..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, October 17, 2010

෴ රමණිය ආදරය ද ? ආදරණිය රමණය ද ? ෴

සොඳුරු සිත කඳුළු ගොඩක්... ලියන කවිය වුනත් දුකක් මිස කවදා වත් නැහැ සතුටක්... ඔන්න අද සොඳුරු සිතට හිතුන , මෙතෙක් කාලයක් සොඳුරු සිත ලීවේ නැති විදිහෙ වාක්‍ය රචනාවක් ලියන්න..... 

ආදරය සහ රමණය.... 

ආදරය ලෝකේ වැඩියෙන්ම ලියවෙන කියවෙන වචනය කියල හිතෙනවා... මිනිස්සු ළඟ නැති වගේම ඒ නැති වුනත් හොයන එකත් නැවතීමක් නැති වචනයක්....

රමණය - ශ්‍රී ලාංකීය අපි ප්‍රසිද්ධියේ කතා බහ නොකරන නමුත් හැම සිතක්ම මොහොතකට හරි අසහනයට පත් කරන චවනයක්....

විවාහය කියන්නේ ලංකාවේ නම් රමණය සඳහා ලැබෙන බලපත්‍රයක් ... හැබැයි එක්කෙනෙක් එක්ක...ඒ කියන්නේ විවාහක සහකරු හෝ සහකාරිය සමඟ විතරයි.

එතකොට ආදරය.... ආදරය කරන එකේ තියෙන එකම වෙනස තමයි කිසිම විදිහක නීතිමය බැඳීමක් ආදරය කරන්න ඕනි නැති එක......

මම දන්න තරමින් නම් වර්තමානයේ බොහෝ ගැහැණුන් මිනිසුන් නිදහසේ ආදරය කරන්නේ නැති වුනත් හොර රහසේ රමණය නම් කරනවා. 

ඒත් ආදරය නැතිව දුක් විදිනවා......... විවාහය තුල වෙනදාටත් වඩා තනිවෙනවා...එකිනෙකා සැක කරනවා... බොරු කරනවා... බොරු කියනවා... ඇල්මැරුණ යාන්ත්‍රික ජීවිත ගත කරනවා. විවාහයේ රමණය සඳහා අවශ්‍ය පූර්ණ නිදහස තිබුනත් ආදරය ටිකින් ටික නැති වෙලා යනවා... ආදරය තිබුනත් පේන්නෙ නැහැ..පෙන්නන්නෙ නැහැ. රමණය තියෙනවා, ආදරය පැනල යනවා.

මම දැකල තියෙන බහුතර විවාහ ඇදගෙන යන ජාතියේ ඒව මිසක් ජීවත් වෙන දැනෙන විවාහ නෙමෙයි... විවිධාකාර හේතු නිසා රුස්සන්නේ නැහැ... ගැලපෙන්නේ නැහැ ලු....

මම නම් හිතන්නේ විවාහය කියන්නේ ගැලපෙන කෙනා සොයා ගන්න එකම නෙමෙයි. ලැබෙන කෙනාට ගැලපෙන විදිහට ඉන්න එක... එහෙම බැරි නම් .... එතන ආදරයක් නැහැ. මොකද ආදරය කියන්නේ යමෙක් වෙනුවෙන් තමා කැප කිරීමක්....

මගේ ජීවිතය තවත් කෙනෙක් වෙනුවෙන් කැප කරන්න බැහැ... එතකොට කෝ මගේ නිදහස කියල හිතනව නම් ඒ කෙනාට ඇත්තම ආදරය කරන්න බැහැ. මොකද තමා ආදරේ කරන කෙනා වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැහැ කියන්නේ සැබෑ ආදරය එතන නැහැ.

රමණයට පූර්ණ නිදහස තිබිලත් සතුටින් නැහැ කියන්නේ රමණය හා ආදරය අතර තියෙන පරතරය වැඩි නිසා නේද ? ඒත් ටිකක් හිතල බලන්න. විවාහවෙන්න කලින් තිබුන ඇතැම් පෙම් සබඳතා දිහා තවමත් නිවුනසැනහුන සිතින් බලන අය දකින අය ඉන්නව. මොකද ඒ ආදරයේ රමණය නැති වුනත් ආදරය කියන දේ පිරිල තිබුන. සමහර විට ඒ බිඳිල ගිය ආදර සබඳතා ත් විවහයෙන් කෙළවර වුනා නම් එතන ඒ කියන ආදරේ නැති වෙන්න තිබ්බ..

රමණය ගැන තියෙන කුතුහලය, ආසාව අවසන් වුන දවසට මිනිස්සුන්ට ආයෙත් ආදරය ඕනි වෙනව.

නැතිනම් මොන දේ තිබ්බත් මිනිස්සුන්ට දැනෙන්නේ කිව නොහැකි හිස් බවක් !

රමණය හා ආදරය අතර තියෙන පරතරය වසා ගන්න, පුරවා ගන්න පුලුවන් වුන කාලේක මිනිස්සුන්, ගැහැණුන් මිට වඩා සතුටින් ඉඳීවි.


Lust is touching bodies, love is touching souls.
Sex is a momentary itch, love never lets you go.

හිතුන දේ ලීව
මම
෴ වත් ෴ 

34 comments:

  1. "රමණය හා ආදරය අතර තියෙන පරතරය වසා ගන්න, පුරවා ගන්න පුලුවන් වුන කාලේක මිනිස්සුන්, ගැහැණුන් මිට වඩා සතුටින් ඉඳීවි."

