..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 8, 2010

෴ සතුට ෴





෴ සතුට ෴

බලන්න මේ පින්තූරය දිහා ... වහලෙ හිල්වෙලා වැහි බින්ඳු වැටෙනවා ... එක ඇඳේම රොත්ත පිටින් අම්මයි තාත්තයි ළමයි 05යි ..... ඒ මදිවට බල්ලයි පූසයිත් ඉන්නව ... කිකිළිත් කොයි වෙලේ ඇඳ උඩට ඒවිද දන්නෙ නැහැ....

ඒත් ඒ හැම මුහුණකම තියෙන සිරියාව , සතුට ..... මේ මුළු ලෝකයම සල්ලි වලට විකුණුවත් ගන්න පුලුවන් සතුටක් ද බලන්න.....

ඒකට වර්තමානයේ අපි බොහෝ දෙනාගේ ජීවිත  ... මොහොකට හරි දුක් වෙනවා.සමහර දේවල් තඹේකට , එක පිච්චියකට වටින්නේ නැති දේවල්.

වෙන කවුරුත් මොට ද බලන්න මා දිහා.

නොලැබෙන දේ ගැනම කාලයක් පුරාවට හිත හිත දුක් වුනා.. අනේ හපොයි කියා ගෙන මුලු ලෝකෙම නැති වෙච්ච වගේ හිටිය. හැබැයි ඒ ගැන දොඩන්න කෙනෙක් නැති නිසා බ්ලොග් එකක් පටන් අරන් බැරි බැරි ගාතේ කවි ලීව...

මගේ පරණ කවි කියවන කොට  මටම ලැජ්ජායි. මේ මොනාද ලියල තියෙන්නේ කියල හිතෙනවා... ඒත් දැන් ලියන දේ වලට ලැබෙන ප්‍රතිචාර දැක්කම මට මා ගැනම පුදුමයි.

හිතේ සතුට තරම් දෙයක් නැහැ කියල දැනේනේ හිතට දරා ගන්න බැරි දුක පිරුණම තමයි.

ජීවිතේ සමහර දේවල් තියනව අපි එල්ලිලා ඉන්න. කිසිවැඩකට නෙමෙයි ඒත් ඔහේ ඉන්නව. එහෙම හිතා ගෙන හිටි දෙයක් මම නම් සදහටම අතැර දැම්ම. දැන් හිතේ සතුටයි.මට මගේ යාලුවෙක් ඒකට ගොඩක් උදවු කරා. එයාට ස්තූතියි ගොඩක්.

යාළුව‍ගේ වචන වලින්ම කියනව නම් . . . . .

ජීවිතේ සිද්ධ වෙලා ඉවර වෙච්ච කිසිම දෙයක් ගැන ආයෙ පශ්චාත් පරීක්ෂණ පවත්වන්ඩ එපා, ඒ කාලෙ සුන්දර මතකයන් තුරුලු කරගෙන, දුක් දොම්නක් පොදිය පසෙකට වීසිකරල ඉදිරිය බලා යන්න නැඟනිය, 
කියනව වගේ ලෙහෙසි නොමැත,
එහෙත් සිත දැඩි කර ගත හොත් අසීරුද නොමැත,
අසීරුවෙන් හෝ කලයුත්තද එයමය,
එබැවින් කලයුතු දෙය කෙසේ හෝ කිරීමට අදිටන් කර ගන්න,

එහෙනම් ඉතින් මගේ යාළුවනේ ඔයාලා කාටත් සුබම සුබ දවසක් . . . . . . හිතේ සතුටින් ඉන්න .. .. හිතේ සතුට රජ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

දින දින ගෙවෙන කාලය සිත දුක් වෙයි ද
එන එන කෙනා නුඹ හදවත රිදවයි ද
බණ කොතෙකුත් කියූවත් නුඹ සිත නොහැදෙයි ද
එන යන අය ගියා නුඹ එතනද තාම

වුන දේ වුනා කාලය යලි ගන්න බැරී
කිවු දේ කියූ වා වචනය ගන්න බැරී
විද්දොත් හීය එය නැවතත් ගන්න බැරී
නුඹ ළඟ ‍බොහෝ දේ ඇත නුඹ දන්නේ නැතී

දුක දුරු වෙලා සතුටම සිත රජ වේවා
කාලය ගියත් දින දින තරුණය වේවා
පහු ගිය ‍දුක් මතක සිත  රජ නොම වේවා
තණ අග වුවත් සුන්දර දිය බිදු ඒවා

" Oh, that's how I'm living now. "

 “Dream as if you'll live forever, live as if you'll die today.”
“Every man dies - Not every man really lives.”

වුන්නත් 1000යි මලත් 1000යි නැතිව ජීවිතයේ ජීවත් වන
මම
෴ වත් ෴ 


 විශේෂ ස්තුතිය - පින්තූරය ලබා දුන් රන්දිල් ට සහ මා පෙර කියූ මගේ දයාබර මිතුරා රවී ට . රවී බ්ලොග් එකක් ලියන්නේ නැති නමුත් ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක්... ස්තූතියි රවී . . .

19 ප්‍රතිචාර:

සහෝදරයා said...

