ලෙස අද ඔබේ (14/10/2010) Home page එක 2.23 MB පමණ වෙනවා. සරල ගණනය කිරීමක් කලොත්, 512kbps slt ADSL link එකකින් ලබාගත හැකි උපරිම වේගයෙන් browse කළත් පිටුව සම්පූර්ණයෙන් ම download වීම සඳහා තත්පර 35 ක්(without cache) යනවා. {(2.23 x 1024 x 8)/512)}. සැබෑ තත්ත්වය මීට බොහෝ සෙයින් නරකයි. ඉතින් මෙය ඔබේ පාඨකයින් අධෛර්යමත් කිරීමක් නේද ?

    ReplyDelete
  7. hay Wath are u in Matara ? I am also working in Matara . BTW where are u working . I have to often visit government offices in Maara for work purposes - email me manoranga@yahoo.com or reply in my blog Ahasgawwa .

    ReplyDelete
  8. ආ...නගේ අලුත් තීම් එකට සුබ පැතුම්...ඔයා දන්නේ නැති ද මන්දා..මයියාත් ඔයගේ මූණුපොතේ ඉන්නවා..

    ReplyDelete
  9. 1. වත්-පොත යනු වත්ගේ පොතද? මා මේ වචනය මුලින්ම දුටුවේ ටැබූ ගේ අඩවියේ භාවිතාකර තිේ‍රනවායි.

    2. ඔබ මැදිවියට ආසන්න යැයි කියන්නේ ඇයි? ඒ මොන ස්කේල් එකක්ද? එතකොට අපි මහළු වියේද?

    3. පැරඩොක්ස් ලියපු එක ගැනත් හිතන්න. නමුත් එක කේෂ් වුනාම ලෝඩිං ප්‍රශ්ණය හරියයි.

    ReplyDelete
  10. hay wath ys i am in FB . send a request tharangaa gnasinghe .i cant find u there .

    ReplyDelete
  11. ආනේ වත් අක්කා, සමනලී හදිසි අනතුරකට මුහුණ දීලා කකුලකුත් කඩාගෙන ඉන්න ගමන් යාන්තම් හිත කෙලින් උනාම වත් අක්කා බලලා යන්න ආවේ. ඒ එද්දි අක්කාගේ ඉසව්ව බොහොම ලස්සන වෙලානේ? ඈත්තමයි හරිම ලස්සනයි!
    සුබපැතුම්!!!!!

    ReplyDelete
  12. ෴ හසියා ෴
    විටින් විට කතා කරල හොද නරක ගුණ දොස් කියන හසී පැටියටත් ගොඩක් ස්තූතියි....

    අනේ මට නම් වානම් කියන්න එපා... අර නම කියන්න එපා මල්ලියා ....s

    ReplyDelete
  13. Dinesh
    ඒක ඇත්ත මල්ලියා... අපි කරන කියන දේ.. වලින් තමයි "මම" කියන පුද්ගලයා හැදිල තියෙන්නේ...

    මෙහෙම දෙයක් අහල තියෙද?

    මම යනු...මම මා ගැන සිතන ආකාරයත්, නුඹ මා ගැන සිතන ආකාරයත් නොව, මම යනු ,නුඹ මා ගැන සිතන ආකාරය ගැන මා සිතන ආකාරයයි..

    ReplyDelete
  14. Indranatha Thenuwara
    ඒත ඇත්ත ලොකු සර්.... මමත් ගොඩක් කැමති කෙනෙක්ව ෆේස්-බුක් එකෙන් එකතු කර ගන්න ගිහින් මමත් සෑහෙන ලොකු ප්‍රශ්ණයකට මුහුණ දුන්න... ඒ පුද්ගලයා කීව අනවර්ත නම් වලින් සිටින අය බාර ගන්නේ නැහැ කියල... මමත් කීව ඔබතුමා නිසා මගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන්නත් බැහැ කියල. අන්තිමට දෙන්නම තම තමන්ගේ ප්‍රතිපත්ති වල තනිවුනා.. තාම අපි යාලුවො නෙමෙයි...

    අනවර්ත නාමයෙන් ලිවීම ලියන්නාට හොද කවරේජ් එකක් දෙනව .. ඒත් ...

