..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, October 25, 2010

෴ පින්තූර වචන කරනු ලැබේ ෴

 දයාබර යහළුවනේ ...............

මගේ හිතේ තිබ්බ ඔක්කම කවි සිතුවිලි හදිසියේම ඉවර වෙලා.... හිත අනිත් පැත්ත පෙරලල බැලුව.... කණපිට පෙරලල බැලුව ..ම්හ්.. අන්තිම කවි සිතුවිල්ලත් කවුරු හරි අරන් ගිහින්... 

ඉතින් 

මම හිතුව මෙන්න මෙහෙම දෙයක්.....

කාලයක් මම කවි ලීවේ පින්තූර දිහා බලල.... ඔයාල කැමති නම් ඔයාලගේ සිත් ගත්ත පින්තූර මගේ මේ ලිපිනයට එවන්න.. පුලුවන් නම් පින්තූරය ගැන ඔබට හිතෙන දේ ගැනත් පුංචි වචන දෙක තුනක් ලියල එවන්න. මම නම් වැඩියෙන් කැමති ‍පේන්ටින් වලට වුනත් අනිත් පින්තූරත් වචන කරන්න මම කැමති.

ඉතින් යාළුවනේ පින්තූරය සමඟ ඒ පින්තූරය එවපු කෙනාගේ නම සඳහන් කරනවට කැමති ද නැද්ද යන වගත් දන්වල එවන්න....

මෙන්න මේ ලිපිනයට ඔබේ සිත් ගත් පින්තූරය එවන්න....

wath2pintura@gmail.com

හැම පින්තූරයක්ම වචන කරන්න මට බැරි වෙන්න පුලුවන්... මොකද දන්නවද ... සමහර  දේවල් විස්තර කරන්න තවම ලෝකේ වචන මවල නැනි නිසා. 


" A picture is worth a thousand words "



හිස් වෙච්ච හිතකට වචන අහුලන
මම
෴ වත් ෴

5 comments:

  1. මුලු හදවතින්ම අළුත් වැඩේට සුභ පැතුම් ඔන්න මගෙන්....ඉන්නකෝ මං ලගත් ඇති මමම ගත්ත ෆෝටෝ ටිකක්‍‍‍....හොද ඒව බලලා අකුරු කරන්නකෝ‍‍‍.......

    ReplyDelete
  2. මමත් හිතට අල්ලන පින්තූරයක් ලැබුනොත් එවන්නම්කො අක්කෙ,,

    ReplyDelete
  3. මාත් එවන්නම්කෝ අක්කාට හොද පින්තුර ටිකක්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...