..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 16, 2010

෴ රමණිය ආදරය ද ? ආදරණිය රමණය ද ? ෴

සොඳුරු සිත කඳුළු ගොඩක්... ලියන කවිය වුනත් දුකක් මිස කවදා වත් නැහැ සතුටක්... ඔන්න අද සොඳුරු සිතට හිතුන , මෙතෙක් කාලයක් සොඳුරු සිත ලීවේ නැති විදිහෙ වාක්‍ය රචනාවක් ලියන්න..... 

ආදරය සහ රමණය.... 

ආදරය ලෝකේ වැඩියෙන්ම ලියවෙන කියවෙන වචනය කියල හිතෙනවා... මිනිස්සු ළඟ නැති වගේම ඒ නැති වුනත් හොයන එකත් නැවතීමක් නැති වචනයක්....

රමණය - ශ්‍රී ලාංකීය අපි ප්‍රසිද්ධියේ කතා බහ නොකරන නමුත් හැම සිතක්ම මොහොතකට හරි අසහනයට පත් කරන චවනයක්....

විවාහය කියන්නේ ලංකාවේ නම් රමණය සඳහා ලැබෙන බලපත්‍රයක් ... හැබැයි එක්කෙනෙක් එක්ක...ඒ කියන්නේ විවාහක සහකරු හෝ සහකාරිය සමඟ විතරයි.

එතකොට ආදරය.... ආදරය කරන එකේ තියෙන එකම වෙනස තමයි කිසිම විදිහක නීතිමය බැඳීමක් ආදරය කරන්න ඕනි නැති එක......

මම දන්න තරමින් නම් වර්තමානයේ බොහෝ ගැහැණුන් මිනිසුන් නිදහසේ ආදරය කරන්නේ නැති වුනත් හොර රහසේ රමණය නම් කරනවා. 

ඒත් ආදරය නැතිව දුක් විදිනවා......... විවාහය තුල වෙනදාටත් වඩා තනිවෙනවා...එකිනෙකා සැක කරනවා... බොරු කරනවා... බොරු කියනවා... ඇල්මැරුණ යාන්ත්‍රික ජීවිත ගත කරනවා. විවාහයේ රමණය සඳහා අවශ්‍ය පූර්ණ නිදහස තිබුනත් ආදරය ටිකින් ටික නැති වෙලා යනවා... ආදරය තිබුනත් පේන්නෙ නැහැ..පෙන්නන්නෙ නැහැ. රමණය තියෙනවා, ආදරය පැනල යනවා.

මම දැකල තියෙන බහුතර විවාහ ඇදගෙන යන ජාතියේ ඒව මිසක් ජීවත් වෙන දැනෙන විවාහ නෙමෙයි... විවිධාකාර හේතු නිසා රුස්සන්නේ නැහැ... ගැලපෙන්නේ නැහැ ලු....

මම නම් හිතන්නේ විවාහය කියන්නේ ගැලපෙන කෙනා සොයා ගන්න එකම නෙමෙයි. ලැබෙන කෙනාට ගැලපෙන විදිහට ඉන්න එක... එහෙම බැරි නම් .... එතන ආදරයක් නැහැ. මොකද ආදරය කියන්නේ යමෙක් වෙනුවෙන් තමා කැප කිරීමක්....

මගේ ජීවිතය තවත් කෙනෙක් වෙනුවෙන් කැප කරන්න බැහැ... එතකොට කෝ මගේ නිදහස කියල හිතනව නම් ඒ කෙනාට ඇත්තම ආදරය කරන්න බැහැ. මොකද තමා ආදරේ කරන කෙනා වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැහැ කියන්නේ සැබෑ ආදරය එතන නැහැ.

රමණයට පූර්ණ නිදහස තිබිලත් සතුටින් නැහැ කියන්නේ රමණය හා ආදරය අතර තියෙන පරතරය වැඩි නිසා නේද ? ඒත් ටිකක් හිතල බලන්න. විවාහවෙන්න කලින් තිබුන ඇතැම් පෙම් සබඳතා දිහා තවමත් නිවුනසැනහුන සිතින් බලන අය දකින අය ඉන්නව. මොකද ඒ ආදරයේ රමණය නැති වුනත් ආදරය කියන දේ පිරිල තිබුන. සමහර විට ඒ බිඳිල ගිය ආදර සබඳතා ත් විවහයෙන් කෙළවර වුනා නම් එතන ඒ කියන ආදරේ නැති වෙන්න තිබ්බ..

රමණය ගැන තියෙන කුතුහලය, ආසාව අවසන් වුන දවසට මිනිස්සුන්ට ආයෙත් ආදරය ඕනි වෙනව.

නැතිනම් මොන දේ තිබ්බත් මිනිස්සුන්ට දැනෙන්නේ කිව නොහැකි හිස් බවක් !


රමණය හා ආදරය අතර තියෙන පරතරය වසා ගන්න, පුරවා ගන්න පුලුවන් වුන කාලේක මිනිස්සුන්, ගැහැණුන් මිට වඩා සතුටින් ඉඳීවි.

Sex is a momentary itch, love never lets you go.
 

3 comments:

  1. ආදරය කියලා බොරු කියලා රමනය කරා දුවගෙන එන පිරිමින් නැති කාලෙක ගැහැනු මීට වඩ සතුටින් ඉදීවි.

    ReplyDelete
  2. බැටලු හමක් පොරවගත්ත වෘකයකුත් ඔහොම කතාවක් කීවලු.

    ReplyDelete
  3. මම තාම පොඩි එකා....ඕව දන්නේ නෑ....
    මටනම් ආදරය උතුරන්න්ම ඕනි...අර මොක්කද කිව්ව බර වචනෙත් ඒ වගේම තිබුනොත් හොදයි වගේ (ලැජ්ජාවේ බෑ...)
    හැබැයි අර උතුරන ආදරයත් අර බර වචනෙත් මම නම් පතන්නේ එකම එක එක්කේන්කගෙන්ම විතරයි.ඒකත් සදාකාලිකයි....(වන් අන්ඩ් ඔන්ලි ෆෝ එවර්...)
    (කවුද කිව්වේ සදාකාලික් නොවු ලෝකේ සදා කෙලෙසද පෙම් කරන්නේ කියලා...)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...