    ReplyDelete
  15. හිස් අහස
    ඔන්න ඉතින් වැදි බණ කියනවා... මගේ දුක් සිත සුව වෙන්න කියන නුඹේ දුක් සිත ගැන මම මොනාද කියන්නේ...

    හැබැයි පුංචි සර් ..මෙන්ඩිස් එක්ක තියෙන යාලුකමට ඔන්න මම නම් කැමති නැහැ හරිද?

    ReplyDelete
  16. ගල්මල්-Coral
    ස්තූති ඩීන් අයියා ... අයියා හදවතින්ම සුබ පතන කෙනෙක් කියල මම දන්නව... ස්තූථියි නැවතත්..

    ReplyDelete
  17. Paradox
    ටැබූ සර් ගෙන් පාර අහන් මේ පැත්තේ ගොඩ වැදුන නුඹව සාදරයෙන් පිලිගන්නව...

    ඔබ කීව කතාව හරි බව මට වැටහෙනවා... ඒත් ඔය ටෙක්නිකල් වැඩ දන්නෙ නැහැ නෙ මම... හැක්ක්‍රිශ් ට කියලම තමයි හදා ගන්න වෙන්නේ...

    ග්‍රැෆික් අඩු කරන්න ඕනි නේද?

    එන යන අය අඩු වෙන එකත් දුකට හේතුවක් තමයි....දැන් මොකද කරන්නේ...

    ලස්සන දේ මිලයි ... හ්ම් ...

    ReplyDelete
  18. මයියා
    ආහ්...ආරුඪ නම නෙමෙයි ඇත්ත නමින් නම් මායිය මගේ වත්-පොතේ ඉන්නව.... ඔන්න ඉතින් කවුරුවත් අහන්න එපා මායියගේ ඇත්ත නම මොකක් ද කියල... ඒව දේව රහස් ....

    සැබෑ නම ඇරුණම "මායිය" කියලත් වත්-පොතේ ගිණුමක් තියෙද මෙයා..

    ReplyDelete
  19. කතන්දරකාරයා
    01) වත්-පොත යනු මගේ පොතක් (වත්ගේ පොතක් නොව) මා සිතූ හැටියට නම්...වත් යනු මුහුණයි (face) , පොත යනු Book ය... ඒ අනුව ගෙන වත්-පොත Face-book වේ....

    මගේ නමේ අරුතද ඒ අනුසාරයෙන් සොයා ගතිමි...

    වත්-සලා = සිනා සෙන මුහුණද

    02)ඔන්න ඉතින් මගේ වයස එළි වෙනවා මේ ප්‍රශ්ණයට උත්තර දෙන්න ගියොත්....මා මැදි වියේ නොවේද 20 ගණන් පසු කර ගෙවි ඇත.

    03)"කේෂ් " කියන්නේ මොනාද. මම නොදනිමි... Paradox කිව දේවල් ඇත්ත. හැක්ක්‍රිෂ්ටම තමයි කියන්න වෙන්නේ...

    ReplyDelete
  20. punchisamanalee
    අනේ සමණළියේ මක්කයි වුනේ... ඒ පැත්තේ එන්නත් බැරි වුනා... දැන් සනීපෙයි... දඟ මළු වුනාම ඔහොම අකරතැබ්බි වෙනව තමයි දරුවෝ...

    ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  21. අනේ අම්මෙ මටත් මතකයි මාවත් FB එකේ ඇඩ් කරගන්න ගිහින් එන සංග්‍රාමයකට මුල පිරෙව්වා :D :D

