..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, October 20, 2010

෴ ස්වාමිනේ දොර ඇරලද මට තවම ෴


ජීවිතයක සැප වගේම දුකත් අපි වැඩිපුරම විදින්නේ පවුලක් ඇතුලේ විවාහයක් ඇතුලේ.... ඒත් සැපට වඩා ගොඩක් අයට මතක හිටින්නේ දුක විතරයි... පුංචි පුංචි අතපසුවීම් ..  නොසලකා හැකි තරම් කුඩා වැරදි , මහා මෙරක් තරමට ලොකු කරන් හිතනවා. පැහැදිලිව නග්න ඇසට පේන මේ පුංචි වැරදි හා අතපසු වීම් දිහා විවාහ වෙලා කාලයක් ගියාම බලන්නේ අත් කාචක් හරි විභේදන බලය විශාල අන්වීක්ෂයක් හරි අරන්... මොකද එතකොට පුංචි වරද වුනත් මහවිශාලෙට පේනව.... එකිනෙකාගේ තියෙන අහංකාර ආඩම්බරකමත් අනිකාට රිදවීමේ පටු චේතනාවත් නිසා අන්තිමට දුක් විදි‍න්නේ තමන්ම බව ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැහැ...

ඇයි ආදරේ හංගන් ඉන්නේ... ඇයි හිත් වලට වද දෙන්නේ... තමන්ගේ බිරිඳට වඩා වෙන කිසි ගැහැණියක්වත් තමන්ගේ ස්වාමියාට වඩා වෙන කිසි පිරිමෙයෙක් වත් කවදාවත් හිතට සමීප වෙනව ද? වුනත් ඒ ආදරේට ද? 

ඒ වගේ බිරිඳක්ගෙ හිත මෙහෙම කියනව ඇති කියල මට හිතුන...

සිතක් බිඳුන බව ඇත්තයි
පිහාටුවට බර බැන්දයි
ස්වාමිනේ මගෙ සත්තයි
ආදර සිත නුඹ නමටයි

මුරණ්ඩු ගුණ මගෙ බෝම
සිත තැලුවද නුඹෙ කෝම
වරක් සිතල බැලුවාම
දුක නැවතුන හිත ගාව

නුඹෙන් මිදී හොර රහසේ
ඉගිලි ආ දින තිස්සේ
ඇහිපියවිල්ලක් නැත්තේ
වරද මගේ අත පැත්තේ

හිතට නිවන කැන්ඳාන
සිරිලිය ගෙට කැන්දාන
මම එන්නද මේ දැන්ම 
 දොර ඇරල ද හිමි තාම

"When you left, I lost a part of me" 

නුඹෙන් ඈතට පියඹලා ගියත් නුඹ ගැන හිතන 
මම
෴ වත් ෴

20 comments:

  1. මේ ලියන මම තවම අවිවාහකයෙක් වග ඇතැමෙක් දන්නව...ඒත් කියා ගන්න බැරි තරම් දුකකින්... දුකකට වඩා සියුම් පසුතැවීමකින් වරදකාරී හැඟීමකින් මගෙ සිත පිරිලා...

    අනේ යාළුවනේ මේ පොස්ට් එක ගැන නුඹට හිතෙන අවංක හැඟීම ලියල යන්න....

    ReplyDelete
  2. /* ....වුනත් ඒ ආදරේට ද?
    */

    මං හිතන්නේ කෑදරේට විය යුතුයි!

    ReplyDelete
  3. at the moment no unicode,so i will mail you later,

    ReplyDelete
  4. @ කතන්දරකාරයා

    කෑදර කමට හිතකට ළං වුනා නොවේ
    ආදර වදන සිත සුවපත් කළා අගේ
    මා සිත ගත්ත ඔහු නැතුවත් ළඟින් මෙසේ
    කා ළඟ නැතත් ඔහු ළඟ ඇත සැබෑ සෙනේ

    ReplyDelete
  5. @ හරී
    Okey Hari Nanga... mail me when you free..

    ReplyDelete
  6. ආදරේ කරලා කසාද බෑන්ද දෙන්නෙක් දිහා බලනවනම් අක්කි කියන්න් ඈතක් ඒත් සමහර වෙලවරට බලෙන්ම වගේ කසද බන්දලා දුන්න්හම..
    තමන්ගේ හිතේ ඉන්න කෙනා ගෑන ..හිතන එක නතර කරන්නෙ කොහොමද..?

    සමහර වෙලවට ....නිතිම්ය බෑදිම්වලට හිරවෙලා ...
    හිත හිත ඉන්නේ ..අර ආදරේ කරපු කෙනාගෑන වෙන්න් පුලුවන් නෙද?...