    ඔය පරතරය යැපෙන්නෙ විශ්වාශය මත..නේ ?

    අනේ මන්දා...අක්කෙ දුක මූඩ් උනත් කවි ලීවනම් හොදා...මෙව්වා අපිට තෙරෙන්නෙ නැ :P

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සිරා සිරා ඇත්ත කතාව වත් අක්කියාස්..................

    මට අනන්තවත් හිතුනු දෙයක් අද අක්කි ලියලා........ ඒකියන්නෙ මම් හිතපු එක වැරදි නැ........ :) හුරේ........

    අම්මෝ බනියෝ...... උබට තේරුනේ නැත්තම් කාටත් තේරෙනවද බොල හික් හික් හික් :පී

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දිස් පෝස්ට් හෑස් බීන් රිමූවුඩ් බයි ද ඕතර්.......
    මම පොඩි ළමයෙක්මි....මේවා කොටු කොටු දාන්න ඕනනේ වත් අක්කෙ....
    ආදරය ගැන නම් කතා කරමු අම්බානෙක...වමණයද මොකක්ද එක පස්සෙ කතා කරමු..........

    ReplyDelete
  7. ඇපල් නොකා හිටියනම් ඔය කිසි කරදරයක් නෑ

    ReplyDelete
  8. මගෙ අදහස නම් ආදරයේ කෙලවර රමණය තමයි.
    ආදරේ නැතුව රමණය කරන්න බැහැ මට නම් ...
    ආදරේ නැතුව රමණයට තැනක් නෑ. රමණය නැතුව ආදරේට තැනක් නෑ.
    සමහරු නම් කියනව .. ආදරේ උත්තරීතරයි ... මානසික සුවය සහිතයි ... අරකද .. මේකද .. කියල.
    ඒ වුණාට ඒව නිකම් බොරු කතා. ඔයාට මම පොඩි වැඩක් කියන්නම්... පුලුවන්නම් රිසර්ච් එකක් කරල බලන්න මම මේ කියන දේ ගැන.
    ආදරෙන් ඉන්නව වගේ පේන පවුල් ලක්ෂයක් අරගෙන බැලුවත් ... ඔයාට පෙනෙයි .. ඔවුන් අතරෙ තියෙන ගැටලු සහගත භාවය.
    පුරාණයේ කතාවක් තියෙනවා .. යුරෝපයෙ සියලුම මාර්ග රෝමය කරා තුඩු දී තිබෙන බව. ඒ වගෙම ලෙනාඩ් වුල්ෆ් මහත්තය කියල තියෙනව වනාන්තරවල තියෙන සියලුම මාර්ග දිය වලක් කරා තුඩු දී තිබෙන බව.
    ඒ වගෙම තමයි.. ඔය පවුල් සංස්ථාව තුල තිබෙන සියලුම ප්‍රශ්ණ ලිංගිකත්වය මත නො එසේනම් රමණය කරා දිවෙන බව.
    දැන් ඔයාට තේරෙනව ඇති ඔය කියන රමණය නැතිනම් ආදරය නැති බව. ඔයාට ඕක තවමත් සැකයි වගේ නම් ... [ ඔයා බැඳල නම් ඉන්නෙ] හස්බන්ඩ්ව එක මාසයකට ලිංගිකව කිසිම සහයොගයක් නොදී තියන්න ... මොකද වෙන්නෙ කියල ඔයාටම තේරෙයි.

    ReplyDelete
  9. වත්ගෙ කවි වලට වඩා කතා හොඳයි වගේ.. ;-) මේ වගේ එකක් කවියෙන් කියන එක ටිකක් ලොකු වැඩක්නේ...

    මටත් කියන්න තියෙන්නේ Thevindu කියන එකම තමයි. අපි ආදරේ මේකයි ලිංගිකත්වය අරකයි කියල වෙන්කරගෙන දැඟළුවට ඔය දෙක ගැහැණියක් සහ පිරිමියෙක් (සමරිසි කාරණාවෙදිත්) සම්බන්ධයෙන් එකම දෙයක්.

    ආදරය කියල අපි දන්න විශ්වීය දෙයක් තියෙනවා... ඒක අපි හැමෝටම දක්වන එකක්. ඒත් පුද්ගලානුබද්ධව ආදරය කියන එක ඇතුලෙ අපි කරන ගනුදෙනුව තමයි ආදරේ කියල අපි තේරුම්ගන්නේ. ඉතිං ගෑණියෙක් පිරිමියෙක් එකතු වෙන්නෙ ලිංගික වෙනස මුල් කරගෙන නම් ඒ ආදරේ පදනම ලිංගිකත්වය තමයි.

    ReplyDelete
  10. ඇපල් නොකා හිටියනම් ඔය කිසි කරදරයක් නෑ

    සත්තකින්ම... ආදම් සහ ඒවා... මැවුවේ කවුද?

    ReplyDelete
  11. ආදරය සම්ග බැදුනු රමණය නම් අති මිහිරිය,,,
    කෙසේ නමුත් මයියා වනා හී කීමෙහි හා බිණීමේ සමතෙකි..දන්නෝ දනිති,,නොදන්නෝ මතු දින දැන ගනිති...

    ReplyDelete
  12. අපොයි මම නම් බබා..මට ඔවා තේරෙන්නේ නැහැ...
    ඔයගේ කතාව හින්දා මට සූට්ටං ලිපියකට මග පෑදුනා..

