..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 9, 2010

෴ අල්ලස් හා - අන්දරේ ෴

Name with initials - S. W. P. P.Andare
Name in full :- Sadda Widda Palanga Pathira Andare

රජ වාසලේ අන්දරේ
අපි නොදන්න මන්තරේ
හිනාවකට කැටි කරලා 
දුන් ඔවදන් යන්තරේ

සොදුරු සිතට හිත ගිය
අන්දරේගේ මන්තර
ඉන් එක මන්තරයක් මේ
ලෙසින් නුඹට එක්කල

රජතුමාගේ ජන්ම දිනය ළඟ ළඟ ආවයි ඉතින්
ජන්ම දිනය සමරන්නට සම්භාෂන සැකසුවයි

අන්දරේව ගෙන්නුවොත්
මෙතන එකම යුද්ධයක්
අන්දරේට නොකියමි මම
මහ රජ තීරණ කරයි 

අන්දරේගේ කණ් දෙක
ඇසෙනවාලු බෝ දුර
මේ ආරංචිය ලැබුන සැනින්
අන්‍දරේට වී දුක
 
සිනා සෙන්න විතරද
කන්න මෙමට තහනම
දෙන්නම් මහ රජට බැටක්
කියා සිතුව අන්දර

ජන්ම දිනේ එළඹුනා
අන්දරේද ගොඩ වුනා
ආරාධනා පතක් නැතිව
අවසර නැත ගෙට එනා

මුරකරුන්ගෙ කරදරේ
 යන්නෙ දෙන්නේ නෑ දොරින්
අන්දරේට නෑ අවසර
යන්නෙ කෝම මේ දොරෙන්

කපටි මොලේ පා සිනා
කීවා මේ ලෙස ගොතා
රජුන් දෙනව තෑගි මෙමට
දෙන්නම් නුඹලට බෙදා 

උත්සවේට වේලාසන 
අන්දරේම ගොඩ වුනා
කෑම බීම් සිනා සලයි 
මේසය උඩටම වෙලා

කිහිලි ගහන් ආව උරය 
එළියට ගත්තා සැනින්
කැවුම් කොකිස් කිරිබත් සැම
සියල්ල උරයට හලන්

පිටව එන්න ආව තැනදි
මුරකරු ඇසුවා ඉතින්
 කෝ අපගේ පංගුව දැන් 
දෙන්න සපථ කළ ලෙසින්

රජු දුන්නේ මා බිරිඳට 
ගෙන ගොස් දෙන්නට කියා
තෑගි දෙන්නේ හෙට උදේට 
දෙන්නෙමි නුඹලට බෙදා

රජුන් ආවා සාදෙට
කිසිවක් නැහැ මේසෙට
මොකද වුනේ සිතුව විටදි
දැනුන හදිය වූ ලෙස


දෙන්නෙමි තොට දඩුවම
කරමි මෙවර මට්ටුව
 හෙට උදේම වාසල වෙත 
එන්න කියනු සැලකල

පසු දිනයට එළි වුන
අන්දරේද පැමිණුන
මා කළ වරදක් ඇතිනම්
දෙන්න මෙමට දඩුවම

සාදය වැනසුව මගේ
කැවිලි පෙවිලි කෝ මගේ
කොහොම ද නුඹ අනවසරව
සාදය වෙත පැමිණුණේ

මගෙ දඩුවම කිව මැන
තෑගි ලෙසට දෙනු මැන
අල්ලස් දී මා ආවෙමි
මුරකරුවන් දොරකඩ

කස පහරින් දහසයයි
මඩු වලිගෙන් තලනවයි
අන්දේට දුන්න තෑගි
රජ හරි උදහස් වුනයි

සාදය වෙත පැමිණුනේ
අල්ලස් දීමෙනි ඉතින්
මගේ තෑගි බෙදා දෙනව
සපථ කලෙමි මා ඉතින්

මුරකරුවන් දොරකඩ
 දෙන්න තෑගි සම සම
මම යනවා මහරජුනේ
අවසර මට සියවර 

උදහස් රජු සිනසුනා
 මෙවරත් නුඹ බේරුනා
මුරකරුවන් දිව මිරිකන්
තෑගි පිටට හම්බුනා

අනේ යහළුවනි ඉතින්
කවි කතාව මේ ලෙසින්
කියවා උදහස් නොගනිනු
වරද මගෙන් වූ ලෙසින්



අන්දරේ ගෙනාපු කැවුම් , කොකිස් , ආස්මී රස කැවිලි අහල පහල ගෙවල් වලටත් බෙදල දීල කෑව
මම
෴ වත් ෴


ප ලි / කවි කතාව තේරුන් නැත්තම් කියන්න... මම වචන වලින් කියන්නම් . . . . . .

37 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අහා.. දැන් වත් ගෙන් කවි කතන්දර වගේ... ලස්සනයි සහෝදරී... ඒක නෙමෙයි... ඒ ගෙනාපු කැවුම් කොකිස් විතරද කෑවේ...? එතකොට තෑගි මුකුත් හම්බවුණේ නැතෙයි...?