    ReplyDelete
  7. අක්කේ මම හැමදාම ඔයාගෙ ලිපි කියවන කෙනෙක්.. එතකොට මට හිතෙනවා ඔයා කොච්චර "තේරුම් ගන්න" චරිතයක්ද කියලා..අදත් එහෙමයි.. මට නම් හිතෙන්නේ බිරිඳ ළඟ තියෙන්නේ වරදකාරී හැඟීමක්.." මම වැරැද්දක් කලා මට එච්චර ආදරය කල කෙනාට" වගේ..
    ඒ වගේම ආයෙත් යන්න බෑ කියන පසුතැවිල්ලත් නිසඳැසේ ගෑවිලා වගේ...
    මම ගිය සතියේ "මරණීය රමණය"ද මොකක්ද කියන post එකටත් කොමෙන්ටුවක් දැම්මා..ඒ මොකද ඒ ඔක්කොම වචන වලින් මගේ හිත ගිය අදහස තමා"තමන්ට ලැබෙන කෙනාට ආදරය කිරීම ආදරයයි"කියපු එක.. මට ගොඩක් සතුටු හිතුනා..ආදරයට නිර්වචනය හරියටම ලැබුනා කියලා හිතුනා..ඒත් අනෙක් අය දාලා තිබ්බ කොමෙන්ටු දැකලා ..මම ලියපු දේ ප්‍රාථමික අදහසක් කියලා හිතලා delete කලා..ඔයා ඒ ගැනත් අහලා තිබ්බා දැක්කා අක්කේ..sory හොඳෙ..ඒකයි කාරණේ ..

    ReplyDelete
  8. මේ දිගටම වත් අක්කා විවාහය ගැන තමා ලිව්වේ...මුලින්ම දාලා තියෙනවා මම තාම අවිවාහකයි කියලා..මොකක් හරි වෙනසක් වෙන්න යනව වගේ...හික්...අනේ මම නම් දන්නෙ නෑ අක්කෝ...මම තාම පොඩි එකා නේ...ඒත මම කසදයක් බැන්ද දවසට මගේ නෝනට මම හොද මහත්තයෙක් වේවි කියල හිතනවා....

    ReplyDelete
  9. කිසිම දෙයක් ගැන ඔනවට වඩා හිතන්න එපා...
    සමහර දේවල් විසඳගන්න කාලය ටිකක් ඔන..
    මට හිතෙන විදියට ඔයා ළග නැත්තෙත් ඒකම තමයි.
    මෙ මට හිතුන දේ..
    කියන්න කියලා කිව්ව හින්දයි කිව්වෙ...
    නැත්තං වෙනදා වගේම බලලා සද්ද නැතිව යන්න යනවා...

    ReplyDelete
  10. අක්කා කතා කරපු වෙලේ කිව්ව දේ තමයි අක්කා කරන්න සුදුසුම දේ....

    ReplyDelete
  11. දැන් ඇඬුවට අලුත් ආදරයක් ලැබුන දවසට ඔය සේරම අමතකයි.එතකන් ඔය දුක ඔහොමම තමා.නිකන් අපරාදෙ හිත රිදව ගන්නෙ.
    (චපල පෙම්වතිය)

    ReplyDelete
  12. ඔව් තමන්ගේ බිරිඳට වඩා වෙන කිසි ගැහැණියක්වත් තමන්ගේ ස්වාමියාට වඩා වෙන කිසි පිරිමෙයෙක් වත් කවදාවත් හිතට සමීප වෙනන්න පුලුවන් ඒ ආදරේට වෙන්නත් පුලුවන්. ඉතින් ඔය හෑම දේම වෙන්නෙ ඒ ඒ වෙලාවෙදි හිත හෑසිරෙන විදිහට නේ.
    ඔය පලවෙනි ඡේදයෙ තියෙන දෙවල් ටික හරියට තේරුම් ගෙන ඒ විදිහට හෑසිරෙන්න පුලුවන් නම් ඔන කෙනෙකුට හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන්. (විවාහ ජීවිතයක් විතරක් නෙවි ).
    අනික අතීතයෙ සුන්දර දේ පමනක් අණුස්මරනය කරන්න ඒවා මතක් කරල විදින්න. අසුන්දර දේ වලින් පාඩමිගෙන ඉගෙන ගන්න. ඒ පාඩම් තුලින් ජීවිතය හෑඩගස්ස ගන්න.

    හ්ම්ම්ම් මීට වඩා මෙ ගෑන ලියන්න මට වත් ගෑන තියෙන දෑනුම මදි.

    ඒක නෙමෙයි වත් දොර ඈරේයිද කියල බලන්න දාමුද දොරට තට්ටුවක්...?

    ලියන්න බොහො දෑ හිතට ආවා බලමු මම ඊ මේලයක් එවන්නම්.

    ReplyDelete
  13. @ඉලංදාරියා
    කොහෙමෙ වුනත් ඒක වරදක් නේද? බලෙන් වගේ කරන විවාහය තුල වෙනත් කෙනෙක් ගැන සිත සිත ඉන්නවා කියන්නේ නීත්‍යානුකූල ස්වාමියාට කරන අසාධාරණයක්...