    ReplyDelete
  13. මට නම් හිතෙන්නෙ ඔය අපි ආදරය කියලා කියන එක අර රමණය ද වමණය ද කියන එක සඳහා යන්න බාවිතා කරන "ඇමක්" විදියට තමයි මම දකින්නෙ. මම තාම පොඩි එකා නිසා ඕවා ගැන එච්චර තෙරුමක් මට නෑ... හිතුන දේ කිව්වා. අක්කියො ඔයත් සද්ද නැතුව ඉන්නෙ නැතුව අපේ අදහස් වලට ප්‍රතිචාර දක්වනවා නම් අපි කැමතියි. අද තමයි පලවෙනි පාරට ඔය වගේ ගැඹුරු දෙයක් කියෙව්වෙ... හි...හි... රමණය කියලා දෙයක් නොතිබුනානම් අපි කවදාවත් ආදරය නොකරාවි. (මම මේ කිව්වෙ අද කාලේ ගැන)

    ReplyDelete
  14. මට නම් හිතෙන්නෙ ඔය අපි ආදරය කියලා කියන එක අර රමණය ද වමණය ද කියන එක සඳහා යන්න බාවිතා කරන "ඇමක්" විදියට තමයි මම දකින්නෙ. මම තාම පොඩි එකා නිසා ඕවා ගැන එච්චර තෙරුමක් මට නෑ... හිතුන දේ කිව්වා. අක්කියො ඔයත් සද්ද නැතුව ඉන්නෙ නැතුව අපේ අදහස් වලට ප්‍රතිචාර දක්වනවා නම් අපි කැමතියි. අද තමයි පලවෙනි පාරට ඔය වගේ ගැඹුරු දෙයක් කියෙව්වෙ... හි...හි... රමණය කියලා දෙයක් නොතිබුනානම් අපි කවදාවත් ආදරය නොකරාවි. (මම මේ කිව්වෙ අද කාලේ ගැන)

    ReplyDelete
  15. කිසිවක් නොකියමි.

    ReplyDelete
  16. විවාහය කියන්නේ ලංකාවේ නම් රමණය සඳහා ලැබෙන බලපත්‍රයක් ... ----100%

    ReplyDelete
  17. මට කණගාටුයි ... වත් .... සහ අනෙක් මිතුරන්ට...
    මම Thevindu නොවේ. මගෙ ගෙදර කම්පියුටර් එකේ g mail මේල් එකේ මොකක් හරි දෝෂයක්...[මේක ලිව්වේ ඔෆිස් එකට ඇවිත්.] මගෙ නම හැටියට Thevindu කියල පෙන්වනවා.
    නමුත් මම කුමාරයා.
    'වත්' නම් මාව හොඳින් දන්නවානෙ. මම මීට පෙරත් වත්සලාට තදින් කතා කරල තියෙනව.[ සමහර විට මගෙ කමෙන්ට් කපල දාලත් ඇති ] ඒ ඔයත් එක්ක තියෙන තරහට එහෙම නෙවෙයි.
    ඒක ඒ ලිපිය ගැන මගෙ අදහස. එහෙම නැතිනම් ඇත්ත ඇතිසැටියේ කියා පෑම.
    දැන් මේ ප්‍රශ්ණෙ දිහා බැලුවොත් [හොයල බැලුවොත්] ඔයාට වැටහේවි ...
    සමහර බැඳපු ජෝඩු ආදරය කරන කාලෙ හිටපු තරම් සතුටින් නෙමේ ඉන්නෙ.
    සමහරු හොඳටම බීල එනවා...
    ඇවිල්ල රණ්ඩු කරනවා / නැතිනම් තමන් හුඟක් ආදරය කරපු බිරිඳට පහර දෙනවා...
    තමාගෙ දරුවන්ට පහර දෙනවා...
    සමහර විට අසල් වැසියන්ටත් කරදරයක් ...
    නැතිනම් රෑට රෑවෙල ගෙදර එන්නෙ.
    තවත් අයෙක් වෙනත් කාන්තාවන් පසු පස යනවා... නැතිනම් තම පවුල් සංස්ථාව අත හැර පළා යනවා.
    මේ ප්‍රශ්ණ ඉවස ගන්නම බැරි එවුන් දිවි නසා ගන්නවා.[මෙතෙන්දි ගෑණු පිරිමි බේදයක් නෑ.]
    ඉතින් ඇයි මෙහෙම වෙන්නෙ. ආදරේ කරන කාලෙ එහෙම නෑනෙ. 99% ක් ම.
    අර නන්දා මාලනිත් කියන්නෙ... " ප්‍රේමය නම් .. රාගයෙන් තොර සඳ එළිය සේ..... අචින්තයි ...
    පාරිශුද්ධයි .... සුරම්‍යයි ... කියල.
    ඇයි එහෙනම් මෙහෙම වෙන්නෙ. 99% ක්ම.
    දැන් වත්සලා ... ඔයා මේ ගැටලු වල කෙලවරටම හොයාගෙන හොයාගෙන ගියොත් [එහෙම කරන්න කියා ඉල්ලා සිටිනවා.] පෙනේවි .. මේ හැම එකක්ම කෙලවර ඇත්තේ ලිංගික ප්‍රශ්ණයක් බව. 99% ක්ම.
    ඉතිරි වෙන 1% ක තමා සතුටින් සහ ආදරයෙන් බැඳී ඉන්නෝ.[ මේ මං වගේ]
    එයාල එහෙම ඉන්නෙ ලිංගිකව තෘප්තිමත් ජීවිතයක් ගත කරන නිසා. කන්න නැති වුණත් / සල්ලි නැති වුණත් / ඉන්න තැනක් නැති වුණත් එයාල සතුටින් ඉන්නෙ ඒ නිසා.
    දැන් ඔයාට තේරෙනව ඇති ඔයාගෙ ඔය මල ඉලව් රමණය[ මෙතෙන්දි ඕන වචනයක් යොදන්න පුලුවන්.. කාමය /ආසාව/ තණ්හාව/ සරළව කිව්වොත් ශාරීරිකව ඇතිවන ලොල් බව. මේක ගෑණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි]
    ඔය හැම දේම එකතු වෙලා එන එකට තමා මම නම් ආදරය කියල කියන්නෙ.
    මම කිව්වටම මේක පිළිගන්න එපා.
    හොඳට කෑම බීම තියෙන / අතට පයට වැඩකාරයො ඉන්න /යාන වාහන ඇතිතරම්/ මිළ මුදල් ඕන තරම් /සැප සම්පත් තිබෙන බිරිඳ ගෙදර සිටින සේවකයා සමග නැතිනම් රියැදුරා සමග පළා යන්නේ ඇයි කියා සොයන්න.
    සාමාන්‍ය පවුලක උවත් .. තමාගේ බිරිඳ සහ දරුවන් අතහැර වෙනත් ගැහැණියක සමග මිනිහෙක් පළා යන්නේ ඇයි කියා සොයන්න.
    ඉන් පසු මම කියන දේ පිළිගන්න.

