..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 16, 2010

෴ කිරිල්ලිය සොයා පැමිණ අතරමං වූ කුරුල්ලෙක් ෴( Spring would not be spring without bird songs ).

ඉන්දීය සුදු මාල ගිරවෙක් රේගු අත්අඩංගුවේ - පුවතක් 


ඉතා වටිනා දුර්ලභ ගණයේ ඉන්දියානු සුදු මාල ගිරවකු මෙරටට ගෙන ආ පුද්ගලයකු එම මාල ගිරවා සමඟ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආනයනය කිරීමට තහනම් Indian ring neck parakect නමැති මේ ගිරවා මාලදිවයිනේ සිට ඊයේ (15) මෙරටට රැගෙන විත් තිබේ. මෙවැනි පක්‍ෂියෙකු ආනයන කිරීමට වනජීවී අධ්‍යක්‍ෂගේ විශේෂ අවසරයක් ගත යුතුය.

 “God loved the birds and invented trees. Man loved the birds and invented cages.”

පසු කතාව  : -

මා දමා ඉගිලුන 
මගෙ කිරිල්ලී සොයා
ආ දුරත් වැඩී මේ 
පොඩි කුඩුවට වෙලා

කුඩුවෙන් තවත් එකකට
යන්න වෙන හැඩයි
කිරිල්ලී මගේ දැක
ගන්න බැරි හැඩයි

හමුවුනොත් අසන්නට
මට පැනයකුත් ඇති
ගැයූ ප්‍රේම ගී තනුවක 
හසුනකුත් ඇතී

අනේ මිතුරනේ මා 
හෙට කූඩුවට ගියොත්
මගෙ කිරිල්ලීට මට වුන
හදිය ගොස් කියන්

දමා ගිය නමුත් තරහක් 
නැති බවත් කියන්
ආදර සිත බිදකුදු අඩු 
නොවු බවත් කියන්
 
එනමුදු මා හැර ගිය දුක 
වැඩි බවත් කියන්
හැකි විගසම හමුවන්නට
එන බවත් කියන්

 Keep a green tree in your heart and perhaps a singing bird will come.
 
සොවින් තැවෙන කුරුල්ලාගේ පණිවිඩය බාර ගත්
මම
෴ වත් ෴

5 comments:

  1. මාල ගිරවියේ...මාල ගිරවියේ....නියමයි වත් අක්කා.......

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Samaaveda one Wath... Pc eke sinhala valata apalayak hadila. Machine eka format karanda vela. velaavak nathuva innava. ee hinda comments daanda labune naha. Singlish valin liyanda hithenne naha. ledeta beheth dipu gaman Blog valata ekathu vennam....

    ReplyDelete
  4. හොද වැඩේ....අනුන්ගේ දෙවල් අහං ඉන්න යනවට...දැන් අර දුන්නු පණිවුඩය ගිහින් කියන එකයි ඇත්තේ ඕන්...අපි දන්නෑ අපි ඕවට නෑ...

    ReplyDelete
  5. ලස්සනයි ....

    හේ ..

    මාල ගිරවියේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...