    කරන්න පුලුව්න් හොඳම දේ තමයි කතා බහ කරල විසද ගන්න එක.. හිතින් තැවි තැවි වෙන කෙනෙක් ගැන සිහිකරමින් තවත් කෙනෙක් ගේ වහලයක් යට ඉන්නව කියන්නේ සෑහේන ආත්ම වංචාවක්...

    හිතේ ඇතිවෙන සැබෑ හැඟීම කියල දැන්මම අඩුගානේ අපේ හිත හරි නිදහස් ....

    ෴ ස්තූතියි ඉලංදාරියා ෴

    ReplyDelete
  14. @ ප්‍රාර්ථනා
    කමෙන්ටු මකන්න එපා නංගා...මම ඔයාගේ ප්‍රාර්ථනාවන් ලියපු බ්ලොග් එක පැත්තෙ ගිහින බැලුව... කමෙන්ටුවකුත් දැම්මා..ස්තූතියි ප්‍රාර්ථනා....

    ReplyDelete
  15. @ ර ත් ග ම යා
    හා හා .. එහෙනම් මගේ හොරේ අහුවෙන්නයි යන්නේ.. මාත් කවද හරි විවාහ වෙන්න ඕනි නේ..

    ඉතින් රත්ගමය එනව ද මගේ වෙඩින් එකට.

    මාරයාගේ හෝරාව
    කාලය කියන දේ අපිට නවත්තන්න බැහැ.. ගෙවිල ගිය කාලය ආයේ ගන්න බැහැ. වෙනද වගේ කියවල විතරක් යන්නේ නැතිව කමෙන්ටුවක් ලියල ගියාට ස්තූතියි.

    පුබුදුවා
    ඔවු මල්ලියා... මම එහෙම කරනවා... ඒක තමයි එකම විසඳුම...හැබැයි එතකොට මට ලියන්න හම්බවෙයි ද දන්නේ නැහැ ...

    dinesh
    හ්ම් ඒකෙත් ඇත්තක් නැත්තෙම නැහැ. ඒත් මල්ලී සමහර ආදර තියනව ජීවිතේට අමතක කරන්න බැරි....

    නිශ්
    ස්තූතියි නිෂ්.. ඔබ හැමවෙලේම මාව දිරිගන්වනවා.. ඉඩ තියෙන වෙලාවක මමත් ඊමෙල්යක් එවන්නම්... ස්තූතියි නැවතත්...
    නිෂ් .. ඔබ විවාහක ද?

    ReplyDelete
  16. ඔව් ඒ ගෑන මම මීට කලින් සඳහන් කරල තියෙනව මන් හිතන්නෙ

    ReplyDelete
  17. කොයි තරම් වැරදි වුණත්....
    වැරදි බව දැන දැනත් ....
    අපි හිතෙන් කොයි තරම්
    වැරදි කරනවද ....?
    මතු පිටට නොපෙනී ......

    ReplyDelete
  18. නිශ්
    ඔවු නිෂ්... ඔබ විවාහක බව මට කීවා මතකයි.සියල්ල ටයිප් කර පබ්ලිෂ් කරාට පසුවයි මට එය මතකයට ආවේ...

    kumaraya
    ඒක නම් ඇත්ත කුමාරයෝ... අුපි හිතින් කරන වැරදි වලට අපිව අල්ලල හිරේ දානව නම් එහෙම.. කවුරුත් හිර ගෙවල් වල තමයි ඉතින්...

    ReplyDelete
  19. දුටු සඳ පලමු දින නුඹ කෝමල ලපටි මුවයි
    තබමින් ලඟ ලඟම සුසිනිඳු කොමල පයයි
    සක්මන් කරන මග තොට දුටු රුසිරු ලියයි
    සොඳුරේ තවම නුඹ මගේ හද පිපුණු මලයි

    ගියමුත් අතැර මා ලඟ නුඹේ සුවඳ තියන්
    රැක ගත්තෙමිය මා හද පිපි කුසුම සමන්
    සොඳුරිය නුඹයි මා හද තුල වෙසෙන නිමන්
    නුඹට වැසූ දොර මා වෙන කාට අරින්

    ReplyDelete
  20. වෙන කෙනෙකුට ලං වෙනව කියන එක ගැන ආදරේටද කෑදරේටද කියල පූර්ව නිගමනයකින් බලන එක වැරදියි කියලයි මට හිතෙන්නෙ.
    බිත්ති හතර සීමාවෙදි පොඩි පොඩි අවුල් ඇතිවෙලා නැතිවෙලා යන රැලි නැගෙන පෙන බිඳෙන සහ නිසලව ගලන පවුල් ජීවිතේ හැමදාම නැවුම් කියලයි මට දැනෙන්නෙ.
    මේ අපේ පුද්ගලික අත්දැකීම...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...