    ReplyDelete
  18. මට මේ වගේ ලිපියක් ලියන්න තියෙන්න ඕනි අවම සුදුසුකමවත් මට නැහැ කියල මම දන්නව. ඒත් මම ඇසූ දුටු දේ මගේ සිතට එත්තූ ගිය විදිහට මම මේලිපිය ලීව බව මම දන්වා සිටිමි.

    කුමාරගේ අවංක අදහස් අගේ කරනව... ඒ වගේම කුමාර මිට කලින් මගේ බ්ලොග් එකේ ලීව ඇතැම් කමෙන්ටු මා මැකූ බවද පිළි ගන්නවා..

    ඒත් ඒ කොමෙන්ටු වලට වඩා ගොඩක්ම අර්ථවත් විදිහට මේ කමෙන්ටුව ලියල තියෙනවා..

    කුමාර වාසනාවන්තයෙක් 1% ක සුළුතරයට අයිති අය වාසනාවන්...

    මම කරන්නේ ගොඩ ඉදන් පිහිනීමක් ...මම ඒක පිලිගන්නවා...

    සියල්ලන්ගේම අදහස් වලට ස්තූතියි ගොඩක්..
    මට ඒ හැම වචනයක්ම වටිනවා...

    ෴ ස්තූතියි෴

    ReplyDelete
  19. මම මේ පොස්ට් එකේ කෑමතිම තෑන තමයි
    මම නම් හිතන්නේ විවාහය කියන්නේ ගැලපෙන කෙනා සොයා ගන්න එකම නෙමෙයි. ලැබෙන කෙනාට ගැලපෙන විදිහට ඉන්න එක...
    කියන ටික අපෙ ගොඩක් අය විවාහ වෙන්නේ තමන් සමග විවාහ වන් අනිකා 100% ක්ම තමන් කෑමති දේ පමනක් කල යුතුයි කියන් මතයෙන්. ඒත් ඒක එහෙම වෙන්න ඔනිද?
    100% එක වගෙ දෙන්නෙක් අපිට හොයගන්න පුලුවන්ද? මම නම් හිතන්නෙ නෑ. ඉතින් විවාහය කියන්නෙ වත් ඉහතින් දක්වපු දේ තමා.ඒත් ඉතින් අවම වශයෙන් 65% වත් ගෑලපෙන දෙන්නෙක් වෙන්න ඔනී එකතු වෙන්න. විවාහය කියන්නෙ රමණයට දෙන බලපත්‍රයක් නෙවේයි විවාහය කියන්නෙ බන්ධනයක්. ඒ තුල අපි නොයෙකුත් කෑප කිරීම් කරන්න ඔනි විවාහයෙ පාර්ෂව දෙකම ඒ සඳහා කරන කෑපකිරීම මත තම විවාහය විදිනවාද විදවනවාද යන්න රෑඳී තියෙන්නෙ. ඒ කියන්නෙ හොඳ අවබොදයකින් යුතුව ජීවත් වීම. කොටින්ම තමන් විවාහ වෙන්න පෙර ගතකරපු ජීවිතයම ගෙවන්න බලාගෙන විවාහ වීම මොඩ කමක්.

    ඉතින් ඔය හෑම දෑම වෙන්න ප්‍රධානම සාධකය තමා ආදරය. ගොඩක් සාර්ථක පවුල් ජීවිත වල හරය තමා එකිනෙකාට දක්වන ආදරය. ඒ මත ගොඩක් දෑ කල හෑකියි. ඔය ගොඩක් ඈදගන යනවා කියන විවාහ ජීවිත වලදී ඒ අය කොච්චර කිව්වත් මට එපා වෙලා තියෙන්නෙ කියලා ඊට වඩා ඒ අය අතර තියෙන ආදරය වෑඩියි ඒකයි ඒ විවාහ ඈදගෙන යන්නෙ. එහෙම නෑති තෑනුත් නෑතුවා නෙමේයි මුදල් බලය සමාජ තත්වයන් වෑනි තවත් බොහො දෑ නිසා ඈදගෙන යන විවාහත් තියනව.

