..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 26, 2010

෴ පාවඩ ෴


මේ තියෙන්නේ මට වචන කරන්න ආව පින්තූරයක්
ස්තූතියි දිල් මල්ලි 

පින්තූර අනුග්‍රහය :- Dileepa Galabadaarachchi  
http://ceylontimes.wordpress.com/

නුඹේ අත රැදි සුවඳ සුකොමල 
පියුම වන්නට නොහැකි හින්දා
නුඹේ පය ගැටෙනා මඟට වී
හිඳිමි දෙපතුල සිඹින පෙමිනා


මඟම බලමින් දැන් බොහෝ කල්
මටත් නොදනිම ගෙවුන හින්දා
පිනත්  නැති වග දනිමි දැන් නම්
මග ම මිය යමි සුවඳ දෙමිනා


සුළඟ පවසන සුවද රහසට
සවන් ‍යොමු කර අසනු සොදිනා
නුඹට පෙම් කර පරවු කුසුමක
 නොපර වූ පෙම සිඹිනු තොසිනා


“Love is the only flower that grows and blossoms Without the aid of the seasons.”


තවම පෙර මඟ බලන මල
මම
෴ වත් ෴

17 comments:

  1. හරිම ලස්සන සිතුවිල්ලක්. මේ බ්ලොග් එකට මං දාන පළමු කමෙන්ටුව මේක. කමෙන්ට්ස් නොදැම්මත් කාලෙක හිටන් කියවන බ්ලොග් එකක්. අද කියවපු පළවෙනි බ්ලොග් එකත් මේක. ඔබේ පර නොවන බ්ලොග් මලට සැමදා සුවඳ විහිදන්නට මගේ සුබ පැතුම්!!! :)

    ReplyDelete
  2. මේ මල පිපිලා...පිපිච්ච මල් ගැන ලස්සනට ලියන්න පුලුවන්...සමහර මල් පරවෙල...ඒත් ඒවා ගැන ලස්සනට ලියන්න බැරි ඇයි....ඒ මල් පරවෙච්ච නිසාද


    (වත් අක්කා හොදයි...ආඩම්බර නෑ...)

    ReplyDelete
  3. හරිම ලස්සනයි වත්. ඔයාගෙ හැකියාව අගය කරන්න ඕන.

    ReplyDelete
  4. සිංහලෙන්ම කිව්වොත් superb!

    ReplyDelete
  5. මගේ ජීවිතය
    ස්තූතියි.. මාත් මේ ඒ පැත්තෙ ගිහින් තමයි ආවේ... ඇත්තම කියනව නම් මම ඒ පැත්තෙ ගියේ අදමයි... කියවන්න හොද දේ නිසා ඔන්න මම පලොවර් වුනා....

    එන්න ..කියවන්න... එය මට සතුටක්.

    ReplyDelete
  6. ර ත් ග ම යා
    පිපෙන මල් සුවඳයි
    පිපුන මල් සුවඳයි
    ඒ සැමට වැඩියෙන්
    පිපිල පරවුන නුඹම සුවඳයි

    යන්තම් ඇති ආඩම්බර විශේෂණය නැති වුන එක.

    ReplyDelete
  7. ස්වප්නා
    අමුතුවෙන් අගය කිරීමක් ඕන නැහැ නංගි. මේ පුංචි කමෙන්ටුවම මට ඇති...

    ReplyDelete
  8. AmilaArt
    හිතට දැනෙන සිංහලෙන්ම "සුපර්බී" කීව ඔයාට "තැන්ක් යූ" කියල මදි වගේ...

    ඒ නිසා ඉංග්‍රීසියෙන්ම මම කියන්නම් ‍" ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තූතියි"

    ReplyDelete
  9. පින්තූරය වගේම කවියත් අගෙයි.
    ආයෙත් මේ පැත්තේ එන්නම්කෝ.

    ReplyDelete
  10. පයටවත් නොපෑගී,සුවඳ සුළඟට දී,පරවෙලා යන කෝටි ගණනක් මල් වලට ලිව්ව මේ කවිපෙළ හරිම ගති අක්කේ.
    බලාපොරොත්තු නැති කරගන්ඩ එපා...
    ඒ අතරෙ පොඩි කාලෙ කියපු කවියක් මතක් වුනා.
    "මල් කියන්නෙ කාට කාට - ළමයින්ටයි පාට පාට"
    එක එක පාටින්, සුවඳින් ඉන්න මල් ඒවා ලෝකෙට දීගන්න බැරුව ඇතුලෙ හන්ඟගෙනම පරවෙලා යනවා, පයටවත් නොපෑගී. මේ පොටෝ එකේ ඉන්න මල වගේ.... ඔයා කවියෙන් කියන මල වගේ...

    ReplyDelete
  11. නුඹේ අත රැදි සුවඳ සුකොමල
    පියුම වන්නට නොහැකි හින්දා
    සුළඟ පවසන සුවද රහසට
    සවන් ‍යොමු කර අසනු සොදිනා
    ලස්සනයි වත් හැමදාම වගේ.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  12. Il mondo di una povera pazza
    අප්පච්චියෝ නම කියව ගන්නත් බැහැ... ස්තූතියි ගොඩක්... ආයෙමත් ඇවිත් යන්න එන්න ...

    ReplyDelete
  13. චමිල
    ම්ම්.... ඇත්තටම ඇත්ත මල්ලි. මට මේ පින්තූරය එවුවෙ දිලීප ගලබොඩආරච්චි මල්ලි... ඉතින් පින්තූරය දැක්ක ගමන් මට හිතුනේ ඒ මල කවුරු හරි එනකම් මග බලන් ඉන්නව කියල..

    ස්තූතියි මල්ලි ....

    ReplyDelete
  14. හරී
    ආහ් හරී... සිංහල යුනිකෝඩ් හොරු අරන් ගියාද දරුවෝ.....
    ස්තූතියි හරි.

    ReplyDelete
  15. නුඹ යළි පුබුදුවිය සුළඟේ ඔහෙ සැලෙමින්,
    රුව නොව සුවඳ දැනුනේ හද කළඹවමින්,
    ගෙල වට පැළඳ ගනු රිසි මුත් රත් හුයකින්,
    වෙන කිසිවකුත් නොදකින සේ සිඹ යන්නෙම්,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...