..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, October 27, 2010

෴ නිහඩ සුසානය ෴


Photographer Dinal Gunaratne

රාස්සිගේ අවුව යටින්
සුදු ඇඳ ගෙන නුඹ ඇවිදින්
බොහෝ කලක් ගෙවිල ගිහින්
නුඹට මතක නෑ


සුබකි* මලක් පුද කරලා
සිමෙන්ති බංකුවට වෙලා
අපේ මතක කඳුළු කෙරුව
නුඹට මතක නෑ

ස්වාමියෙක් නුඹ ලදින් ද
දරු මුණබුරු නුඹ ලදින් ද
හාංකවිස්සියක් මගේ
මතක අතර නෑ


මළවුන්ගේ අවුරුදු දා
නුඹ නාවොත් එක සැරයක්
මගේ ආත්මයත් මෙලොව
රැදෙනු නියත නෑ


私を忘れないいけない


Do not forget me

නුඹ බලන්න කලකින් නාව
මම
෴ වත් ෴

-----------------------------------------------------------------------------------------------------
*Tsubaki is Japanese for camellia, a flower. It is a common given name for Japanese women, and a Japanese surname.

විශේෂ ස්තූතිය : - අද වචන කරපු පින්තූරය එවු  SU

මී ලග වචන පින්තූරය - නදී ගෙන් 

8 comments:

  1. wow wath... u made my day... wonderful...

    ReplyDelete
  2. ලස්සනයි අක්කියෝ පද පෙල....පිංතූරයත් නියමයි අක්කියෝ....
    නොදන්න මලක් ගැනත් දැනගත්ත ඕන්.....

    ReplyDelete
  3. අගෙයි...........
    රසවින්දෙමි

    ReplyDelete
  4. සුබකි මල ගැන ඇහුවමයි මේ. මම දැකලා ඇති, ඒත් මතක නැහැ.
    ලස්සන කවි පෙලක් අක්කේ...
    මළවුන්ගේ අවුරුදු දා එක පාරක් මමත් ගියා සොහොනට... අඳුරන කට්ටියක් එක්ක. ඒ පවුලේ චූටි බට්ටියො දෙන්නා කිමෝනෝ ඇඳලා, ජපන් ලැන්ටන් පත්තුකරගෙන, ඒවා කෝටු කෑලි වල එල්ලගෙන තමයි ගියේ. සොහොනට ගිහින් ඉටිපන්දම් පත්තු කරලා, මල් තියලා ආපහු ආවා. සුබකි මලුත් තියන්ඩ ඇති සමහරවිට...

    ReplyDelete
  5. කොහෙන්ද අප්පා මෙව්වා ලියන්න වචන එන්නේ.........

    ReplyDelete
  6. ෂහ් මරු..... ඈ....... :) ලස්සන පද ටිකක් :)

    ReplyDelete
  7. මළවුන්ගේ අවුරුදු දා
    නුඹ නාවොත් එක සැරයක්
    මගේ ආත්මයත් මෙලොව
    රැදෙනු නියත නෑ
    ඒක ඇත්ත. ඔහු එනතුරු මඟ බලා ඉන්න මම
    මැණික්(සුළඟ)

    ReplyDelete
  8. හරීම ලස්සනයි අක්කේ.. හැමදාම වගේ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...