..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 30, 2010

෴ මම සතුටින් ෴


මා සතුටින් බව 
නුඹට පෙනේ වා
ඒ සතුටින් නුඹෙ 
ලොව හැඩ වේවා

දරු මුණුබුරු සැම 
නුඹ වට වේවා
දවසින් දවසම නුඹෙ
ලොව බැබලේවා


නුඹ ගැන මා සිත 
නැත සෝ සංකා
නුඹ මට නිරිඳෙකි
නැත හිත සෝකා

නුඹ දුන් සෙනෙහස 
රන් මිණි සේමා
පලදමි මා ගෙල
මල් දම සේ මා


නුඹ දුන් අම රස
සිහිනෙක තවරා
නුඹ දුන් සෙනෙහස
මුදු සුළඟට කලතා

නුඹ ගේ මදහස
හිරු කිරණට පළදා
මා එහි නැලවෙමි
නුඹ සිත සනසා


ඉතින් නුඹ නැහැ කියල දුක් වෙන්නෙ මොකටද මම
ඉර එළියේ , මඳ සුළඟේ , ගස් වැල් මල් , කුරුළු ගීත
මේ හැම තැනකම ඉන්නේ ඔබ නේද?


ඉතින් හිනා වෙන්න

සතුටින් ඉන්න

එතකොට තමයි මටත් සතුටු

නුඹ නිසා සතුටින්ම ඉන්න 
මම
෴ වත්සලා ෴

Happiness is when what you think, what you say, and what you do are in harmony.
That is happiness: to be dissolved into something complete and great.

16 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

නුඹේ සැප අපේ සතුටයි....!!!

හ්ම්ම්ම්ම්ම්...

ඉතින් හිනා වෙන්න
සතුටින් ඉන්න
එතකොට තමයි මටත් සතුටු
නුඹලා නිසා සතුටින්ම ඉන්න
මම
෴ හසියා ෴

Dinesh said...

නුඹ හිනැහෙන්න කදුළු සගවාහෙන
කදුළු බර වැඩියි ඔය හිතට
දෙන්න ඔය සුසුම් මගෙ හිතට
හඩන්නම් මම රහසින්
රන්දා සිනහව ඔබෙ මුව ලග..

හිරු ප්‍රභා said...

හිනැහෙන'යුරු දැක
ඔබ දුක හංඟා
මෙමටද සිතුනා
වෙන්නට සිනහා
දෑසක් කුමටද
හඩනට සැමදා
හිනැහෙමි මින්පසු
නෙත්යුග දල්වා,

Bunny ! said...

මගේ නැන්දේ...

මෙන්න කෙල්ල +මකව හිතනවා :D මරු :D

නිශ් said...

strong people know how to keep their life in order.Even with tears in their eyes.They still manage to say "Im ok ' with a smile.

මේක මට ඊයෙ මගෙ යාලුවෙක් එවල තිබ්බ SMS එකක් කතාව ඈත්ත නේද වත්?

Lahiru Udayanga said...

සිතක රැදි කදුලු බිදු
මතකයෙන් සනසවන
නෙත් කෙවෙනි රවටවන
පුදුමයකී! නුඹ මෙමට..

Ravi said...

Making someone you love, happy
Will definitely make you forever happy,

But keep in mind,

Never ever dare to look back,
Even for one single moment will you,
Leave all your regrets behind,
Taking only the pleasant memories,

Life for sure is hard enough,
Even without carrying the burden of lost love,

Sincerely hoping you could do it,
And,
Certainly wishing you would do it,

arunishapiro said...

:)

wath said...

@ ෴ හසියා ෴
සතුට තමයි හිතකට තියෙන උතුම්ම සම්පත.

wath said...

Dinesh
අපි කවුරුත් කඳුළු හංගාගෙන හිනා වෙන මිනිස්සු නේද මල්ලි.... එහෙම හිතුවම නම් ඇත්තටම දුකයි.

wath said...

හිරු ප්‍රභා
නංගිගෙ කවි පද දැකල මට සිංදුවක් මතක් වුනා .

හිරු හිනහෙන ඝණ නිල් වන් අහසේ
පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
පහන නුඹය නුඹමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

wath said...

Bunny !
මගෙ සුදු හා පැටියෝ ... කන් දෙක පරිස්සම් කර ගන්න ...

wath said...

නිශ්
ඒක නම් මගෙ කවියටම ගැලපෙනවා නිශ් ...
මාත් ඒ අදහස ඔලුවෙ තියන් තමයි ලීවේ ...
ස්තූථියි ........

wath said...

Lahiru Udayanga
පුදුම වෙන්න දෙයක් නැහැ. ජීවිතේ කියන්නේ ඒක තමයි මල්ලියා...

අනුන් සතුටින් තියන්න අපි හිනා වෙලා ඉන්න ඕනි. ඊට පස්සෙ එයාල හිනා වුනාම අපිට ඇත්තටම සතුටුයි.

wath said...

Ravi
Thank You Ravi . No words to say ...

wath said...

arunishapiro

:D

Thank You

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...