..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 28, 2010

෴ අමුත්තා (The Visitor ) ෴

දුවන ගමනින් පන්තිය දෙසට එන ශිෂ්‍යාවකි. ඇගේ ගමනින් ම ඇය පැමිණෙන්නේ වැදගත් හා ඉතා හදිසි පණිවඩයකට බව මට සිතුනි.

" ටීචර් ... ටීචර්ට විසිට කෙනෙක් ඇවිත් "

" මට ! ! "

" ඔවු ටීචර් .ලොකු මැඩම් කීව ටීචර්ට ඉක්මනට එන්න කියල "

" හොදයි "

පත්තියට අභ්‍යාසයක් කරන්නැයි බාර දුන් මම බර වූ සිතින් යුතුව කිසිම කලබලයකින් තොරව කාර්යාලය දෙසට පිය මැන්නේ කාර්යාලය වෙත යා හැකි දිගම මග තෝරා ගනිමිනි. ශ්‍රී ලංකාවේ ඉතා දුර බැහැර දුෂ්කර ප්‍රදේශකයක පිහිටියා වූ ප්‍රධාන පාසලක උසස් පෙළ විද්‍යා පන්ති වලට උගන්වන මැදි විය පසු කරමින් සිටි තවමත් අවිවාහක සුන්දර ගුරුතුමිය මම වූයෙමි. දෙමාපිය සහෝදරයන්ගෙන් වියුක්තව මෙම පාසලේ රැදී දැනට වසර 10ක් ආසන්නව හෝ ඊට මදක් වැඩි වූ කාලයක් ගෙවී ඇති බව මට සිහි වේ.

මා මෙහි පැමිණී පළමු වසර කිහිපය තුල දී නම් මා බැලීමට පැමිණි පිරිස හිඟ නොවීය. නමුත් වසර දෙකක් ඉක්ම යෑමටත් ප්‍රථමව ඒ පැමිණීම සිදී ගියේ ඔවුන්ගේ පැමිණිම මා හට වේදනාවක් බව මම ඔවුන්ගේ මුහුණටම පැවසීම නිසාය.

මා මුණ ගැසීමට පැමිණියේ කවුද ?

" අම්මා ද? "

දැනට වසර දෙකක පමණ සිට ඇය අසනීපයෙන් පසුවන අතර තනිවම ගමන් බිමන් යෑමෙන් ඇය වැලකී සිටියි.

" නංගී ද ? "

විවාහ වී අපගෙන් ඈත් වූ පසුවත් මා නිවසින් නික්ම ගිය පසුවත් මා සමඟ වැඩි ඇසුරක් නොදැකෟ වූ ඇය මා සමඟ දොඩමලු වීමද නවතා බොහෝ කල්ය.

" සුමිරි"

නැගණියේ දයාබර හුරුබුහිටි කෙලි පොඩ්ඩ ද? මා සමඟ ඉතාමත් ලෙංගතුව හැසිරෙන මා සිත හඳුනන ඇය දැනට මාස දෙකකට උඩදී රට හැර ගියාය.

" සුමනසිරි"

මාගේ වහසි බස් අසා මා බැලීමට පැමිණෙන්නන් අඩු වූවද සුමනසිරිගේ පැමිණිම නවතා ලන්නට මට නොහැකි විය. සුමනසිරි යනු විවාහ යෝජනාවක් අනුව මා හදුනා ගත් ගැහැණුන්ගේ නෙත් වසඟ කරගැනීමේ හැකියාවක් ඇති කඩවසම් තරුණයෙකි.ඒ වන විට දරුණු සිත් බිඳීමකට ලක් වී සිටි මා සිතේ පැහැදිලි ඉඩකඩක් ලබා ගැනීමට ඔහුටද නොහැකි විය. ඒ වන විට කිසිවකුට කිසිදිනක පෑහිය නොහෙන සේ මා සිත අභ්‍යන්තර දරුණු බිද වැටීමකට ලක් වූ තිබූ කාලයකි.

මා කෙතරම් අකමැති වූවද ඔහුට මා හා විවාහ වීම තදින් අවශ්‍ය වී තිබුනි. කෙතරම් බොරු ගතු ගොතා කීවද නපුරු ලෙස සැලකූව ද ඔහුගේ සිතින් මා හා විවාහ වීමේ දරුණු චේතනාව පලවා හැරීමට මම අසමත් වූයෙමි.

