..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 15, 2010

෴ සිහින ෴



සිහින ලෝකය සැරි සරා අද
සිටිමි මා මුණිවත දරා
සිහින බිදිලා ගිය නිසා
කඳුළු අද ඇත තනි වෙලා

සොඳුරු සිතකට යා වෙලා
වුන්නත් කලක් , අද වෙන් වෙලා
සිතුවත් තනි නැත මෙමා
නුඹ ඇත මගේ මේ සිත පුරා

ඉන්නට පිනක් නැති ළං වෙලා
යන්නට බැරි ලෙසින් දුරකට වෙලා
නුඹ නම ළඟින් හෙවනට වෙලා
දැන් ඇතේ තිදෙනෙක් ගුලි වෙලා

 මා අහිමි විජිතය දුක් නොවෙම්
නුඹ එහිම රජ වී සැනසුනොත්
 කෙනෙකුට වුවමනාවක් වුනොත්
විරසක නැතේ මා එමි ඉතින්

බෙදු ආදරේ නුඹ ඇයටමයි
ඇගෙ දරුවනුයි නුඹ නම හිමියි
මා තනි නමයි හිමි තනිකමයි
"සොඳුරු සිත " නුඹ ළඟ තමයි

If there were dreams to sell, what would you buy?

තනි නම හිමි
මම
෴ වත් ෴

13 ප්‍රතිචාර:

AmilaArt said...

ලස්සන, අනෙකාගෙ සැපත හොයන ආදරයක්!

ඉලංදාරියා said...

ලස්සනයි ඒත් .............

පුබුදුවා said...

හැමදාම වගේ ලස්සණයි අක්කේ.

Podi Kumarihami said...

I am running away from my dreams...
so I won't buy any.

sudesh said...

'එයා මට තියෙන ආදරේ පේනවා නේද ඔයාට දරුවන් තුන් දෙනෙක්ම
අපි දෙන්නා ගේ ලෙයින් හැදුවාම.
ඉතින් ඇයි එයාව සොරා ගන්නට හදන්නේ මගෙන්..?
ඔයා ඔය හදන්නේ මටයි දරුවන්ටයි එයාගේ තියෙන ආදරේ
ඔයා තනියම අයිති කරගෙන අපිව මහ පාරට දාන්න.
අනේ එයාට පාඩුවේ ඉන්න දෙන්න.'
~මම එයාගේ එයා~

sudesh said...

'එයා මට තියෙන ආදරේ පේනවා නේද ඔයාට දරුවන් තුන් දෙනෙක්ම
අපි දෙන්නා ගේ ලෙයින් හැදුවාම.
ඉතින් ඇයි එයාව සොරා ගන්නට හදන්නේ මගෙන්..?
ඔයා ඔය හදන්නේ මටයි දරුවන්ටයි එයාගේ තියෙන ආදරේ
ඔයා තනියම අයිති කරගෙන අපිව මහ පාරට දාන්න.
අනේ එයාට පාඩුවේ ඉන්න දෙන්න.'
~මම එයාගේ එයා~

Samanalee said...

එයාගේ එයා,

එයාගේ හිත එච්චරම දුර්වලයිද මෙයා.

මේ අරයා.

wath ෴ වත් ෴ said...

අපොයි දෙයියනේ.......එයාල , මෙයාලා ඔක්කමල්ලා සේරම පටලවගෙන නේ...

ජීවිතේ පටලව ගන්න එපා... පසු තැවෙන්න වෙයි...

දුකා said...

අනේ මංදා
මොනා කියනන්ද මන්දා . ..

නිශ් said...

Nothing its useles buying dreams.
dreams are dreams

wath ෴ වත් ෴ said...

නිශ්
දුකා
Samanalee
sudesh
Podi Kumarihami
පුබුදුවා
ඉලංදාරියා
AmilaArt


ෂියල්ලන්ටම ගොඩක් ස්තූථියි. මේ කවිය ගැන කියනව නම්.. අනේ මන්ද?

Muthu Paba said...

Lassanayi !

Ravi said...

Deciding on which dream to buy,
depends on the price tag of course,

If the asking price is your life itself,
is it worth buying that dream?

Speaking of myself,
sometime back bought a dream my self,
and,
don't know the price yet,
as,
am still paying for it,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...