..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 4, 2010

෴ උපාධිධාරියා ( නො )කී කව ෴

පිදුම - සියළුම ශ්‍රී ලාංකීය උපාධිධාරීන් වෙත සෙනෙහසින් 

මට මෙහෙම කවි පද ටිකක් ලියන්න හිතුනේ විහඟ ගීතයේ මේ දවස් වල ලියවෙන කවි දැකල.

 ගෙවුවා හොඳම කල
වාසිටි සිවු වසර
ගත්තා ඩිග්‍රියක් කාලය
තුන් වසර

ඇන්දා ලෝගු මල් මාලා
 ෆොටෝ වට
දැන් එය ඇත්තෙ ගෙයි මුල්ලේ
ඈලියාවට

පෙම් කළ ඇයත් 
වාසිටියේ තෙල් බැම්මේ
ගෙදරට නාකි වෙයි
ඇගෙ ගෙදරින් සද්දේ

පරස්තාව දින දින
කල් යන යුද්දේ
රස්සාවක් මෙමට තාමත් 
හිමි නැත්තේ

ඇයත් වෙන් වුනා
බැඳලා මැනේජර්
උසස් පෙළත් නැති මුත්
ඔහු හරි සුපෙම්වත්

දෙමාපියන් බෑ නොදකිං
 නොකීවත්
අනේ මට දුකයි ඒ නෙත්
බැලීමත්

ගත්තා උඳළු තල සමඟින්
 කෙටේරී
බැස්සා ඩෙනිමකට මට මොන
සිතාසි

ඉස්සා මුං මෑ ද සමඟින්
 මෙනේරී
පිස්සා මමයි අරගත් විද්‍යා 
උපාධි


“You have brains in your head. You have feet in your shoes. You can steer yourself in any direction you choose. You're on your own.And you know what you know. You are the guy who'll decide where to go.


රජයේ කන්තෝරුවක ක්ලාක් වැඩ කරන විද්‍යා උපාධිධාරී
මම
෴ වත් ෴


පලි : - මේව ලියලා තියෙන රස්සාවත් නැති වෙයි ද දන්නේ නැහැ..

19 ප්‍රතිචාර:

ස්වප්නා said...

දෙයියනේ කියලා ඔන්න උපාධියේ පිහිටෙන් තමයි අපි නං ගොඩ ගියෙ :) හැමෝටම ඕක සිද්ධ කරන්න තරං අපේ විශ්වවිද්‍යාල වල තියන හැම විෂය ධාරා ටිකම ශක්තිමත් නැති එක තමයි ප්‍රශ්නෙ :(

ළමයා said...

කැම්පස් එකට බලෙන් ඇදලා ගත්තත් මම නම් නොයමි!

ර ත් ග ම යා said...

මම නම් ඔය ගැන තවත් කතා කොරන්න යන්නෙ නෑ..එක්කෝ මුන්ට තේරෙන්නේ නෑ..නැති නම් තේරුම් ගන්නෙ නෑ...එහෙම නැති නම් මොලයක් නෑ

ඉලංදාරියා said...

උත්තරය කාගේ ලගද තියෙන්නේ ...... හෑමදාම එකමවිදිහට ..කෑරකෙනවා

Dinesh said...

ඇත්ත අද උපාධිය තිබුනා කියලා හොද රස්සාවක් හොයා ගන්න පුළුවන්ද???? අර අක්කා කිවුවා වගෙ උසස් පෙල යන්තම් පාස් අය හොද රස්සා වල.... මම එහෙම කිව්වෙ ඊර්ශ්‍යාවට නෙමෙයි..... අද ඇත්ත තත්වෙ...........

සෝරෝ said...

සමහරු කැම්පස් එකට ඇතුලත් වෙන්නේ දහසක් බලාපොරොත්තු තියන්.. ඇතුලට ගියාම ඒව මතක නෑ.. ඔලුවට ගහනවා සමජවාදේ... අසරණ දෙමවුපියන් හිතන් ඉන්නේ ළමයා හොඳට ඉගෙනගන්නවා කියාලා..

අනේ පවු මුන්ට උගන්වන්න වියදම් කරන අර අසරණ දෙමවුපියන්..

රවා said...

