..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, October 13, 2010

෴ අතරමං වූ කිරිල්ලී ෴


තෙරක් නොපෙනෙන අහස් ගවුවේ
නිනවුවක් නොමැතිව ඉගිල්ලී
දිනක් මුණ ගැහුනා කුරුල්ලෙක්
ඇගේ ගී තනුවම ගැයූ

වසන්තය නොවුනත් සෘතුව ඒ
මලින් පිරුණා තුරුත් බර වී
ගමන අමතක වූ ඔවුන් පෙම්
ගැයූ ගීතය එක් වෙලා

පලදරන්නට පෙර පිපී ගිය
මලුත් නොදනිම පර වෙලා ගිය
කුමක්දැයි මේ අරුම හීනය
අවදිවන විට බොද වෙලා

අහස වෙනසක් නැහැ එදා මෙන්
අදත් නිල් පාටින් දිලෙන්නේ
එකම වෙනසයි කිරිල්ලය ඇත
අයෙත් පාරක් තනි වෙලා

පියාඹන්නට මට උගන්වා
කවි ලියන්නට පද ගෙනත් දුන්
කුරුල්ලෝ නැත හිතේ තරහක්
ගමන මම යමි තනි වෙලා 

“Without love, we are birds with broken wings.”



තනි වූ කිරිල්ලිය
මම
෴ වත් ෴

25 ප්‍රතිචාර:

නිශ් said...

හ්ම්ම්ම් රස ව්න්දා.

කොහෙද මට ඔය කවි ගෑලපිලි බෑනෙ.
දුක තමා :)

විහඟ ගීතය said...

වසන්තය නොවිනිය මෙහේ
ගීම්හානයේම තනිවුනේ
හිතේ තනියට නුඹත් නැතිකොට
කවිත් මට අමතක වුනේ...

ඉලංදාරියා said...

ඔබෙ පද ලග දෙනෙත නෑවති
බොහොකල් තව් දුරක් යන්නට ..
සෙනෙහසේ විල් තෙරෙන් හෙමිහිට
පිපාසිත් සනහ ගන්නට ..
බොහොදෙන ඈත් අඔබෙ පසුපස..
තනිවෙලා නෑත් කිසිම දා...ඔබ..

Samanalee said...

අම්මෝ වත් අක්කා මාර ලස්සන කවි ටික. comments ටිකත් මරු. බලාගනයනකොට ඔක්කොම කවිකාරයො වෙලානේ. රවි අය්යගේ සද්දයක් නැත්තේ මොකද? කොණ්ඩේ වවනවද දන්නෑ නේද?

Ice said...

මට නම් දුකත් හිතෙනවා වත් ගැන.

wath said...

@Ice
හරි පුදුමයි... මිදුන හිතකට මා ගැන දුක හිතිල..
ඒත් මට හිතා ගන්න බැරි ඒ ඇයි කියල?
ඔන්න මේ කවියෙ ඉන්න "අතරමං වුන කිරිල්ලි"ගැන දුක හිතුන නම් කමක් නැහැ.
කමක් නැහැ. කොහොම හරි මිදුන හිතකත් දුකක් ඇති කරවන්න මගේ කවි පද වලට පුලුවන් වුනා නම්..ඒ කියන්නේ මගේ කවිය අයිස්ට දැනුන කියන එක...

෴ගොඩක් ස්තූතියි අයිස්෴

wath said...

@නිශ්
දුක් වෙන්න එපා නිශ්. කවි ලියන්න කාටත් බැහැ තමයි. ඉස්සර මාත් හිතුවෙ එහෙම. ඉස්සර මට හිතා ගන්න බැරි වුනා කවිකාරයෝ කොහොමද මේ කවි ලියන්නේ කියල... මම කවි ලියන්න අරන් දැනට අවුරුද්දක් ඇති...

කවි ලියන්න ලුපුවන් වෙන්න නම් එක්කෝ ආදරේ කරන්න ඕනිලු .නැත්තම් ආදරේ නැති වෙන්න ඕනි ලු... ඒක නම් අනේ මන්ද..

කවි ලියන්න පුලුවන් කියන්නේ තවත් එක් පුංචි හැකියාවක් විතරයි.ඒත් කවි රස විදින්න පුලුවන් ලස්සන හිතක් තියෙන එක ඊට වඩා වටිනව නේද?

@විහඟ ගීතය
ගිම්හාන බිම් කඩේ
නැතේ නුඹ තනි වුනේ
ඇය ඒවි ඉක්මනින්
කවිත් අරගෙන ඔහේ

ඉලංදාරියා
දනිම් මම එය
තනිව නැත මම
එහෙත් මගෙ ආදරය තනි විය.

wath said...

@Samanalee

ස්තූතියි සමණළියේ.....

මා ලියන කවි මොනවද
මගේ කවි ගුරු මොහු නෙව
කියවන්න හිතනම්
මෙන්න ලිපිනය ගිහින් බලනුය...

http://wihagageethaya.blogspot.com

කතන්දරකාරයා said...

නොසිතු මොහෙතක පාවෙලා විත් මගේ හදවත කිතිකවා
සිතේ කෙලවර සැඟවිලා තිබු නුහුරු රහසක් කළඹවා
කොහේ ගියෙදෝ සැඟවිලා සුලං කිරිල්ලී
යලිත් එනු මැන පියඹලා සුලං කිරිල්ලී

කතන්දරකාරයා said...