    තීම් එක එළ :D

    ReplyDelete
  22. සොඳුරු සිත,
    පුංචි අවවාදයක්! කිසිවිට ඔබ ඔබවම අවතක්සේරු කරගන්න එපා. ඔබ ටෙක්නිකල් වැඩ දන්නේ නැත්නම් ඒවා ඉගෙනගන්න. ඔබට ඉගෙනගන්න අවශ්‍ය ඕනෑම දෙයක් එකම එක Google search හොයාගන්න පුළුවන්. දාන්න Google search එකක් "How to reduce image size" කියලා. HTML ඉගෙනගන්න යන්න http://www.w3schools.com/ එකට. උත්සාහයෙන් යුතුව ඉගෙනගන්න Photoshop, Dreamweaver, Flash, Silverlight යනාදිය. මුවහත් කරගන්න ඔබේ ඔය නිර්මාණශීලී හැකියාව අද ලෝකයට අවශ්‍ය විදියට. ඔයතරම් හැකියාවක් තිබෙන ඔබ රජයේ කාර්යාලයක කුරුටු ගෑම ඇත්තෙන්ම අපරාධයක්. හැක්ක්‍රිශ් ව අවතක්සේරු කරනවා නොවෙයි. නමුත් ඔබේ හැඟීම් හරිහැටියට රූපයට නගන්න පුළුවන් ඔබටමයි. ඔබට පමණමයි.

    PS
    If possible drop a mail to me. I can give you some of Video trainings on above subjects.

    ReplyDelete
  23. Paradox කියන කතාවට මාත් එකගයි...!!
    ඇත්තටම කිවොත් මේක edit කරන්න පාස්වර්ඩ් එකත් පිට දුන්නා නේ ? ඒ කියන්නෙ HTML කොඩ්ස් ටිකත් පිටට ගියා කියන එක වෙන්න පුලුවන්...මාත් හැක්ක්‍රිශ්ව අවතක්සේරු කරන්නෙ නැ...

    අර කියලා තියන සයිට් එකෙන් මාත් තාම ඉගෙන ගන්නවා...blogger කියන්නෙ අමාරු දෙයක් නෙවේ...!!

    ඔයා ඔයාගේම දේ වෙනස් කරන්න බය වෙලා..මම එක පාරක් ඔහොම වෙනස් කරන්න ගිහින් ඔක්කොම දේවල් නැති උනා බ්ලොග් එකේ..

    හොදම දේ හැම විටම බැක්අප් එකක් තියාගෙන.. පොඩි පොඩි දෙවල් වෙනස් කරලා බලන්න...

    ReplyDelete
  24. Paradox
    Thank you very much ... please give me your email address..
    ගොඩක් ස්තූති ... ඊමේල් ලිපිනය දෙන්න බැරිද ..
    මගේ sodurusitha@gmail.com

    ReplyDelete
  25. Sorry. forgot to give email address.
    paradox149@gmail.com. Anyway, I already dropped a mail to you.

    ReplyDelete
  26. අලුත් theme එක නම් ලස්ස්නයි :)

    ReplyDelete
  27. ඔව් අක්කි, ඔයාගේ පාස්වර්ඩ් එක පිට ගියා වගේම, ඔයාගේ සයිට් එකෙන් එයාගේ ට්‍රැ‍ෆික් එක වැඩි කරගන්න පුලුවන් කියලා දන්නවද? ඔයාගේ සයිට් එක හරහා තවත් හුගක් වැඩ කරගන්න පුලුවන් කිය්ලා දන්නවද? මම hackrish ව අවතක්සේරු කරන්නේ නෑ.. ඒත් අක්කි හිතනවට වඩා මේවා වෙනස්.. පරිස්සමින්..

    ReplyDelete
  28. ASANKA
    අනේ මම පාස් වර්ඩ් දුන්නේ නැහැ කාටවත්... බ්ලොග් එක ඇතුලෙ ඉදන්ම තමයි තීම් එක දැම්මේ...

    මගේ යාලුව වරදක් කරන එකක් නැහැ කියල මම හිතනවා...

    කොහොමත් අජීවී බ්ලොග් එකකට වඩා යාලුකම මට වටිනවා..

    එයා එහෙම කරල තිබ්බොත් දුක මට නෙමෙයි...එයාටමයි......

    ReplyDelete
  29. මට ස්තූති කරපු... මම "වත්" ගේ E-mail එක හොරකම් කරා කියපු... මගේ සයිට් එකේ ටැෆික් වැඩිකර ගත්තා කියපු... හැමොටම මම ස්තූති කරනවා... කියන්නට ඇත්තේ එක දෙයකි. "මා ගැන දන්නෝ දනිති" එපමණකි... ස්තූතියි...

    ReplyDelete
  30. නිසල්
    ස්තූතියි නිසල් ....

    ASANKA
    ස්තූථියි අසන්ක....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...