වුන දේ වුනා කාලය යලි ගන්න බැරි
එනමුත් වෙන්ට කලියෙන් යලි සිතනු හැකි
වුනාට පසු තැවීමකින් වැඩක් නැතී
වැරදි අනුන්පිට පටවනු කල නොහැකි

දුකදුරු වෙලා සතුටම සිත රජ වේවා
කරන කියන හැම දෙයක්ම හොද වේවා
ලියන ලියන හැම කවියම හිට් වේවා
ඒව ලියන වත් අක්කාට ජය වේවා !

සහෝදරයා said...
This comment has been removed by the author.
-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............

නිශ් said...

හ්ම්ම්ම් ඔය ටික තෙරුම් ගත්ත නම් ගොඩක් හොඳයි.
ඔක එච්චර අමාරු නෑ.හෑබෑයි අමාරු උනත් උත්සහ කරට පාදු නෑ මොකද එය අපිට ජීවිතෙ විඳින්න හොඳ මාර්ගයක්. මම ආයි අහනව මොකක්ද. අපි අතීතයෙ අමිහිරි දෑ මතක් කලා කියල අපිට ලෑබෙන්නෙ?

ඉතින් මමත් වත්ට හිතේ සතුටින් ඉන්න .. .. හිතේ සතුට රජ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

ටෑබූ සම්මනයටත් මගේ උන්සුම් සුබ පෑතුම්.

පබලු said...

අතීතයේ දුකත් එක්ක හැප්පි හැප්පි ඉන්නකල්ම තේරෙන්නේ නැ නැ මේ වර්තමානේ සතුට පිරිල තියනව බවක්.

දුක සැප ලඟදි නිරතුරු සිනහා වෙමින්,,,
හිදිනු කැමති නිරතුරු මල් කැකුලු ලෙසින්,,,
දියවුනු අතීතය ලඟ තව උණු කදුලු ලෙසින්,,,
හිටියට පළක් නැති සැටි වැටහුනා ඉතින්,,,


ටැබූ සම්මානයට මුලු හදවතින්ම සුභපතනවා..!!!

වත් අක්කියෝ මෙතන ළමයි 6ක් ඉන්නවා..:) :)

Dinesh said...

ඇත්තටම අක්කේ පින්තුරය දෑක්කම මටත් අමුතු සතුටක් දෑනුනා..... මේ වගේ සොදුරු නිවෙස් වලට තමයි HOME SWEET HOME කියන්නේ......

Amiththa's Blog said...

එක ඈත්ත අක්කේ දුක් වෙන්නෙ නෑ. ඒත් අමතක කරන්න බෑ නේ....

Jeew said...

අතීතේ කියන්නේ අමතක කරන්ඩ ඕන දෙයක් නෙමෙයි. ඒත් මතක් කර කර දුක් විඳින්ඩ ඕන දෙයකුත් නෙමෙයි. මොකද අතීතයක් නැතිනම් වර්තමානයත් අනාගතයත් නැති හින්දයි. කළ යුතු වන්නේ අතීතයේ සිද්ධි පාඩමට අරගෙන ඒ කාලේ වුණ වැරදි අනාගතේදී නොවෙන්න වග බලා ගන්න එකයි. අතීතය අමතක කළොත් කොහොමද ඒක ජීවිතේට පාඩමක් වෙන්නේ...
ලියන්ඩ වෙලාව හොයා ගන්න අමාරුවෙන් දඟලන අපිට ඔයා ලොකු ආදර්ශයක්... සම්මානෙට සුබ පැතුම්...

හිස් අහස said...

පින්තූරේ නම් නියමයි ලස්සන කතාවක් ඒක ඇතුලේ ලියවිලා තියනවා

දුක්බර අතීතෙට සමුදෙන්න අක්කේ ! ඉක්මනටම අළුත්වෙන්න ....තව තවත් ලස්සන පද ගොතන්න ..

සම්මානෙට සුබ පැතුම්
ජයවේවා !!

‍වත් අක්කේ හිස් අහසටත් චූටි සම්මානයක් තිබුනා !

wath said...

සහෝදරයා
සහෝදරයාගේ බ්ලොග් බලන්න ගිහින් මේ සහෝදරිය හරි කරදරේක වැටුනා ..ගොඩායි බ්ලොග්... එහෙක දෙකක නම් ෆලෝවර්ස් වුනා..

" හෙට මැරුණත් කමක් නැහැ කියල හිතන" හ්ම් එහෙම තමයි ඉන්න ඕනි...

wath said...

-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ්
ස්තූථියි .........

නිශ්
ටැබූ ... ටැබූ සරිට මම කවදාවත් කමෙන්ටුවක් ලියල නැහැ... ඒ බ්ලොග් එක කියෙවුවට ඒක හරි බයානක බ්ලොග් එකක් විදිහටයි මම දැක්කේ..

ටැබූ සර් වගේ කෙනෙක් මම ලියන බොළද දේ බලනව කීවම මට හිතා ගන්න බැරි වුනා...

