..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 29, 2010

෴ නැතිවූ හිත ෴

 මේ පින්තූරය මට එවපු නදීෂා නංගි නම් කියන්නේ මේ පින්තුරෙ ඉන්න ගැහැණූ ළමයා තනිකමට හුදකලාවට කැමති කෙනෙක් කියල එයාට හිතෙනව කියලයි....
ඒත් මට හිතෙන්නේ මෙහෙමයි

පාලුව තනිකම නිබඳව රජයන
 ප්‍රිය සම්භාෂනයෙන් මිදිලා
නුඹ ළඟ තනිවෙන තනි වී හිනහෙන
සොඳුරු මොහොත මෙය  සිත නිවනා

මා තනියෙන් වග, දුකකින් ඇති වග
 ලොවට අදුන වූවත් සැමදා
නුඹ මා සමඟින් හිත් සෙවනේ වග
මා මිස වෙන කවුරුද දන්නා

ගහ කොළ මල් සමණලු නොව දන්නේ
නුඹට පුදන මදහස කැල්මා
මද නල පමණයි රස හදුනන්නේ
මා නුඹ හ‍ට මුමුණන පෙමිනා


කවි පොත අතරේ නුඹගේ වත දැක
හිතට වහල් වූව ද පෙර දා
නුඹ නැහැ දන්නේ කවි පොත අතරේ
නුඹගෙ නැති වූ සිත තිබුනා


Ever been kidnapped
by a poet
If I were a poet
I'd kidnap you
put you in my phrases and meter....
~Yolande Cornelia "Nikki" Giovanni, Jr., "kidnap poem"
 
වහාම අමතන්න කවි පොතේ පිටු අතර තිබිල මට නුඹේ හිත හමු වුනා
අමතන්න මට
මගෙ හිතට
මම
෴ වත් ෴

විශේෂ ස්තූථිය - වචන කරන්න පින්තූරය එවූ - නදීෂා කොස්තා නැගණියට

7 comments:

  1. සිත හමුවෙලා.........ඉතින් ඊට පස්සේ.......

    ReplyDelete
  2. මටනම් ඔය කවි සංකල්පනා වැඩිය තේරෙන්නෙ නෑ.ඒත් පිංතූරෙට හිත ගිය හින්ද comment කරන්න හිතුනා.

    ReplyDelete
  3. හරිම ලස්සනයි අක්කේ....අළුත් විදිහකට හිතලා තියේ.....ඇත්තටම ලස්සනයි....ගැලපෙන්නම ලියලා තියේ....
    මොකද ඔය ගෑණු දැරිවිට පහලින් ගලාගෙන යන ඇළ පාරත් හිදිලා ව‍ගේ...(මගේ ඇස් හතරට පේන විදිහට....)

    ReplyDelete
  4. හරිම ලස්සනයි අක්කෙ..............

    ReplyDelete
  5. මේ ලියන්නෙ හතරවෙනි පාරටත් කියවල. ඒත් හරියට කියවෙන්නෙම නෑනෙ. කවියෙ වචන දිගේ වෙන ලෝක වල. ආයෙත් බලනව.

    ReplyDelete
  6. කවදත් නුඹ මට පෙම් කරනා වග
    දනිමි සොඳුරු වූ නුඹෙ හදිනා
    ලඟ නැති මුත් මා නුඹේ සොඳුරු සිත
    හැම විට මා වෙනුවෙන් හඬනා

    පාළු හුදකලා ගං ඉවුරට වී
    සිතේ දහස් සිතුවිලි තෙරපා
    නුඹේ ඇස් වලින් ගලා හැලෙන උණු
    කඳුළු වලින් ගං දිය තෙමෙනා

    නුඹේ ලඟට වී උණුසුම් උකුලේ
    සැතපෙන්නට වර නොමැති දිනේ
    සිහිල් පවන් රැලි සතපවනු මැනවි
    මට හිමි නැති ඔබේ සොඳුරු ලැමේ

    සමුගත්තත් මා තරහා නොවනු මැන
    ලතවෙමි ම්'සිතින් දහස් වරේ
    නුඹේ සොඳුරු කවි නොම වියැකේවා
    අඳුරු ඉමේ ගං ඉවුරු කොනේ

    පහුගිය දවස් ටිකේ පරිගණකයේ සිංහල ලෙඩ දුන්නා. අද යාන්තම් ඒක හදා ගත්තා. ඇත්තටම වෙලාව ගොඩක් ප්‍රශ්නයක් වුණා ලෙඩේ හොයාගන්ඩ. මේ දවස් වල මෙහෙ තියෙන (කටාර්) පල්ලියේ කමිටු සාමාජිකයෙක් විදිහට පත්වෙලා. වගකීම්.. වැඩ ගොඩයි. ඒත් අදින් පස්සේ බ්ලොග් එකත් එක්ක ජීවත් වෙන්ඩ පුළුවන් වෙයි...

    ReplyDelete
  7. සහෝදරී කවි සිතුවිලි ගොඩාක් ලස්සනයි. පිංතූරෙ තියන දේවල් ඔයා වෙනස්ම විදිහකට දැකල තියනව. ඉතිං ත්වත් ලස්සන නිර්මාණ කරන්න.

    මේ ලියන්නෙ ආගන්තුක බෝඩිංkaraya. ඉතිං දවසක මගේ බෝඩිමටත් ගොඩ වෙලා යන්න ආරාධනා කරනවා..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...