    ReplyDelete
  3. නියමයි..නියමයි !!!!

    ReplyDelete
  4. කවි කතන්දර වැඩේ නියමයි අක්කේ. තවත් මේ ජාතියේම කවි කතන්දර ටිකක් ලියමු අපිටත් කියවන්න.

    ReplyDelete
  5. ගොට් ඉට්.... ගොට් ඉට්....
    නියමයි අක්කියෝ....අලුත් තාලේ අලුත් දෙයක් කියවන්න අපිට දුන්න වත් අක්කිට ජය වේවා....!!!

    තව ලියමුකෝ මේ වගේ ඒවා...චෝයි....

    ReplyDelete
  6. අහ් මේ...කෝ මට කැවුම් නැනේ...

    ReplyDelete
  7. කෝ අපට කැවුම් කොකිස්...??

    ReplyDelete
  8. ඔන්න වත්' මම හැමදාම කියනවනේ කවි මට තෙරේන්නේ නැහැ කියලා. ඔන්න මේ කවි කතාව නම් මට තේරුනා. ලස්සනයි මේ කවි කතාව.මටත් කැවුමක් කොකිසක් Send කරා නම් තමයි හොද...

    ReplyDelete
  9. වත් අක්කියාගෙන් කවි කතන්දර.නියමයි නියමයි...

    කවියෙන් කතා කියන
    කතාවෙන් කවි කියන
    බ්ලොග් එකතුවේ ගජමන් නෝනා...
    වත්..!

    ReplyDelete
  10. Jeew
    තෑගි විදිහට හම්බ වුනේ මඩු වලිගෙන් කස පහර 16ක්... ඉතින් තෑගි ටික අර මුරකාරයෝ දෙන්නට බෙදල දෙන්නම් කියල අන්දරේ වේලාසන පොරොන්දු වෙලා තිබ්බ නිසා (අල්ලස් විදිහට) ඒ තෑගි මුරකාරයන්ටම සමානව බෙදල දුන්න...

    කොකිස් රස කැවිලි නම් බොදා ගෙන කෑව ...දෙන්න ද තව ඉතිරි තියේ...

    ReplyDelete
  11. නිර්මල
    ස්තූතියි නිර්මල

    Hasitha
    මීට කලින් මම තව එක කවි කතන්දරයක් ලියල ඇති.ම් ම් නම මතක නැහැ " සුදු කිකිළි" ද කොහෙද නම..

    ස්තූතියි මල්ලි දිරි ගැනිවීමට.

    ෴ හසියා ෴
    ඔයා වගේ චූටි බබාලට හරි යන්නේ මේ වගේ කවි කතා තමයි... ම් ම් තව ලියන්නම්...
    ස්තූතියි ෴ හසියා ෴

    priyantha.ඒබී
    ආහ්...ඇයි එදා දුන්න චොකලට් එක මදි වුනා ද?

    -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ්
    මම ලියන කවි නොතේරෙන ඔයා වගේ අයට තමයි මම මේ අන්දරේගේ කතාවක් ලීවේ...
    මට තේරෙන්නේ නැහැ -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් ඔයා ලියන ඒවත්... මක්කද මන්ද...ගර්ර්ර්ර්ර්ර්ර්ර

    ReplyDelete
  12. ..::| පොජ්ජේ |::..
    වැටුන වැටුන ...කොන්ද කැඩුන...
    ‍මුරුංග අත්තෙන් වැටුන මල්ලි...

    ස්තූතියි අගේ කිරීමට...

    මේ ඒක නෙමෙයි මොකක් ද අර වාෂ්ප වෙන කතාව ...

    ReplyDelete
  13. කවි කතාව නියමයි.. :)

    ReplyDelete
  14. කිසි ගින්නක් නෑ... ලස්සනට තේරු​නා. ඒක නෙමේ තව මේ වගේ කවි කතා ටිකක් ලියලා දාන්නකෝ. වෙනසකටත් එකක් මේක නම් නියමයි.

    ReplyDelete
  15. කවි කාරියේ............... අපි හැමොම පැරදියි නුඹට...........පිළිගන්න සුබ පැතුම........

    ReplyDelete
  16. මට නම් තේරුනේම නෑත..................

    ReplyDelete
  17. කවි යෙන් කතාවක්
    ලීම නම් හරි රසවත්
    රසකෑම උයලා
    කන්න කට්ටිය නැතිනම්
    දුකින් හිත පිරේවි
    ආයේ කෑම නොම උයාවි

    ඉතින්

    මම උයපු කෑම කාලා
    ඒවයේ රස ගුණ කියල යන්න තරම්
    හිතවත් වූ එබට ස්තූතියි ...

    ReplyDelete
  18. පබලු
    ස්තූතියි පබලු... ඔයත් මම ඉන්න පලාතේ කියන්නේ ඇත්ත ද?
    වාසනාවයි ......