දුරාතීතේ සිහින සැමරුම් සිහින පටලය බිඳ දමා
සදාකාලික ස්නේහයක් ගැන යලිත් සවනට කොඳුරලා
කොහේ ගියෙදෝ සැඟවිලා සුලං කිරිල්ලී
යලිත් එනු මැන පියඹලා සුලං කිරිල්ලී


හදෙහි සිරවුණු බොලඳ සිතුවිලි මඩින දිරි මග පෙන්වලා
දිවිය පිළිබඳ රළු යතාර්ථය ඉදිරිපිට නෙත පුබුදලා
කොහේ ගියෙදෝ සැඟවිලා සුලං කිරිල්ලී
යලිත් එනු මැන පියඹලා සුලං කිරිල්ලී

෴ හසියා ෴ said...

මගේ අනාගතය කවිපෙලක් තුලින් දකින
මා
෴ හසියා ෴

Ice said...

මොනවද අනේ මේ කතන්දරකරයා ලියලා තියෙන්නේ? අනේ ඔය කොහේ හරි සුලන් කිරිල්ලියක් ඉන්නවනම් මේ පැත්තට ඉක්මනින් ඉගිල්ලා එන්න.

Anshu said...

වත් ඔයාගේ කවි ටික නම් හරිම ලස්සනයි. ඒත් මම දැනගෙන හිටියේ නැහැනේ කිරිල්ලියන්ට හදවත් කිතිකවන්න පුලුවන් කියලා.

AmilaArt said...

පියාඹන්නට මට උගන්වා
කවි ලියන්නට පද ගෙනත් දුන්
කුරුල්ලෝ නැත හිතේ තරහක්
ගමන මම යමි තනි වෙලා

නියම පද ටික

Jeew said...

Mage sinhala valata ledak hadila. me davas vala eka eka beheth karanava. thaama honda vune naha. ee hinda post kiyavanda amaaruyi. hadaa gaththata passe comments daannam.....

දුකා said...

මොකෝ මේ කුරුල්ලෝ කිරිල්ලියෝ තනිවෙලා ගී ගයන්නේ මෙච්චර කස්ටිය ඉන්න අතරේ . . .

වත් ගේ කවියි විහඟ ගීතයේ කවියි කාකාගේ කවියි මේ ඔක්කෝම කවි රසවිඳා . .

කවි ලියන්න බැරි උනත් රසවිඳින්න පුලුවන් වෙච්චි මගේ හිත මට වාසනාවන්

පොඩ්ඩ මල්ලි said...
This comment has been removed by the author.
පොඩ්ඩ මල්ලි said...

"පලදරන්නට පෙර පිපී ගිය
මලුත් නොදනිම පර වෙලා ගිය
කුමක්දැයි මේ අරුම හීනය
අවදිවන විට බොද වෙලා"

හ්ම්ම්ම්ම්...... රසවින්දෙමි සිහිකර ඒ අතීතයත් මගේ....
(මුනු පොතේ හමුවුන දා ඉදන් හොරෙන් හොරෙන් ඇවිත් කියවලා යනවා... අදහසක් නොතිබ්බට තරහ වෙන්න එපා... පිටුව කැත කලාටත් සමාවෙන්න...)

Podi Kumarihami said...

වත්, මම නිතරම වගේ ඔයාලගේ ගෙවල් පැත්තේ ඇවිත් යනවා. මේ ආරාධනාව ඔයාලටත් අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න කියන්න. පොඩ්ඩක් කතාබහ කරලා කාරිය යන්ට බැරියැ. වට පිටාවේ ඉන්න අයත් අඬගහගනම එන්ට.

Ravi said...

L ight as the soaring wind,
I n a shimmering blue sky,
F lying in ecstasy I was,
E ver after ever everyday,

I n a blink of an eye, lo and behold
S un went down in my life, never to rise again,

N ot even worst nightmares,
O n a jet black night was enough,
T o be prepared for this excruciating suffering,

F orever destined to be,
A lonely soul am I,
I wonder again & again, with
R emembrances of yesterdays as sole consolation,

P.S. - Wings broken may be,
But never let your spirit be broken,

wath said...

@Ravi
රවී .... හරිම සතුටුයි.... ආපහු ආව එකට... ස්තූතියි ස්තූතියි ස්තූතියි ගොඩක්...

Ravi said...

නැවත ඒමක් නම් නොදන්නෙමි,
කොහේවත් මම නොගිය හන්දා,
ලියූ පදවැල් ඔබට පලඳමි,
තැවුනු සිත සැනසේද මන්දා,

Podi Kumarihami said...

බලාගෙන යනකොට රවි හැමෝගෙම තැවුනු හිත් සනසන කෙනෙක්නේ.

Ravi said...

Podi Kumarihami,

එහෙම හැමෝටම මොහොතකට හරි සහනයක් වෙන්න පුලුවන් නම්,මොන තරම් දෙයක්ද මැඩම්, අපි මේ ඉන්න දෙදොහෙ?

A life spent trying your utmost in alleviating suffering of others,
is a life fulfilled indeed and you would feel closer to God always,
-Mahathma Gandhi

Anonymous said...

Sorry for my bad english. Thank you so much for your good post. Your post helped me in my college assignment, If you can provide me more details please email me.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...