..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, October 28, 2010

෴ එක සිත නැති නුඹට ෴


සුවඳ රෝස මල් යායට ගිනි වැදිලා
නීල වර්ණ අහසත් දැලි මකුණන් බැඳලා
රැයට දිලෙන සඳ මඩ වතුරින් පිරිලා
නීල නුවන් මගෙ ඇහිපිය නොම සැලිලා

මඩේ වැනෙන නුඹ සිත දැක්කා සත්තයි
ගොඩින් ගොසින් ඒ සිත රැක්කා සත්තයි
රටින් පිට වුනත් පිදු පෙම නම් ඇත්තයි
තොසින් නුඹ සිටින් හේතුව මා දත්තයි

දූ පුතු ලදින් නම් වස්තුව කුමන ඵල
ප්‍රිය බිරිඳක් ලදින් නම් මා සිත කුමන ඵල
මුලා වෙලා දුටු සිහිනය කුමන ඵල
නිදහස විදින්නට රැහැනින් කුමන ඵල

බිදුනොත් සිතක් නැත බෙහෙතක් මෙදිය තලේ
සිතත් එක්ක ඇයි නුඹ සෙල්ලමට ලොලේ
සිතත් මගේ අවතැන් කළ නුඹට ප්‍රියේ
ආශිර්වාද පුදනෙමි වෛරය නොමැත කළේ.

Don't Cry Over Someone That Won't Cry Over You

" නුඹේ සැප මගෙ සතුටයි " 

නුඹට ආයුබෝවන් කියන 
මම
෴ වත් ෴

14 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

කවියට කවිය නොලියා මෙහි රස දෑකලා
කවි හිත නිහඩ කරවමි මෙහි පද ගොතලා
ඔහු ගිය බෑවින් ඔබ කදුලට මුල පුරලා
නොකඩන් අක්කේ පෑනගිය මුවන් දෑකලා

එක මාළුවෙකු නොවේ ඉන්නේ මහා සයුරමෑද
ඈත තවත් රන්වන්සේ දිලෙන ලෙද
සිකුරා කෑරකුනත් ඔබ අතහෑර දාමා අද
හෙට ඔහු ඈවිත් ඔබේ නලලේ රජකරනු ඈත..

෴ හසියා ෴ said...

ගිය බඹරා ගැන ඇයි ඔය හැටි හිතන්නේ
ඔහු සැපතින් නම් කුමටද ලොබ බදින්නේ
මෙලොව පිංවත් අවංක බඹරුන් සිටින්නේ
එනතුරු ‍සොයා ඒ බඹරා ඉවසා සිටපන්නේ‍‍‍....

අපි කොච්චර කිව්වත් අපි ආදරේ කරපු කෙනා අපිව දාලා ගියාට පස්සේ එයාගේ ජීවිතේ දිහා හොරෙන් හරි බලං ඉන්නවා.ඒ ඉදලා හිතේ පොඩි තරහක් කේන්තියක් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා.බොරු කියන්න ඕනි නෑ මම එහෙමයි කියලා මට හිතෙනවා.ඇත්ත හැබැයි මම ඇයට වෛර කරන්නේ නෑ.ඒත් ඇය මගෙන් ඇත් වෙලා වෙනත් කෙනෙකු සමග හිදින විට නම් පුදුම දුකක් ඊර්ෂ්‍යාවක් වගේම කේනතියක් ඇතිවෙනවා.මට නම් ඇය දකින්න ඕනිත් නෑ.කෙනෙක් ඇය ගැන කීවනම් හොදටෝම ඇති ඔය දේවල් හිතෙන්න...

කවුද වැරදි....? දන්නෑ
හේතුව...? (අන්ධ) ආදරය

පද පෙල අගනේය......

Su said...

" Don't Cry Over Someone That Won't Cry Over You "

Thts not possible.most of ppl cry without showing others.. coz of loosed ones...thts the truth..

anyways nice thoughts wath

Anonymous said...

වත්,

ඔයා මේ මටද කියන්නේ?

wath said...

ඉලංදාරියා
නලල. නෙමෙයි හදවතටයි මගෙ කෙටුවේ
හදවත පසාරුව උණු ලේ විසිකෙරුවේ
මට ඔය සිකුරා හමුවුනොතින් මේ භවයේ
අසනෙමි මටම ඇයි මෙවරද සිදු කෙරුවේ

ඉලන්දාරියා කොහේ ගියත් වත් අක්කගේ දුක බෙදා ගන්න හනික එනව නේද?

ස්තූතියි මල්ලියා

wath said...

෴ හසියා ෴
ඔන්න ඔන්න ඉතින් ඒ කවියට මෙයත් සුසර වෙලා... මොනාද මල්ලි තාම ඉගෙන ගන්න වයස නේද? හොදට ඉගෙන ගන්න...

අපි කරපු දේවල් වල හරි වැරදි තේරෙන්නේ තව අවුරුදු 10ක් විතර ගියහම .අන්න එදාට නෙතින් කඳුළක් හෙලන්නෙ නැතිව මුවඟට සිනාවක් එන විදිහට වැඩ කරන්න.

මේ මම වගේ... මම ජීවිතේ අඩන්න කැමති නැහැ මල්ලි. මට ඕනි සරලව නමුත් සුන්දරව ජීවිතේට මුහුණ දෙන්න...

හිටිගමන් සැඩ කුණාටු, මහ වැසි, නියඟ එනව තමයි.. ඒත් ඒවා කාලගූණ විපර්යාස කියල හිතල හිත හදා ගන්න ශක්තිය අපිට තියෙන්න ඕනි...

