..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 23, 2010

෴ නුඹට අයිති නූඹ ළඟ නැති එකම කවිය මම ෴


                          නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව...........මම
                          උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව................මම
                          නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව...............මම
                          ඉඳහිට නුඹෙ නෙතින් ගලන කඳුළු බිදයි............මම

                          වියළි කතරෙ නුඹේ පයට සිහිල් පලස............... මම
                          නුඹ දවනා හිරු එළියේ වලාකුළයි....................... මම
                          මහ වැසි මැද උණුසුම දෙන සිතුවිල්ලයි.......... මම
                          උණුසුම් සැඩ හිරු කිරණේ සීත සුළඟ................ මම


                           අමාවකට පායා ආ පහන් තරුව............................ මම
                           අහම්බයෙන් ඇස ගැටෙනා දිය කිඳුරිය............ මම
                           ගිරිදුරු මහ වන අරණේ හිස පිපි මල..................මම
                           නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම......................මම


                           නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර.............. මම
                           නුඹත් දන්න මමත් දන්න එකම රහස...................මම
                           නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම
                           නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය..............මම

“Poetry is thoughts that breathe, and words that burn.”

" As Long as you are HAPPY I can breath " 

නුඹටත් හොරෙන් නුඹේ කවි අතර සැගව ගිය
මම
෴ වත් ෴

22 comments:

  1. "නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම"
    ලස්සනයි වත් අක්කේ. හැබැයි එකක් කිව යුතුමයි.. තාමත් නොරිකෝ දෙවොන්දරා සං ළඟම හිත නවත්තලා වගේ.. එතකොට අළුත් සං පව් හොඳේ..(මේ 3වෙනි සැරේ.. මට අහුවුන.:):)..)

    ReplyDelete
  2. ලස්සන කවි ටික !
    කෙසේ හෝ ඉගෙනගන්න ඕනෙ කවි ලියන්න.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මරු කවි සැට් එක වත් අක්කියාzzzzzzzz :)
    ටූ තම්බ්ස් අප් ;)

    ReplyDelete
  5. ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් යලි එන්න එපා මගෙ හිත තහනම්.....


    කවිය ලස්සනයි "වත්" අක්කියො...

    මම "හැකා" මල්ලියා...

    ReplyDelete
  6. තැලිලා චප්ප වෙලා තිබුනු හිතට අමුත්තක් දැනුනා කවිය නියමයි අක්කේ. අදයි පලවෙනි පාරට ආවේ . දිගටම ගොඩවදින්නම්කෝ මේ පැත්තේ .

    ජයව්වේවා !!

    ReplyDelete
  7. අතහැර දැමිය යුතු එහෙත් අතහැර දැමිය නොහැකිව හිර වී ඉන්නවා ද? කල් දැම්මාට හිරවිල්ලෙන් ගැලවෙනු නොහැකියි. තීරණයක් ගත් පසු නැවත එය විමසනු ද අනිසි ය.

    ආදරය මිහිතලයේ ඇති වඩාත්ම නිර්මාණශීලී බලවේගයයි.ආදරයේ වේදනාව මිහිතලයේ ඇති වඩාත්ම විනාශකාරී බලයයි. අනාගතය රසවත් කරගත හැක්කේ ද දුකක් කරගත හැක්කේ ද ඔබටම ය.

    ReplyDelete
  8. "නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම......................මම"

    හ්ම්ම්ම්....

    ReplyDelete
  9. අප්පේ කාලෙකින් වත් අක්කව බලන්න එන්න හම්බුනේ..
    කවිය නියමයි අක්කෙ..

