..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, November 5, 2010

෴ දෝණිගෙ ලෝකය ෴


මගෙ පුංචි දුවේ උදේ පිපුන පින්න මලක් වගේ
නැලවෙන්න එපා සුළඟ සැරයි නෑ මද නල මෙහේ
නුඹෙ සුමුදු සුවය මැඩ ලන්නට හිරු කිරණත් එබේ
නවතින්නෙ නැතිව ගමන යමුද තවත් ටිකයි දුවේ


මගෙ පුංචි කකුළ් දෙක රිදෙනවා අම්මියො හරි වැඩේ
මා වඩා ගන්න නුඹට බැහැනේ මා දැන් පොඩි නැ‍තේ
ඇවිදින්න හිතයි මුළු ලෝකෙම සිරිය දකින ලෙසේ
අපෙ අම්මි එක්ක බැහැනේ අපෙ අම්මිට කලබලේ


 රෙදි සෝදල වේලෙන්න දාලා තව ටිකකින් වහියි
නැහැ තාම කන්න කෑම උයල පුතාට බඩගිනියි
 අද ස්කෝලෙන් දුන්න වැඩත් ගොඩක් තියන හැඩයි
විඟහින් නොගියොත් මේ සේරම කන්දක ගොඩ ගැහෙයි


කුඹි රන්චු රන්චු ගැහිල මා දකින්න වගේ
අර ඈත පේන දේදුන්නත් තව ටිකකින් මැකෙයි
ගී කියන පුංචි කුරුල්ලො ටික අමනාපෙන් සිටියි
මගෙ අම්මි දන්නේ නැහැ ඒ සේරම මගෙ ලොවයි


මගෙ පුංචි දුවේ ලොව දකින්න නුඹ තවම පුංචි වැඩී
නුඹෙ ලොවේ තිබෙන පුංචි දේම මේ මුළු ලොව නෙමෙයි
 හෙට තවත් දිනක් පායන විට නුඹ ලස්සන මලයි
ඒ මල ලස්සන රකින්න ඇති දෙවු එවු අම්මා මමයි


අපි එනකම් අප්පච්චි දැන් ඇති මඟ බලන්
විගහින් නොගියොත් අප්පච්චිට දු ගැන දුක හිතෙයි
 මගෙ දුවේ ඇවිත් හෙට බලන්න මේ විසිතුරු ඉතින්
දැන් පුංචි පාද දෙක ඉක්මන් කරන්න පෙර ගමන්

A daughter is a day brightener and a heart warmer.

දූවත් ඇද ගෙන ඉක්මන් ගමනින් යන 
මම
෴ වත් ෴

විශේෂ ස්තූතිය - පින්තූරය සපයා දුන් " සිත් මල් යායේ " අයිතිකරුවන් වන " පුබුදු" මල්ලීට සහ " නිලූ"  නංඟා ට

12 comments:

  1. සුන්දරයි උපරිමෙන් වින්දා
    හේතුව කියන්න ඔනි නෑනේ

    ReplyDelete
  2. ල්ස්සනම ලස්සනයි අක්කි හ්‍රිම ලස්සනයි

    මටනම් කතාවක් කියවවුවා වගේ ලස්සනයි...

    ReplyDelete
  3. මගෙ පුංචි දුවේ ලොව දකින්න නුඹ තවම පුංචි වැඩී
    නුඹෙ ලොවේ තිබෙන පුංචි දේම මේ මුළු ලොව නෙමෙයි

    ගොඩාක්ම ලස්සනයි.මෙ පද පේලි දෙක ගොඩක් හිතට වැදුණා

    ReplyDelete
  4. ලස්සන අදහසක් අපුරුවට ගලපලා ලියලා තියෙනවා. වත් අක්කා ලස්සනයි මේ සිතුවිල්ලත්. උපරිමයෙන් රස වින්දා !!!

    ReplyDelete
  5. නිශ්
    මම දන්නෙ නැතිව...පුංචි රෝස මලක් ඉන්න වාසනාවන්ත තාත්ත කෙනෙක් නෙ ඔයත්...

    ඉලංදාරියා
    පින්තූරෙ දැක්කම මට මතක් වුනේ ..මම පුංචි කාලේ වට පිට බල බල හිමින් හිමින් අම්මගෙ අතක් අල්ලන් යන කොට අම්ම කියපුව... ඉතින් මම ඒ ගැන ලීව...පුංචි කාලේ අපිට කොච්චර දේ තිබ්බ ද බලන්න. දැන් නම් ලග තියෙන දේ ගැන හරිහැටි ඇහැක් ඇරල බලන්න වෙලාවක් නැහැනේ හැබෑටම..

    ..::| පොජ්ජේ |::..
    මේ... පොජ්ජේ ... තාත්ත කෙනෙක් ද? නැද්ද ? හේ හේ...ස්තූතියි මල්ලි ..

    මධුරංග
    ස්තූතියි මල්ලියා... නමේ හැටියටම ඔයත් මධුර ඇති. ඒකනේ ඕනම දේක ලස්සනක් දකින්නේ .. ස්තූතියි.

    ReplyDelete
  6. ඈත්තටම වත් අක්කා කියන්න වචන නෑ!

    අපි ඒ කාලේ ඔහොම්මනේ. ගමනක් ගිහිං ආපුවාම මඟ දිගට දැකපු දේවල් වලින් මෙමරි ෆුල් වෙලානෙ එන්නෙ.....

    උත්තර නැති ප්‍රශ්ණ කෝටියයි!

    ReplyDelete
  7. ලස්සනයි වත් අක්කේ . කොහෙන්ද මේ තරමට සිතිවිලි පහල වෙන්නේ ? (මුලු බ්ලොග් එකම පීරා බැලීමෙන් පසු කියන ලදී )

    මේ බ්ලොග් එකට එන්න මම පමා උනා වැඩියි !

    වත් අක්කට .ජයවේවා !!

    ReplyDelete
  8. සොදුරුයි උපරිමයෙන්ම..

    ReplyDelete
  9. බුද්ධි
    ඒක ඇත්ත. අපි පොඩ් කාලේ දකින දකින හැමදෙයක් ගැනම හරිම ගැඹුරට සුන්දරව හිතනවා... ලොකු අයට ඇයි මේව ප්‍රශ්ණ නොවෙන්නේ කියල ඒ කාලේ පුදුමයක් වුනාට දැන් තේරේනව ඇයි එයාලට ඒ දේවල් ප්‍රශ්ණ නූනේ කියල. මොකද එයාලට ඊට වඩා මහ ලොකු එයාලම හදාගත්ත ) ප්‍රශ්ණ තියෙන නිසා..ස්තූතියි බුද්ධි

    ReplyDelete
  10. හිස් අහස
    මොන පමාවක් ද අනේ . මගේ ගෙදරට ඔයා මීට කලින් ඇවිත් තියනවා ඔයාට මතක නැති වුනාට...

    ස්තූතියි "හිස් අහස" (කොහොමද පොඩි දැරිවි එහෙම )

    ReplyDelete
  11. Dinesh
    මගේ ස්තූතියත් හදපිරි උපරිමයෙන්ම පිරි නමමි .. ස්තූතියි දිනේෂ් ...

    ReplyDelete
  12. ලස්සනයි වෙනදා වගේම...
    එත් අදනම් මට හරියටම මේකේ තේරැම තේරැනේ නෑ වගෙයි ඉතින්...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...