..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 6, 2010

෴ අවසරයි - සමුගන්න ෴

අවසරයි - සමුගන්න


දැන් ඉතින් සමුදෙන්න 
අවසරයි පියඹන්න
නුඹෙන් මා මගෙන් නුඹ
ආදරෙන් සමු ගන්න

විවාහය ජීවිතේ ආදරේ කෙළවරේ
නවතින්න අත ගන්න සිහින නැහැ මා සිතේ

නුඹ ගියත් අත අරන් ඇගේ සිත හඳුනන්න
එපා මා මොහොතකට ආදරෙන් සිහිවෙන්න

නුඹ ගියත් නොපෙනෙන්න නෙත් නැතේ අඳ වෙන්න
නුඹ සමඟ දුක දැවටි සෙනෙහසත් ගල් වෙන්න

එපා සෙනෙහස ඉතින් ආයෙමත් ළං වෙන්න
දිය සුළිය දැන් නිමයි ගොඩබිමට ගොඩ වෙන්න

දෙදෙනෙකුට පෙම් කරොත් වෙන්නෙ සිත් දුක් වෙන්න
නැත සිතේ ක්‍රෝධයක්  ඉඩ දෙන්න සමුගන්න


“Some people come into our lives and quickly go. Some stay for awhile and leave footprints on our hearts. And we are never, ever the same.”


නුඹලාට සුබ ගමන් පතන 
මම
෴ වත් ෴

17 comments:

  1. දෙදෙනෙකුට පෙම් කරොත් වෙන්නෙ සිත් දුක් වෙන්න
    නැත සිතේ ක්‍රෝධයක් ඉඩ දෙන්න සමුගන්න

    හ්ම්....අනේ මන්ද............

    ReplyDelete
  2. සමුගැන්ම අභිමුවෙ
    කදුළු ඇත මගෙ නෙතෙ.....

    හරිම ලස්සනයි අක්කෙ.....

    ReplyDelete
  3. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේද ?

    ReplyDelete
  4. ලස්සනයි අක්කියෝ....
    ගොඩදවසකින් මේ පැත්තේ ගොඩවැදුනේ.....

    ReplyDelete
  5. නුඹ මගෙන් සමුගන්න
    කෙලෙසකින් සිදු වෙයිද
    නුඹන් මා මගෙන් නුඹද
    හැකි වේද වෙන්වෙන්න

    ආදරය කෙලවරේ..බැදුනු යදමින් අප කෙරේ
    සිදුණු ආදර මන්දිරේ .. සිහින නැතිවද නුඹ හදේ

    ගියත් පිටුපා නුඹ හදින්
    කෙලෙස මිදෙමිද ඒ ආදරෙන්
    අවසරද යදිමට නුඹ කෙරෙන්
    එන්න හැකිවද යළී ආදරෙන්

    ලස්සනයි වත් අක්කෝ...කාලෙකින් මාත් කොමොන්ටුවක් දැම්මා....:-D

    ReplyDelete
  6. ඔහොම හිතන්න පුලුවන් නම්
    එය සොඳුරුම සොඳුරු සිතක්..

    ReplyDelete
  7. Love කරොත් කොහේහරි අවුලකුත් තියනවා . හරිම ලස්සනයි . ලකුනු 9/10 ම මම දෙනවා මේ ලස්සන පද පෙලට .

    ජයවේවා !!

    ReplyDelete
  8. Create your advertisement today !!
    ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

    Dear Blog Writer,

    FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

    You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
    [Sorry for not having an very popular web domain]

    Check the you tube video on how to create an account.
    http://www.youtube.com/watch?v=XxsJNKbcack

    Add your comments to Facebook page.

    මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

    Best Regards,

    Admin

    FreeAdds.Org
    Web : http://freeadds.net46.net/ads/adds.html

    ReplyDelete
  9. මේ කවියත් හොඳයි! හැබැයි මෙතෙක් කලක් දාපු කවි ඔක්කොම පරාදයි ප්‍රොෆයිල් එකේ කවියට.... ඒකනම් මාරයි.....!

    ReplyDelete
  10. ර ත් ග ම යා
    ඕව ගැන දැන්ම වැඩිය හිතන්න යන්න එපා ර ත් ...

    ReplyDelete
  11. Dinesh
    ස්තූතියි සිනේෂ් මල්ලි...

    Hasitha
    එහෙමම කියන්නත් බැහැ... මම හිතන්නේ ලෝකේ සැබෑ ප්‍රේමය කියල එකක් නැහැ ...

    ෴ හසියා ෴
    Exam ඉවරද දරුවෝ... උපන් දිනේ දවසේ බීවා කියල ආරංචියි ආහ්...

    Pasan
    ඔවු ඉතින් විරහ කවි හරි සින්දු හරි දැක්කොත් ඒවට නම් ඉතින් මොනාද ... මොකක් ද මල්ලි.. විරහව කියන්නේ කවි ලියන්න හොද මාතෘකාවක් වුනාට ජීවිතෙන් අයින් කරන්න ඕනි දෙයක්...

    ReplyDelete
  12. ප්‍රාර්ථනා
    ඇත්ත නංගා... නොලැබෙන දේ කට ,නොගැලපෙන දේකට, නොසිදුවෙන දේකට අඩ අඩ ඉන්නේ මොකටද...
    මෙහෙම හොදයි ...

    ReplyDelete
  13. හිස් අහස
    ඇත්ත...දැන් බලන්න ඔයා දිහාම... ඒත් මම නම් හිතන්නේ නැහැ ඔයාගේ ආදරය නොගැලපෙනව කියල... සිරුවෙන් යන්න මල්ලියා...

    ආහ් 'සම්මානය" ට සුබ පැතුම් සර් .......

    ReplyDelete
  14. බුද්ධි
    මම ලීව කවි වලින් මම ආසමමමම කවි පද ටික තමයි මල්ලියා ප්‍රොපයිල් එකේ තියෙන්නේ...

    "නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම...
    නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම..."

    ස්තූතියි ම්ල්ලියා ...

    ReplyDelete
  15. ආදරේ හැම වෙිලාවෙම පරිත්‍යාගයක්..ඉතින් ආදරයේ අග්‍රඵලය විවාහය උනට හැම ආදරේ කරන්න ලං වෙන්නම ඕනේ නෑ නේද?

    ඔයා ලග නැතත්..ඔයාගේ නෙවෙි උනත්..කොචිචර දුර උනත් ඔයාගේ හිතේ එයාට තිබුන ආදරේ චුට්ටම චුට්ටක්වත් වෙනස් වෙන්නේ නෑනේ...ඉතින් ඇයි ආදරෙන් සමුගන්නේ..ආදරෙත් එක්ක ජිවත්වෙන්න...මතකයන් අතිතයට අයිති උනත් වර්තමානය මතකයන්ට අයිති කියලයි මේ මලයට නම් හිතෙන්නේ ඕං

    ReplyDelete
  16. මට ඇත්තටම සතුටුයි ඔයා ඔයාගේ හිත හදාගෙන ජීවත් වෙන එක....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...