මගේ මවගේ බලවත් ඉල්ලීමද ඉතා ප්‍රබල වූ අතර අවසානයේ ඇගේ ඉල්ලීම නියෝග කිරීම දක්වා දුර දිග ගියේ මගේ නැගණියගේ ද සහය ඇතිවය. කිසිදිනක නියෝග කිරීම් වලට අකමැති වූ මට නිවසේ විසීම අප්‍රසන්න වූ වකවානුවකය මාගේ මේ රැකියාව මා කරා ආයේ.

දෙවියන් මට ලබා දුන් ඒ මහඟු අවස්ථාවෙන් පලප්‍රයෝජන ගත් මා දැනට වසර 10කටත් පමණ පෙර නිවස හැරිපියා ඒ ආ ගමන තවමත් එතනමය.

මේ පාසලට පැමිණි පසු සිතට සුවයක් දැනේනට වූ අතර සුමනසිරි මා සොයා මෙහි ද පැමිණෙන්නට විය. කෙතරම් කරුණු කාරණා කීවද ඔහු නවතා ලිය නොහැකි වූ අතර එක් දිනක් මා ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

" සුමනසිරි ... මෙච්චර මම අකමැතියි කියද්දිත් මේ හැටි අපවාද කියද්දිත් මා බලන්න එන්නේ මොකද ? "

" මට මේ විදිහට සලකන එකම ගැහැණිය ඔයා නිසා "

ඉන් ටික කලකට පසුව මේ පාසලේම උගන්වන ලද ගුරුතුමියක වූ ක්‍රිෂාක්ති සමඟ ඔහු විවාහ වූ අතර ඔහුගේ පාර්ශවයෙන් විවාහය සඳහා සාක්ෂී අත්සන් කරන ලද්දේ මාය. එදින ඔහු විවාහ සහතිකය අතට ලැබුන වහා මා යෙදූ අත්සන දෙස බලමින් මට පැවසූයේ.

" දැන් ඉතින් මම දික්කසාද වෙනකම් ඔයා හැමදාම මා ළඟ ඉදී " 

" දික් වෙන කසාදය තමයි පවතින්නේ " මා ඔහුගේ වචන අවප්‍රමාණ කළෙමි. දික්කසාදය යනු ලොව ඇති දරුණුම වචනය බව මම අදටත් අදහමි.

මා මුණ ගැසීමට පැමිණියේ සුමනසිරි ද?
එහෙමත් නැත්තම් ක්‍රිෂාන්ති ද?

මා නිසා ඔවු‍න්ගේ පවුල් ප්‍රශ්ණයක් ඇති වී ද?

මට ඔවුන් ගැන ලැබුන අවසාන තොරතුර අනුව නම් සුමනසිරි දැන් දෙදරු පියෙකි. තෘල්තිමත් පියෙකි සැමියෙකි.

විවාහ වූ අලුතද සුමනසිරි මා බැලීමට විටින් විට ආ අතර ඒ හමුව නවතන තැනට තිත යෙදීමට ක්‍රිෂාන්තිට හැකි වන්නට ඇත.

සුමනසිරි මා ගෙන් නිතර නැගූ පැණයක් තිබුනි. එනම් මා ඔහුට අකමැති වන්නේ ඇයි ද? යන්නයි. එයට දිය හැකි සාධාරණ පිළිතුරක් මා වෙත නොවූ කළ ඔහු විමසන්නේ මා මෙතරම් දුකින් සිටින්නේ ඇයි ද යන්නයි.

ඔහුගෙන් ගැලවිය නොහැකි වූ එක් දිනක මම ඔහුට මෙසේ කී‍වෙමි. මා කලක් කවි ලිවීම ජීවිතය මෙන් සැලකූ යුගයක් තිබුන බවත් ලිවීම ඇඟටම බද්ධ වී තිබූ එකල තවත් කවි ලියන්නෙක්ට පෙම් කළ බවත් කවි ලිවීමෙන් හා ලිපි ලිවීමෙන් ඒ ආදරය දළු ලා වැඩුන බවත් නොදැක වුවත් සිදු වූ සිත් බැඳිමත් ඉන් පසු සිදු වූ සිත් බිඳීමත් මා ඔහුට විස්තර කෙරෙමි.

මඳ වේලාවක් මා දෙස බලා සිට මහ හඩින් සිනා වූ  ඔහු එය ඇදහිය නොහැක්කක් බව පැවසීය. බොරු ගොතා නොකියන ලෙස පැවසූ ඔහු මා කිවූ කරුණු සනාථ කරන ලෙස මට කීවේ මා පොඩි දරුවෙකු සේ හරියට බොරුවක් වත් ගොතා කීමට දන්නේ නැති බව අගවමිනි.