හසියෝ ආයේ මේ වගේ ලීවොත් මගෙන් ‍හොදවයින් ටොකු කන්න ලේස්ති වෙලා හිටු හරිද

wath said...

Su
Dear Su...
Thank you very much SU for your nice friendly comment. I can not describe exactly my deep sadness in my heart This is life bitter and sweet !!

Thanks again .......

wath said...

@ Anonymous

.................نعم بالطبع

මද්දු said...

මගෙන් නුබට වරදක් වූ බව සිතුනා
ඔබේ සිතට මා මදි බව මට දැනුනා
රටින් පිට වුනත් පිදු පෙම අත ඇරලා
තොසින් වෙසෙමි ඔබ සතුටෙන් යැයි හිතලා

දරු මුනුපුරන් වස්තුව නැත මෙමට අගේ
සිවුරෙන් වැසුනු ජීවිතයක් සමග සගේ
ගෙවුමට අකැප ජීවිතයකි ඔබට නගේ
නිදහස ඔබෙයි රැහැනින් බැදි හිතයි මගේ

අහිතක් කරන්නට නොනිනාවෙන් ඇසුරු කලේ
දෙහිත නිතර අඩපණ වී සරන කලේ
සිතට නුබේ වරදක් වූ බව දනිමි ප්‍රියේ
පියා සමග ඔබ එනතුරු සිටිමි එහේ

පොතට නම් වහ වැටිල වගේ....

෴ හසියා ෴ said...

හේහේහේ....අපෝ ඉගෙන ගන්න එකට වහසක් නෑනේ.අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවනේ.
ම්ම්ම්ම්ම් දැන් පොඩ්ඩක් තව මොකක්ද වයසක් ඇවිත් වගේ.... ;-)
හ්ම්ම්ම්ම්...හිතට දැනෙන දේ කිව්වාම ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? තමන් කොහොම කෙනෙක්ද කියලා කිව්වාම ඒකේ වැරැද්ද මොකක්ද? ඇත්තටම දන්නේ නෑ....
ඒත් හිතට දැනෙන දේ නොකියා හිතේ තදකර‍ගෙන දුක් විදින එකද හොද නැතිනම් හිතේ තද කරන් ගුලිකරන් ඉන්න දේ එළියට දාලා නිදහසේ ජීවිතේ විදනඑකද?
ඒක ඇත්ත ඕනිවට වඩා හැමදේම ඔළුවට ගත්තාම නම් ප්‍රශ්න වැඩියි තමයි.මම හැබැයි දැනට ඕනවට වඩා වැඩිය ඔළුවට අරන් තියෙන්නේ එක දෙයයි.ඒකනේ මෙච්චර දුක.....
ඕන ඔට්ටුවක් අක්කිට බෑ ටොකු අනින්න...(මම දුවනවනේ.... :P)
ඇත්තටම අක්කියාගේ අදහස් ටිකට ගරු කරමි....

Dinesh said...

අනෙ නුඹ සතුටින් ඉනු මැන
අහිතක් නැහැ මෙ සිතෙ කෙදිනක
නුඹ කියා දුන් ආදරෙ මුලකුරු
අමතක වෙන්නැ මෙ හිතින් මතුවට.

ජේ.ඩී said...

ඔන්න පරක්කුවෙලා හරි ආවා අක්කියගෙ අද පෝස්ට් එක බලල යන්ට........ හැමදාම කියනව වගේ මැක්Xi කියල තමා කියන්ට වෙන්නෙ.........

යමක් කියන්නට සිතුනත් මෙය දැකලා
කුමක් කියන්නෙද මගෙ සිත පොර බැදුවා
කියනු දෙයක් නැහැ මට නුඹෙ කවි දැකලා
මැක්xi යන්න පමණක් උඩ ඇත පවසා :)
( පලවෙනි පාරට කමෙන්ට් එකකට කවියක් ලිව්වෙ. චූටි උත් සහයක්....... කොහෙද ඉතින් අක්කිගෙ වගේ කවි සිතුවිලි අපිට පහල වෙන එකක් යැ ;)

ජය ජයවේ........... :)

arunishapiro said...

අමතක කිරීම අපහසු ය. අමතක කරන්නට වැරයක් දැම්මොත් සිද්ධවන්නේ මතකයයි! මතකය වේදනාකාරී නම් එයින් ඉවත්වන්නට පයින් පාරක් තම සිතට දිය යුතු ය. මන්ද එසේ නොකළහොත් ඔටොමැටික් දුක් සිතුවිලි රජයන සිතක කිරුළු පලන්නට හැකිය. එයින් රසවත් දුක් ගී නම් ලියැවෙනු නිසැක ය!!! ඍනාත්මක බව සැමදා කෙසේ හෝ ධනාත්මක බවට හරවාගන්නට වෑයම් කරන මා වෙතින් ඔබට.

Ravi said...

එක හිත නැතුවා නම් සත්තකමයි,
නුඹ හිත රිදවුනා මට බෝ දුකමයි,

එබැවින්,

පවසමි මෙසේ,

වෙන්වී යන්නෙමි,
නැවත නො එන්නෙමි,

දිවි මඟ ළතැවුලින් පිය මැන්නා මතකයි,
නෙතු අග ගැටුනු ඔබ ඒ මඟ පිපි කුසුමයි,
කතරක පවස නිවු දිය දෝත ද ඔබමයි,
හදවිල පිපුණු නෙලුමක් සේ ඔබ සුවඳයි,

මෙතුවක් එක්ව ආ මඟ අද හරස් වෙලා,
සුළඟක් විලස වෙන් වී යමි දුරස් වෙලා,
නෙත් බර වීය හද තැවුලින් ගිලන් වෙලා,
සමුදෙනු මැනවි අයදිමි මට සමා වෙලා,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...