    මම දකින විදිහට රමනයට ආදරය ඔනි නෑහෑ ඒක අපි ආහර ගන්නව වෑනි දෙයක්. කෑම කන්න කෑමට ආදරේ කරන්න ඔනි නෑනේ. කෑමට ඈති ප්‍රියතාව හා බඩගින්න විතරයි ඔනේ. රමනයත් එහෙමයි. දෙදෙනෙක් රමනය කරන්න දක්වන ප්‍රියතාව හා අවශ්‍යතාව තමා රමනයට අවශ්‍යදේ. ඉතින් මේ ප්‍රියතාවට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. මුදල් බලය ලස්සන ...... ආදරයත් ඒ අතරින් එක දෙයක් පමනයි. ඉතින් රමනය ගෑන හිතල විවාහ වෙන එක මොඩ කමක්.
    මොකද ඔනෑම දෙයකට තියෙන ප්‍රියතාව ක්ෂය වෙනවා. ඉතින් ආදරයත් එහෙමයි ( ඒත් ආදරයට වඩා ඉක්මනට රමණය සඳහා වූ ප්‍රියතාව ක්ෂය වෙනවා ) ඒක නෑති දාට විවාහයෙනුත් පලක් නෑහෑ. අපේ සමාජයේ තියෙන වරද තමා ඒ දේ තෙරුම් නොගෙන සිතීම. ප්‍රියතාව ක්ෂය නොවී තියගන්න උත්සහ නොකිරීම.

    අපොයි මම වත් ගෙ පොස්ට් එකටත් වඩ ලිව්වද කොහෙද. සමවෙන්න ඔනි වත්.

    ReplyDelete
  20. "මම ඔයාට ආදරෙයි"

    මෙහෙම කෙනෙකුට අපි කියන්නෙ ඇයි?
    මොනවහරි ඒ තැනැත්තගෙ හරි තැනැත්තියගෙ ගතිගුණයකට,
    හැසිරීම් රටාවකට, නැත්නම් හැකියාවකට අපේ හිත ගිය නිසානෙ,
    එතකොට විරුද්ධ ලිංගිකයෙක්, ( මෙතන විරුද්ධ කියන්නෙ තනිකර,the other gender කියන අරුතෙන්, හතුරු කියල හිතල එහෙම නෙවෙයි බොහෝ විට හතුරු උනත් )

    එතකොට ඒ ආකර්ශණය ඇතිවෙන්නෙ ඇයි?, මොකක්ද ඒකෙ පරමාර්ථය?
    මේ තරම් බලවත් බැඳීමක්, සමහරවිට රමණය වෙනුවට
    මරණය ලඟාකර දිය හැකි තරමේ පවා, මිනිසුන් අතර ඇතිවන්නෙ ඇයි?

    මිනිසුන් හැර වෙනත් බොහෝ සත්වයින් අතරෙ,
    මේ තරමෙ දෙදෙනෙකු අතර ඇතිවන බැඳීමක් දකින්නට නොලැබෙන්නෙ ඇයි?

    වත්ගෙ මාතෘකාව ඒ කියන්නෙ රමණය සහ ආදරය ගත්තොත් ගත්තොත් අපිට මෙහෙම දෙයක් සරලව කිව්වැහැකි,

    "රමණය සියලු සතුන්ට පොදු ධර්මතාවක් වන අතර ආදරය කරනුයේ මිනිසා පමණි"

    මේ න්‍යාය මම කියෙව්වෙ මට මතක විදිහට ඩෙස්මන්ඩ් මොරිස් ගෙ පොතක,
    මතක විදිහට "නිරුවත් වානරයා" හෝ "නිරුවත් ගැහැණිය" වෙන්න ඕනෙ,

    මොරිස්ගෙ පැහැදිලි කිරීම සරළව කිව්වොත්,
    "රමණය වර්ගයාගේ මතු පැවැත්ම සඳහා වන අතර,
    ආදරය මිනිස් මනස වර්ධනය වීමත් සමඟ පරිණාමීයව හටගත් හැඟීමකි"

    ඉතිං මොරිස් ගොයිය කියන විදිහට නම් මුලිං ආවෙ රමණය, පස්සෙ ආදරය,

    ඉතිං වත් නම් එකඟ වෙයිද මන්දා මේ පිලිතුරට,

    ඒත් ඉතිං මගේ නම් නෙවෙයි ඩෙස්මන්ඩ් මොරිස්ගේ තීරණය නම්,
    "ආදරණීය රමණය නොව රමණීය ආදරය"

    ඔන්න ඔහොමයි,

    ReplyDelete
  21. ප.ලි
    අර කුමාරයා කියූ 1% ට මාවත් ඇතුලත් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
    ස්තූති...
    මාගේ විවාහ සහතිකයේ පිටපතක් මේ සමග අමුනා එවම්.........

    ReplyDelete
  22. Bunny
    මම කීව නේද පොඩි ළමයින්ට මේ පැත්තේ එන්න එප‍කෙියල ආහ්....

    Comment deleted
    අපොයි කවුද මේ ලියල මකල තියෙන්නේ...

    ජේ.ඩී
    හා හා.. බලන් ගියහම ගොඩක් අය‍ගෙ හිත් වල තියෙන දෙයක් නේද මේ ... ස්තූතියි ජේ.ඩී...

    ReplyDelete
  23. ර ත් ග ම යා
    ආහ් මෙන්න තවත් පොඩිහිටියෙක් මේ පැත්තේ ඇවිත්... රත්ගමයා ළමයා... හ්ම් හම් ආදරේ විතරක් දැනට ඇති තමයි...