එවක මා සතු වටිනාම සිහිනය වූයේ මා හා මා පෙම් කළ ඔහු ලියූ කවි එකතුවක් කවි පොතක් ලෙස පල කිරීමයි. ඒ සදහා ඉතා වෙහෙස වූ අප දෙදෙනා එක්ව කවි තෝරමින් අත් පිටපත් ලියමින් අදහස් හුවමාරු කරගනිම්න් ගෙවූ කාලය බොහෝ සුන්දර විය.  අවසානයේ එකඟත්වයට පැමිණි  අත් පිටපත මා සතු වූයෙන් එය මා සුමනසිරිට පෙන්වූයෙමි. එහි පිටුවක් ගානේ ඇස් යැවූ ඔහු අවසානයේ පැවසුවේ.

" පිස්සි. උඹට මං ආදරෙයි. උඹ වගේ පිස්සියෝ මේ ලොකේ වැඩිය නැහැ. ඉතින් කොහොමද මම උඹව අතාරින්නේ "

එදින මා එම අත්පිටපත නැවත ඔහුගෙන් ලබා ගැනීමට ඔහු සමඟ විවාහවෙන්නෙමියි පොරොන්දු වූයෙමි. ඔහුට ආදරේ කරන්නෙමියි දිවුරා කීවෙමි. ඉන් පසුවයි ඔහු මට මගේ අත්පිටපත නැවත දුන්නේ.

එහෙත් පොරොන්දු හා දිවුරුම් යනු සුළඟේ පාවී යන තවත් වචන ස්වල්පයක් බව මම අත්දැකීමෙන් දනිමි.

ඒ අත්පිටපත අදද අත් පිටපතක් පමණක්ම වන අතර පොතක් පළ කිරීමේ මාගේ දරුණු අසනීපය සුව වූයේ ඔසුවක් නොමැතිව ඉඹේම හට ගත් ප්‍රතිශක්තිකරණ බලයකිනි.

කෙසේ හෝ සුමනසිරි විවාහ වීම මගේ තවත් අසනීපයකට වූ මහඟු ඔසුවක් විය.

නොදැන නොසිතාම කාලය ගත වූ පරිදිම නොදැන හා නොසිතාම මා ද කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ තිබුනි. කාර්යාල භුමියේ නවතා තිබූ නවීන පන්නයේ ප්‍රාඩෝ රිය තමා ආ දුෂ්කර මාවත කියා පෑමට මෙන් රිය පුරා මඩ සලකුණු පිරී තිබුනි. මඩ ගෑවී තිබුන ද එහි තිබූ ප්‍රතාපවත් බව කැපී පෙනුනේ මේ භූමියේ ස්වරූපය නිසා වන්නට ඇත. 

කාර්යාලය දෙස නෙත් යැවූ මට දැක ගත හැකි වූයේ කාර්යාල දොරකඩ සිට මා දෙස සිනාසෙමින්  බලා සිටින වයස 21 ක් පමණ වන සුන්දර යවූවනියකි. ඈ ඉතා චාම් නමුත් සුන්දර වූවාය.

ඇයට සිනහවකින් සංග්‍රහ කරමින්ම කාර්යාලයට ගොඩ වූ මම කාර්යාල සහයකගෙන් විමසූවේ මා මුණ ගැසීමට පැමිණි අමුත්තන් කොහිද යන වගයි. මාගේ පමාව නිසා ඔවුන් නැවත හැරී යන්නට ඇතැයි මට සිතුණි.

" මේ මිසුයි අර සර් රුයි තමයි "

සුනදර තරුණිය දෙසත් මට පිටුපා කාර්යාල කාමරයේ ජනේලය අසල සිට දරුවන් සෙල්ලම් කරන පිටිටනිය දෙස බලා සිටින වයස 60 ක පමණ මහතෙකු පෙන්වමින් කාර්යාල සහයකයා පැවසීය.

අන්දමන් ද වූ සිතත් , ප්‍රශ්ණාර්ථය රැදි දැසත් හදුනාගත්තාක් මෙන් මා වෙත පැමිණී සුන්දර තරුණිය මාගේ දෑත් එක්කර ඇගේ දකුණත වූ යමක් එක්කල මා දෑත මත තබා උණුසුම් ලෙස සිප වැලඳ ගත්තීය.

සිදුවන දේ සිහිනයක් මෙන් වූ අතර නිතැතින්ම මා නෙත මා දෑත් මත ඇති ආගන්තුක වස්තුව වෙත යොමු විය.

