..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 3, 2010

෴ දෙහදක් අතර අතර මං ව ෴

පිදුම - අතරමං වූ බඹරාට මඟ සොයා ගනු වස් .  .    .      .       .



 ෴ බඹරා ෴ 

අකාලයේ පිපි රෝස කුසුම නුඹ
වරුවක් නුඹ ළඟ රැදෙනු බැරී
සදාකාලිකව පිපුන නෙළුම් මල
මා එන තෙක් මඟ බලන් ඇතී


  නෙළුම  ෴
හඳ බැඳි ආලය දෑගිලි සිර කර
නුඹ මා නෙළුවේ ඇයි ද මෙසේ
 වෙන මලකට ලොබ බදින්න නම් මා
සිරකර දා ඇයි තබනු මෙසේ


෴ බඹරා ෴

නුඹහට දුන් සිත ආලය සෙනෙහස
බිඳකුඳු හෝ අඩු වෙලා නොවේ
රෝස මලට දුන් ආදර සෙනෙහස
නුඹ ගෙන් මා බිඳ දමනු නොහේ


෴ රෝස මල ෴

අහඹුව හමු වී දොඩමළු වූව ද
නුඹ පෑ සෙනෙහස රඳමි සිතේ
බඹරුගෙ අයිතිය නෙලු මල ළඟටයි
මම නටුවෙම රැදි සිටිමි මෙසේ


෴ රෝස මල සහ නෙළුම් මල  ෴

මල් ලොව හිමිකරු බඹරුන් වූවත්
හිමිකම් පෑමට සැම අසමත්
සුවඳ සිතක සෙනෙහස හමනා විට
මුළු ලෝකෙම වෙයි ඉන් සුවපත්
“Love is like a beautiful flower which I may not touch, but whose fragrance makes the garden a place of delight just the same”


තනි අත්තක පිපුන, තවමත් නටුවෙම රැදුන රෝස මල
මම
෴ වත් ෴ 

17 comments:

  1. හරිම ලස්සන ම ලස්සන පද එකතුවක්..!

    ReplyDelete
  2. නියම අදහසක් අක්කා....
    දෙබසකට නම් ගන්න එක ලේසියි
    ඒත් නිසැදැසකට ගන්න එක....
    නියමයි

    ReplyDelete
  3. ලස්සන අදහසක් සහෝදරී
    (කිහිප වතාවක්ම කියවීමෙන් පසු කියන ලදී)

    ජයවේවා !!

    ReplyDelete
  4. අනේ අක්කණ්ඩියේ..ඔබනම් නියමම නියමයි.. බ්ලොග් ගජමන් කියන එක හොඳට ගැඅලපෙනවා අක්කේ..

    ReplyDelete
  5. හරි ලස්සන සංවාදයක්..... අමුතුම සොදුරු බවක් මම වින්දා........

    ReplyDelete
  6. අදත් වත් අක්කාගේ කවියක රස විඳින්න කියලා "සොදුරු සිත" පැත්තට ආවා. ලස්සනයි අක්කා මේ කවි සංකල්පනාවත්. දෙතුන් වතාවක්ම කියෙව්වෙමි.

    ReplyDelete
  7. එක මලක්ම පතන බඹරෙක් මී මමත්...

    ReplyDelete
  8. LishWish
    ස්තූතියි ලිෂ්... ඒත් මට වඩා හොඳින් ඔයා ලියනව කියල මට හිතෙනවා ...

    ReplyDelete
  9. ර ත් ග ම යා
    ස්තූථියි ර ත් ග ම යෝ ...

    අසාධාරණය පෙන්නන්න බැරි රත්ගමයා හොදක් කියනව නම් ඉතින් අහන්නත් දෙයක් ද

    ReplyDelete
  10. හිස් අහස
    කිහිපවතාවක්ම කියවල ..කමෙන්ටුවකුත් ලියල ගියාට සොඩක් ස්තූතියි... හිස් අහස කවදද නිල් අහසක් වෙන්නේ ....

    ReplyDelete
  11. ප්‍රාර්ථනා
    දැන් කවුද මට නම් වානම් කියන්නේ... අපොයි මම "සොඳුරු සිත" වෙන කෙනෙක් වෙන්න නම් හීනෙකින් වත් බැරි වෙයි ...

    ස්තූතියි නංගා

    ReplyDelete
  12. Dinesh
    සොඳුරු සිතේ සොඳුරු බව විඳින්න හැමදාම මේ පැත්තෙ එනවට බොහොම ස්තූථියි මල්ලියා ...

    ReplyDelete
  13. මධුරංග
    ස්තූතියි මධු මල්ලි...
    මල්ලියා නේද ලියල තිබ්බෙ අර මොඩයෙක් ගේ පාලමක් ගැන... මට හරි ආසයි ඒ පාලම බලන්න යන්න...ස්තූථියි සැගවුන වග තුග එළිකරනවට ...

    ReplyDelete
  14. -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ්
    මම නොදන්නවයෑ අපේ ක්‍රිෂ් මල්ලි ගැන ...ආයෙත් අහල..

    ReplyDelete
  15. ස්වප්නා

    ටිවීට් බර්ඩි ගේ ලස්සන හිනාවට ස්තූතියි ...

    ReplyDelete
  16. ලස්....සනයි....................

    එත් මේ ලොකේ බඹරැ හිටියේ නැත්නම් මං ලස්සනයි කියලා කියන්න කෙනෙක් ඉදීවිද?
    එහෙම උනානම් මේ ලොකේ මිනිස්සු මල් වල සුවද විතරක් විදීවි හලගක් වගේ..ඊටත් වඩා ඉක්මනට ඒ සුවද අමතන කරාවි..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...