    ReplyDelete
  24. ඉලංදාරියා
    ස්තූතියි ඉලන්දාරියා...............

    Chanaka Aruna Munasinghe
    හැබෑටම කවුද ඔය ඇපල් ගහ මැවුවේ...මැවුව නිසා නේද කෑවේ...

    h
    ආදරය ගනු දෙනුවක් වෙන්නේ විවාහය තුල... ඒත් ඇත්තටම නම් වෙන්න ඕනි ගනු දෙනුවක් ද? "දෙනුවර අන්දරය" ඒක නම් කතාවක් තමයි. ඒත් ඒ පොතේ තියෙන ආදරය ගනු දෙනුවක් නෙමෙයි... හ්ම්.. සැබෑ ලෝකෙන් බැහැර වෙලා හිතන්න නම් පුලුවන් වුනත් සැබෑ ලෝකෙදි ඒ දේවල් හොයන්න ගියාම පිස්සු

    ReplyDelete
  25. maiyyagelokaya
    මායියගේ ලෝකෙට මම විටින් විට ඇවිත් එඹිල බලල යනවා. කමෙන්ටු කරන්නෙ නම් නැහැ. හ්ම්...

    මාරයාගේ හෝරාව
    හොදයි ලියන්නකෝ..අපිටත් බලන්න..

    -HacKrisH-
    වයසින් පොඩි වුනත් ඇත්ත කියල තියෙනව... බොහොම ස්තූතියි... මම හැක්රිස් මලයගේ බ්ලොග් පිටුවට විටින් විට යනව... ඒත් මම තාක්ෂණික පැත්ත අතින් හරිම දුරුවල නිසා ඒකේ තියෙන දේවල් කරන්න යන්නේ නැහැ.... ඒත් ඒ දේවල් ගොඩක් වටිනව කියල මම දන්නව. ස්තූතියි මල්ලි.

    priyantha.ඒබී
    මම දනිමි... ස්තූතියි...

    රොකියා | Udara
    රොකිය... ස්තූතියි... ගමුද අපිත් බලපත්‍රයක්...හේ හේ...

    ReplyDelete
  26. නිශ්
    නිශ්... ඔයාටයි මේ පෝස්ට් එකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනි.. මම මේ පෝස්ට් එක කලින් පබ්ලිෂ් කරල මැකුව විත්තිය ඔයා දන්නව නේද?

    ඔයාගේ ඊමේල් එක නිසයි මම නැවත මේ පෝස්ට් එක පබිලිස් කරේ...

    ස්තූතියි නිශ්.

    ReplyDelete
  27. ඇපල් මැවුවෙ පණුවන්ට කන්න. මිනිස්සුන්ට කන්න නෙවෙයි

    ReplyDelete
  28. “උඹ“ කියන වචනේ කැතයි ශිෂ්ට නෑ කියලා මිනිස්සුන්ට පස්සේ පස්සේ තේරුම් යනකොට ඒක“ඔබ“ කියලා වෙන්ස කරගත්තා මිනිස්සු.මේකත් මට නම් ඒවගේ තමයි “SEX“ කියන වචනෙන්ම ඇත්ත එළිවෙන නිසා ඒක “ආදරය“ කියලා වෙනස් කරගැනීමක් වෙලා තියෙන්නේ.ලෝකේ ඉස්සල්ලම ඇතිවෙන්නේ “SEX“ නේ..මේ නිසා මම නම් කියන්නේ මේ ආදරය කිය කිය සුදු රෙදි අන්දලා තියෙන්නේ නිරුවත් ශරීරයකට...

    ReplyDelete
  29. “උඹ“ කියන වචනේ කැතයි ශිෂ්ට නෑ කියලා මිනිස්සුන්ට පස්සේ පස්සේ තේරුම් යනකොට ඒක“ඔබ“ කියලා වෙන්ස කරගත්තා මිනිස්සු.මේකත් මට නම් ඒවගේ තමයි “SEX“ කියන වචනෙන්ම ඇත්ත එළිවෙන නිසා ඒක “ආදරය“ කියලා වෙනස් කරගැනීමක් වෙලා තියෙන්නේ.ලෝකේ ඉස්සල්ලම ඇතිවෙන්නේ “SEX“ නේ..මේ නිසා මම නම් කියන්නේ මේ ආදරය කිය කිය සුදු රෙදි අන්දලා තියෙන්නේ නිරුවත් ශරීරයකට...

    ReplyDelete
  30. වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් ලියවිල තියෙන්නේ. මේක වාක්‍යයකින් දෙකකින් කතා කරල ඉවරයක් කර ගන්න පුලුවන් විෂයයක් නෙමේ.
    වර්තමානයේ (අපේ රටේ තත්වය ගැන කතා කලොත්) ආදරය සහ ලිංගිකත්වය කියන, පුද්ගලයෙකුට ලෞකික වශයෙන් අතිශයින් වැදගත් අවශ්‍යෑතා වලට මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්න. මෙතන විවිධ පාඨකයින් විසිනුත් කියා තිබෙන්නෙ මෙවැනි ආකාර දේවල් නොවේද?.