දිනෙශ්, සොරො

සල්ලි හම්බ කරන්න ඉගෙනගන්නම ඔනා නැහැ. සමාජයෙ එකට ගොඩක් අවස්ථා තියනවා. හැමොගෙම එක එක මානයන් තියනවා. ආත්මාර්ථය, කපටිකම තුල මොළය හසුරවන අය බොහොම ඉක්මනින් මුදල් අතින් ඉදිරියට එනවා.

උගත් මිනිස්සුන්ට බනින්න එපා. එයාලව පහලට දාල කතා කරන්නත් එපා. අපිට තියන්නෙ සුදු ජාතිකයො හදලා දෙන දෙවල් පවත්වාගෙන යන්න දෙන අධ්‍යාපන ක්‍රමයක්. උසස්පෙල යම්තම් ගොඩ දාගෙන ජොබ් එකට යන කෙනා අවුරුදු 4 තුල එක් රැස් කරගන්න අත්දැකිම්, උගත් කෙනා බොහොම ඉක්මනින් එක් රැස් කරගන්නවා.

වේදිකා නාට්‍යක් බලන්න යන්න කම්මැලි අය කැම්පස් වල කලා කරන උදවියට බනිනවා.
චිත්‍රපටියක් බලන්න යන්න කම්මැලි කරන අය එවා නිර්මාණය කරන අයට බනිනවා.

කැම්පස් ඉගෙනගන්න මිනිස්සු එ මට්ටමට වැටිලා තියන්නෙ ඇයි කියන දෙ ඉට ඉහලින් ඉන්න මිනිස්සු හොයලා බලන්න ඔනා. කොතනද අඩුව තියන්නෙ කියලා ඉහලින් ඉන්න මිනිස්සු හොයන්න ඔනා. එක කවදාවත් වෙන්නෙ නැහැනෙ. ඉහලින් ඉන්නෙ ..... වලින් ආපු අයනෙ. ඉතින් මෙ ගැටුම හැමදාම ඉදිරියට යනවා.

wath said...

ස්වප්නා
හැබෑව නංගි...

ඉංග්‍රීසි , පරිගනක වගේ දේවල් දැන් නම් උගන්වනව. ඒත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම උගන්වනව නම් හොඳයි කියල හිතෙනවා ..

ස්තූතියි

wath said...

ළමයා
එහෙම කියන්න එපා... ජීවිතේට ලැබෙන අනගි අවස්ථාවක්.. ඒකත් විදගම බලන්න.. විදවන්නෙ නැතිව.

තීඑණය ඔබේ ළඟ

wath said...

ර ත් ග ම යා
ර ත් ග ම ය ළමයට ඉතින් අසාධාරනේ පෙන්නන්න බැහැනේ... ළමය මීට කලින්ම පුද්ගලකි විශ්ව විද්‍යාල ගැන කාලෝචිත පෝස්ට් එකක් ලිව මට මතකයි...

බය නැතිව එහෙම දේවල් ලියන්න අයත් ඉන්න එක කොච්චර දෙයක් ද?

wath said...

ඉලංදාරියා
උත්තරය අපි කා ළඟත් තියෙන්න ඕනි. උත්තරය හරි වෙලාවට හරි තැන් වලට යන්න ඕනි. උත්තරය ගැන එක විදිහට හිතන දවසක් ආවොත් අන්න එදාට මේක විසදේවි...

නැත්තම් හිගන්න‍ගේ තුවාලය වගේ විකුණන් කයි..

wath said...

Dinesh
ඇත්ත...

හැකියාව, කුසලතා එකතු වුනාම උපාධියට වඩා ගොඩක් බලවත්. පොතේ දැනුම විතරක් මදි...

නිකම්ම නිකම් උපාධිධාරියෙක් වුනාට වැඩක් නැහැ කියන එක මාත් පිළිගන්නව..

wath said...

සෝරෝ
ඔතන තියෙන්නේ තරුණ ජවයෙන් වෙනත් අය පල ප්‍රයෝජන් ගැනීම. කකියන ලේ කුලප්පු කරල පැත්තක ඉදන් මල්ල තර කර ගන්නව...

ස්තූතියි සෝරෝ.......

wath said...

රවා
උගත්කම හෙලා දකින්නෙ නැහැ. ඒත් හැකියාව සහ කුසලතාව ගොඩක් වැදගත් වෙනවා...

