..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, October 25, 2010

෴ බිරිඳ ෴

පිදුම : - 
කවි ලියන්න අත්වැල සැපයූ මා ප්‍රිය මිත්‍ර විහඟ ගීතයට
http://www.wihagageethaya.blogspot.com/
කවදත් ලෙංගතුකමින් මට උදවු කරන තිස්ස අයියාට 
http://www.hadageepotha.blogspot.com/ 

උදයෙම පිපිදෙන පින්බර නාමල
දවසට ජීවය කැන්දනවා
මුලු නිවසත් මිදුලත් ගස් වැල් මල්
ඇයගේ පහසින් පිපිදෙනවා

රස ගුණ ආදර සෙනෙහස කැටි කර
බතක් ලිපේ උණුසුම මැද්දේ
හැදි මිට නුවනට අසු නොවනා නුඹෙ
සෙනෙහස නිල් අහසට උස්වේ

දරුවන් කැළ නුඹ පසු පස්සේ
සෙනෙහස ගන්නට යුධ වැදිලා
ඔතරම් සෙනෙහස නුඹ ළඟ කොහෙදෝ
මගේ සිතේ අරුමය රැදිලා

මුතු කැට මාලය රැලි රැලි ඔසරිය
                 රුසිරු වඩයි නුඹෙ සොඳුරු ගතේ                
හද බැඳි ආලය සිතුමිණී දීපය
එළිය කරයි පොඩි ගෙපැල මගේ

ආලය සෙනෙහස රාගය ප්‍රේමය
මා වෙනුවෙන් මට පුදන ලඳේ
මා සිත නලනවන මා ගත සනහන 
බිරිඳ නුඹයි මගෙ සොඳුරු ලඳේ

විශේෂ ස්තුතිය - ජේ.ඩී ශේඩී ( චිත්‍රය ) http://www.jdshady.blogspot.com

 Oh My dear, my better half.I Love You

කවදහරි සොඳුරු සරල බිරිඳක් වෙන්න.. සැමියගේ මුළු ලෝකයම වෙන්න පෙරුම් පුරන
 මම
෴ වත්෴

24 comments:

  1. අක්කියා මරුවට ලියල තියෙනවා :) එළ .
    හෙහ් හෙහ් මේකට දාන්නද බ්ලොග් ඇඩ්‍රස් එක ඉල්ලගත්තෙ :)

    ReplyDelete
  2. "සොඳුරු සරල බිරිඳක් වෙන්න.. සැමියගෙ මුළු ලෝකයම වෙන්න ඔයා පෙරුම් පුරන්න ඕනෙ නෑ වත් අක්කේ..."
    "ඔයාගේ හිතේ හැඟිම් අහස උසට..
    සෙනෙහස පිරි හද තුරුලු කරන් හෙට..."
    ඔයාට පුළුවන් අක්කෙ හොඳ බිරිදක් වෙන්න.
    හොඳ සැමියෙක් ළඟ ඉන්න...."

    ReplyDelete
  3. ආයේ ඉතින් වෙන ආලවට්ටං මොටද...
    මේ තියෙන්නේ ජීවිතයම එක මිටට අරන්...

    ReplyDelete
  4. සොදුරු සිතුවිලි සිතේ පිරිලා
    සෙනෙහසේ මල්දම් මෑවි
    හදවතේ උනුසුම විදින්නේ
    බිරිදගෙන් පානා ගති

    හිරු කිරන සේ එලිය අරගෙන
    පතිනියක වන මතු දිනේ
    කුමරු සමගින් සෑදෙන ලෝකේ
    ගෙවනු ඈත මේ අරුත් එක්වී

    මුතු කෑට මාලය වගේ දිස්වන
    පතිදමයි රන්වන් අගේ
    ජීවිතේ නුබේ පෑතුතුම් අතරේ
    බිරිදක් වන පෑතුමන් සරුවේ

    ReplyDelete
  5. ලාංකීය බිරිඳ කියන්නෙ මේ වගේ එක්කෙනෙකුට නේද අක්කේ? උදේම නැගිටලා, කෑම උයලා, පොඩි උන්ව ලෑස්තිකරලා, සාරියක් ඇඳන් වැඩට යන ආදරණීය බිරිඳ...
    ඔයාගේ හීනය ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ...!!!

    ReplyDelete
  6. වචනයෙන් කියන්න බැරි බොහෝ දේ එකට කැටිකරලා (encapsulate කරලා) ලස්සනට පුදලා තියෙන්නේ... පදපෙල ගොඩාක් සිත්ගත්තා නංගී.

    "කවදහරි සොඳුරු සරල බිරිඳක් වෙන්න.. සැමියගේ මුළු ලෝකයම වෙන්න පෙරුම් පුරන"... නංඟාට සුබපැතුම්!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. එල එල ......
    ආයෙ මොනවද කියන්න වචන නෑ.උපරිමෙන් රස වින්දෙමි.
    අර ප්‍රාර්තනාව ඉක්මනින් සපල වේවා කියල පතනව.

    ReplyDelete
  9. දියණියක්..බිරිදක්..මවක්.....
    කියන්න වචන නෑ අක්කා

    ReplyDelete
  10. නිල්වලා අහස සේ නුඹෙ දැක්ම අනන්තයි
    නිල්වලා ගඟ සේම අරමුණ ද ප්‍රශස්තයි
    මංමුලා නොවෙන වග ඉර හද ද පරද්දයි
    වත්සලා සිහිනයේ තුන් සිතම කොනිත්තයි

    ReplyDelete
  11. M ay be in a far off dream,
    Y ou and I met long ago,

    D own by flowing rivers and streams,
    E vergreen trees blooming away,
    A nd you were there holding my hand,
    R ay of hope for me always,

    W ith all my heart & more of me,
    I wish only this & nothing more,
    F or my journey of samsara would at last,
    E nd with your smiling face by me,

    Wath, Is it my better half or bitter half?,
    Just a joke, o.k.?