ලා නිල් සහ සුදු පැහැති පසු බිමේ තද නිල් පැහැති අකුරින් වූයේ ......

" සොඳුරු සිත "

තප්පරයක් තුල දී අතීතයකට දිව ගිය මා සිතත් ,

ක්ෂණයෙන් මට පිටු පා සිටි මිනිසා වෙත හැරුණ මා ගතත්

කඳුළින් බොඳ වෙමින් තිබූ මා නෙතත් අතරින්

මට පිටු පා සිටි ඔහු මා වෙත හැරෙනු දුටු වෙමි. ගවුගණන් දුර සිට නොදැක ගෙවී ගිය කාලත් පියවර කිහිපයක් තුල රැඳී තිබූ නොදුටු මුහුණත් ‍බොද වූ කඳුළු අතර දියවී රූරා ගලනු මට දැනුනි.


“If a person gives you his time, he can give you no more precious gift”


‍කඳුළු අතරින් බොඳ වු නුඹ රුව දකින 
මම
෴ වත් ෴

20 comments:

  1. අනේ මට තේරෙන්නේ නෑ මේ ආවේ කවුද කියලා..ඒත් මට හිතෙනවා ඇත්ටම හිතෙනවා හුග කාලෙකට කලින් ඔයා ආදරය කරපු ඹයාගේ සොදුරැ කවි කාරයා කියලා...මං හරිද කියලා නම් මං දන් නෑ

    ReplyDelete
  2. මමත් හිතනව ඒකම කවිකාරය තමා....,....

    ReplyDelete
  3. අන්තිමේදි ප්‍රශ්නාර්තයක්.. ආයෙත් කතාව දිහා හැරිල බලන්න වෙන විදියෙ පොඩි ට්‍රික් එකක්. පොඩි කතාවක ගොඩක් දේවල්.
    නියමයි.

    ReplyDelete
  4. ටිකක් විතර ගැටළුයි කෙල්ලේ,,ඒ උනත් කතාව ලස්සනයි

    ReplyDelete
  5. ආවේ වත් අක්කිගේ ප්‍රථම ප්‍රේමවන්තයා.(මොනා වත් අක්කිට ගොඩක් අය හිටියද? නෑ නෑ එකම එක්කෙනයි.ඒ තමයි ඔය ඇවිත් ඉන්නේ...)

    කතාවේ මුල් හරියෙදි තේරුණා මේ කතාවේ චරිත ඇතුළට අක්කිගේ ජීවීතය බලෙන් ඔබ්බන්න හදනවා කියලා.(ඔව් ඔව් බනින්න තමයි හැදුවේ...)
    ඒත් අන්තිමට එනකොටනේ වැඩේ තේරුණේ.

    තමන් අසමත්...ඒත් හැර ගිය කෙනා සමත් කියලා හිතන්නේ ඇයි...?

    එහෙම බලනකොට, මම ගොඩක් වෙලාවට හිතන දේ අක්කිත් සනාථ කරලා වගේ.
    "බොරුකාරයාට ලෝකේ තවමත් ඉඩක් ඇත‍‍..."

    හා නැද්ද? (ටොකු අනින් ඔට්ටු නෑ ඕන්...මම පොඩි එකේක නෙවේ.)

    ReplyDelete
  6. හෑබෑටම පිස්සු හැදෙන ලියවිල්ලක් තමා අප්පා...
    අවසානයට මම ආ.......සයි....
    විස්තරේ දූටත් කියලා නේ....
    කොච්චර ලස්සන ප්‍රේමයක්ද...?ti

    ReplyDelete
  7. මට හිතෙන දේමද කොහේද මේ හසියටත් හිතිල තියෙන්නේ. මටත් හිතෙනවා තමන් කතාවට බලෙන් රිංගවාගෙන කියල. සමහර විට මං වැරදි වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  8. අක්කේ මේ ඔබේ සොදුරු කවිකාරයාද හොයාගෙන ආවෙ...

    අනෙ මන්දා මට තෙරෙන්නේ නෑතෝ

    ReplyDelete
  9. Lahiru Udayanga
    හ්ම් ..ඔවු එයා තමයි... ඒත් මේක ගොතපු කතාවක් .. ‍ගොඩක් කාලෙකින් මේ පැත්තේ ඇවිත්.. ස්තූතියි මල්ලියා.

    ReplyDelete
  10. ර ත් ග ම යා
    ඔවු එයා තමයි ර ත් ග ම යා හරි...

