..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 11, 2010

෴ හැර ගිය බිරිඳ ෴



වැලි කතරට වසන්තයක් වූ ඇයම
දිවියම ගෙන ගිහින් මට හොර රහසේම
සීතල යහන පොර බදිමින් මුළු රෑම
කෝ අද ළදේ සුවඳත් නැහැ මා ගාව

මගෙ දරුවන් නුඹ තුරුලේ නිදන්නෙ ද
පියා කොහේදැයි නිරතුරු නොම අසන්නෙ ද
පෙරදා පිදූ පෙම සවිමත් නොවන්නෙද
ළඳේ නුඹට මා ගැන සිහි නොවන්නෙ ද

මගෙන් නොදැන වරදක් සිදු වුනා දෝ
හිතේ පිපුන පෙම් මල පරවුනා දෝ
 නුඹේ හදට එළියක් මදි වුනා දෝ
නිදහස ආදරය අඩුවක් වුනාදෝ

වුනත් වරද මා අමතක කළ හැකි ද
සිතත් නුඹට මා හඳුනා ගත හැකි ද
සරතස නිමා කළ සුළඟක් විය හැකි ද
මා සිත හැඳිනි නුඹ සිත මට දත හැකි ද

බැදුන ඇගිලි පෙර සේ සවිමත් වේවා
ඉදෙන බතක සුවඳත් පහසක් වේවා
මදහස නුඹේ මට අමයුරු සුව දේවා‍
 හෙට උදයෙන්ම නුඹ ආපසු ගෙට ඒවා


හැරගිය බිරිඳ ගැන තැවෙන ඔහු වෙනුවෙන් ලියූ
මම
෴ වත් ෴

1 comment:

  1. හ්ම්ම්ම්ම්ම්ම්....

    ඔය ගෑණු කෙනාට අනිවා විදවන්නම වෙනවා මේ මිනිහට දුන්නු දුකට....බලන්නකෝ බොරුද කියලා අක්කියෝ‍‍...ඕනිනම් අද මම කිව්වා කියලා ලියලා තියාගන්නකෝ, දිනේ දාලා.....

    අනිත් දවසේ අන්තිම කෑල්ල දානකොට
    අනුන්ගේ ඕ.පී.ඩී. හොයන
    මම
    ෴ වත් ෴

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...