    "නුඹට හිතැති නමුත් දුරැති මිරිගු සයුර මම" මේක මටත් අදාලයි අක්කෙ :(

    ReplyDelete
  10. මිරිගු සයුර වුවත් හිතැති දුර වූවට නං
    දිය කිඳුරිය වෙලා අහම්බෙන් හමුවේ නං
    උණුසුම් සැඩ හිරු කිරණට සීතළ දේ නං
    සිහින් සිනා තුරුළු කරන් මම මෙහි ඉන්නං

    ReplyDelete
  11. ප්‍රාර්ථනා
    හරි හරි... සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක් ..සොයා නෙක ගම් දනවු පීරා..ගෙවු කාලය සිහිනයක් කියල අමතක කරන්නම්..

    දැන් හරිනේ ...

    ReplyDelete
  12. රොකියා | Udara
    ‍ලෝකේම රොක් කරන එකේ කවි පද දෙකක් ලියන්න ඉගෙන ගන්න හිතන එක නරක නැහැ මල්ලියා...
    ස්තූතියි..........

    ReplyDelete
  13. ජේ.ඩී
    ස්තූතියි... ස්තුථියි මල්ලියා... මම දැක්කා... ඒ වගේ කමෙන්ටුවක් මැවිල පේනවා..
    ටූ තම්බ්ස් අප් ;)

    ReplyDelete
  14. -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ්
    හා හා.... මගේ පුංචි මල්ලි ... ස්තූතියි.. මට අර සින්දුව හොයල දුන්නට පිං හොඳේ.......

    ReplyDelete
  15. හිස් අහස
    අලුත් අමුත්තෙක්...මීට පස්සේ අමුත්තෙක් නෙමෙයි යාලුවෙක් හරිද?

    " හිස් අහස" නොවී නිල් අහස වුනා නම් කොච්චර හොදද ඔයා....

    ReplyDelete
  16. arunishapiro
    ජීවිතේ ගැන විවෘතව බලන්න. සරලව හිතන්න. ජීවිතේ හරියට දකින්න. අපි දකින නමුත් කතා කරන්න අකමැති දේ කියන්න නුඹට තියෙන්නෙ අපූරු හැකිවායක්..
    එවැන්නියක් මගේ "සොඳුරු සිත" ට ගොඩ වැඳීම ඇත්තටම හරිම සතුටක් ගෙනාවා මට...
    ස්තූතියි අරුණි

    ReplyDelete
  17. චමිල
    පහන් හැඟුමක් හිතේ තියෙනව නේද?
    ඒ ඇයි?
    ඒ කා නිසාද ?
    කියල හිතල බලන්න මල්ලියෝ.

    ReplyDelete
  18. Hasitha ජයසූරිය
    කාලෙකින් හරි වත් අක්කා කියල කෙනෙක් ඉන්න විත්තිය මතක් වුන එක නම් හරිම සතුටුයි ...
    ස්තූතියි මල්ලියා..
    නාවට තරහක් නැහැ.
    ඒත්
    ආවොත් හිතට සතුටක්...

    ReplyDelete
  19. විහඟ ගීතය
    මිරිගු සයුර නුඹට කුමට පැන්තාලිය ළඟ නම්
    දිය කිඳුරිය නුඹට කුමට සිරි දෙවු ලිය ළඟ නම්
    උණුසුම් සැඩ හිරු කුමටද සුමුදු සඳක් ළඟ නම්
    නුඹ තනියෙන් නෙමෙයි නොවෙද ඇය නුඹ ළඟ නම්

    කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් අවකාශයේ දකින්න ලැබීම සතුටක්... වැඩ රාජකාරි මධ්‍යයේ වුවත් ලියන්න මිතුර ... අපි ඉන්නව කියවන්න.රස ගුණ කියන්න..

    ඉතින් සාදරයෙන් නැවතත් පිළිගමු විහඟ ගීතය නුඹව...

    ReplyDelete
  20. කවි ඉතින් මනරම් නෙ.

    නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම........මම

    මේක තේරුම් අරගෙනද ඉන්නේ?

    ReplyDelete
  21. කාලේකින් හිතපතුලට වැදුනු කවියක්....ලස්සනයි සිතුවිලි සොදුරැ සිත........

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...