    ReplyDelete
  11. සිත්තරා
    සිත්තරා නුඹ සිත්තර අඳින කෙනෙක් ද නැද්ද? අදමයි දැක්කේ... හ්ම්.. මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි. කමෙන්ටුවක් ලියල හිත උණුසුම් කරාට ගොඩක් ස්තූථියි..

    ඉතින් සිත්තරා බ්ලොග් එකක් එහෙම වර්ණ ගන්වන්නේ නැතෙයි.

    ReplyDelete
  12. හරී
    අයියෝ හරී ... දන්නෙ නැද්ද සම්භ්‍යාව්‍ය ද මොනද වුනාම තේරෙන්නේම නැහැ නේ... හිහ්.. මාත් දැන් ටික ටික එහෙම වෙනව ඇති. නොතේරෙන තරමටලු හොද... හිහ්

    හරි හරි කියන්න කොහෙද තේරෙන්නේ නැත්තේ...

    ReplyDelete
  13. ෴ හසියා ෴
    හ්ම් ස්තූතියි මල්ලි. ඇත්තටම බලහත්කාරයෙන් මාව මේ කතාවට සම්බන්ධ කරන්න මම හිතුවේ නැහැ. ඒත් ඒක එහෙම වෙලා නම් කතාවේ සාර්ථක නැහැ කියල මම හිතනවා... අන්න ඒ වගේ කමෙන්ටු තමයි අගේ..

    හරි හරි මගේ ලොකු අයිය ...මම ආයේ ටොකු අනින්නේ නැහැ අයියේ..........

    ReplyDelete
  14. තිස්ස දොඩන්ගොඩ
    ආහ් අයියා....... අපොයි අපි තරහයි. කෝ "හද ගී පොතේ අලුත් පිටු"
    ඔවු .. අයිය බලල තියෙද " ද රීඩර්" ඒ කතාවේ ඉන්න පෙම්වතා කවදාවත් තමන් ආදරේ කරපු ගැහැණියව ළඟට ගන්නේ නැහැ. නමුත් දුරින් ඉදන් ආදැය කරනවා.. අන්තිමට තමන්ගේ දුවත් එක්කන් යනවා ඒ ගැහැණියගේ සොහොන බලන්න.තමාගේ දුවට ඒ සියල්ල කියල තමයි හිත නිදහස් කර ගන්නේ.

    ලංකාවේ නම් ඉතින් මිනිස්සු මැරෙන්නේ රහස් ගෝනි ගනන් හංගගෙන. මිනි වලටත් ඒව බරක් අයියා...

    ReplyDelete
  15. priyantha.ඒබී
    ඇත්ත බලෙන් රිංගවන්න නම් හැදුවේ නැහැ. ඒත් ඔයාලට එහෙම හිතෙනව නම් ඒකෙ වැරුද්දකුත් නැහැ... ස්තූතියි සැබෑ හැගීම බෙදා ගත්තට......

    ReplyDelete
  16. ඉලංදාරියා
    ඔවු දරුවො ඒ එයා තමයි.... දස වසරකට පසුව නැවත ලද සුවඳ....
    පෙර සුවඳමයි

    ReplyDelete
  17. වත් රීඩර් බලලා තියනවද...?
    මම බලපු සිරාම කථාවක් තමා...

    ReplyDelete
  18. wath

    සිත්තරා කිවුවට සිත්තර අදින කෙනෙක් නං නෙවෙයි. හැබැයි අදින්න උත්සාහ කරන කෙනෙක්. හැබැයි ගොඩක් හිතේ සිත්තර අදින සිත්තරෙක්.
    බ්ලොග් එකක් අදිනව. හැබැයි ඒකෙ පාට ගෑවෙනව අඩුයි.

    ඔයා ලියන විදිය හිතට වදිනව. ඒ විදිය වචන හොයා ගත්තහම කියන්නං. ජය..

    ReplyDelete
  19. මේ කතාව සිහිනයක් පමණක්ම වේවා...!

    ReplyDelete
  20. වත් අක්ක ලියන්නේත් සම්භාව්‍ය ගනයේ කතානේ.... අන්තිමට ප්‍රශ්නාර්ථයක්....අපි කතාව හිතාගන්ට ඕනි...
    හැමදාම කියවන බ්ලොග් එකක් අක්කේ,,, දිගටම ලියන්න කවි සිතුවිලි කොහේ ගියත් මොනවහරි ලියන්න. අන්තිමට බලද්දි ඒව ලස්සන කවිම වෙල තියේවි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...