    ReplyDelete
  12. හොද බිරිදක් ලැබුනා කියන්නේ ඉතින් ජීවිතේම ගොඩනේ.අක්කා වගේ හිත හොද කෙනෙක්ට අනිවාර්යෙන් හොද බිරිදක් වෙන්න පුලුවන්

    ReplyDelete
  13. @ජේ.ඩී
    මගේ හිතේ ඇදිල තිබ්බ වගේම පින්තූරයක්... ඒ පින්තූරය දැක්කම හිතට මසතුටක් ආවා... ඒ නිසයි කවිය මේ වගේ හොදට ලියවෙන්න ඇත්තේ. ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් මල්ලියො ඔයාට... ඉදල හිටල හරි චිත්‍රයක් අදින්න... ඒක පුංචි ඉල්ලීමක්

    ReplyDelete
  14. @ප්‍රාර්ථනා
    පෙරුම් පුරල ලබා ගන්න දේවල් වල වටිනාකම වැඩියි නංගා. පුංචි කාලේ ඉදලම ගැහැණු ළමයෙක්ගේ හිතේ තියෙනවා ලස්සන හිනයක්.ඒකයි පුංචි කාලෙත් ගැහැණු ළමයි සෙල්ලම් ගෙවල් වල අම්ම වෙන්නේ. බෝණික්කො නලවන්නේ...

    ඒත්...

    හරි ගෙනා ලැබුනෙ නැති වුනොත් ඒ සිහිනය සදාකාලික සිහිනයක්ම විතරක් වේවි...

    ReplyDelete
  15. @ප්‍රාර්ථනා
    පෙරුම් පුරල ලබා ගන්න දේවල් වල වටිනාකම වැඩියි නංගා. පුංචි කාලේ ඉදලම ගැහැණු ළමයෙක්ගේ හිතේ තියෙනවා ලස්සන හිනයක්.ඒකයි පුංචි කාලෙත් ගැහැණු ළමයි සෙල්ලම් ගෙවල් වල අම්ම වෙන්නේ. බෝණික්කො නලවන්නේ...

    ඒත්...

    හරි ගෙනා ලැබුනෙ නැති වුනොත් ඒ සිහිනය සදාකාලික සිහිනයක්ම විතරක් වේවි...

    ReplyDelete
  16. @තිස්ස දොඩන්ගොඩ
    ආහ්.... කොහොමද අයියා... අයියා කලෙකින් මට කමෙන්ටුවක් ලියල නැහැ. හද ගී පොතට අලුතින් පිටුවක් එකතු කරලත් නැහැ. ඉතින් අයිය හිතනවද මම මේ පෝස්ට් එකේ පිදුම අයියටත් පිදුවේ නිකමට කියල...

    ස්තූතියි අයියා...

    ReplyDelete
  17. ඉලංදාරියා
    ලස්සනයි පද පෙළ...
    මොකද ඉලන්දාරියා මේ දවස් වල නිහඩ. වැඩ වැඩි වෙලාද.

    ReplyDelete
  18. චමිල
    ඔයා හරි මල්ලි. ලංකාවේ පිරිම් බහුතරය මුළු ලෝකෙ පුරාම කරක් ගැහුවත් හිතෙන් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ලාංකීය බිරිදක්.

    සමහර අවස්ථා වල ( ඉතා සුළු තරයක්) බටහිර විවාහ වලට කැමති වුනත් පහුකාලේ දි හරි ලාංකීය සුවදට ආදරය කරනවා...

    අවුරුදු ගාණකින් මවුබිමට ආවේ නැති කෙනෙක් ගැන මොනාද හිතෙන්නේ..

    ReplyDelete
  19. ගල්මල්-Coral
    ගොඩක් කාලෙකින් මගේ ගෙවල් පැත්තේ ඇවිත්. ස්තූතියි අයියා.

    ReplyDelete
  20. නිශ්
    බලමු බලමු ඒක ඉටු වෙන ප්‍රාර්ථනාවක් වුනොත් කාටත් ආරාධනා කරනවා මගේ මංගල්ලෙට...

    ReplyDelete
  21. @ර ත් ග ම යා
    හා රතු ළමයා... ස්තූතියි ආඩම්බර රත්ගමයෝ...

    ReplyDelete
  22. විහඟ ගීතය
    හීනෙන් වත් ඇවිත් හිත කොනිත්තන්න , රිදවන්න මගේ තුන් හිතකවත් නැහැ...
    ජිවිතේ සතුටින් ඉන්න...
    ෴ ස්තූතියි෴

    ReplyDelete
  23. Ravi
    Wath, Is it my better half or bitter half?,

    එයා බිටර් (තිත්ත) වුනත් ,එයා මට කියන්නේ හනී (Honey)කියල. ඉතින් එයා කොච්චර bitter වුනත් මගේ පැණි රස වලින් මම එයාව better කරල ගන්නවා...

    හැමදාම වගේ ලස්සන කමෙන්ටුවක්... ස්තූතියි...රවී...

    ReplyDelete
  24. පුබුදුවා
    ඔයාගේ අක්කට හොද බිරිදක් වෙන්න පුලුවන් කියල මල්ලි හිතන එකම ඇති... ස්තූතියි...පුබුදු මල්ලි..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...