..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 2, 2010

෴ සුදු දෝණි ෴

පිදුම  - පුංචි සුරංගනාවියන් දෙන්නෙක්ගේ ආදර සෙනෙහස මැද සිටින  සොඳුරු සිතක් ඇති මගේ දයාබර යෙහෙළියට

 

කිරි කිරි බෝලේ 
රැළි රැළි මාලේ
 රෝස කැළෙන් ඇහිද ගත්ත
 දෝණියක් නෙමෙයි

අප්පච්චිගේ පාටයි
අම්මාගේ මූණයි
එකතු කරල හැඩට හැදුන 
 බෝණික්කී මං

අම්මාගේ ලොව සරසන
සුරංගනාවී
අප්පච්චිගේ ලොව බබළන
කුමාරිකාවී

ඉර හඳ පාමුල නැලවෙන
කුසුම් කුමාරී
ඒ ඉර හඳ නැති වුනොතින්
කඳුළු සලාවී


ලොවට සුවඳ දෙන්න පිපුන
 රෝස කුමාරී 


She is my joy and heart's delight .
Sweety I Love you

පුංචි දෝණිට ගොඩක් ආදරේ 
මම
෴ වත් ෴

26 comments:

  1. ලස්සනයි වත් අක්කේ. ඔයා මේකට ඕඩියෝ එකක් කරන්න.

    ReplyDelete
  2. ගයාන් තාරක
    ඕඩියෝ නම් මොනා ද මල්ලි... කවි පොතක් ලියන්න හිටිය ඒ වැඩෙත් ලත් තැනම ලොප් වුනා.. හිතේ නම් කොච්චර සිහින තියෙනවද මල්ලි... ඒව හිතට මහම මහ බරක්...

    ඊට වඩා හොඳයි වුන දේ වුනා වෙන්න තියෙන දෙයක් වෙයි කියල කුරුළුල්ලෙක් ගේ ඇඟින් ගිලිහිලා වැටෙන පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න එක...

    මල්ලියා තැන්කූ හොදේ ...

    ReplyDelete
  3. කවදත් වගේ ලස්සන කවි පෙළක්.
    එත් වෙනදට වඩා ලස්සනක් පේනවා.

    ReplyDelete
  4. ලස්සන කවි පන්තියක් සහෝදරි.

    ලස්සනම ලස්සනයි. කියවන්න කියවන්න ආපහු කියවන්න හිතෙනවා මට. ;)

    ReplyDelete
  5. ලස්සන සිතුවිල්ලක්. හොදට පද ගලපලා ලියලා තියෙනවා !!!!

    ReplyDelete
  6. පුංචි දෝණිට ගොඩක් ආදරේ
    මම
    නිශ්

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්
    මටත් නංගි බබෙක් හිටියනම්......
    :'( :'( :'(

    ReplyDelete
  8. නංගිලා නැත..මල්ලිලා ඇත..කුමන කතාද..දෝණියෙක් වත් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  9. කියවනකොට මට මැවිල පෙනුනෙ අපේ වත් සහෝදරී (දැකල නැති වුනත් මවා ගත්ත 'වත්') වයසින් ගොඩක් බාල වෙල ඉන දෙපැත්තෙ අත් දෙක තියාගෙන දෙපැත්තට පැද්දි පැද්දි අර පොඩි උන් කතාකරන හුරතල් විදියට ඔය සින්දුව කියනව. ඒක හරිම ලස්සනයි.

    ReplyDelete
  10. සිතින් සිනා සී සිතකට හාද වුන
    එසිත් දැරූ දරු දුක සියොළඟට ගෙන
    කිසිත් නොවුන විලසට සෙනෙහසම දෙන
    මෙයයි සොඳුරු සිත ‍රැදෙනා උතුම් ගුණ

    ReplyDelete
  11. ලස්සන සිතුවිල්ලක් අක්කෙ............

    ReplyDelete
  12. හානේ වත් අක්කේ......
    මමත් ඊයේ අපේ චූටි නංගි ගැන කවියක් ලිව්වා. වැඩේ කියන්නේ මම ලිව්වෙත් " රෝස මල" කියලමයි. මම ඒක අද වැඩට ගිහින් අවිත් දාන්නයි හිටියේ.