අනික උගත්කම හොර කම් කරන්න බැහැ කියල පරණ කවි වල තිබ්බට... අද වැඩියෙන්ම හොරකම් කරන්නෙ උගත්කම.

උගත්තු හොරු වුනාම නිකම් හොරෙක්ට වැඩිය බයානකයි... උගත් හොරාට පුලුවන් සෑහෙන ලොකු ව්‍යසනයක් කරන්න..

උගත්තුන්ව ඒ තත්වයට පත් කරන්න එපා කියල වගේම... උගත්තුන්ටත් උගත්කමෙන් මොලේ ඉදිම ගන්න එපා කියල මම කියනවා...

ජංජාල චාමර said...

ලස්සන නිර්මාණයක්.අන්තර්ගතය සමාජය තුළ අත්දකින්න ලැබෙන යථාර්තයක්.ඒත්!!ඒත් මම දකින්නේ උපාධිය සහ රස්සාව අතර තියෙන එකම ප්‍රශ්නේ "ස්වෝත්සාහය" නැතිකම කියලයි!

හුඟ දෙකෙන් හිතන් ඉන්නේ ඩිග්‍රිය ගත් පලියටම තමන්ට හොඳ රස්සාවක් ලැබෙන්න ඕනි කියලා.ඒක වැරදි මතයක්!

අනික් අතට, ඩිග්‍රිය නැතුව හම්බුකරන මිනිස්සු,ඒ තැන්වල ඉන්නෙත් අර මම කලින් කිව්ව "ස්වෝත්සාහය" නිසා මිසක් කොහෙවත් යන වාසනාවක්වත්,ඇහැට පේන්නෙ නැති බලවේග නිසාවත් නෙවෙයි!

wath said...

ජංජාල චාමර
ඒක ඇත්ත මල්ලි... මමත් කියන්නේ උපාධි ගත්ත කියල කවුරු හරි රස්සාවල් ලගට ගෙනත් දෙනකම් ඉදල හරියන්නේ නැහැ...

මම නම් හම්බුන පලමු රැකියාවට ගියා ඒකෙ නම් ඒ දවස් වල සුදුසු කම සා/පෙළ..

මේ දවස් වල හොද ටෙලි නාට්‍යයක් යනව මේ ගැන.. " ඇබෑරුතු නැත/ඇත" කියල අන්න නියම ආදර්ශමත් කතාවක්...

ඔයාගේ කතාවට මම එකඟයි මල්ලි ..ස්තූතියි.

සූර සරදියල් said...

එස්.බී. දිසානායකයි පුද්ගලික විශ්ව විද්‍යාලයි අන්තරේයි ලොවෙත් නෑ

http://lowethne.blogspot.com/2010/11/blog-post_06.html

සූර සරදියල් said...

http://lowethne.blogspot.com/2010/11/blog-post_3505.html

මේ පොඩි සරදියෙල් ගෙ ලොවෙත් නැති කවි වලට වත් ගෙ කවියකින් සංග්‍රහ කරා නම් ඉස්තුති වෙවා

ලොකු පුතා said...

උපාධිය කියන්නේ හැම කෙනෙක්ටම අත පොවන්න බැරි දෙයක්. මං මේ කියන්නේ අපේ රටේ තියෙන ක්‍රමය.
අපේ තියෙන ක්‍රමයට අනුව අපි යමිකිසි බුද්ධිය මනින ක්‍රමයක් අනුව ගිහිං උපාධි ගන්නවා. ඒ නිසා ඒ අයට යම් ගරුත්වයක් සමාජයේ තියෙනවා සහ තියෙන්න ඕනේ.
නමුත් ඒ අයට ඒ ගරුත්වය ආරක්ෂා කර ගන්න බැරිනම් සහ රැකියාවේදී ඒ ගරුත්වය ලැබෙන්නේ නැතිනම් මොකද කරන්නේ.
ඒවා කිසි දෙයක් වෙනස් කරන්න ඔය සමාජවාදය කියන්න පුස්සට බැහැ.

මොනවා උනත් අපේ රටේ උපාධි කාරයෝ යම් ප්‍රමාණයක උගත් කමක් හිමි අය කියල තේරුම යනවා පිට රටක වැඩ කලාට පස්සේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...