..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 18, 2010

෴ කවි පොතේ තැනක මා වෙනුවෙන් ඉඩක් තියන්න ෴

පිනි බිදක් වුනත් හිරු එළියට වියකී යනවා
ඒ වුනත් හෙටත් පිනි බිඳකින් ලොව සැරසෙනවා
ජීවිතේ එයයි අද නැතුවට හෙට දළු ලනවා
අද වගේ නැතත් හෙටත් අලුතින් දවසක් එනවා


නුඹ දුකින් ඇයිද කඳුළු ඉතින් පිසදා ගන්නේ
හරි අගේ අනාගතයක් නුඹ දෙස බලාන ඉන්නේ
අර අහස් ගැඹේ තනි තරුවක් පිපී දිලෙන්නේ
තනි නැතේ තරුව ඒ දෙස මම බලාන ඉන්නේ


ඉර සඳත් එකම අහසක ‍එක ලොවකයි ඉන්නේ
කෙදිනකවත් නැත එකම විටක ඉරසඳ පායන්නේ
නුඹ මමත් එසේමයි එක අහසක දිලිසෙන්නේ
ඒ නමුත් කවද කෙදිනකවත් නැත හමුවන්නේ


මා නැතත් ළඟින් නුඹ නෙත දෙස එඹිල බලන්න
නුඹ සිතේ තැනක නිතර සිටින බව දැන ගන්න
කවි පොතේ තැනක මා වෙනුවෙන් ඉඩක් තියන්න
නුඔ නැවත එතොත් මට හැකි වෙයි කවක් ලියන්න

"I lose myself within your poems"

එකම අහසක පායා ආවත් ඉර මුන ගැසීමට නොහැකිව ලතවෙන සඳ
මම
෴ වත් ෴

19 ප්‍රතිචාර:

ප්‍රාර්ථනා said...

දුක් වෙන්න නරකයි... හද ..නුඹ බොහොම සෞමයයි.. නමුත් ඉර...

ලස්සනයි නිසඳැස ...

මැණික් said...

ඔබ පුන්සඳය මම අහසේ දිලෙන ඉර
මේ දෙක පායයිද එක තැන එකම වර
ලස්සනයි.
මැණික්(සුළඟ)

ස්වප්නා said...

කවි පොතේ තැනක මා වෙනුවෙන් ඉඩක් තියන්න
නුඔ නැවත එතොත් මට හැකි වෙයි කවක් ලියන්න

ලස්සනයි

ඉලංදාරියා said...

ලස්සනම ලස්සනයි ...

මිට වඩා මම මුකුත් කියන්නේ නෑ...

රවා said...

ලස්සනයි අක්කෙ...

ර ත් ග ම යා said...

ඇයි මට මේවා කැතයි කියන්න හිතෙන්නෙ නැත්තෙ

෴ හසියා ෴ said...

ඇත්තටම ලස්සනයි අක්කියෝ....

නිශ් said...

Hmmmm. . . . . . . . . . . . . . . . !

Ravi said...

හිරුද සඳුද එකම අහසක,
හමුවනදා එකම මොහොතක,
මුවාවී හිරු සඳුට අමාවක,
ලොවම ගිලීයයි මහ ගනඳුරෙක,

Sun & moon,
Traversing a common sky,
Longing to meet one day,
But never would be, would they?

Once in an eternity,
When meet they will one day at last,
Sun would be eclipsed for an instant though,
Plunging the whole world to inky darkness,

හිරු සහ සඳු කල්ප කාලාන්තරයකට පසු හමු වන මොහොතේදී,
අසුරු සැණෙකින් සිදු වනුයේ හිරු ලොව බබලවන ආලෝකයද,
අහිමිව අඳුරු වී නොපෙනී යාමයි,
මේ සදාකාලිකවූ, හිරුගේ ඉරණමයි,

wath ෴ වත් ෴ said...

෴ ස්තූති කතාව ෴
මගේ ලිපිය කියවූ,කමෙන්ටු දැමූ සහ නොදැමූ සියළු දෙනාගෙන් අවසරයි... ඒ සියළු දෙනාටම මගේ හෘදයාංගම ස්තූතිය මේ අවස්ථාවේ පිරි නමන අතර....

wath ෴ වත් ෴ said...

@ප්‍රාර්ථනා
ඉර සැර වුනත් ‍ලෝකෙට ඉර නැතිව බැහැ නංඟා...

wath ෴ වත් ෴ said...

@මැණික්
ඇත්ත. දෙකම එකවර පෑයුවොත් ලොවම අදුරු වෙනව කියල රවී කියල තියෙනවා...

wath ෴ වත් ෴ said...

@ස්වප්නා
ස්වප්නා හෙවත් ට්වීටි බර්ඩ් ඔයාටත් ස්තූතියි

wath ෴ වත් ෴ said...

@ ඉලංදාරියා
මුකුත් කියන්න ඕනි නැහැ ඉලන්දාරි...මම ඔයාව දැන් ටිකක් දන්නව... යාළුවො නම් එහෙමයි...

wath ෴ වත් ෴ said...

@රවා
මගේ පරණම රසිකයෙක්
මගේ හොඳම මිතුරෙක්
ඉස්සර මගෙ හෙවනැල්ල වගේ වුන්න කෙනෙක්
මගේම සහෝදරයක්
වැඩ පොළ අස්සෙ වුනත් ඇවිත් වචනයක් සටහන් කරාට ස්තූතියි මල්ලියෝ

wath ෴ වත් ෴ said...

@ර ත් ග ම යා
ඔයාට මේවා කැතැයි කියල කියන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල මම දන්නව. හේතුව තමයි රත්ගමයගේ හිත ලස්සන වීම...

wath ෴ වත් ෴ said...

@෴ හසියා ෴
හසියෝ.... ස්තූතියි මල්ලියා...

wath ෴ වත් ෴ said...

@නිශ්
සමහර වෙලාවට දිගට දිගට දිගටම දිගම කොමෙන්ටු ලියන නිශ් මොකද මේ හ්ම් හම් හම්....

wath ෴ වත් ෴ said...

@ Ravi
සත්‍ය එයයි.. එකම අහසක පෑවුවත් ඔවුන් එකිකෙනා හමු නොවී ඉන්නේ.... අන්අයගේ යහපත තකා නේද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...