    ReplyDelete
  13. priyantha.ඒබී
    වෙනදාට වඩා ලස්සනක් පේන්න ඕනි තමයි. මොකද මේ නැතිවුන ආදරයක් ගැනවත් , ලැබෙන්න ඕනි ආදරයක් ගැනවත් ලීව දෙයක් නෙමෙයි...

    මලක් වගේ
    සුරංගනාවියක් වගේ
    ලස්සන ගැහැණු දරුවෙක් ගැන ලීව දෙයක්

    ප්‍රියන්තත් පුංචි දැරිවියක් ඉන්න මාමා කෙනෙක් නිසා මේ පද වල ලස්සනක් දකින එක අරුමයක් නෙමෙයි.

    ස්තූතියි ප්‍රියන්ත

    ReplyDelete
  14. RanDil
    අරුමයක් නැහැ රන් ...

    ඔයාටත් මේ වගේ පුංචි සුරංගනාවියක් ඉන්න නිසා ඔයා මේ පද ඇත්තටම විදිනවා...

    ස්තූථියි සුරංගනාවිගේ ලස්සන අම්මට...

    ReplyDelete
  15. මධුරංග
    මධු ... මම ඒ පැත්තෙත් ගියා.. වටිනා බ්ලොග් පිටුවක හිමිකාරයෙක් වග දැන ගත්තා... ඉතින් ඉඩ ලද වෙලාවක ඒ පැත්තේ ගොඩ වෙන්නම්...

    ස්තූතියි මධු ගේ අදහස් වලට ....

    ReplyDelete
  16. නිශ්
    ආහ් නිශ් ... නිශ් සුරංගනාවියකගේ සාඩම්බර හිමිකාරයෙක් ද? මම මේ ඇහුවේ දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් ද.... සුබ පැතුම් ...

    ReplyDelete
  17. ෴ හසියා ෴
    දැන් ඉතින් නංගි බබෙක් ගේන්න වෙන්නේ කඩෙන් තමයි... තව ඩිංගිත්තක් උස ගියහම ඔයාටම කියල දුවෙක් හදා ගන්න කෝ ......

    ReplyDelete
  18. ර ත් ග ම යා
    අන්න හරි රත්ගමයා... තව ටික දවසයි ලස්සන දෝණි කෙනෙක් ඔයාටත් ලැබේවි ....

    ReplyDelete
  19. සිත්තරා
    තව අවුරුදු ගාණක් පිටු පසට ගියොත් නම් සිත්තරා හිතන වත් ව ඔය විදිහට දකින්න පුලුවන්..

    ඒ වගේම තව අවුරුදු ගාණක් ඉස්සරහට ගියොත් වත් වගෙම දුවෙක් ඔය සින්දුව කියලා නටනව දකින්න පුලුවන්/ වෙයි ද දන්නෙ නැහැ...

    ඒ වගෙම වර්තමානයේ නම් මේ වගේ පුංචි සුරංගනාවියෝ දෙන්නෙක් ඉන්නව මම බොහොම ආදරේ කරන...

    ස්තූථියි සිත්තරා ...( පාට සොයා ගත්ත ද)

    ReplyDelete
  20. විහඟ ගීතය
    සිතකට හාද වුන සෙනෙහස සැබෑ වේ
    ඒ සිත හදුනනා මම වෙමි පමා වේ
    පමා වුනත් දරු දුක වාසනාවේ
    නුඹෙ දරුවනුත් මගෙමයි සිත සිනාසේ

    ReplyDelete
  21. Dinesh
    ස්තූථියි මල්ලි. වැඩ රාජකාරි මැද්දෙ ඇවිත් විතරක් නෙමෙයි කමෙන්ටුවකුත් ලියලම යනවට ගොඩක් ස්තූථියි.

    ReplyDelete
  22. හිරු ප්‍රභා
    හැබෑ ද නංඟෝ...එහෙනම් පෝස්ට් කරමු බලන්න අපිටත් කියවන්න ....

    ReplyDelete
  23. ඔව් ඔව් මටත් ඉන්නව නෙව රොස මලක්

    ReplyDelete
  24. අක්කණ්ඩියේ බොහොම ස්තුතියි.

    ReplyDelete
  25. අක්කණ්ඩියේ බොහොම ස්තුතියි.

    ReplyDelete
  26. දෝණි ශෝයි
    පූසාත් ශෝයි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...