    "මම නම් හිතන්නේ, ආදරය කියන්නේ සෙක්ස් වලට දාන ඇමක්".
    "කොහෙන් කොහොම ගියත්, අන්තිමේට එන්නේ සෙක්ස් වලට තමා"

    මා මේ සූදානම් වන්නේ, එවැනි අදහස් පළ කලවුන් හට අපහාස කිරීමට නොවේ. මම පැහැදිලි කරන්නට උත්සහ කරන්නේ, අප බොහෝ විට කැරකී අවසානයේ "ලිංගිකත්වය" යන විෂය කරා නිතැනින් යොමු වන බවයි. යමක් පිළිබඳව අවධානය යොමු කරන්නේ, ඒ පිළිබඳ උනන්දුවක්/ආශාවක් ඇති විටය. එවැනි සැලකිල්ලක් ඇති වන්නේ, අවශ්‍යතාවයක් ඇති විටය. අවශ්‍යතා සඳහා වුවමනා ඇති වන්නේ මේ නිසාය. නිදසුනක් වශයෙන්, කුසගින්න නමැති අවශ්‍යතාවය දැණුනු විට අපි ආහාර පිළිබඳ ආශාවක් ඇති කර ගන්නෙමු. ඒ පිළිබඳ සිතීම, කතා කිරීම හෝ ආහාර ගැනීම සිදු වන්නේ ඊට පසු වය.

    මා මින් අදහස් කරන්නේ, ලිංගිකත්වය නම් අවශ්‍යතාවය සඳහා අප තුළ තිබෙන වැළලී/වළ දමා ඇති ආශාවයි.

    අපි ශ්‍රේෂ්ඨ වූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන, සාඩම්බර රටක පුරවැසියෝ බව ආඩම්බරයෙන් පම්පෝරි ගසමු. ශ්‍රේෂ්ඨ යැයි කිය කියා අප කර පින්නා ගෙන යන ඇතැම් දේ පිළිබඳ අපට අවබෝධයක් තිබේද?. නිදසුනක් සපයන්නේ නම්, මංගල රාත්‍රියේදී මනමාලියගේ කන්‍යභාවය පිරික්සීම සඳහා සුදු රෙදි භාවිතය දැක්විය හැකිය. මෙහිදී කන්‍යා පටලය බිඳීමේදී වහනය වන රුධිරය සුදු රෙද්දේ තැවරී තිබීමෙන් ඇගේ සුපිරිසිදුභාවය මනිනු ලැබේ. උපතින්ම කන්‍යා පටලයක් පිහිටා නොමැතිවුන් හට සිදු වන්නේ කුමක්ද?. කන්‍යා පටලය බිඳීත්, ලේ පිටවීමක් සිදු නොවුනහොත් කුමක් සිදුවේද?. රෙද්දේ ලේ බිඳුව තිබූ පමණින්, ඇය ඊට පෙර චරිතවත් (චරිතවත් යන්නෙන් මෙහිදී පූර්ව-ලිංගික අත්දැකීමක් නොලැබූ බව අදහස් කෙරේ. රෙද්දේ ලේ බිඳුව පිරික්සීමේ මූලික අරමුණ එය නොවේද?.) ජීවිතයක් ගත කර ඇති බව පවසන්නේ කෙසේද?. ඒ ගැහැණිය පිළිබඳවය. පුරුෂයාගේ කන්‍යාභාවය මැන බලන්නේ කෙසේද?. මා දන්නා තරමින් "රෙද්දේ ලේ බිඳුව" පිරික්සීමේ කලාව අපට පෘතුගීසීන්ගෙන් හෝ ලන්දේසීන්ගෙන් ලැබුනු දායාදයක් වේ. (මේ ප්‍රකාශය නිවැරදි නොවේ නම්, කවුරුන් හෝ එය නිවැරදි කරත්වා!) තවත් කරුණක් නම්, මා දන්නා තරමින් "කන්‍යාව" යන වචනය, පෙර ලිංගික සම්බන්ධතාවයක් පවත්වා නොමැති යන අරුතෙන් මිස, නොබිඳුනු කන්‍යා පටලයක් ඇති යන අරුතෙන් භාවිතා වී නොමැත. (වැරදි නම් නිවැරදි කරන්න.) මොහොතකට, එය අපගේ ඈත ඉතිහාසයේ පටන් පැවතෙන සිරිතකැයි සිතන්න. එසේ පැවත ආ පමණින්, අප එය ගොනුන් රැළක් සේ කර පින්නාගෙන යන්නේ ඇයි?. කිසිවක් පොතේ තිබූ පමණින්, ගුරුවරයා, දෙමව්පියන් හෝ කිසිවෙකු කී පමණින්, පරම්පරාවෙන් ආදියෙන් පැවතා ආ පමණින් පිළි නොගත යුතු බව දේශනා කර ඇත්තේ බුදු රජාණන් වහන්සේ‍ය. කරුණු එසේ වුවත්, අපි ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයක් ගැන අතොරක් නැතිව ගිරවුන් සේ දොඩමින්, අවිචාරශීලීව කල් ගෙවන්නෙමු. මා මේ ලිපියට අදාළ විෂය පථයෙන් එහා ගමන් කරන බවට, මෙය කියවන කිසිවෙකුට හෝ සිතුනහොත් පුදුමයක් නැත. එසේ වුවද, මෙවැනි කතා කළ යුතු, එහෙත් පොදු සමාජයේ කතා නොකරන දේ ගැන කතා කළ යුතුව ඇත.

    ReplyDelete
  31. (මගේ පෙර අදහස් හා සම්බන්ධයි.)