    ReplyDelete
  19. prasanna86k

    අහේ මේ අපේ ගෝල්ඩ් ෆිෂ් නේද...

    ලියන්නම් ලියන්නම් ....

    මම අද ඒ පැත්තේ ගියා කියල ඔයා දැන ගත්තේ කොහොමද මාළුවෝ ...

    ReplyDelete
  20. සිදංගනා (සුරංගනාවි)
    ඔන්න ඔන්න ...මගේ බ්ලොග් එකේ දිනුම් පැරදුම් නැහැ... ලියන මමත් ..කියවන ඔයාලත්.. සියළු දෙනාම එක...

    ReplyDelete
  21. Sameera
    ආහ් මේ අපේ සීත සමීරෙ නේද? ස්තූතියි මල්ලියා ..

    ReplyDelete
  22. නිශ්
    බොරු බොරු ඒකනම් ඔන්න බොරුවක් ...
    දූ පොඩ්ඩ එක්කන් ආවොත් මම කතා ගොඩක් කියල දෙන්නම් ..

    ReplyDelete
  23. ඔයා ඉපදුනෙත් කවි ලිය ලියද..?
    අමුතුයි.. විවිධයි.. ලස්සනයි.. සරලයි..

    ReplyDelete
  24. මේයා නම් මේ වෙන කවුරුත් නෙවෙ ගජමන් නෝනද කොහෙද...

    ReplyDelete
  25. හැක.. හැක.. හැක.. මේ කතාව "අන්දරේ හෙවත් රජ වාසල කවටයා" පොතේ නැ මට මතක හැටියට නේද වත් අක්කා.....

    ලැබිලා තියෙන ප්‍රතිචාර වලින් තේරෙනවානේ තව මේවගේ ඒවා ඕනැයි කියලා....

    ReplyDelete
  26. මෙන්න අලුත් වර්ගයේ කවියක්
    අක්කට අදහස් එනවා නේ හෝ ගාලා අපිට ඔයවගේ කවි සිතිවිලි පහල වෙන්නේ නෑ කවදාවත් ....

    පොතක් ගහමු අක්කේ !

    ලස්සනයි වෙනදා වගේම

    ජයවේවා !!

    ReplyDelete
  27. වෙනදට වඩා වෙනස් විදිහක ලස්සන කවි පෙලක්..ලස්සනයි අක්කේ..

    ReplyDelete
  28. කවි කතාව නම් මාරම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  29. සිත්තරා
    අපොයි නැහැ සිත්තරෝ.. මම යන්තම් කවි පද දෙකක් ගලපගන්න අරන් දැන් යන්තම් අවුරුද්දක් ඇති...

    සිත්තරා ..ඔයා ලියන පෝස්ට් හරිම දිගයි සිත්තරෝ... ඉතින් එක දිගට කියවන්න හම්බෙන්නේම නැහැ...

    ReplyDelete
  30. Bunny !
    ඔන්න ඔන්න ඉතින් ...මුරුංග අතු හයිය මදි මට ඉන්න...

    ReplyDelete
  31. බුද්ධි
    මට හ්මබුනා අලුත් අන්දරේ පොතක්.. ඒකේ තමයි මේ කතාව තිබ්බේ.. ඉතින් මම ඒක කවි කරල ලීව...
    ගායකයෙක් වෙන්න හිතුන වගේ අන්තරේගේ කතා අහල කවටයෙක් වෙන්න එහෙම හිතුවෙ නැතැයි එදවස ...

    ReplyDelete
  32. හිස් අහස
    පොත් ගහන්න ඕනි නැහැ අනේ.. අද කාලේ කවි පොත් කියවන අය අඩුයි මල්ලි.. මේ යන විදිහ හොදයි... ස්තූතියි අහස ...


    Lahiru Udayanga
    ලහිරු .. මගෙ බ්ලොග් එක සිසාරා ගිහින් කියවල.. ඒ මදිවට කමෙන්ටුත් ලියල. ස්තූතියි මල්ලියා... ඔයා නේද "මගේ ජීවිතය ආදරය සහ විරහව" ලියන්නේ'''

    Dinesh
    ස්තූතියි මල්ලියා... ලියන දේ ට උනන්දු කිරීම ගැන ගොඩක් ස්තූතියි

    ReplyDelete
  33. කියවන්න හිතෙන ලස්සන දේවල් ලිව්වම කියන්න හිනෙකවනේ ..

    ඔව් අක්කේ..ඒක ඉතින් මගේ බ්ලොග් එක තමා ඉතින්...

    ReplyDelete
  34. වත්, ඔබේ කවි කතාව නියමයි...!
    ඉස්සරනම් අන්දරේ යමක් කිවුවහමවත් මහරජට යමක් තේරුනා. ඒකට දැන්... අනික දැන් ඉතින් වඩියෙන්ම ඉන්නෙ අන්දරේලානෙ... :)

    ReplyDelete
  35. හරිම සෝක්
    කනාව හරිම සෝක්
    හාලය හමයි ටිකක්
    හොයන්න බැරි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...