ස්තූතියි මල්ලි සුබ පැතුමට ....ආහ් ඒ අස්සේ මම දැක්ක ඔයා කමෙන්ටුවක් ලියල තියෙනවා " සොඳුරු සිත " තමයි එක වෙන්න ඕනි කියල.. පිස්සු කතා කියන්න එපා නිශ් ... මේ හොදටම ඇති.

අගය වැඩි ඉලක්කම් (10.11.12) වලට තමයි මම කැමති අඩු ඉලක්කම්(1 .2 .3) ආවාම හිතට හරි බරක්...

පුලුන් රොදක් වගේ සැහැල්ලුවෙන් ඉන්න තියෙනම් ....

පබලු
පලමුවෙන්ම ස්තූතිවන්ත වෙනව සුබ පැතුමට...

ඇත්ත නේන්නම් දරුවො 06 දෙනෙක් ඉන්නව තමයි පින්තූරේ මම ලීවේ 05යි කියල..ඇයි දන්නව ද ඒ.. ඔයාල හොදට බලනවද කියල බලන්න... දැන් බලන්න ඒ අදේ කකුල් කැඩිල.. ගඩොල් කැට තමයි කකුල් වලට තියල තියෙන්නේ..පැටවු ටික ලොකු වෙන කොට අද කඩන් වැටේවි...

ස්තූථියි පබළු

wath said...

Dinesh

Every house where love abides
And friendship is a guest,
Is surely home, and home sweet home
For there the heart can rest.

කියල තියෙනවා තමයි ..ස්තූථියි මල්ලි ..

wath said...

Amiththa's Blog
//එක ඈත්ත අක්කේ දුක් වෙන්නෙ නෑ. ඒත් අමතක කරන්න බෑ නේ...//

එහෙම කියන්න එපා..අමතක කරන්න බැරි දේවල් ලෝකේ නැහැ මල්ලි...

අමතක කරන්න ලේසිම ක්‍රමය තමයි වෙන දෙයක් වැඩියෙන් මතක් කිරීම..එතකොට අර අමතක කරන්න ඕනි දේ ටික ටික මැකිල ගිහින් හීනේන ගාපු සුවදක් තරමටම මැකිල යනවා ...

ඒකනෙමෙයි කෝ...ඔයාගේ බ්ලොග් එක තාම මුකුත් ලියල නැහැනේ... ඔන්න මම ඒ පැත්තේ ගිහිල්ලයි ආවේ....

wath said...

Jeew
Jeew මම කියෙවුව ඔයා කාලෙකින් පෝස්ට් එකක් ලියල තිබ්බ...මටත් වෙලාවට තියෙනවට නෙමෙයි..ඒත් මේක ඇබ්බැහි වීමක් ..ඉතා දරුණු ලෙස වුන ඇබ්බැහි වීමක් ... හ්ම් ...

ස්තූතියි මල්ලි ...

wath said...

හිස් අහස

පුංචි සර් ... මම දැක්ක පුංචි සර් ට ලොකු සම්මානයක් ලැබිල තියෙනවා...

පුංචි කාලෙකින් , පුංචි සර් කෙනෙක්ට ටැබූ වගේ ලොකු සර් කෙනෙක් ගෙන් සම්මානයක් ලැබුනම අපි නම් කියන්නේ ලොකු සම්මානයක් කියල.

පුංචි සර් ට සුබ පැතුම් ...

සිත්තරා said...

"හිතේ සතුට තරම් දෙයක් නැහැ කියල දැනේනේ හිතට දරා ගන්න බැරි දුක පිරුණම තමයි."
ඇත්ත..
සතුට සතුටක් විදියට දැනෙන්නත් දුක ඕනම වගේ නේද..? අපි සතුට හොයාගන්න දුක කරපින්නගෙන යන අමුතු ජාතියෙ සත්තු ටිකක්ද?

෴ හසියා ෴ said...

මේ අක්කේ පශ්චාත් භාගයට හයියෙන් මොකක් හරි වැදුනද?
මොලේ පොඩ්ඩක් උඩට ඇවිත් වගේ....හික්ස්...

එල එල නැව ගිලුණත් බෑන් චූන් කියන්නැහැ ඉමු අක්කේ...කවුරුනැතත් ඔය ඉන්නේ හොද යාළුවො සැට් එකක්....තව වෙන මොනාද?

අක්කියගේ හිතේ සතුට සැමදාම රැදෙත්වා.....!!!

Ravi said...

Thank you, Wath for your appreciation,

It doesn't matter how far you have gone on your journey,
If you feel you are on the wrong path,
Do not be afraid to stop,turn back & retrace your steps,
Starting afresh from the beginning once again,

....... Mahathma Gandhi

Lahiru Udayanga said...

හිතට දැනෙන දේ දැනෙන විදියටම කවි කලාම ලස්සන වැඩිය අක්කේ...
ඉතින් ඔයාගේ පරණ කවිත් එහෙමයි...

එත් අක්කේ ජීවිතේ සමහර මතකයන් කවදාවත් අමතක කරන්න බෑ..අමතක කරන්න උත්සහ කරන හැමපාරකදීම ඒ මතකයන් කලින්ටත් වඩා ජීවමානයි කියලයි හිතෙන්නේ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...