    ලිංගිකත්වය පිළිබඳ අපි එළිපිට කතා කරන්නේ නැත. අපේ සභ්‍යත්වයට එය නොගැළපෙන බව ඇතම්හු සිතනවා විය හැකිය. නමුත් ඒ පිලිබඳ විවෘත කතිකාවත් ඇති නොවන නිසා ඇති වන ගැටළු, විමසුම් මනසින් බැලූ කල දැක ගැනීමට අපහසු නොවේ. ශ්‍රී ලංකාවේ දිනකට ළමා අපචාර 2ක් පමණ සිදු වන බව මෑතකදී කියවූවෙමි. බොහෝවිට මෙවැනි දෑ, ග්‍රාමීය ප්‍රදේශ වලින් අසන්නට නොලැබෙන්නේදැයි විමසා බලන්න. හේතුව, කොළඹ වැනි නගරාසන්න ප්‍රදේශ වලටත් වඩා, මෙම ගැටළු එවැනි ප්‍රදේශ වල බරපතල වීමය.

    බ්‍රිතාන්‍යයින් ඇතුළු යටත්-විජිතවාදීන් විසින්, වටිනා දේ මෙන්ම, බරපතල ප්‍රශ්න ද අප රට වල ඉතිරි කර යන ලදී. ඔවුන්ගෙන් ශේෂවූ කළු සුද්දන් ඇතුළු සෙසු ජනයා විසින් දැනුවත්ව හා නොදැනුවත්ව ඔවුන්ගේ ශිෂ්ටත්වය අවශෝෂණය හා ආරෝපණය කර ගන්නා ලදී. මෙවැනි දේට ඇතැම් විට "වික්ටෝරියානු සංස්කෘතිය" කියාද කියනු ලැබේ. පෙර සභ්‍යත්වය යැයි සිත සිතා, ලිංගිකත්වයද මෙම පසු සංස්කෘතියේ ආකාරයෙන් අප විසින් ආරක්ෂා කර ගෙන පවත්වා ගෙන යනු ලබයි. පෙර කල පුරුෂයාට සහ ගැහැණියට අඹු-සැමි ඇසුර ලබන්නට අවශ්‍ය වූ විට, දොරේ පිරිමියාගේ අමුඩ ලේන්සුව දමා එම කටයුතු කර ගෙන ඇත. අමුඩය වැනීමෙන් කරන ඉඟිය අන් අය දැන සිටීම නිසා, ඔවුන්ට තම රිසිසේ එම කටයුතු කර ගෙන යාමට නිදහස තිබී ඇත. අද තත්වය කෙබඳුද?. අද, අන් අයට තම නිදහස පිළිබඳ ඉඟි කරනු තබා, ස්වාමියා සහ භාර්යාව අතර වුව ලිංගිකත්වය පිළිබඳ කතා කිරීමේදී පසුගාමී තත්වයක් ඇතිවී තිබේ. ආදරයෙන් බැඳුනද, මෙවැනි ප්‍රශ්න නිසා එම ආදරය හීන වී ය හැකිය. ආදරය මෙන්ම, ලිංගිකත්වය නම් අවශ්‍යතාවයද තම සහකරු තමන් හා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව දෙපසින්ම සිතිය යුතුය.

    ලිංගිකත්වය වැනි කරුණු පිළිබඳ සංවෘත වන තරමටම, ඉන් මතු වන ගැටළු හා පල විපාක මතු වන ආකාරය බරපතල වනු ඇත. ඊට හේතුව, ලිංගිකත්වය යනු පුද්ගලෙයකු ජීවීතයේ අතිශයින් වැදගත් සාධකයක් වන නිසාය. ලිංගිකත්වය පුද්ගලයෙකුගේ ජීවීතෙයේ සියලු දේ සඳහා වක්‍රාකාරයෙන් හෝ බලපෑම් කරන බව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා විසින් ප්‍රකාශ කර ඇති බව මතකයේ ඇත. පුදුමයක් නැති. ආහාර, ඇඳුම් හා මෛථුන්‍යය යනු මූලික අවශ්‍යතා බවට බුදුන් වහන්සේ පවා දේශනා කර ඇත.

    ලිපියේ විෂය ආදරය සහ රමණය යන කරුණු දෙකම වුවද, ලිංගිකත්වය පිළිබඳව පමණක් විශේෂයෙන් මෙහි කරුණු දැක්වූයේ, ඒ පිළිබඳ කතිකාවක් ඇති කිරීම සඳහාය. ආදරය ගැන බොහෝ විට අදහස් දැක ගත හැකි වුවද, ලිංගිකත්වය ගැන එවැනි උද්‍යෝගයක් දැක ගත නොහැකිය. ඇත්තෙන්ම ඒ පිළිබඳ උද්‍යෝගයක් නොමැතිකම නොව :D, අපි ඒ පිළිබඳ කතා කිරීමට මැළි වීම හේතුවයි.

    අතොරක් නැතිව පම්පෝරී ගැසීම නවතා, හොඳ දේ අතැතිව, කර පින්නා ගත් කුණු ඉවත දමා, ආදරණීය මෙන්ම, තෘප්තිමත් මිනිසුන් සිටින රටක්, සමාජයක් ගොඩ නැගීම සඳහා විවෘත වෙමු. (එය බටහිර රට වල දැක ගත හැකි ආකාරයේ, වල් වැදෙන විවෘතභාවය සමඟ පටලවා නොගන්න.)

    ReplyDelete
  32. katha karala iwarayak karanna bari topic ekak akki..
    eth eka deyak thiyenawa mona de labunath eka return karanna bari nam eka ape karagena adanne nathuwa jeewath wenna ona...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...